මදසරුභාවය ඇතිවීමට හේතු කාරණා සොයා බලන ලැපරොස්කොපි පරීක්ෂණය ගැන දැනුවත් වෙන්න කැමතිද?
නාරි හා ප්‍රසව වෛද්‍ය සමන් හේවා මහතා විසින් මුහුණු පොතට ලියන ලද ලිපියක් මෙලෙස අපි අද ඔබ වෙත ගෙන එනවා.
දරුඵල ප්‍රමාද වීම හෙවත් මදසරුභාවය අද විවාහක පිරිසගෙන් 15% ක් පමන පීඩා විදින ප්‍රශ්නයක්.
අපි අද මදසරුභාවය හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය පිලිබඳව කතා කරමු.
මදසරුභාවය හා ලැපරොස්කොපි පරීක්ෂණය

ලැපරොස්කෝප් යනු ඉතා කුඩා කැමරාවක් සහිත උපකරණයකි.
ලැපරොස්කොපි පරීක්ෂණයේදී මුලින්ම කාන්තාවන්ගේ උදරය කාබන්ඩයොක්සයිඩ් වලින් පුරනවා.
ඉන් පසු නාභිය ( බුරිය ) තුල සිදු කරන කුඩා සිදුරක් මගින් එම සිහින් කැමරාව උදරය තුලට ඇතුල් කරනවා.

එවිට ගර්භාෂය ,ඩිම්බ කෝෂ , පැලෝපීය නාල ඇතුලු ප්‍රජනන පද්දතිය නිසියාකාරව අපට පරීක්ෂා කරන්න පුළුවන්.
එහිදී දරුඵල පමා කරන රෝග තත්වයන් වන ෆයිබ්‍රොයිඩ්ස් , එන්ඩොමෙට්‍රියෝසිස් සහ ප්‍රජනන පද්දතියේ ආසාදන වැනි තත්ත්වයන් හදුනාගන්න පුළුවන් වගේම සමහර රෝග වලට එවෙලේම ප්‍රතිකාර කරන්න පුළුවන්.
තවද ගැබ්ගෙල හරහා වර්නකයක් ඇතුල්කර dye test එය පැලෝපීය නාල තුලට ගමන් කරන ආකාරය පරීක්ෂා කර පැලෝපීය නාල වල යම් අවහිරතා ඇතිනම් හදුනාගන්න පුළුවන්.

ලැපරොස්කොපි සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කර සිදුකරන සුලු ශල්‍යකර්ම ගනයට අයත් වන ශල්‍යකර්මයකි.
මෙය සිදු කරන්නේ කාන්තාවට මෙය කිරීම අත්‍යවශ්‍ය නම් පමනයි.
රෝග ඉතිහාසය විමසීම , උදරය පරීක්ෂා කිරීම , ලේ හා ස්කෑන් පරීක්ෂණ කර බලා අප මෙය කිරීමට අවශ්‍යයද යන්න තීරණය කරනවා.
සංකූලතාවකින් තොර ලැපරොස්කොපි පරීක්ෂණය සදහා විනාඩි 15ත් 30ත් අතර කාලයක් ගත වෙනවා.
නිවැරැදි ක්‍රම උපයෝගී කරගෙන සිදුකන මෙම පරීක්ෂණය ඉතා ආරක්ෂාකාරී වගේම අතුරු ආභාද වලින් තොර ශල්‍යකර්මයකි.
සාමාන්‍යයෙන් මෙය කිරීමෙන් පසුව පැය කිහිපයකට පසු ඔබට රෝහලෙන් පිටව යාමට පුළුවන්.
අනෙකුත් ශල්‍යකර්ම වගේම මෙයින්ද සංකූලතාවයන් ඇතිවෙන්න ඉඩ තියෙනවා.
ශල්‍යකර්මයට පසු පසු ඇතිවන වේදනාව සාමාන්‍ය තත්ත්වයක වුවද උදරය විවුර්ත කර සිදුකරන පරීක්ෂණ වලට වඩාකෙටි වගේම අඩු කාලයක් පවතින තත්වයකි.
විශබීජ වලින් ඇතිවන සංකූලතාවය මෙම ශල්‍යකර්මයෙන් සිදුවීමට ඇති ඉඩ ඉතාමත් අඩුයි. මුත්‍රාශය, බඩවැල් වැනි අවයවන්ට හානි වීම හර්නියා තත්ත්වයන් ඇතිවීම ඉතා කලාතුරකින් සිදුවේ.
ලැපරොස්කොපි පරීක්ෂණය මගින් පැලෝපීය නාල වල අවහිරතා නැති බව සනාථ කරගත් පසුව දරුවකු ලබාගැනීමෙ ඉදිරි ක්‍රියාවලියට යොමුවෙන්න පුළුවන්.
හයිබ්‍රොයිඩ් එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග වලට එවෙලේම ප්‍රතිකාර කිරීම මගින් දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩි කිරීමට පුළුවන්.
වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය