theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලැනුගෝ කෙස්: ඉපදෙනකොට බබාගේ ඇඟ පුරාම තිබෙන මේ සිහින් කොණ්ඩ ගස් මොනවාද?

2 අවම කියවීම
ලැනුගෝ කෙස්: ඉපදෙනකොට බබාගේ ඇඟ පුරාම තිබෙන මේ සිහින් කොණ්ඩ ගස් මොනවාද?ලැනුගෝ කෙස්: ඉපදෙනකොට බබාගේ ඇඟ පුරාම තිබෙන මේ සිහින් කොණ්ඩ ගස් මොනවාද?

මේ ලිපිය සකස් කර ගන්නේ පුංචි කිරි කැටියන්ට ඇඟ පුරාම එන lanugo කෙස් ගස් පිළිබඳවයි. Lanugo hair ඔබේ පුංචි කිරි කැටියාටත් තියෙනවද?

ඔබේ චූටි පැටියා ඉපදෙනකොට බබාගේ ඇඟේ කෙස් ගොඩක් තිබුනාද? මේ සිහින් කෙස් වලට කියන්නේ lanugo (ලැනුගෝ) කියලයි. 

මෙය ලතින් භාෂාවේ ‘lana’ යන්නෙන් බිඳී ආ වචනයක්. මෙය බිලිඳු දරුවාගේ ඇඟ පුරාම වැඩෙන සේ එන කෙස් වර්ගයක්.

අත්, යටිපතුල, තොල්, නිය හා ලිංගේන්ද්‍රියන් අවට, ඇඟිලි ආදිය හැරුණු කොට ශරීරයේ අන් හැම තැනකටම පැතිරෙන්න පුළුවන්.

බබාගේ ඇඟේ කෙස් බොහෝ විට උරහිස, නළල හා මුහුණ හා බෙල්ලෙත් දැකිය හැකියි.

ලැනුගෝ මෙම දරුවන්ට ලැබෙන කුළුඳුල් කෙස් වන අතර මෙය දරුවන් කුස තුළ සිටින විට 5 වන මාසයේදී පමණ වැඩෙනවා.

බොහෝ විට මේ වර්ණයන් නැති කෙස් ගස් ගර්භයට සති 36-40 කාලය තුළදී නැතිවී යනවා. එය ඉතා කුඩාවට තැන්පත්ව තිබී එළියට එන්නක්.

බොහෝ විට අඩු මාසයෙන් හෝ සති කිහිපයකට පෙර මෙළොව එළිය දකින දරුවන් තුළ මෙම තත්වය දකින්න පුළුවන්. මන්ද සාමාන්‍යයෙන් මෙම ලැනුගෝ කුස තුළදීම දරුවන්ගෙන් ඉවත් වෙනවා. බොහෝ විට ඔබ මාස 7 ක් හෝ  8 ක් පමණ වන ගර්භණි මාසයේදී සිදුවෙනවා.

කෙසේ වෙතත් ඔබ මේ ගැන එතරම් කනස්සල්ලට පත් වෙන්න එපා. මේවා දරුවා ඉපදී සති කිහිපයකින් පසුව නැතිවී යන්න පුළුවන්.

ලැනුගෝ කෙස්

බබාගේ ඇඟේ කෙස්: ලැනුගෝ කෙස් වලට හේතුව 

මෙම කෙස් බිලින්දන්ට ඒමට හේතුවක් තියෙනවා.

බිලිඳා ඔබේ කුසේ ඉන්නා විට ලැනුගෝ මගින් ඔහුව ඇමිනිඔටික් තරලයෙන් මෘදු සම ආරක්ෂා කරනවා.

ඒ වගේම vernix නමැති ලිස්සන සුළු වැක්ස් වැනි ද්‍රව්‍යකින් ඔබේ දරුවාගේ සම වසාගෙන තියෙනවා.

ඉන් සමට උණුසුම හා තෙතමනය ලැබෙනවා. ඉන් පැටියට මව් කුසෙන් එලියට එන්නත් පහසු වෙනවා.

ලැනුගෝ ගැන දුක් කරදර විය යුත්තේ කොයි වෙලාවට ද?

මාසයක පමණ කාලයකදී ලැනුගෝ පැටියාගේ සමෙන් ඉවත් නොවුනොත් එය congenitaladrenal hyperplasia (CAH) නම් තත්වය බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා.

CAH තත්වය දරුවෙකු උපදින විට ලැබිය යුතු විශේෂ එන්සයිම අඩුවීමෙන් හෝර්මෝන නිපදවීමේ ක්‍රියාවලිය අවහිර වීමක් සිදු වෙනවා.

එනම් දරුවා තුළ පිරිමි හෝර්මෝන බලවත් වීමක් වෙනවා. විශේෂයෙන් ගැහැණු දරුවන්ට එය බලපානවා.

මෙම CAH තත්වය ඇති දරුවන්ගේ රුධිරයේ සෝඩියම් වල අඩු බවක් තියෙන බව සෞක්‍ය විශේෂඥයන් පවසනවා.

මේ හරහා හෘද රෝග හදිසි හුස්ම ගැනීම නැවතීම (shock) විජලනය වැනි තත්ත්ව ඇති විය හැකි බව කියවෙනවා.

CAH වලට ප්‍රතිකාර

මේ සඳහා බිළිඳාගේ හෝර්මෝන පාලනයට පිටතින් හෝර්මෝන වර්ග, බෙහෙත් වර්ග හා ස්ටෙරොයිඩ්ස් වර්ග දීම සිදු කෙරෙනවා.

කෙස් වල වැඩිම හෝර්මෝන පාලනය හා ස්ත්‍රී, පුරුෂ භාවය අනුව සාමාන්‍ය අතට හැරෙනවා.

මේ ගැන ඔබත් කනස්සල්ලට පත්වෙනවා නම් වෛද්‍යවරයෙකුට මේ බව පැවසීම සුදුසු වෙනවා.

theAsianparent Sri Lanka අපි නිරතුරුවම ඔබ නොදන්නා කරුණු ගැන ඔබව දැනුවත් කිරීමෙන් ජිවිතයට පහසුවෙන් මුහුණ දෙන්න ශක්තිය ලබා දෙනවා. ඔබේ දරුවා නිරෝගී දරුවෙකු කරන්නත් ඔබත් සමග රැඳෙනවා. මේ ඒ වගේ තවත් උත්සාහයක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ලැනුගෝ කෙස්: ඉපදෙනකොට බබාගේ ඇඟ පුරාම තිබෙන මේ සිහින් කොණ්ඩ ගස් මොනවාද?
බෙදාගන්න :
  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

    හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

    හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it