theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට කතන්දර පොත් අරන් දීමේදී සෝදිසියෙන් ඉන්න

3 අවම කියවීම
දරුවන්ට කතන්දර පොත් අරන් දීමේදී සෝදිසියෙන් ඉන්නදරුවන්ට කතන්දර පොත් අරන් දීමේදී සෝදිසියෙන් ඉන්න

දරුවන්ට කතන්දර පොත්, සෙල්ලම් බදු අරන් දීමේදී මේ ගැන සොයා බලනවාද?

මගේ පුංචි කාලයේ සැන්දෑ වරුව බොහෝ විට ගෙවුනේ වත්තේ අනෙකුත් ළමයින් සමඟ බට්ටා පැනීමෙන්. දරුවන්ට කතන්දර පොත් තිබුනා.

ඒත් හොරා පොලිස් ඇල්ලීමෙන්, අල්ලන සෙල්ලම් කිරීමෙන්, ටින් කැඩීමෙන් හෝ සෙල්ලම් කඩයක් දැමීමෙන් කාලය ගෙව්වා. 

සති අන්තයේ බොහෝ විට අම්මගේ පරණ සාරියකින් සෙල්ලම් ගෙයක් සාදා චින්චෝරු බත් ඉව්වා.

අද කාලයේ සමාජීය වෙනස් වීම් සමඟ ඒ අත් දැකීම් ලබන්නට අප දරුවන්ට හැකියාවක් නැහැ.

එළිමහනට ගියත් අද ඉස්සර වගේ කෙළි සෙල්ලම් කරන දරුවන් දකින්නට නැහැ, බොහෝ විට පන්ති ගිහින්.

 

ගෙදර හිටියත් පරිගණකයේ සෙල්ලම් කිරීමට හෝ පොත් කියවීම් වැනි ගෘහස්ත ක්‍රීඩා වල යෙදෙනවා.  එළි මහනේ සෙල්ලම් කෙරෙන්නේ කලාතුරකින්.

මේ නිසා දරුවන්ට නිවස තුලදීම සෙල්ලම් කිරීමට හෝ යම් කාර්යයක යෙදවීමට දෙමව්පියන් යොමු වෙනවා.  ඔවුන් කැමති පොත් පත්, සෙල්ලම් බඩු හෝ අන්තරජාල ක්‍රීඩා ආදියද මිලදී ගෙන දීමට අප උත්සුක වනවා.

මෑතකදී මා දුටු මේ චායරුපයෙන් මා තිගැස්සී සිටියා.  මා මෙතෙක් මා දරුවන්ට මිලදී ගත් කතන්දර පොත් එකින් එක කියවා බලා නැති නිසා.  

නුතන යුගයේ දරුවන්ට විශේෂිත ලේබල් ගසා එන සියල්ලක්ම දරුවන් සඳහා නොවන බව පසක් කරගත යුතුය.

චේතනාව කුමක් වුවද දරුවන් මං මුලා කර නොමඟ යැවීමේ පමණක් නොව දරුවන් මානසික අවපීඩනයකට ලක් කරනවා. 

ඔවුන් සියදිවි හානි කර ගැනීමට පවා පොළඹවන බිහිසුණු අන්තරජාල ක්‍රීඩා මෙන්ම පොත් පත්ද නිපදවෙනවා. එම  තිත්ත ඇත්ත මහත් දුක්බරිත ඛේදජනක තත්වයක්.

මේ තත්වයන්ගෙන් දරුවන් මුදවා ගැනීමට අප කර මත කවදාටත් වඩා විශාල වගකීමක් පැටවී තිබෙනවා.

දරුවන්ට කතන්දර පොත් අරන් දීමේදී සෝදිසියෙන් ඉන්න

දරුවන්ට කතන්දර පොත් අරන් දීමේදී සෝදිසියෙන් ඉන්න

දරුවන්ට කතන්දර පොත් සෙල්ලම් බඩු තේරීමේදී, සුප්රික්ශාකරීව දරුවන්ට අවශ්‍ය විනෝදාස්වාදය හා දැනුම ගෙන දෙන දෑ තෝරා ගන්නේ කෙසේදැයි බලමු.

