ආකර්ෂණීය බවින් අඩු පිරිමින්ගේ බින්දෑවරුන්ගේ වැඩි සතුටකින් ඉන්නවාලු

ආකර්ෂණීය බවින් අඩු පිරිමින්ගේ බින්දෑවරුන්ගේ වැඩි සතුටකින් ඉන්නවාලු

සැමියා දැකුම්කළු නැහැයි කියා දුක්වන්නට අවශ්‍ය නැහැ. හේතුව දැනගන්න කියවන්න

කඩවසම් නැති පිරිමින් සමඟ විවාහ වුණු කාන්තාවන් වැඩි සතුටින් සිටින බව අධ්‍යයනයන වලින් සොයාගෙන තිබෙනවා.

මෙන්න තිත්ත ඇත්ත …

ඉතින් ඔන්න අපි ඔබෙ පුංචි ප්‍රශ්ණයක් අහන්නම්: ඔබ කවදා හෝ දැක තියෙනවාද විවාහ යුවල අතර පුදුමාකාර විධියට සුරූපී බිරිඳකට හිමිකම් කියන එතරම් දැකුම්කළු නොවන සැමියෙක්?

දැකුම්කළු නොවූවතඔවුන්ගේ විවාහය ඉතාම සුන්දරයි, ඔවුන් පුදුමාකාර විධියට එකිනෙකඑක්ක ආදරෙන් බැඳිලා ඉන්නේ.

මහත් සේ දෙන්නට දෙන්නා ආදරය කරන අතර එකිනෙකා සමඟ සතුටින් ඉන්නවා? ඉතින් මෙහෙම යුවල් ඔබටත් හමුවී තියෙනවාද?

කඩවසම් නැති පිරිමින්

මෙය කළ හැක්කේ  කොහොමද? සුරූපි කාන්තාවක් නිතැතින්ම කඩවසම් පුරුෂයෙකුට ආකර්ෂණය වෙනවා නවෙයිද? ඇත්ත කතාව නම්, එය ඒ ආකාරයෙන්ම වන්නේ නැහැ.…

කඩවසම් නැති පිරිමින්

කඩවසම් නැති පිරිමින් හිමි භාර්‍යාවන් වැඩි සතුටකින් ජීවත් වන බව අද්ද්‍යයන වලින් සොයාගෙන තිබෙනවා

ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයක් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ තම ස්වාමිපුරුෂයා බිරිඳට වඩා ආකර්ෂණීය නොවන විට කාන්තාවන් වැඩිපුර සතුටින් සිටින බවයි.

බොඩි ඉමේජ් (Body Image) සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් අලුත විවාහ වූ ජෝඩු 113 ක් විමර්ශනය කෙරුනා.

ඔවුන්ගේ ආකර්ෂණය මත ඔවුන් ශ්‍රේණිගත කිරීමට සියලු දෙනාම එකඟ වූනා.

වෛද්‍ය සිසුවියක් වන ටානියා රෙනෝල්ඩ්ස් සහ මනෝවිද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ඇන්ඩ්‍රියා මෙල්ට්සර් සොයාගත්තේ කාන්තාවක්. තම ස්වාමිපුරුෂයන්ට වඩා “ආකර්ශනීය බවෙන් අඩු” අය ලෙස තක්සේරු වූ කාන්තාවන්, තම රූපය හා ශරීරය ගැන වැඩිපුර කන්ස්සල්ලෙන් පසුවූ බවයි.

වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් තමන්ට වඩා ආකර්ෂණීය යැයි සලකනු ලැබුවහොත් ඔවුන්ගේ රූපශ්‍රීය,.ශරීර හැඩය ආදිය පවත්වාගෙන යාම කෙරෙහි වැඩි මානසික පීඩනයක් ඔවුන් මත පැටවුණු බවයි.

“අධ්‍යයන ප්‍රතිඵල වලින් හෙළි වූයේ භාහිර පෙනුම ආකර්ශනීය වූ ස්වාමිපුරුෂයෙකු සිටීම භාර්යාවන්ට අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකි බවයි. විශේෂයෙන් එම භාර්යාවන් ආකර්ෂණීය බවෙන් අඩු නම් මෙය වඩාත් බලපානු ලබනවා” රෙනෝල්ඩ්ස් පැවසීය.

නමුත් මෙය ආහාර පාලනයට සහ රුව රැකගැනීමට සමාජයෙන් ඇති වන පීඩනය, තමන්ට වඩා ආකර්ෂනීය බවෙන් අඩු සැමියන් සිටි බිරින්දෑවරුන්ට තදින් බලපෑවේ නැහැ.

ඉතින් මේ සම්බන්ධයෙන් පුරුෂයින් ගැන කිව හැක්කේ කුමක්ද? ඔවුන්ගේ පෙනුම හෝ භාර්යාවන්ගේ පෙනුම කුමක් වුවත්, ඔවුන් තම හැඩරුව පාලනය කරගැනීම සඳහා ඇති උනන්දුව එලෙස පෙනුම මත බලපෑවේ නැහැ!

කඩවසම් නැති පිරිමින්

විවාහයක් සාර්ථක වීමට පෙනුම ඇත්තෙන්ම වැදගත්ද?

ඉතින්, දැන් කුමක්ද?

