"ඉපදෙනකොට බබාගේ ඇඟ පුරාම සිහින් කොණ්ඩ ගස් තිබුනා."

lead image

මේ ලිපිය සකස් කර ගන්නේ පුංචි කිරි කැටියන්ට ඇඟ පුරාම එන lanugo කෙස් ගස් පිළිබඳවයි. Lanugo hair ඔබේ පුංචි කිරි කැටියාටත් තියෙනවද?

lanugo (ලැනුගෝ) කියන්නේ කුමක්ද?

මෙය ලතින් භාෂාවේ ‘lana’ යන්නෙන් බිඳී ආ වචනයක්. මෙය බිලිඳු දරුවාගේ ඇඟ පුරාම වැඩෙන සේ එන කෙස් වර්ගයක්. අත්, යටිපතුල, තොල්, නිය හා ලිංගේන්ද්‍රියන් අවට , ඇඟිලි ආදිය හැරුණු කොට ශරීරයේ අන් හැම තැනකටම පැතිරෙන්න පුළුවන්.

බොහෝ විට උරහිස, නළල හා මුහුණ හා බෙල්ලෙත් මෙම රෝම දැකිය හැකියි.

ලැනුගෝ මෙම දරුවන්ට ලැබෙන කුළුඳුල් කෙස් වන අතර මෙය දරුවන් කුස තුළ සිටින විට 5 වන මාසයේදී පමණ වැඩෙනවා. බොහෝ විට මේ වර්ණයන් නැති කෙස් ගස් ගර්භයට සති 36-40 කාලය තුළදී නැතිවී යනවා. එය ඉතා කුඩාවට තැන්පත්ව තිබී එළියට එන්නක්.

බොහෝ විට අඩු මාසයෙන් හෝ සති කිහිපයකට පෙර මෙළොව එළිය දකින දරුවන් තුළ මෙම තත්වය දකින්න පුළුවන්. මන්ද සාමාන්‍යයෙන් මෙම ලැනුගෝ කුස තුළදීම දරුවන්ගෙන් ඉවත් වෙනවා. බොහෝ විට ඔබ මාස 7 ක් හෝ  8 ක් පමණ වන ගර්භණි මාසයේදී සිදුවෙනවා.

කෙසේ වෙතත් ඔබ මේ ගැන එතරම් කනස්සල්ලට පත් වෙන්න එපා. මේවා දරුවා ඉපදී සති කිහිපයකින් පසුව නැතිවී යන්න පුළුවන්.

lanugo hair newborn baby sri lanka

ලැනුගෝ කෙස් වලට හේතුව 

මෙම කෙස් බිලින්දන්ට ඒමට හේතුවක් තියෙනවා.

බිලිඳා ඔබේ කුසේ ඉන්නා විට ලැනුගෝ මගින් ඔහුව ඇමිනිඔටික් තරලයෙන් මෘදු සම ආරක්ෂා කරනවා. ඒ වගේම vernix නමැති ලිස්සන සුළු වැක්ස් වැනි ද්‍රව්‍යකින් ඔබේ දරුවාගේ සම වසාගෙන තියෙනවා. ඉන් සමට උණුසුම හා තෙතමනය ලැබෙනවා. ඉන් පැටියට මව් කුසෙන් එලියට එන්නත් පහසු වෙනවා.

ලැනුගෝ ගැන දුක් කරදර විය යුත්තේ කොයි වෙලාවට ද?

මාසයක පමණ කාලයකදී ලැනුගෝ පැටියාගේ සමෙන් ඉවත් නොවුනොත් එය congenitaladrenal hyperplasia (CAH) නම් තත්වය බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා.

CAH තත්වය දරුවෙකු උපදින විට ලැබිය යුතු විශේෂ එන්සයිම අඩුවීමෙන් හෝර්මෝන නිපදවීමේ ක්‍රියාවලිය අවහිර වීමක් සිදු වෙනවා. එනම් දරුවා තුළ පිරිමි හෝර්මෝන බලවත් වීමක් වෙනවා. විශේෂයෙන් ගැහැණු දරුවන්ට එය බලපානවා.

මෙම CAH තත්වය ඇති දරුවන්ගේ රුධිරයේ සෝඩියම් වල අඩු බවක් තියෙන බව සෞක්‍ය විශේෂඥයන් පවසනවා. මේ හරහා හෘද රෝග හදිසි හුස්ම ගැනීම නැවතීම (shock) විජලනය වැනි තත්ත්ව ඇති විය හැකි බව කියවෙනවා.

CAH වලට ප්‍රතිකාර

මේ සඳහා බිළිඳාගේ හෝර්මෝන පාලනයට පිටතින් හෝර්මෝන වර්ග, බෙහෙත් වර්ග හා ස්ටෙරොයිඩ්ස් වර්ග දීම සිදු කෙරෙනවා. කෙස් වල වැඩිම හෝර්මෝන පාලනය හා ස්ත්‍රී, පුරුෂ භාවය අනුව සාමාන්‍ය අතට හැරෙනවා.

මේ ගැන ඔබත් කනස්සල්ලට පත්වෙනවා නම් වෛද්‍යවරයෙකුට මේ බව පැවසීම සුදුසු වෙනවා.

ඔබ නොදන්නා කරුණු ගැන ඔබව දැනුවත් කිරීමෙන් ජිවිතයට පහසුවෙන් මුහුණ දෙන්න ශක්තිය ලබා දෙන්නත්, ඔබේ දරුවා නිරෝගී දරුවෙකු කරන්නත් theAsianparent Sri Lanka අපි නිරතුරුවම ඔබත් සමග රැඳෙනවා. මේ ඒ වගේ තවත් උත්සාහයක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