1. අන්තර්ජාලය

දරුවන්ට අන්තර්ජාලය භාවිතා කිරීමට දීමෙදී ඉතා සුපරික්ෂාකාරී විය යුතු ක්‍රම ගැන අප මින් පෙර කිහිප වතාවක්ම පෙන්වා දුන්නා.

මෙම ලිපියෙන් එවැනි ක්‍රම කිහිපයක් සවිස්තරව ගෙන හැර පා තිබෙනවා.

දුරකතනයේ හා පරිඝනකයේ ළමයින්ට සුදුසු වෙබ් අඩවි පමණක් පෙරහන් කළ හැකි මෘදුකාංග ස්ථාපිත කිරීමෙන් දරුවාට අනවශ්‍ය වෙබ් අඩවි පරිහරණය කල නොහැකි වේ.

මීට අමතරව දරුවන් සමග නිතර කතා බහ කිරීමෙන් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන විමසිලිමත් විය යුතුයි.  ඔවුනට හිතකර වෙබ් අඩවි හා අන්තර්ජාල ක්‍රීඩා වල නිරත වීමට උදව් විය හැක.

දරුවන්ට කතන්දර පොත් අරන් දීමේදී සෝදිසියෙන් ඉන්න

2. දරුවන්ට කතන්දර පොත් ගැනීමේදී දරුවන් කියවන පොත් පත්

අද කාලයේ දරුවන්ට අහිතකර අදහස් උත්තේජනය කරන ළමා පොත් පත් අප නෙත ගැටුනා. මෙය ඉතා කණගාටුදායක වුවද දරුවන් කියවන පත පොත සියල්ලක්ම ගැන කියවා බලා විමසිලිමත් වීම වැදගත්.

මේ සඳහා කාලය යොමු කර, එවන් පොත් පත් ගැන රපොර්තු කළ යුටහුයි.  එසේ කිරීමෙන් දරුවන් අතර මේවා ව්‍යාප්ත වීම අපටද පාලනය කල හැකි වනවා.

3. දරුවන්ට කතන්දර පොත් හා සෙල්ලම් බඩු

අද කාලයේ දක්නට ලැබෙන සෙල්ලම් බඩු බොහොමයක් ප්‍රකෝපකාරී අදහස් උත්තේජනය කරවන්නන්.

විශේෂයෙන්ම කුඩා පිරිමි දරුවන්ගේ සෙල්ලම් බඩු. පිරිමි දරුවන්ගේ සෙල්ලම් බඩුවක් කී සැනින් බොහෝ විට හිතට නැගෙන්නේ සෙල්ලම් තුවක්කු.

දෙමාපියන් හැටියට දරුවන්ට විනාශකාරී ස්වාභාවයක්  නොගන්නා, අනුන්ට හිරිහැර කර විනෝදය නොදෙන  සෙල්ලම් බදු සොයා දිය යුතුයි.

මේ දේවල් ගැන සලකා බැලුවොත් අපට වගකීමෙන් හා සුපරික්ෂාකාරිව අප දරුවන්ට අවශ්‍ය දේ ලබා දෙන්නට හැකියාව ලබෙනවා.

හැකි සෑම විටම තමන්ගේ දරුවන්ට එළිමහනේ සෙල්ලම් කිරීමට උපකාර කිරීමත්, ඔවුන් සමග එක්ව ප්‍රයෝගිකව ක්‍රීඩා සෙල්ලම් වල නිරත කරවිය යුතුයි.

එසේ කිරීමට වෙර දරන්නේ නම් දරුවාට සතුට හා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මං පාදන්න පුළුවන්. 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • දරුවන්ට කතන්දර පොත් අරන් දීමේදී සෝදිසියෙන් ඉන්න
බෙදාගන්න :
  • පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

    පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

  • නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර  3 ක්

    නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර 3 ක්

  • පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

    පියවරුන් විසින් දරුවන්ට කතන්දර කියා දීමේන් ඇතිවන බලවත් වාසි පහක්

  • නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර  3 ක්

    නිවාඩු දවස් වල බබාට කියලා දෙන්න කතන්දර 3 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it