theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට වයස අනුව ලුණු ලබා දිය යුත්තේ මෙහෙමයි

5 අවම කියවීම
දරුවාට වයස අනුව ලුණු ලබා දිය යුත්තේ මෙහෙමයිදරුවාට වයස අනුව ලුණු ලබා දිය යුත්තේ මෙහෙමයි

ඔබේ දරුවාගේ වයස අනුව ලුණු ‌මෙහෙම ලබා ‌‌දෙමු

දරුවාට ලුණු දෙන්න හොදද? මේ  ගොඩාක් දෙමව්පියන් නිතර වදවෙන කාරණාවක්.  ශ්‍රී ලංකාව කියන්නේ ලුණු නිතර ආහාර වලට යොදන රටක් කියලා ඔබ දන්නවා නේද?

ඇත්තටම ලුණු නැති ආහාරයක් අපි කටට ගන්නවත්  හිතන්නේ නැහැ.  

අන්න ඒ නිසාම මුල් මාස කිහිපය බබාට ලුණු දෙන්න එපා කියලා කිව්වාහම අම්මලාට ප්‍රශ්න ගොඩායි.

බබාට ලුණු නැතුව කන්න ප්‍රළුවන්ද? බබාට කෑම එපා වෙයි. කෑම වල  කිසිම රසයක් නැහැ. ඔබ වගේ ගොඩාක් දේවල් හිතමින් අම්මලා ගොඩාක් වද වෙනවා.

ඇත්තටම වැදගත් දෙය නම් අපි හදුන්වා දෙන තුරු අපේ දරුවා රසවල් දන්නේ නැහැ.

ලුණු රසය ගැනත් කියන්න තියෙන්නේ එච්චරයි. ඔබ ලුණු හදුන්වා දෙන තුරු බබා ලුණු රසය හදුනන්නේ නැහැ.

බබාට මාස 6 දී ඝන ආහාර ආරම්භයත් එක්කම අපිට ඒ ගැන ගැටළු  රාශියක් පැන නගිනවා.

බබාට ලුණු දෙන්න හොදද කියන එක ඉන් එකක් තමයි.

ඇත්තටම ළදරුවන්ට හා දරුවන්ට ඔවුන්ගේ ආහාර වේල සමග ලුණු අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි.

ඒ වගේම දරුවන්ට අප නිවසේදි හදුන්වා දෙන ආහාර වල ලුණු ප්‍රමාණය අපට පාලනය කල හැකි වුවද ඔබ වෙළද පලෙන් මිලදී ගන්නා ආහාර වලට එසේ කල නොහැකියි.

අවශ්‍ය නම් එහි අඩංගු ලුණු ප්‍රමාණ්‍ය පමණක් ඔබට පරීක්ෂා කර බලන්න පුළුවන්.

දරුවාට වයස අනුව ලුණු ලබා දිය යුත්තේ මෙහෙමයි

වයස අනුව දරුවන්ට ලුණු ලබා දිය යුතු උපරිම ප්‍රමාණයන් 

මාස 12 දක්වා - දිනකට ලුණු ග්‍රෑම් 1 ට අඩු (සෝඩියම් ග්‍රෑම් 0.4 ට අඩු)*

අවුරුදු 1 සිට 3 දක්වා - දිනකට ලුණු ග්‍රෑම් 2 ක් (සෝඩියම් ග්‍රෑම් 0.8)

වයස අවුරුදු 4 සිට 6 දක්වා - දිනකට ලුණු ග්‍රෑම් 3 ක් (සෝඩියම් ග්‍රෑම් 1.2)

අවුරුදු 7 සිට 10 දක්වා - දිනකට ලුණු ග්‍රෑම් 5 ක් (සෝඩියම් ග්‍රෑම් 2)

අවුරුදු 11 සහ ඊට වැඩි - දිනකට ලුණු ග්‍රෑම් 6 ක් (සෝඩියම් ග්‍රෑම් 2.4)

* ශ්‍රී ලංකාව තුල මුල් මාස 6 තුල ලබා දෙන්නේ මව්කිරි පමණයි. බබාට ආහාර ආරම්භයේ ලුණු ලබා දෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් බබාට මාස 12 ක් වෙනතුරු දරුවාගේ කෑමට ලුණු එක් නොකරන අතර මාස 12 න් පසු පවුලේ ආහාර වේලට දරුවා හුරු කිරීම සමග දරුවාට ලුණු ලබා දීම කරනවා.

