theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොහිල අල පෙති ක්‍රිස්පි: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

3 අවම කියවීම
කොහිල අල පෙති ක්‍රිස්පි: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්කොහිල අල පෙති ක්‍රිස්පි: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

කොහිල මේ අනුපමේය ගුණ වරුසාව දරුවාටත් දෙන්න, කොහිල  කන්න හොර පොඩ්ඩාට කොහිල කවාගන්න කොහිල අල චිප්ස් හදාගන්නේ මෙහෙමයි.

කොහිල දළු මෙනම කොහිල අල ද ඖෂධීය ගුණ සුමුදායකට හිමිකම් කියනවා. කොහිල යනු  උෂ්ණ, වියළි තෙත් දේශගුණයෙහි වැවෙන ශාකයක්.

කොහිල ඖෂධයක් මෙන්ම ආහාරයක් ලෙසද අප රට හැමෝම අතර භාවිතා වන අතර ජලජ වගුරු බිම් වල සාර්ථකව වගා කළ හැකි ශාඛයක්.

මෙහි අල මෙන්ම කොළ පෝෂණ ගුණයෙන් අනූන වන අතර කොහිල කැද ලෙස ආහාරයට ගැනීම වඩාත් පෝෂ්යදායී බව විද්වත් මතයයි.

කොහිල වල ඖෂධීය ගුණ

කොහිල අල පෙති ක්‍රිස්පි: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

ඖෂධයක් ලෙස ගත් කල බොහෝ රෝගයනට මුල් වන එක් ප‍්‍රධාන කරුණක් නම් මළ බද්ධය යි. මළ බද්ධය ඇති නමට මුල්වන කරුණු කීපය අතරින් සෑහෙන ප‍්‍රමාණක් වතුර නොබීම එකකි. ගන්නා ආහාරයේ රොඩු කොටස් හිග වීම තවත් එකකි. 

එලවළු හා පිටි වර්ග අඩුවෙන් කන, මස් බහුලව කන අයට මළ බද්ධ ගතිය වැඩිපුර පවතින්නේ මස් ආහාරයේ වැඩි කොටසක් මදිරවා රොඩු කොටස් ඉතිරි නොවන නිසා ය. රොඩු කොටස් අඩු වන විට බඩවැල පලල්ව පිම්බී නොඑයි.

එසේ ම වතුර ගතිය රදන්නේ ද ඉතා අඩුවෙනි. එහෙත් රොඩු කොටස් වැඩි වන විට ඒවා මුළුමනින් ම දිරවන්නට කලින් බඩවැල දිගේ ක‍්‍රමයෙන් පහලට යෑම ඉක්මන් ය.

ඒ සමග ම ඒවාට වතුර ගතිය ද සෑහෙන ප‍්‍රමාණයක් උරා ගනී. මේ කරුණු දෙක නිසා බඩවැල ඇතුළත තෙරපීම වැඩි ය. එයින් මළ පිටවීම පහසු වන අතර මළ බද්ධය ඇති නොවේ. මේ ගුණය අර්ශස් රෝගියාට ඉතා හිතකර ය.

අර්ශස් රෝගය

අර්ශස් රෝගයේදී මළ බද්ධය ඇතැම් අයට පළමුකොට ඇති වී පසුව කල් යෑමේ දී ලේ යන්නට පටන් ගනී.

ලේ ගලන්නේ අර්ශස් ගෙඩි නමින් දන්නා ලේ නල පිම්බුම් තුවාල වීමෙනි. මළබද්ධයේ දී පිටවන වියලි මළවලට ලේ නල පිම්බුම් තුවාල වේ.

එවිට ලේ ගලයි. මෙබඳු අවස්ථාවන්හි දී කොහිල එලවළුවට වඩා ගුණ දෙනුයේ කොහිල අල කැඳ ය. කොහිල අලයේ ඇති පිටි ගතිය, කැඳට යොදන හාලේ පිටි ගතිය හා කිරිවල සිනිඳු ගතිය යන කරුණු නිසා පහසුවෙන් මළ පිට වේ.

