theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියා ඔබට ගෞරව කරන්නේ නැතිද? මේ සලකුණු 09 කියවන්න

4 අවම කියවීම
සැමියා ඔබට ගෞරව කරන්නේ නැතිද? මේ සලකුණු 09 කියවන්නසැමියා ඔබට ගෞරව කරන්නේ නැතිද? මේ සලකුණු 09 කියවන්න

සහකරු  සමඟ ප්‍රිතිමත් හා දීර්ඝකාලීන  සම්බන්ධතාවයක් පවත්වාගන්න හැම කෙනෙකුටම  හීනයක් තියෙනවා. ඒක අසීරු දෙයක් නොවෙයි. විවාහය තුල ගෞරවය රැකගන්න.

විවාහය තුල ගෞරවය රැකෙමින් ඔබේ සම්බන්ධතාවය සුරැකි  බව සහතික කරගන්න අනිවාර්යයෙන්ම මේ කරුණු කිහිපය කියවන්න.

සහකරු  සමඟ ප්‍රිතිමත් හා දීර්ඝකාලීන  සම්බන්ධතාවයක් පවත්වාගන්න හැම කෙනෙකුටම  හීනයක් තියෙනවා. ඒක අසීරු දෙයක් නොවෙයි.

නමුත්  විවාහය තුල සතුටින් කල් ගෙවීමට ආදරයට වඩා වැඩි යමක් අවශ්‍ය වෙනවා. යුවලක් එකිනෙකා කෙරෙහි ශක්තිමත්  ගෞරවයක් පවත්වා ගැනීමත් අවශ්‍ය වෙනවා.

විවාහය තුල ගෞරවය

විවාහය තුළ ගෞරවය නොමැතිද? ඒ ගැන දැනගන්න මේ සලකුණු කියවන්න.

සෑම සම්බන්ධතාවයක්ම වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගෞරවය  විවිධ වචන වලින් අර්ථ දක්වනවා.

ඔබ දැනුවත් විය යුතුම විවාහයක ගෞරවය නොමැති බව පෙන්වන සලකුණු කිහිපයක්, 

විවාහය තුල ගෞරවය නොමැති බව පෙන්වන සලකුණු 9 ක්

  1. සවන් දෙන්නේ නැහැ.

ඔබේ සහකාරිය තම ගෙවී ගිය දවස ගැන පවසන විට ඔබ සවන් දෙන බව රඟපානවාද? 

ඔබගේ සහකරු හෝ සහකාරිය රාත්‍රී ආහාර ගන්නා විට යමක් කතා කරන්න උත්සාහ කරන විට ඔබ ඔබේ දුරකථනය භාවිතා කරනවාද?

මේ හැසිරීම් ඔබේ සහකාරිය පවසන දේට සවන් දෙනවාට වඩා වැදගත් දේ ඔබට ඇතිබව ඇඟවීමක් වෙනවා.

යමෙකු යමක් පවසන  විට ඔවුන්ට කාලය හා අවධානය ලබාදෙමින් විශේෂත්වයක් පෙන්වීම ඔවුන්ට ගෞරව කිරීමක් වෙනවා. 

  1. බොරු කියනවා

කිසිම ආකාරයක බොරුවක් කියන්න ‌හොද නැහැ. එය විවාහයක ගෞරවය නොමැතිකම පෙන්වන පැහැදිලි ලකුණක් වෙනවා.

විවාහයක් හොඳම මිතුරන් දෙදෙනෙක් අතර  සම්බන්ධතාවයක් මෙන් විය යුත්තේ ඇයි දන්නවාද?

හොඳම මිතුරන්  එකිනෙකා අතර සියල්ල  බෙදා ගන්නවා. මෙය ගෞරවයට ධනාත්මකව සම්බන්ධ වන විශ්වාසය හා විනිවිදභාවය පෙන්නුම් කරනවා.

ඔබේ සහකාරිය ඔබේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයායි.  ඒ නිසා සහකාරියට ඇත්ත කියන්න.

  1. තීරණ වලට සහය කර ගන්නේ නැහැ .

ඔබගේ  කෙටි හෝ දිගු කාලීන සැලසුම් කරන විට ඔබේ සහකාරිය ගැන ඔබ සිතනවාද? ඔබ එය අනිවාර්යයෙන්ම කළ යුතුයි. 

ඔබ දෙපල ජීවිත කාලය පුරාම හවුල්කරුවන් වෙනවා.  ඔබ එකිනෙකාට ඔබේ ප්‍රමුඛතාවය දෙන්න.

ඔබේ සහකාරිය ඔබට මෙතෙක් ලැබුන හොඳම වාරුව වේවි. එබැවින් ඔබට සැබෑ කරගන්න අවැසි සියලු හීන වලට එන්න ඇයට ඉඩ දෙන්න.

  1. විවාහය තුල ගෞරවය රහිත සබඳතාව මිත්‍රශීලී නැහැ 

නිශ්ශබ්ද වීම  ඕනෑම ගැටළුවක් විසඳන්නේ කලාතුරකින් ,  ඔබේ සහකරු පවසන දේ ගැන ඔබ එතරම් තැකීමක් නොකරන්නේ නම් එය ගෞරවය නොමැතිකමයි.

අදහස් හුවමාරු කිරීම  නිරෝගී සම්බන්ධතාවයකට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා.

  1. ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව අපහස කරනවා. 

ඔබේ සහකාරිය දෙස ඍනාත්මකව බැලීම  සම්බන්ධතාවයකට අගෞරව කරන බවට  පැහැදිලි සලකුණක් වෙනවා.