මෙම කාලය තුල දරුවාට අවශ්‍ය ලුණු ප්‍රමාණය මව්කිරි වලින් හෝ ෆෝමියුලා කිරි වලින් දරුවන්ට ලැබෙනවා.

මාස 6ටත් අඩු කාලයේදී බබාගේ ඇගට ඇතුලු වෙන ලුණු( සොඩියම් සහ ක්ලෝරයිඩ් ලවණ ) මුත්‍රා වලින් කාර්යක්ෂමව පිට කරන්නට තරම් බබාගේ වකුගඩු වර්ධනය වී නැහැ.

ඒ නිසා එම ලවණ සිරුර තුල එකතු වීමේ හැකියාවක් තියෙනවා. අධික ලෙස ලවණ සිරුරේ එකතු වීම දරුවාගේ සෞඛ්‍යයට හොද නැහැ.

ඒ වගේම බබාට වසරක් වෙන තුරු ඔබට ලුණු රහිත බටර් , ආහාර වෙළද පොලෙන් මිලදී ගෙන බබාට දෙන්න පුළුවන්.

බබා උපතින්ම ලුණු රසය නොදන්නා නිසා බබාගේ ආහාර වල රසය ගැන ඔබ කණගාටු වෙන්න එපා.

දරුවාට ලුණු රහිත බව ගැටලුවක් නොවේ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

දරුවාට වයස අනුව ලුණු ලබා දිය යුත්තේ මෙහෙමයි

නමුත් ඔබ එක්වරක් හෝ බබාට ලුණු හදුන්වා දුන්නොත් බබාට නැවත ලුණු රහිත ආහාර ලබා දීමේදි බබා ඒවා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

ඔබට අවශ්‍ය නම් මේ පිළිබද වැඩි තොරතුරු මිඩ් වයිෆ් මිස් ගෙන් හරි වෛද්‍යවරයා ගෙන් හරි අහන්න පුළුවන්. 

බබාට ලුණු හදුන්වා දුන් පසුත් බබාව අධික ලුණු රසයට පුරුදු කරන්න එපා.

එය දරුවාට සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. අධික ලුණු භාවිතය අධික රුධිර පීඩනයට අත වැනීමක් වෙනවා.

දරුවාට ලබා ‌දෙන ආහාර වල ලුණු මට්ටම පරීක්ෂා කිරීම

දරුවන් සඳහා නිපදවන ආහාර වල ගොඩක් ලුණු ප්‍රමාණයෙන් ඉහළ විය හැකි බැවින් ඔබ එම ආහාර  මිලදී ගැනීමට පෙර එහි අඩංගු ලුණු ප්‍රමාණය පරීක්ෂා කරන්න.

එහිදි ලුණු අන්තර්ගතය සාමාන්‍යයෙන් සෝඩියම් සඳහා සංඛ්‍යා ලෙස දක්වනු ලබනවා.

සාමාන්‍යයෙන්, ග්‍රෑම් 100 කට සෝඩියම් ග්‍රෑම් 0.6 ට වඩා වැඩි ආහාර ලුණු අධික ලෙස සැලකේ.

ආහාරවල ඇති ලුණු ප්‍රමාණය සෝඩියම් ප්‍රමාණය 2.5 කින් ගුණ කිරීමෙන් ඔබට එහි අඩංගු ලුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්.