එවිට බඩවැලේ පහත කොටසේ ලේ නලවල පැවති තෙරපීම අඩු වේ. ඒ නිසා ලේ ගැලීම වලකී.

කොහිලවල ගුණය ඇත්තේ අර්ශස් රෝගයේ දී පමණක් නොවේ. මුත‍්‍ර දැවිල්ල ඇතුළු ප‍්‍රමේහ රෝග කීපයකට ද ඒවා ගුණ දායක ය. සාමාන්‍යයෙන් පිටි බහුල අල වර්ග දියවැඩියා රෝගයේ දී යෙදීම තහනම් කෙරේ.

එහෙත් දියවැඩියා රෝගීනට කොහිල අලත්, කොහිල දළුත් එලවළුවක් වශයෙන් ගැනීම සුදුසු ය.

ඉතින් මෙච්චර ගුණ වරුසාවක් තියෙද්දිත්, අපේ පොඩ්ඩෝ කොහිල  කන්න ගොඩාක් හොරයි නේද?

ඒත් මේ තන්තු වලින් අනූන මේ කොහිල කොහොම හරි පොඩ්ඩාට කවන්නත් ඕනීනේ. එහෙනම් මෙන්න මේ කොහිල අල පෙති ක්‍රිස්පි අත්හදා බලන්න. මේ වෙනසට අනිවාර්යයෙන්ම පොඩ්ඩා කැමති වෙනවා.

කොහිල අල චිප්ස්

කොහිල අල පෙති ක්‍රිස්පි: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

අවශ්‍ය ද්‍රව්‍ය :

පෙති කපා ගත් කොහිල අල

බිත්තර   01

පාන්පිටි ටිකක්

බිස්කට් කුඩු

පොල්තෙල්

රස අනුව ලුණු

කොහිල අල චිප්ස් සාදන ක්‍රමය : 

  • බිත්තරය, පාන්පිටි හා රස අනුව ලුණු එකතු කරගෙන බැටරය සකස් කරන්න.
  • ඉන්පසු කොහිල පෙති බැටරයේ ගිල්වා බිස්කට් කුඩු දවටා ගන්න.
  • තෙල් භාජනය ලිප තබා රත් වු පසු සකස් කරගත් කොහිල පෙති රන්වන් පාට වෙනතුර බැදගන්න.
  • දැන් පුංචි පිගානකට ලස්සනට පිළිගන්වන්න. පුංචි සැරසිල්ලක් කරන්නත් අමතක කරන්න එපා.

කොහිල අල

පුංචි මතක් කිරීමක් :

කෑම වල රස, වර්ණය,හැඩය හා සුවද වෙනස් කිරීමෙන් දරුවා තුල ආහාර රුචිය ඇති කල හැක.

ඒ වගේම පිළිගන් වන සැරසිල්ල , භාජනය වෙනස් කරන්නත් පුලුවන්.

ඒ වගේම සැර කන්න ආස පොඩ්ඩෙක් නම් ගම්මිරිස් ටිකක් එකතු කලාට කමක් නෑ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මේ වගේ රස රහස් The Asianparent Sri Lanka අපි ඔබට තිළිණ කරන්නේ හද පිරි ලෙන්ගතු කමිනි.

 

මූලාශ්‍ර:  isivara-news.blogspot.com/2016/01/blog-post.html

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • කොහිල අල පෙති ක්‍රිස්පි: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්
බෙදාගන්න :
  • රසවත් ගුණවත් සොසේජස් (Sausages) ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි

    රසවත් ගුණවත් සොසේජස් (Sausages) ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි

  • පලා මිශ්‍ර ඔම්ලට්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

    පලා මිශ්‍ර ඔම්ලට්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

  • රසවත් ගුණවත් සොසේජස් (Sausages) ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි

    රසවත් ගුණවත් සොසේජස් (Sausages) ගෙදරදීම හදාගන්නේ මෙහෙමයි

  • පලා මිශ්‍ර ඔම්ලට්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

    පලා මිශ්‍ර ඔම්ලට්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it