theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට ඉගෙනීමේ අපහසුතා ලක්ෂණ පෙන්වන්නේදැයි හඳුනාගන්නේ කෙසේද?

4 අවම කියවීම
දරුවාට ඉගෙනීමේ අපහසුතා ලක්ෂණ පෙන්වන්නේදැයි හඳුනාගන්නේ කෙසේද?දරුවාට ඉගෙනීමේ අපහසුතා ලක්ෂණ පෙන්වන්නේදැයි හඳුනාගන්නේ කෙසේද?

ඉගෙනීමේ අපහසුතා ඇති දරුවන් යනු සාමාන්‍ය බුද්ධියක් ඇති අනිත් දරුවෝ වගේම කොටසක්. ඒයාලාට ඉගන ගැනීමට අනිත් දරුවන්ට වඩා ටිකක් උදව් උවමනා වෙනවා. එයාලාගේ ජීවිතය සාර්ථක කර ගන්න එයාලාගේ ඒ දුර්වල කම බාධාවක් නෙමෙයි.

ඔයාගේ දරුවාට පාසලේ වැඩ කරද්දි ගැටලු මතු වෙනවාද? නැත්නම් ශබ්ද නඟා පාඩම කියවීමට අපහසුයිද?රචනාවක් ලියන්න, ගණිත ගැටලුවක් විසඳන්න අමාරුයිද? අද අපි ඔබට කියලා දෙන්න හදන්නේ විවිධ ආකාරයේ ඉගෙනීමේ අපහසුතා ගැන හඳුනා ගන්න විදිය කියල දෙන්න.

ඉගෙනීමේ අපහසුතා කියලා කියන්නේ මොකක්ද?

ඉගෙනීමේ අපහසුතා

අධ්‍යාපනයේ දුර්වලතා හෝ ඉගෙනීමේ ආබාධ යනු විවිධාකාර ඉගෙනුම් ගැටළු වේ. ඉගෙනීමේ දුර්වලතාවයක් කියලා කියන්නේ බුද්ධිය හෝ අභිප්‍රේරණය පිළිබඳ ගැටළුවක් නොවේ. ඉගෙනීමේ අපහසුතා ඇති ළමයින් කම්මැලි හෝ ගොළු නැත. ඇත්ත වශයෙන්ම, බොහෝ දෙනා අනෙක් සියල්ලන් මෙන් ම දක්ෂ ය. ඔවුන්ගේ මොළය හුදෙක් වෙනස් ආකාරයකින් ක්‍රියා කරනවා. මෙම වෙනස ඔවුන් තොරතුරු ලබා ගන්නා ආකාරය හා ඒවා සැකසෙන ආකාරය කෙරෙහි බලපායි.

සරලව කිවහොත්, ඉගෙනීමේ දුර්වලතා ඇති ළමුන් සහ වැඩිහිටියන් වෙනස් ආකාරයකින් දකිති, අසති, තේරුම් ගනිති. මෙය නව තොරතුරු සහ කුසලතා ඉගෙන ගැනීමට හා ඒවා භාවිතයට ගැනීමට අපහසු විය හැකිය. මෙවැනි ඉගෙනීමේ අපහසුතා වඩාත් සුලභ වන්නේ කියවීම, ලිවීම, ගණිතය, තර්ක කිරීම, සවන්දීම සහ කථා කිරීමේ ගැටළු සහගත වීමත් සමඟය.

සෑම ළමයෙකුටම වරින් වර ගෙදර වැඩ පිළිබඳ ප්‍රශන ඇත. යම්  ඉගෙනුම් ක්ෂේත්‍රයක් නිරන්තරයෙන් ගැටළු සහගත නම්, එය ඉගෙනීමේ ආබාධයක් ලෙස පෙන්නුම් කරයි.

ඉගෙනීමේ අපහසුතා ඇති දරුවන්ට සාර්ථක විය හැකිය.

දරුවාට ඉගෙනීමේ අපහසුතා ඇතැයි කියාලා හිතන්නත් අමාරු දෙයක්. කිසි දෙමව්පියෙක් තම දරුවන් දුක් විඳිනවා දැකීමට කැමති නැහැ. ඔබෙ දරුවාගේ අනාගතය කොයි වගේ වෙයිද කියල ඔබට බයක් ඇති වීම සාධාරණයි. නැතහොත් ඔබේ දරුවා පාසලේ වැඩ කරන්නේ කොහොමද කියලා කරදරයි. අහිංසක දරුවාගේ ඉගෙනීමේ ගැටළු නිසා ඔහුව “මන්දගාමී” ලෙස ලේබල් කරාවිදෝ කියලා බියක් ඇති වෙන්නට පුලුවන්. දුර්වල සිසුන් කියා කවුරුවත් නෑ. එනමුත් සමහර පන්ති එහෙමයි කියලා සමහරු වෙන් කරගෙන ඉන්නවා. එයාකාරයේ පන්තියකට වැටෙයිද කියලාත් හිත බයයි.

ඉගෙනීමේ අපහසුතා

විශේෂයෙන්ම මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් ඉගෙනීමේ අපහසුතා ඇති බොහෝ ළමයින් අනෙක් සියල්ලන් මෙන් බුද්ධිමත් බවයි. ඔවුන්ගේ අද්විතීය ඉගෙනුම් ශෛලියට ගැලපෙන ආකාරයට ඔවුන්ට ඉගැන්විය යුතුය. පොදුවේ ඉගෙනීමේ අපහසුතා සහ ඔබේ දරුවාගේ ඉගෙනීමේ දුෂ්කරතා පිළිබඳ වැඩිදුර ඉගෙනීමෙන් ඔබට පාසලේ සහ ඉන් ඔබ්බෙහි සාර්ථකත්වයට ළඟා වෙන්න පුලුවන්.