ඇත්ත වශයෙන්ම, මෙම අධ්‍යයනයට පසුබෑම් නැතුවා නොවේ මොකද පියකරු බව සහ රූපය මනින්නට මිණුම් දන්ඩක් නැහැ.

කෙනෙකුට ලස්සනයි හෝ කඩවසම් යැයි හැඟෙන කෙනෙක් තව කෙනෙක් එලෙස නොදකින්නට පුළුවන්.

කෙසේ වෙතත්, සමස්ථයක් ලෙස ගත් කල, මෙම ප්‍රතිඵල වලින් යම් පණිවුඩයක් ගන්නට පුළුවන් වන්නේ ඉන් වැදගත් කරුණු කිහිපයක් මතු වන නිසායි.

පළමුව, වඩාත්ම පැහැදිලිව පෙනෙන කාරණය නම්, මූලික අදහස් ශරීර හැඩය හා රූපශ්‍රීය හා සම්බන්ධ වී තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් ආශ්‍රිතව මෙය මූලික කාරණයක්.

අධ්‍යයනයේ සිටින “ආකර්ශනීය බවින් අඩු” කාන්තාවන්ට ඔවුන්ගේ කඩවසම් ස්වාමිපුරුෂයන්ට සාපේක්ෂව “හොඳ පෙනුමක්” ලබා ගැනීමට මානසික පීඩාවක් ඇති වුණේ ඇයි?

ඔවුන්ගේ කඩවසම් සහකරු හෝ සහකාරිය ඔවුන්ට ආකර්ෂණීය ලෙස නොදකින් බවට ඇති බිය නිසාද? එය ඔවුන් වඩාත් ආකර්ෂනීය පුද්ගලයින් වෙත ඇදී යාමට ඉඩ සලසනු ඇතැයි යන  බිය නිසාද?

මෙම “අවලස්සන” කාන්තාවන් මානසික හා ශාරීරික ගැටළු වලට තුඩු දෙන අධික ලෙස ආහාර පාලනය කිරීම හෝ අධික ලෙස ව්‍යායාම කිරීම වැනි ක්‍රියාවන් දක්වා දුරදිග යාවිද?

අඩු ආකර්ශනීය පිරිමින් සිටින විවාහ වලදී, භාර්යාවන් ඔවුන්ගේ බර ගැන කිසිසේත් තැකීමක් නොකරන අතර තරබාරුකම හා වෙනත් ජීවන රටා නොයෙක් රෝග වලට තුඩු දෙයිද? නිසැකවම, මෙය කාන්තාවන්ට බරපතල සෞඛ්‍යමය බලපෑම් ද ඇති කරයි.

අහ්, පිරිමින්ද මුහුණ දිය හැකි සෞඛ්‍ය ගැටළු ගැන සඳහන් නොකර බැහැ. ඔවුන්ගේ සහකාරියන් කෙතරම් ආකර්ශනීය වුවත්, ඔවුන්ගේ ආහාර පාලනය ගැන තැකීමක් වන්නේ නැහැ!

භාහිර පෙනුම ගැන උමතු වූ ලෝකයක ජය ගැනීම: කඩවසම් නැති පිරිමින්

මාපියවරුණි, සුන්දරත්වය සැබවින්ම ඇත්තේ ඔබව දකින කෙනාගේ ඇස් වලයි. එමෙන්ම භාහිර පෙනුමේ ගැඹුර සමේ ඝනකම තරම් පමණයි.

ඒ නිසා පෙනුම කුමක් වුවත්, විවාහයක වැදගත් වන්නේ ගෞරවය, කරුණාව, අවංකභාවය සහ විශ්වාසයයි.

භාර්යාවෙනි, ඔබේ දරුවන්ගේ දඟකාර කම් අතර ඔබේ සැමියාගේ මුවින් හනැගෙන පුංචි සිනහව අගය කරන්නට අමතක කරන්න එපා. ඒ ගැන ඔබේ හදවතින් සතුටු වන්න.

ඔබේ දරු ප්‍රසූතියෙන් පසු, ඔබව රැකගත් ඒ ශක්තිමත්, ආදරණීය දෑත් මතකද? ඔබට වැඩිපුරම උදව් ඕනෑ වුනු වෙලාවල් වල ඔහු ඔබට හිටි හැටි මතකද?

සැමියනි, ඔබේ බිරිඳගේ සරාගී පෙනුම අගය කරන්න.

ඇත්තෙන්ම, පිරිමින් වැඩිපුර කැමති ටිකක් මහ්ත කාන්තාවන්ට කියා අධ්‍යයන වලින් පෙන්වා දී තිබෙනවා. ඔබේ ඇස් හමුවේ, ඇය ලෝකයේ ලස්සනම කාන්තාවයි.

ඔබ දෙදෙනාම එකිනෙකා තුළ දකින දේට ආදරය කරන විට – ඔබේ ආදරයට මතුපිටින් පෙන්වන මට්ටමට වඩා මහා ගැඹුරක් තිබෙනවා – ඔබේ දරුවන්ද මෙය දකිනු ඇති බවට සහතික වන්න.

ඔබ තුළත්, තමන් තුළත් යම්කිසි දිනෙක ඔවුන්ගේම හවුල්කරුවන් තුළත් ඔවුන් මේ ආදරය ඒ ආකාරයෙන් දකින්නට පුරුදු වනවා.

 

Sources: Florida State University NewsBody Image

theAsianparentහි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි