theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ නාසයෙන් රුධිරය පිට වුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?

3 අවම කියවීම
දරුවාගේ නාසයෙන් රුධිරය පිට වුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?දරුවාගේ නාසයෙන් රුධිරය පිට වුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?

දරුවාගේ නාසයෙන් රුධිරය පිටවීම ඔබේ සිතට බියක් ගෙනදෙන්නක්. නමුත් එය නතර කර ගන්න නිවසේදී ඔබට කළ හැක්කේ මොනවද? ඒ ගැන වැදගත් තොරතුරු රැසක් දැනගන්න මේ ලිපිය කියවා බලන්න.

මට මතකයි මගේ පුතාගේ නාසයෙන් ලේ එනකොට (නාසයෙන් රුධිරය පිටවීම) මට කොයිතරම් බිය දැනුනද කියලා. එකපාරක් නාසයෙන් රුධිරය පිටවීම නතර වුණා. එය නැවතත් පටන් ගත්තා. නහයෙන් ලේ එන එක සාමාන්‍යයි කියලා මම දැනගෙන හිටියත් එය බලාගෙන ඉන්න බැරි හිත රිදවන කාරණයක්.

වාසනාවකට මගේ සැමියා නාසයෙන් රුධිරය වහනය වන විට කළයුතු ප්‍රථමාධාර දැනගෙන සිටි නිසා මට සැනසීමක් ලැබුණා. නමුත් නැවත එවැනි දෙයකට මුහුණ දෙන්න වුනොත් මම ඊට වඩා දැනුවත් විය යුතුයි කියලා හිතුවා.

නාසයෙන් රුධිරය පිටවීම: මොන හේතු නිසාද?

නාසයෙන් රුධිරය පිටවීම නාසය තුළ ඇති ඉතා සිහින් කේශ නාලිකා පිපිරීමක් නිසා සිදුවන්නට පුළුවන්. හුඟක් දරුවන් පුංචි කාලයේ මෙවැනි සිදුවීමකට එක් වතාවක් හරි මුහුණ දෙනවා. සමහර බබාලාට සතියකදී කිහිප විටක් වුනත් වගේ සිදුවෙන්න පුළුවන්.

  1. සමහර විට කුඩා පළුද්දක් වැනි දෙයක් නිසාත් මෙය වෙන්න පුළුවන්. ඒ නියන්නේ බාහිරින් නාසයට යමක් ඇතුළුවීම නිසාත් එසේ වෙන්න පුළුවන්. නාසය තදින් සීරීම, කැසීම, බෝලයක් වැනි දෙයක් වැදීම වැනි දෙයක් වුනත් වෙන්න පුළුවන්.
  2. සෙම්ප්‍රතිශ්‍යාව හා ආසාදන නිසාත් නාසය තුළ අසාත්මිකතාවයක් හා අපහසු ගතියක් සමග කැසීම වැනි දෙයක් වුනත් ඇතිවෙන්න පුළුවන්න.
  3. පරිසරයේ අඩු ආර්දතාවයක් ඇතිවීම නිසා නාසය තුළ තද වියළි බවක් ඇතිවීමත් මෙයට හේතුවක් වෙන්න පුළුවන්.
  4. ඇස්ප්‍රීන් වැනි දෙයක් නිසා අනපේක්ෂිත රුධිර කැටි ගැසීමක් නාසය තුළ ඇතිවිමෙනුත් එය වන්නට පුළුවන්.

සමහර දරුවන්ට මෙය අනෙක් දරුවන්ට වඩා වැඩියෙන් සිදුවිය හැකි තත්වයක්. සමහර දරුවන්ගේ නාස් කුහර තුළ ඇති සංවේදී පිහිටීම නිසා යමක් වැදුණු සැනින් මෙලෙස රුධිර වහනයක් සිදුවෙන්න පුළුවන්. මෙය මොන ආකාරයෙන් සිදුවුනත් ඊට දිය යුතු ප්‍රථමාධාර දැන සිටීම වැදගත්.

දරුවාගේ නාසයෙන් රුධිරය පිට වුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?

කළයුත්තේ කුමක්ද?

පළමුව සන්සුන් වෙන්න. රුධිරය දුටුවිට බියට පත් වුනත් මෙය ඉතා දරුණු තත්වයක් වන්නේ කලාතුරකිනුයි. දරුවාට ඉඳගැනීමට සලස්වා හිස තරමක් පත්වන ලෙස තබාගන්නා ලෙස කියන්න. දරුවාට තනිව ඉඳගැනීමට නොහැකිනම් ඔබ උකුල මත හිඳුවා ගන්න (පින්තූරය බලන්න).

