දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

දරුවාගේ කෑම අතරින් සීනි අඩු කරන ක්‍රම 5 ක්

දෙමාපියන් සීනි කියන්නේ ආහාරයක් නොවන බව මතක තබා ගත යුතුයි.

කොහේ බැලුවත් පැණි රස කෑම සොයාගන්න එක නම් ඒ තරම් අමාරු නැහැ. හුඟක් වෙලාවට දරුවන්ගේ දවස අරඹන උදේ ආහාරයට ගන්න ජෑම්, පීනට් බටර්, සීනි, සීරියල් වැනි දේවල් එකතු වෙනවා. ඒ වගේම දවස පුරා අයිස්ක්‍රීම්, කප් කේක්, ක්ෂණික බීම, මෆින්, තේ වගේ හැමදෙයකම තියෙන්නේ සීනි.

මේ අතර තුර දරුවන්ට ලොලිපොප්, චොක්ලට්, ටොෆි වගේ දේවලුත් ලැබෙනවා. බොහෝ රටවල දරුවන් අතර සීනි බහුල ආහාර පරිභෝජනය බහුලයි. දෙමාපියන් සීනි කියන්නේ ආහාරයක් නොවන බව මතක තබා ගත යුතුයි.

සීනි අඩංගු ආහාර හඳුනා ගැනීම පහසු වුවත් ළමයින්ට විශේෂයෙන් නිෂ්පාදනය කරන කෑම වල එය හඳුනා ගැනීම අපහසුයි. මන්ද බොහෝමයක් සීනි කෑම තුළ සඟවා තිබීම එයට හේතුවයි.

Malaysian Dietitians Association පවසන ආකාරයට හැම බීම වර්ගයකම හා සෞක්‍යට සුදුසු දැයි කියන ආහාර වලත් සීනි සඟවා තිබෙනවා. බොහෝ බීම වර්ග වල පෝෂණ ගුණයක් ඇත්තේ ඉතාම කුඩා ප්‍රමාණයක්. ඊට වඩා ඇත්තේ රසඛාරක හා වර්ණ ඛාරකයන්ය. මෙම බීම වර්ග දරුවන්ගේ දත් වලට හානි කරන අතර කැලරි අඩංගු වන්නේ නැති නිසා කැලරි සමග සීනි ලබා ගැනීම නිසා දිගුකාලීනව තරබාරු බවට පත්වීමේ අවධානමක් තිබෙනවා.

ඇමෙරිකාවේ ළමා වෛද්‍ය රොබට් ලුස්ටිග් මගින් විස්තර සංග්‍රහයක් පළකරමින් තරබාරු බව ගැන විස්තර කරනවා. කෑම වේලෙන් සීනි අඩු කර ගැනීමෙන් දින 9 කදී විශාල වෙනසක් දකින්න පුළුවන්. දරුවන්ගේ කොලෙස්ටරෝල් මට්ටම සුදුසු පරිදි වර්ධනය වී ඉන්සියුලින් ප්‍රමාණය පහත වැටී  හැමදේම හොඳ අතට හැරුණා.

සීනි අඩංගු ආහාර වෙනුවට වෙනත් ආහාර හඳුන්වා දීම විශේෂයෙන් කාබෝහයිඩ්රේට් අඩු නොකර කරගන්න හැකි නම් ඉතා හොඳයි. එමගින් ශරීරයේ බර අඩු හා ලබාගන්න කැලරි ප්‍රමාණයේ වෙනසක් සිදුවෙනවා. අමතර ඇතුලත් කර ඇති සීනි ඉවත් කර ආහාර වේල පෝෂ්‍යදායි ලෙස හා නිසි ලෙස සීනි ඉවත්කර ගන්නේ කොහොමද?

දරුවාගේ කෑම වේලෙන් සීනි අඩු කරගන්නේ කොහොමද?

1. පෝෂණීය පානයන් ලබා දෙන්න

අපේ දරුවන්ට කිරි හා ජලය පමණක් ප්‍රමාණවත්. අනවශ්‍ය පැණි බීම අඩු කිරීමෙන් ශරීරයට අනවශ්‍ය ලෙස ලබාගන්න සීනි ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. පැණි බීම වලට පුරුදු වී ඇති දරුවන් ඒවා පානය කළ පසු වතුර ටික ටික බොන්න දීමෙන් ඔවුන්ව වතුර වලට පුරුදු කරන්න උත්සාහ කරන්න. මෙය ඉතා අපහසු කාරණයක් වුනත් ටික ටික හෝ ඒ කරා යාම වැදගත්.