ඉගෙනීමේ දුර්වලතා ඇති දරුවෙක්ගේ ලක්ෂණ මොනවාද?

දරුවෙක්ගෙන් දරුවෙක්ට මේ ලක්ෂණ වෙනස් වෙන්න පුලුවන්. එක දරුවෙක්ට කියවීම, ව්‍යාකරණ අපහසු වෙන්න පුලුවන් නමුත් තව දරුවෙක් පොත් පත් වලට, කියවීමට ආස වෙලා ගණිතයට දුර්වල වෙන්න පුලුවන්. තවත් දරුවෙක්ට තව කෙනෙක් කියන දේ තේරුම් ගන්නට අපහසු වෙන්න පුලුවන්. මේ සියල්ලම ඉගෙනීමේ අපහසුතාවයන්.

අපි දැන් කියන්න හදන්නේ ඉගෙනීමේ අපහසුතා තියන දරුවන්ගේ ලක්ෂණ වයසත් එක්ක.

පෙරපාසල් විය

  • වචන උච්චාරණය කිරීමේ ගැටළු.
  • නිවැරදි වචනය සොයා ගැනීමේදී ගැටලු
    රිද්මයේ අපහසුතාව.
  • හෝඩිය, අංක, වර්ණ, හැඩ, සතියේ දින ඉගෙනීමේ කරදර.
  • පහත දැක්වෙන උපදෙස් හෝ ඉගෙනීමේ පුරුදු දුෂ්කර වීම.
  • ක්‍රෙයොන්ස්, පැන්සල් සහ කතුර පාලනය කිරීම හෝ රේඛා තුළ වර්ණ ගැන්වීම දුෂ්කර වීම.
  • බොත්තම්, සිපර්, ස්නැප්, සපත්තු ගැටගැසීමට ඉගෙනීම දුෂ්කර වීම.

වයසඅවුරුදු 5-9 ත් අතර

  • අකුරු සහ ශබ්ද අතර සම්බන්ධතාවය ඉගෙන ගැනීමේ අපහසුතා.
  • වචන සෑදීම සඳහා ශබ්ද මිශ්‍ර කිරීමට නොහැකි වීම.
  • කියවීමේදී මූලික වචන ව්‍යාකූල වීම.
  • නව නිපුණතා ඉගෙන ගැනීමට මන්දගාමී වීම.
  • වචනමාලා වලදී නිරන්තරයෙන් අක්ෂර වින්‍යාසයේ දෝෂ ඇති වේ.
  • මූලික ගණිත සංකල්ප ඉගෙනීමේ ගැටලු.
    කාලය පැවසීමේ දුෂ්කරතා.
  • අනුපිළිවෙල මතක තබා ගැනීමේ අපහසුව

ඉගෙනීමේ අපහසුතා

වයස අවුරුදු 10-13

  • කියවීමේ අවබෝධය හෝ ගණිත කුසලතා වලට ඇති දුෂ්කරතා.
  • විවෘත පරීක්ෂණ ප්‍රශ්න සහ වචන වල ගැටලු ඇති වීම.
  • කියවීමට හා ලිවීමට අකමැති වේ.
  • ශබ්ද නඟා කියවීමෙන් වළකියි.
  • දුර්වල අත් අකුරු.
  • දුර්වල සංවිධානාත්මක කුසලතා (නිදන කාමරය, ගෙදර වැඩ, මේසය අවුල් සහගත සහ අසංවිධිතයි).
  • පන්ති කාමරය තුල අධ්‍යාපනික සාකච්ඡා වලට සහභාගි නොවීම හා සිතුවිලි ශබ්ද නඟා ප්‍රකාශ කිරීමේ අපහසුතා.
  • එකම සටහනේ එකම වචනය වෙනස් ලෙස උච්චාරණය කිරීම.

මේ වගේ ලක්ෂණ ගණනාවක් ඉගෙනීමේ අපහසුතා තියන දරුවෙක් පෙන්වන්නට පුලුවන්. දෙමව්පියන් විදියට අපි ඒ ගැන ගොඩක් සැලකිල්ලෙන් ඉන්න ඕනි ඒ ඒ වයස් සීමා වලදි.

දරුවාට ඉගෙනීමේ අපහසුතා ලක්ෂණ පෙන්වන්නේදැයි හඳුනාගන්නේ කෙසේද?

ඔබේ දරුවාගේ මේ විදියේ ලක්ෂණ තියෙනවා කියලා හැඟෙනවා නම් නොපමාව ඔබේ දරුවාගේ වෛද්‍යවරයාගේ සහය පතන්න අමතක කරන්න එපා.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

annnirmani

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • දරුවාට ඉගෙනීමේ අපහසුතා ලක්ෂණ පෙන්වන්නේදැයි හඳුනාගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • දරුවන්ට මතක හිටින ලෙස කියාදෙමු

    දරුවන්ට මතක හිටින ලෙස කියාදෙමු

  • ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

    ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

  • දරුවන්ට මතක හිටින ලෙස කියාදෙමු

    දරුවන්ට මතක හිටින ලෙස කියාදෙමු

  • ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

    ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it