theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවා දකුණත්ද? වමත්ද?

4 අවම කියවීම
ඔබේ දරුවා දකුණත්ද? වමත්ද?ඔබේ දරුවා දකුණත්ද? වමත්ද?

ඔබේ දරුවා දකුණත් හෝ වමත් නම් එහි බලපෑමක් තියෙනවාද? මෙය තීරණය වන්නේ කෙසේද? මිනිසුන්ගේ අත් භාවිතය  පිලිබඳ  සරල අභ්‍යාස කිහිපයක් දැනගැනීම සඳහා කියවන්න.

අධ්‍යයන වලින් පෙන්නුම් කරන්නේ ජනගහනයෙන්  85% ක්ම දකුණත භාවිතා කරන බවයි. නමුත් වම් අත භාවිතා කරන මිනිසුන් සංඛ්‍යාවද  වැඩි වෙමින් පවතී. එහෙත්, පුද්ගලයාගේ මිනිසුන්ගේ අත් භාවිතය තීරණය කරන්නේ කුමක් ද?

අත් භාවිතය පරම්පරාවෙන් පරාවට යන බව සොයාගෙන තියෙනවා. දකුණත භාවිතා කරන යුවල වලට උපත ලබන දරුවන්ගෙන් 90% ක්ම දකුණත් වේ.

ඒ වගේම  වමේ අත් භාවිතා කරන  යුවල වලට උපත ලබන දරුවන්ගෙන් 50% ක්ම වමත් වේ. මිශ්‍ර යුවල වල උපත ලබන  දරුවන්ගෙන්  80% ක්ම දකුණත් වේ.

baby talk

අත් භාවිතය පෙන්නුම් කරන්නේ කෙසේද?

ලිවීම වැනි හැකියාවක් සදහා දරුවා ඔහුට හුරු අත තෝරා ගනු ලබයි. ඒ වන තුරු, දෙමාපියන්ට ඔවුන්ට හුරු අත තීරණය කරන්න බැහැ.

කෙසේ වෙතත්, සෑම දරුවෙකුම ව්‍යාකූල අවධියක් ගත කරන අතර, එහිදි ඔවුන් අත්දෙකම එකිනෙක මාරු කරමින් භාවිතා කරන්න පුළුවන්. බිලිඳුන් එක් අතක් තෝරා ගැනීමට පෙර දිගින් දිගටම අත්හදා බැලීම් කරනු ලබයි.

ඔබේ දරුවාට සෙල්ලම් බඩුවක් දුන් විට ඇය බොහෝ විට ඇගේ දකුණු අතින් එය අල්ලා ගනු ඇත. මේ මගින් ඇයගේ පසුකාලීන අත් භාවිතය කෙසේද යන්න  පෙන්නුම් කරන්නේ නැහැ.

විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ දකුණත භාවිතා කරන දරුවන් වමත භාවිතා කරන දරුවන්ට  වඩා අත් භාවිතයේදී නිශ්චිත බවක් දක්වන බවයි. ඒ වමත භාවිතා කරන දරුවන්  ඔවුන්ගේ තෝරා ගැනීම වමතෙන් දකුණට නැවතත් වමතට මාරු කරන නිසයි.

ඔබේ දරුවා දකුණත්ද? වමත්ද?

අත් භාවිතය අවසානයේදී හදුනාගන්නේ කෙසේද යන්න පිලිබඳ න්‍යායයන්

සයන්ස් ඩේලි සපෝර්ට් පුවත්පතේ පළ වූ ලිපියක විවිධ රටවල විශ්ව විද්‍යාලවල පර්යේෂණ මගින් අත් භාවිතය ජාන නිසා සිදුවෙන බව පවසා ඇති අතර ඒ සඳහා වගකිව යුතු ජාන ජාලය වෙන්කර ගෙන තියෙනවා.

එම ලිපියේම ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයෙකු වූ විලියම් බ්‍රැන්ඩර්   මෙසේ සඳහන් කළා. "මානව හැසිරීම්වල සියලු අංගයන් මෙන්, හැසිරීම ,ස්වභාව ධර්මය හා පෝෂණයද පරම්පරාවෙන් පරම්පරාවට යනවා."

"අත් භාවිතයේ  වර්ධනය සදහා  ජාන, පරිසරය හා දකුණු අත භාවිතයට සංස්කෘතිය මගින් ඇති කරන  පීඩනය යන සියල්ලම බලපානු ලබයි.

ගුරුවරුන් මේ දවස්වල වම් අත හුරු දරුවන් පිළිගෙන ඒ සදහා  උදව් කරනවා.

ඔබේ දරුවා දකුණත්ද? වමත්ද?

දෙමාපියන්ගේ බලපෑම

විශේෂඥයන් විශ්වාස කරන්නේ විශේෂිත එක් අතක් භාවිතා  කිරීමට දෙමව්පියන් දරුවන්ට බල නොකළ යුතු බවයි.

ඒ වෙනුවට ඔවුන් තම දරුවන්ගේ අත්  භාවිතයේ සලකුණු  හදුනාගෙන ඔවුන්ට හුරු අත භාවිතා  කිරීමට දරුවාව දිරිගැන්විය යුතු වේ. ඒ  බලපෑම් කිරීම මත දරුවා තමන්ට හුරු අත මාරු කිරීමෙන්  ඔවුන්ගේ ඉගනීමේ, වර්ධනයේ හා පෞරුෂත්වයේ ගැටළු ඇතිවිය  හැකිය.

