දරුවන්ගේ ලිංගික අවයව ගැන ඔවුන්ට කුතුහලයක් තිබෙනවා. සමහර වෙලාවට අපි ඔවුන් අහන ප්‍රශ්න වලින් නිරුත්තර වෙනවා. සමහර වෙලාවට ප්‍රසිද්ධ තැන්වලදී එම ස්ථාන ස්පර්ශ කළත් ඔබ මොනවා කරන්නද? අපහසුතාවයට පත් නොවී මේ වගේ අපහසුතාවයන් හසුරවන්න අපිට පුළුවන්. ඒ ගැන දැනගන්න මේ තොරතුරු කියවා බලන්න.
හුඟක් දෙමාපියන් ලිංගික අධ්‍යනය අත්හරින මාතෘකාවක්. හුඟක් දෙමාපියන් මෙය කතා නොකළ යුතු මාතෘකාවක් යැයි සිතා ඒ ගැන කතා නොකර ඉන්නවා.
නමුත් තවදුරටත් ඒ ගැන සඟවාගෙන සිටිය නොහැකි කාලයක් දෙමාපියන් ලෙස ඔබට උදාවෙන්න පුළුවන්. අනෙක් අතට එය නොකළයුතු දෙයක් වගේම තම ශරීරය ගැන දරුවෙකුට කුතුහලයක් ඇතිවීම සාමාන්‍ය දෙයක් ඒ ගැන ඔවුන් අපහසුතාවයට පත්වීම සිදු නොවිය යුත්තක්.

දරුවන්ගේ ලිංගික අවයව ගැන ඔවුන්ට කියා දෙන්නේ කොහොමද?
මේ දැනුවත් බව ළදරු වියේ සිටම දරුවන්ට ලබාදීම වැදගත්. ඔබට හුඟක් වෙලාවට දරුවන් තමන්ගේ ලිංගික අවයව ස්පර්ශ කරනවා හා ඒ දිහා බලනවා දැකලා ඇති. සමහර විට ඇඳුම් නැතිව ඉන්න විටකදී හා නාන අවස්ථාවන් වලදී වුනත් වෙන්න පුළුවන්.
මෙය ස්වභාවික තත්වයක්. ඒ වගේම ඔවුන් වැඩෙත්ම මේ තත්වය තවත් වැඩිවෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක් වුනත් ඔබේ දරුවා ප්‍රසිද්ධ ස්ථානයකදී මෙවැනි දෙයක් සිදුවුවහොත් ඔබ කළයුත්තේ කුමක්ද?
වයස අවුරුදු 3-4 දක්වා වයසේදී පිරිමි හා ගැහැණු දරුවන්ගේ ලිංගික අවයව වල වෙනසක් ඇති බව ඔවුන් දැනගන්නවා. මේ වයසේදී ඔවුන් සමහර විට ඇඳුම් ඉවත් කරලා වෛද්‍යවරයෙක් වගේ සෙල්ලම් කරනවා වැනි දේවල් දකින්න ලැබෙන්න පුළුවන්.
මෙවැනි දෙයක් දුටුවිට ඔබේ ප්‍රතිචාරය ඉතාම නරක වෙන්න පුළුවන්. නමුත් ඔබේ ප්‍රතිචාරය මත මෙම හැසිරීම පිළිගත හැකිද නැතිනම් ලැජ්ජා සහිතද යන්න ඔවුන් තේරුම් ගන්නවා. මේවගේ අවස්ථාවකට ඔබ කෙසේ මුහුණ දිය යුතුදැයි සිතා නොසිටින්න පුළුවන්. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන්න.
මෙවැනි අවස්ථාවකදී තැනට ඔබින ලෙස ඔබට හැසිරෙන්න වෙනවා.
මේ වගේ දෙයක් දැක්කහම ඔබේ සීමාවන් පැනයන්න පුළුවන්.
ආ…දැන් අපි අත් වැඩක් කරමුද? ඉක්මනට ඇඳුම් ඇඳගෙන එන්න වගේ දෙයක් කියන්න පුළුවන්. නමුත් ඇඳුම් නැතිව තවදුරටත් ඔවුන්ට ඊට එකතු වෙන්න ඉඩදෙන්න එපා.
අනෙක් යහළුවා ගිය පසු අපි අපේ ලිංගික අවයව ගැන කුතුහලයෙන් සිටීම වැදගත් වුනත් ඊට ඇඳුම් ඉවත් කිරීමට අවශ්‍ය නැති බවත් අන් අය ඉදිරියේත් ප්‍රසිද්ධියේත් ඇඳුම් ඉවත් කිරීම නොකළ යුතු බවත් කියා දෙන්න.

මේ දේවල් අපි සැඟවිය යුතු නැහැ!
ඊට ඍණාත්මක ලෙස ප්‍රතිචාර දක්වන්න එපා. ඔබේ පුතාගේ ලින්ගේන්ද්‍රය ප්‍රාණවත් වීම සමහර විට ඇඳුම් ගැලවූ විට හෝ නාන විට සිදුවෙන්න පුළුවන්. නමුත් එය ස්නායු පද්ධතිය සමග බැඳී ඇති ක්ෂණික සිදුවන්නක් වන අතර එය සාමාන්‍ය තත්වයක් බවත් තේරුම් ගන්න. හරියට අපිට සීතල වෙලාවට හිරිගඩු පිපෙනවා වගේ දෙයක්. එය ස්වයංක්‍රියව වෙන දෙයක්. ඒ වගේම පුංචි ගැහැණු ළමයින් තම ලිංගේන්ද්‍රිය තමන්ගේ සෙල්ලම් බඩු වල ස්පර්ශ කිරීමත් එවැනිම සාමාන්‍ය තත්වයක්.
නමුත් මෙවැනි දෙයක් දුටු විට හයියෙන් හිනාවෙන්න වත් අපහසුතාවයට පත්වූ බවක් අඟවන්න එපා. එය කිතිකැවීමේදී හිනායාම වගේ සාමාන්‍ය දෙයක් බව තේරුම්කර දෙන්න.
ඡායාරූපය: parenting.lk
සමහර අවස්ථාවන් වල අපේ ශරීරය අපේ උත්සාහයක් නැතිව ප්‍රතිචාර දක්වන බව කියා දෙන්න.
මුලදී මෙලෙස දරුවන්ට කතා කිරීම ඔබට අපහසුවක් දැනෙන්න පුළුවන්. නමුත් මෙය අනාගතය වෙනුවෙන් ඔබ හදන වේදිකාවක් බව මතක තබාගන්න.
ඔබේ දරුවා ඔබත් සමග ඕනෙම දෙයක් විවෘතව කතාකළ හැකි බව තේරුම් ගන්නා අතර ඔවුන් යෞවනත්වයට පත්වූ විට එය අගය කරන්නත් පුළුවන්.
දරුවාගෙන් සැඟවිය යුතු යැයි අප සිතන බොහෝ දේ දරුවන්ගේ ජීවිත වලට වැදගත් බව මතක්කර දෙන්නට theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.