දරුවාගේ නාසයේ පහත කොටස මහපට ඇඟිල්ල හා දෙවන ඇඟිල්ලේ ආධාරයෙන් තරමක් තදකර හුස්ම ගැනීමට අපහසුවක් නොවන ලෙස මිනිත්තු 10ක් පමණ අල්ලාගෙන ඉන්න. නමුත් රුධිර වහනය නැවතී දැයි දැනගැනීමට ඇඟිල්ල ලිහිල් කිරීම නොකළ යුතු වෙනවා.

දරුවා අපහසුවක් දක්වමින් ඉන් මිදීමට හදන්නේ නම් ඔහුගේ අවධානය වෙනතකට යොමු කරන්න. වෙනත් කෙනෙකුගේ ආධාරයෙන් ඔහුට ගීයක් කියන්න නැත්නම් සෙල්ලම් බඩුවක් පෙන්වන්න. මිනිත්තු දහයකින් පසු පීඩනය ලිහිල් කර රුධිර වහනය නැවතී ඇති දැයි බලන්න.

නැවත රුධිර වහනය ඇතිවීම වළකා ගැනීමට දරුවා සන්සුන් ඉරියව්වක පැය කිහිපයක් තබා ගන්න.

ඔබ නොකළයුත්තේ මොනවද?

දරුවා පිටුපසට ඔලුව නොනමන ලෙස කියන්න. රුධිරය උගුර හරහා පහළට ගොස් වමනය හා කැස්ස ඇතිවීමට ඉඩ තිබෙනවා. රුධිර වහනය නතර කිරීමට ටිෂූ හෝ ගෝස් කැබලි ආදිය දැමීමෙන් වළකින්න.

අවධානම් නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

නාසයෙන් රුධිරය වහනය වීම වැඩි යැයි සිතනවා නම් (නාසයෙන් රුධිරය වහනය වීම තරමක් බිය උපදවන සුළු නිසා) ඉහතින් කියන ලද ප්‍රථමාධාර ක්‍රමය සාර්ථක නොවේනම් දරුවා සිහින් යමක් නාසයේ හිරකරගෙන ඇත්නම් නාසය පුරා රුධිරය වහනය වෙන්නේ නම් වෛද්‍යවරයා විසින් බිඳීගිය කේශ නාලිකා වල රුධිරය වහනය නතර කිරීම සඳහා සිල්වර් නයිට්රේට් එම ප්‍රදේශය අසල ආලේප කිරීම කරනවා. ඉන් බාධාවකින් තොරව රුධිරය වහනය වීම නතර කරන්න පුළුවන්.

දරුවාගේ නාසයෙන් රුධිරය වහනය වීම නතර කරන්නේ කොහොමද?

ඔබේ දරුවා වායු සමීකරණය කළ කාමරයක නිදියනවා නම් නාසය තුළ තෙතමනය අඩුවීමෙන් වියළි තත්වයට පත්වෙන්න පුළුවන්. ඒ නිසා නාසය තුළ රුධිර වහනය වන්නට පුළුවන්. වායු සමීකරණයක් භාවිත කරන විට කාමරය තුළ තෙතමනය පවත්වාගෙන යාමට සැලකිලිමත් වෙන්න. නිතර නාසය කැසීම නොකරන ලෙස දරුවාට අවවාද කරන්න. නාසයේ වියළි බව නැති කිරීමට ලුණු වතුර නාසය තෙතමනය කරන්න පුළුවන් වගේම එය ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්.

මේ උත්සාහය අසාර්ථක වන්නේ නම් දරුවා උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න. මේ මගින් ආසාදිත ප්‍රදේශය වසා දමන අතර බාහිර හිරිවැටීමකින් මෙය සිදුකරන්න පුළුවන්. වයස මාස 6- අවුරුදු 1 දක්වා දරුවන්ට මෙය කළ හැකිය.

හුඟක් වෙලාවට දෙමාපියන් සුළු හේතුවකටත් බියට පත්වන්නේ එහි ඇතුලාන්තය නොදන්නා නිසයි. නමුත් නිසි ප්‍රථමාධාර පිළිවෙත් ඔබටත් දරුවාටත් සැනසීම සාදන නිසාම මේ ලිපිය theAsianparent Sri Lanka අපි ඔබ වෙත ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දරුවාගේ නාසයෙන් රුධිරය පිට වුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?
බෙදාගන්න :
  • දරුවන්ට නිතර හැදෙන නාසයෙන් සොටු දියර ගැලීම ගැන ඔබ දතයුතු කරණා

    දරුවන්ට නිතර හැදෙන නාසයෙන් සොටු දියර ගැලීම ගැන ඔබ දතයුතු කරණා

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • දරුවන්ට නිතර හැදෙන නාසයෙන් සොටු දියර ගැලීම ගැන ඔබ දතයුතු කරණා

    දරුවන්ට නිතර හැදෙන නාසයෙන් සොටු දියර ගැලීම ගැන ඔබ දතයුතු කරණා

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it