සෙල්ලම් බඩුවක් අල්ලා ගැනීම වැනි සරල  අභ්‍යාසයකින් තම කුඩා දරුවාට හුරු අත දෙමාපියන්ට හදුනාගත හැකිය.

කෙසේ වෙතත්, කලාතුරකින් වයස අවුරුදු පහක් හෝ හයක් වනතුරු දරුවා එක් අතක් තෝරා නොගෙන සිටිය හැක. පාසැල් ගමන ආරම්භ කළ දරුවෙකුට  මෙය අවුල් සහගත විය හැකි අතර කුමන අතින් ලිවීම හුරුවිය යුතු දැයි නොදනියි.

මෙවැනි අවස්ථාවන්හි දී, දෙමාපියන්ට පහත දැක්වෙන සරල අවස්ථා  භාවිතා කරමින් ඔවුන්ට හුරු අත හදුනාගැනීමට උදව් කල හැකි අතර   දරුවාට ලිවීම  හා චිත්‍ර  ඇදීම දියුණු කර ගැනීමට උපකාරී කල හැකිය.

අත් භාවිතය හදුනාගැනීම සදහා සරල අභ්‍යාස

දෙමව්පියන් පහත සඳහන් ව්‍යායාමයන් භාවිතා කරන විට, එය දරුවා පරීක්ෂණයක් ලෙස නොසිතිය යුතු බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. ගුරුවරයෙක් දරුවෙක් පරීක්ෂා කරන විය , ව්‍යාකූලතාවන් වළක්වා ගැනීම සඳහා එක් වරකට එක් දරුවෙක්   පරීක්ෂා කිරීමට සුදුසු  වේ.

1. සෙල්ලම් මිටිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබේ දරුවාට සෙල්ලම් මිටිය භාවිතා කර සෙල්ලම් කරන්න ඉඩදෙන්න. ඔබේ දරුවාට මිටිය අල්ලන්න ඉඩදෙන්න . එය දරුවාගේ අතට දෙන්න එපා. ඔහු භාවිතා කරන අත මතක තබාගන්න.

ඔබේ දරුවා අනුමත කරන්නේ කවර අන්දමක කූට උපාය මාර්ගයක්ද?

2. අතට යොදන රූකඩ

රූකඩ දෙකක් ගෙන එය මේසය මත  තබන්න. ඔබේ දරුවාට මුලින්ම එකක්  තෝරාගන්න ඉඩදෙන්න  ඔහු භාවිතා  කරන අත සටහන්  කරගන්න . ඔහු එය අතට ගත් පසු අනෙක් රූකඩය අතට ගෙන පුංචි නාට්‍යයක් රගදක්වන්න.

3. සෙල්ලම් බෝල

මෙය සරල ක්‍රීඩාවක් වන අතර ඔබගේ දරුවා වඩාත් සුවපහසුව  භාවිතා කල හැකි අත කිරීමට උපකාරී වේ.

4. භාජනයක පියන වැසීම

මෙය දරුවාට සුව පහසු අත භාවිතා කල හැකි  තවත් සරල කුසලතාවයකි.

5. ආහාර ගන්නා උපකරණ

හැඳි සහ ගෑරුප්පු වැනි ආහාර ගන්නා උපාංග තැබීමේදී, දකුණු පස වෙනුවට පිගානේ ඉහලින් තබන්න. ඔබේ දරුවාට එය ගෙය්න ඔහුට සුවපහසු ඕනෑම  අතක් භාවිතා  කර ආහාර  අනුභව කරන්න ඉඩදෙන්න.

6. යතුරයි අගුලයි

මෙම අභ්‍යාසය වයස අවුරුදු තුනක් හෝ ඊට වැඩි දරුවන්  සඳහා සුදුසුයි. අගුල දා   ඔබේ දරුවාට යතුර දෙන්න. එය ඔහුට ලබා දෙන්න එපා.  එය පසකින් තබා  එය ඔහු එය ලබා ගැනීමට ඉඩ හරින්න.

දකුණු අත භාවිතා කරමින්  කොපමණ ව්‍යායාම කලාද? වම් අත භාවිතා කරමින්  කොපමණ ව්‍යායාම කලාද? යන්න ගණනය කරන්න. ඔබේ දරුවා භාවිතා කිරීමට කැමති  අත කුමක්දැයි තීරණය කිරීමට මෙය උපකාර විය වේවි.

ඔබගේ දරුවා තවමත් සිය හෝ ඇයගේ හුරු  අත තවම  තෝරා ගෙන නොමැති  නම්, මෙම සරළ අභ්‍යාස  මගින් ඔබට ඔබගේ දරුවාගේ හුරු අත තෝරා   ගැනීමට උපකාර වනු ඇත.

ඔබේ දරුවා භාවිතා කරන්නේ දකුණු අතද හෝ වම් අතද? පහතින්  සටහනක් තබමින් අපව දැනුවත්  කරන්න .

ඔබේ දරුවාට හුරු අත හොයාගන්න උදව් කරන්න මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ඔබේ දරුවා දකුණත්ද? වමත්ද?
බෙදාගන්න :
  • සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

    සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

  • දරුවාගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කරන්න අත්දුටු කාරණා 5 ක්

    දරුවාගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කරන්න අත්දුටු කාරණා 5 ක්

  • සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

    සතියකින් ඔබේ දරුවාට පොටිය පුරුදු කිරීම?

  • දරුවාගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කරන්න අත්දුටු කාරණා 5 ක්

    දරුවාගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කරන්න අත්දුටු කාරණා 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it