උදාහරණයක් ලෙස, ග්‍රෑම් 100 කට සෝඩියම් ග්‍රෑම් 1 ක්  අඩංගු යනු එහි ලුණු ග්‍රෑම් 2.5 ක් අඩංගු බවයි.

ස්නැක්ස්, මුරුක්කු  වැනි හැපෙනසුළු ආහාර හා බිස්කට් වැනි ලුණු යෙදු ආහාර ලබා දීමෙන් වැළකී සිටීමෙන්  ඔබේ දරුවාට ලබා දෙන ලුණු ප්‍රමාණය අඩු කර ගන්න ප්‍රළුවන්.

දරුවන්ට ලුණු සහිත ආහාර හැකිතරම් ඈත් කර නැවුම් එළවළු, පළතුරු ලබා දීමට උත්සහ කරන්න

ඔබේ දරුවා අධික ලෙස ලුණු අනුභව නොකරන බවට වග බලා ගැනීමෙන් ඔවුන් ලුණු රසයට ඇති කැමැත්ත වර්ධණය කිරීම ඔබ වළක්වනු ලබයි

දරුවාට ලුණු ලබා දීම සම්බන්ධ වැදගත් කරුණු කෙටියෙන්

දරුවාට වයස අනුව ලුණු ලබා දිය යුත්තේ මෙහෙමයි

  • දරුවාට මුල් කාලයේ අවශ්‍ය ලුණු ප්‍රමාණය මව්කිරි වලින් ලැබෙනවා. ඒ නිසා බාහිරන් ලුණු ලබා දීම අවශ්‍ය නැහැ
  • වසරකට පසු දරුවාට ලුණු ලබා දීමේදි ඉහත වයස අනුව ලබා දිය යුතු ප්‍රමාණය පමණක් ලබා දීමට කටයුතු කරන්න
  • දරුවාට ලුණු ලබා දීමේදි අයඩීන් අඩංගු ලුණු ලබා දෙන්න
  • ක්ෂණික ආහාර හා වෙළද පොලෙන් මිලදී ගන්නා සකස් කල ආහාර භාවිතය අවම කිරීමෙන් දරුවාගේ ලුනු භාවිතය අවම කරන්න පුළුවන්
  • දරුවාව අධික ලුණු රසයට හුරු කරන්න එපා.

ඔබේ දරුවාගේ පෝෂණයට දායක නොවන ලුණු, සිනී වැනි ආහාර වලින් දරුවා හැකි තරම් ඈත් කිරීම සෞඛ්‍ය ආරක්ෂිතය. 

දරුවාට හැකි තරම් අවම ලුණු භාවිතයක් පුරුදු කරන්න. ලුණු අධික ආහාර දරුවාට ලබා දීමෙන් වළකින්න.

විශේෂයෙන් වෙළද පොලේ ඇති ලුණු අධික ක්ෂණික ආහාර හා සකස් කල ආහාර දරුවාට ලබා නොදීම දරුවාගේ සෞඛ්‍ය සදහා සුදුසු වෙනවා.

නිවසේ සකස් කල ආහාර සෑමවිටම සෞඛ්‍ය ආරක්ෂිත වෙන අතර එහිදි ඔබට දරුවාට වයස අනුව අවශ්‍ය ලුණු ප්‍රමාණය පමණක් ලබා දීමට කටයුතු කරන්න පුළුවන්.

මේ ලිපිය මගින් දරුවාට ලුණු ලබා දීම සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය දැනුම ලැබුන බව අප හිතනවා.

ඔබත් දරුවාට ලුණු දෙනවාද? මේ සම්බන්ධව ඔබ දන්නා කාරණාත් අප සමග බෙදාගන්න.

මුලාශ්‍ර - www.nhs.uk/

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • දරුවාට වයස අනුව ලුණු ලබා දිය යුත්තේ මෙහෙමයි
බෙදාගන්න :
  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

    සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

    සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it