ඇය ඔබේ  යැයි හැඟීමක් ඇය තුල ඇති කිරීම විවාහය තුල ගරු කිරීම වෙනවා.

ඔබේ සහකාරිය  අංක එක විය යුතුය.

ඔබේ සමාජ මාධ්‍ය පිරිසිදුව තබාගන්න. ඒ වගේම එය නුසුදුසු සම්බන්ධතා හෝ සංවාදවලින් තොරව  පවත්වා ගැනීම වැදගත් වෙනවා.

  1. හිතාමතාම හැඟීම්  රිදවනවා.

ඔබ ගැන සැලකිලිමත් වන කෙනෙකුගේ හැඟීම් ඔබ රිදවන්නේ ඇයි? ඔබ දෙපල හොඳම මිතුරන් වගේම  ජීවිත හවුල්කරුවන් වෙනවා නේද?

එසේනම් ඔබ ඇයගේ හැඟීම් හිතාමතාම රිදවන්නේ ඇයි? ඒ වෙනුවට, නිරන්තරයෙන් එකිනෙකාට සහයෝගය දක්වන්න.

ඔබ‌ග‌ේ ජීවිතයේ වැදගත්ම කෙනාගේ හැඟීම් එක්ක ඉතා පරිස්සමින් කටයුතු කරන්න.

  1. විවාහය තුල ගෞරවය කෙලෙසන "ඔබේ අය මගේ නෙමෙයි"  ආකල්පය

ඔබග‌ේ සහකරු ඔබ සමඟ පවුලේ හමුවීම් වලට  යනවාද? ඔබේ සහකාරියට රෝහලේ සිටින තම මව බැලීමට අවශ්‍ය නම් ඔබ ඇය එක්ක යනවාද?  

ඇත්තෙන්ම විවාහය කියන්නේ  පුද්ගලයන් දෙදෙනෙකුගේ එකමුතු වීමක් වෙනවා. මෙයට එකිනෙකාගේ පවුල්ද  ඇතුළත් වෙනවා.

ඔබ ඇයගේ  පවුලේ අයට සහ මිතුරන්ට කරුණාව දක්වමින් පිළිගැනීම කල යුතුය. ඔවුන්ව වැදගත් යැයි සලකමින්   ගෞරව කරන්න.

ඔබට වඩාත්ම වැදගත් පුද්ගලයන්  යමෙකු ඔහුට වැදගත් යැයි නොසලකන්නේද? එසේ නම් එය විවාහයක ගෞරවය නොමැතිකමේ පැහැදිලි සලකුණක් වෙනවා.

  1. නින්දා සහගත කථා කරනවා.

ඔබේ සහකාරියට සෘණාත්මක අදහස් දැක්වීම හා උපහාසාත්මක ලෙස කථා  කිරීම විවාහයක් තුළ සිදුවිය යුත්තක් නොවේ. ඔබේ සහකාරියගේ ජයග්‍රහණවලට ගරු කරන්න.

එම ජයග්‍රහණ පහත හෙලීම වෙනුවට  ඇය දිරිමත් කරන්න. ඔබ දෙදෙනාම එකිනෙකාගේ ස්වරූප වල පිළිඹිබු වෙන බැවින් ඔවුන්ට තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරවන්න.

ඔබේ සහකාරියගේ ප්‍රථම  රසිකයා ඔබ වෙන්න.

  1. හිතන්නේ තමන් ගැන විතරයි 

විවාහය යනු කණ්ඩායම් ක්‍රියාවක් මිස තනිිව කරන රංගනයක් නම් නොවෙයි.  ඔබේ සහකාරියගේ අවශ්‍යතා වලට වඩා ඔබේ අවශ්‍යතා වඩා වැදගත් නම් එය ගෞරවයේ  නොදැක්වීමකි. ඇයගේ අවශ්‍යතා වලට පළමු තැන දෙන්න.

ඔබ එකිනෙකාගේ ප්‍රමුඛතාවය ඔබ දෙදෙනාමයි. ඒනිසා  ඇය ඔබේ ජීවිතයට වැදගත් බව ඇයට දැනෙන්න දෙන්න. එවිට  ඇයත් අනිවාර්යයෙන්ම එසේ කරාවි.

අප සැවොම සතුටින් ජිවත් විය යුතුය. එබැවින් ඉහත සදහන්  අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගන්න.

ඔබේ හොඳම මිතුරා, ඔබේ රුකුල සහ ඔබේ ජීවිතයේ සහකාරිය  ලෙස තෝරා ගත් කෙනෙකු ඔබට ලැබිය යුතු ගෞරවයට වඩා අඩු ලෙස ඔබට සලකනවාද?

එසේ නම් යම් දවසක ඔබ අවදි වේවි, වටපිට බලාවි. පීඩාවට පත්වේවි.

සෑම පුංචි  අවස්ථාවකදීම ගෞරවය ලබා දී ප්‍රිතිමත් දිගුකාලීන විවාහයක් ඔබත් ලබාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සැමියා ඔබට ගෞරව කරන්නේ නැතිද? මේ සලකුණු 09 කියවන්න
බෙදාගන්න :
  • ඔබේ සහකරුට ගෞරවය දැක්විය හැකි ක්‍රම 25 ක්

    ඔබේ සහකරුට ගෞරවය දැක්විය හැකි ක්‍රම 25 ක්

  • ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

    ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

  • ඔබේ සහකරුට ගෞරවය දැක්විය හැකි ක්‍රම 25 ක්

    ඔබේ සහකරුට ගෞරවය දැක්විය හැකි ක්‍රම 25 ක්

  • ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

    ඔබේ ආදරණීය බිරිඳට ගරු කරන්න ක්‍රම 8 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it