2. කෑම මිලදී ගන්න විට

ඔබ වෙළඳපලට ගිය විට අමතර සීනි අඩංගු දැයි ලේබලය පරික්ෂා කරන්න. අමතර සීනි fructose, glucose, glucose syrup solids, maltodextrin, corn syrup, corn syrup වැනි නම් වලින් හඳුන්වනවා වෙන්න පුළුවන්.

3. ආහාර ගන්න වේලාවන්

ගෙදරදීම ආහාර හදාගන්න එක තමයි වඩාත් හොඳ. ඔබ වැඩ කරන මවක් නම් සති අන්තය තුළ සතියේ ආහාර ගැන සැලසුමක් සාදා ගන්න. මෙලෙස සීනි වලින් දරුවන් මුදවා ගත විට ඔවුන් කොයිතරම් ලස්සනට එළවළු, පලතුරු ආහාරයට ගන්නවා දැයි ඔබට සිතෙයි. දරුවන් 4-5 වතාවක් වත් පලතුරු, එළවළු ආහාරයට ගැනීම වැදගත්.

4. ඉස්කෝලෙට ගෙනියන කෑම පෙට්ටිය

දරුවන් ලොකු වෙන කොට කෑම ගැන ඔවුන්ට තේරුම් කර දෙන්න පහසුයි. ඔවුන් සීනි ආහාර වලින් ඈත් වෙන තරමට පෝෂ්‍යදායි ආහාර ගන්න නැඹුරු වෙනවා. දරුවාගේ පාසල් ගෙනයන කෑම පෙට්ටියට පලතුරු, චීස්, තැම්බූ බිත්තර වැනි දේවල් එකතු කරන්න.

විවිධ හැඩයට එළවළු පලතුරු කපා යවන්න ඔබට පුළුවන්. යෝගට් වැනි ආහාරත් ඉතා හොඳයි. මේ වෙනස්කම් වලට දරුවන් කැමතියි.

කුඩා කළ සිටම ඔවුන්ට මේ අවබෝධය ලබාදීම මගින් ඔවුන් ලොකු මහත් වු විට වැරදි ආහාර පුරුදු වල එල්බ සිටීම වළකන්න පහසුයි.

5. පාසලෙන් පසු දෙන ආහාර

පාසල් නිමවූ පසු නැවත ගෙදර එන තුරු බඩගින්නට දරුවන් කුමක් හෝ කෑමක් ඉල්ලනවා. ඉඳහිට ඔවුන් කැමති රසකැවිල්ලක් ලබා දුන්නත් එය දවසට ලබා දෙන අනෙක් සීනි කෑම පාලනය කර තැබීම කළ හැකිය.

සරල සැන්ඩ්විච් එකක් නැතිනම් පලතුරු බීමක් හෝ පලතුරු පොප්සිකල් එකක් ඔබට ගෙදරදීම සාදා පාසලෙන් පසු කන්න ගෙන ගොස් දෙන්න පුළුවන් නම් ඉතා හොඳයි. අයිස්ක්‍රීම්, චොක්ලට්, බිස්කට්, පැණි පොප්සිකල් වැනි දේවල් වලින් හැකි තරම් ඈත්ව ඉන්නට උත්සාහ කරන්න.

සීනි අඩංගු පෝෂණයක් නැති ආහාර ඔවුන්ගෙන් ඈත් කරන්න වෙනත් රසවත් ආහාර ඔවුන්ට හඳුන්වා දීම වැදගත්. විවිධ කෑම වට්ටෝරු අත්හදා බලන්න ඔබට පුළුවන්. තරමක් වෙහෙසක් දරන්න වුනත් ඔබේම ආහාර වට්ටෝරුවකට අනුව දරුවන්ට රස කෑමක් හදා දුන්නොත් ඔවුන් හුඟක් සතුටු වේවි. ඔබටත් ඉන් ආත්ම තෘප්තියක් ලැබෙයි.

දරුවන්ගේ පෝෂණය ගැන නිරතුරුවම සිතන theAsianparent Sri Lanka මේ පණිවිඩය ගෙන ආවේ මතු නිරෝගී පරපුරක් තිලිණ කිරීමේ බලාපොරොත්තුවෙනුයි. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

කතන්දර ලිපි