ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

lead image

කොරියානු රූ රහස් ඉතාම පුදුමයට පත් කරවන සුළුයි. ඔබත් මේ ගැන සිතා බලන්න.

රූ රහස් සම්බන්ධයෙන් කොරියාව නවීන ලෝකය සමග අත්හදා බැලීම් කරමින් ඉදිරියට යන රටක් නිසාම රූපලාවන්‍යයෙනුත් ඔවුන් ඉදිරියට යනවා. ඒ නිසාම ඉතා ආකර්ෂණිය ක්‍රමෝපායන් ගැන ඔවුන් නිතර අලුත් දැනුම සොයා යනවා.

කොරියානු රූ රහස් ඉතාම පුදුමයට පත් කරවන සුළුයි. ඔබත් මේ ගැන සිතා බලන්න.

කොරියානු කාන්තාවන් යොදන මේකප් හා විලාසිතාවන් ලොව පුරා කතාවට ලක්වෙනවා. කොරියානු රූපලාවන්‍ය ක්‍රම වල පහසුව, ඉක්මන වගේම හොඳ නිමාව අලුත් අලුත් අදහස් ලෝකයේ විලාසිතා මවන්න සමත් වෙලා. මාරි ක්ලෙයාර්  කතෘ වරියගේ The Little Book of Skincare: Korean Beauty Secrets for healthy, Glowing Skin ඇසුරෙන් කොරියාවේ ඇති රූ රහස් හා රූපලාවන්‍ය ක්‍රම ගැන මාරි ක්ලෙයාර් සඳහන් කර තිබෙනවා.

ඩබල් ක්ලෙන්සින් (double cleansing)

හොඳින් මුහුණ පිරිසිදු කිරීම කොරියානු රූපලාවන්‍ය තුළ වැදගත් තැනක් හිමිකර ගන්නවා. මේකප් කළ පසු දවස අවසානයේ අනිවාර්යයෙන්ම මේකප් ක්ලෙන්ස් කර හොඳින් පිරිසිදු කර ගන්නවා. එය තෙල් සහිත ක්ලෙන්සර් එකක් නම් ඉතා හොඳ බව ඇය පවසන්නේ ඉන් සම වියළීමට පත් නොවන නිසයි.

ඉන් පසු නැවත ඉතා මෘදු ක්‍රීම් වර්ගයක් හෝ පෙන සහිත ක්ලෙන්සින් වර්ගයක් ආලේප කරන්න. අතුල්ලන්න එපා. මාරි ක්ලෙයාර් පවසනවා. එය ඉතා මෘදු ලෙස රවුම් හැඩයෙන් පිරිමැදීම වැදගත්.

ෆේෂල් මසාජ් (facial massage)

src=https://ph.theasianparent.com/wp content/uploads/2016/06/flickr facial massage.jpg ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

දිනපතා මෘදු සම්භාහනයක් සමට ලබාදීම මගින් සමේ එළියක් හා නිරෝගී බවක් ලබාදෙනවා.

එසන්සර්ස් (essences)

src=https://ph.theasianparent.com/wp content/uploads/2016/06/korean beauty .jpg ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

මෙම රූපලාවන්‍ය නිෂ්පාදනය කොරියාවේ නිෂ්පාදනය කළ එකක්. එසන්සර්ස් ද්‍රව හා ක්‍රීම් ලෙස ඒවා නිසා සම පැහැපත් කිරීම සම එල්ලා වැටීම පාලනය සැමට පෝෂණය ලබාදීම සිදුකරනවා. මම සමට එය ගැලවූ පසු ඉතා මෘදු ලෙස සමට උරා ගැනීමට පිරිමදිනවා.  චෝ සඳහන් කරනවා.

බොඳ කිරීම (blurring)

මේ මගින් ඉතා ළඟට බැලුවත් සමේ ලප හා ඉරි ආදී දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. හරියට මුහුණ වළාකුලකින් වැහිලා වගේ. කුරුලෑ ආදිය මෘදු ලෙස වසා දමන අතර මෙම මේකප් ක්‍රමයෙන් ඔබේ මුහුණට ස්වභාවික පෙනුමක් ගන්න පුළුවන්.

කේ-පොප් කැට් අයිස් (K-pop cat eyes)

මේ කොරියානු කාන්තාවන් ඉතාම කැමති ක්‍රමයක්. මේ ක්‍රමය සම්ප්‍රදායික ක්‍රමයක් නොවුනත් කාගේත් අවධානය දිනාගන්නවා. මෙහි එන වීඩියෝව නැරඹීමෙන් ඔබට ඒ ගැන දැනගන්න ලැබෙනවා.

ආකර්ෂණිය දෙතොල් (gradient lips)

src=http://ghk.h cdn.co/assets/15/51/1450287951 korean beauty gradient lip gloss.jpeg ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

කොරියානු කාන්තාවන් මේකප් කිරීම නොකළ ගානට කිරීම උපායක්. හුඟක් දෙනෙක් මේ ආකාරයට තොල් පාට කළ විට දෙතොල් වල වර්ණ ගල්වා ඇති බවක් දැනෙන්නේ නැහැ.

ෂීට් මාස්කින් (sheet masking)

src=https://ph.theasianparent.com/wp content/uploads/2016/06/korean beauty 2 1.jpg ලංකාවේ අම්මලට කොරියානු රූ රහස් 8 ක්

කොරියානු රූපලාවන්‍ය ක්‍රම වල ඉතා උසස් ලෙස සමේ තෙතමනය රැක ගැනීම සිදුවෙනවා. ඉන් සමේ ඉරි තැලීම වළකනවා. ෂීට් මාස්කින් ක්‍රමය මගින් සමට අවශ්‍ය ඇන්ටිඔක්සිඩන්ට් හා විටමින් ලබාදෙන්නත් සමේ පෝෂණය රඳවා සම ආලෝකමත් කරන අතර වියළිමෙන් වළකනවා. 

ස්කින් ඩයට් (skin diet)

රූපලාවන්‍ය වෙනුවෙන් අපි කන බොන දේවල් වැදගත් වන බව කොරියානු කාන්තාවන් විශ්වාස කරනවා. ඔවුන්ට සමට හා රූපලාවන්‍යට වැදගත් කෑම ගැනීමට යොමු වීම සාමාන්‍යයි. සමට ඇන්ටිඔක්සිඩන්ට් ලැබෙන කෑම ගැන සැලකිලිමත් වීම වැදගත් ඒකයි. චෝ පවසනවා. පෝෂණීය බීම වර්ග, බාර්ලි, ඇන්ටිඔක්සිඩන්ට් බහුලයි. මෙය ඔවුන් තුළ ප්‍රචලිත රූපලාවන්‍යට උදවු වන හොඳ පාඩමක්.

ලස්සනට ඉන්න අම්මලාට කවදත් කියා දෙන theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ ලිපිය ලියන්න හිතුවේ ඔබව තවත් දැනුවත් කරන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