theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."

3 අවම කියවීම
අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."

මිහිබට සියලු අම්මාවරුන්ගේ හදවතේ සිට මෙලොව බිහි වු, බිහිවෙමින් සිටින හා ඉදිරියේදී බිහිවීමට නියමිත සියලුම දරු පැටව්න්ට අම්මා කෙනෙක් ලියු ලිපියක් , ඒ ඔහු ගැන.

මිහිබට සියලු අම්මාවරුන්ගේ හදවතේ සිට මෙලොව බිහි වු, බිහිවෙමින් සිටින හා ඉදිරියේදී බිහිවීමට නියමිත සියලුම දරු පැටව්න්ට අම්මාගෙන් ලිපියක්.

පුරුෂයන්ගේ සරුබව

අම්මාගෙන් පුතුට ලියුමක්

ආදරණීය පැටියෝ,

• ඔයා ඔය දකින ලෝකය හරිම පුංචියි. දවසක් ඒවි ඔයාට ඔයාගේ ඇස් දෙකෙන් බලලා ඔයාටම තීරණ ගන්න පුලුවන් වෙන, එදාට මේ අම්මා කිව්වේ මොන තරම් සත්‍ය කථාවක්ද කියලා ඔයා තේරූම් ගනිවි,

•ඔව් ඔයා මගේ මුලු ලෝකයම, ඒත් ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා. එයාගේ මුලු ලෝකේම වුනේ ඔයා, සමහර වෙලාවට මට හිතෙනවා එයාගේ ලෝකේ මට තිබුන ඉඩත් ඔයාටම වෙන්වුනාද කියලා.

• ඔව් මං ඔයාව මාස දහයක්ම කුසේ තියාගෙන අපමණ දුක් විදිමින් මගේ ඇට ලේ මස් දිය කරලා කුස තුලම ලොකු මහත් කලා. ඒත් පුතේ අපමණ මෙහෙයක් කරපු ඔයා නොදැකපු කෙනෙක් හිටියා ඒ තමා ඔයාගේ තාත්තා.

ඔයාට ඔය ජීවිතේ දෙන්න දායක වුන සෛල දෙකෙන් එකක් දායක කලේ එයා තමයි. මං කන්න බැරිව දුක්විදිද්දී මං කන්න ආස දේවල් හොයලා ඇවිද්දේ එයා, මගේ හැම වේදනාවකදීම ගොඩාක් හිතින් දුක් වින්දේ එයා, මට ඕනී බෙහෙත් ගෙනත් දුන්නේ එයා.

තාත්තා සමග දරුවා

අම්මාගෙන් පුතුට ලියුමක්

• ඔව් එදා ඔයාගේ ඉපදුන දා මං හිටියේ ජීවිතයත් මරණයත් අතර මාව කැපුවා. මගේ ලේ වැගිරුනා. මං මහ.ත් වේදනාවකින් පෙලුනා. ඒත් ඒ වේලාවේ හදවතින් මැරි මැරි අවිනිශ්චිත මොහොතක් ගතකරමින් කෙනෙක් වුන්නා. ඒ තමා ඔයාගේ  තාත්තා. එයාගේ ඇස්දෙක වගේ වුනු අපි දෙන්නාගේ ජීවත වෙද හෙද මඩුල්ලකට භාර කරලා බලාගෙන ඉන්න වුනේ එයාට, මං හිතන්නේ එයා ඉවසීමේ හොදම පාඩම ඉගෙන ගත්තේ එදා.

• ඔව් මගේ ලේ කිරට හැරුනා තමයි. ඒ මගේ පුතාට ඇති සෙනෙහසින්, ඒත් මගේ පුතාට බොන්න කිරි හැදෙන්න අම්මාව පෝෂණය කරපු කෙනෙක් හිටියා, ඒ  තමයි ඔයාගේ තාත්තා.

මේවා ගුණ කෑම, ඕවා කන්න එපා පුතාටත් අජීර්ණ වෙයි, එහෙම කිව්වේ එයා, පෝෂ්‍ය ගුණය වැඩි ආහාර ගෙනත් දුන්නේ එයා.

• ඔව් ඔයාගේ පලවෙනි හීනාවේ ඉදලා හැම හුරතල් පටන් ගැන්මක්ම මං ඇස්දෙකින් වින්දා. ඒත් ඒ වාසනාව නොලබපු ඒ හැම අවස්ථාවකම ඔයා වෙනුවෙන් දහඩිය හෙලුව අත් වල කර ගැට එනකම් වැඩ කල කෙනෙක් හිටියා, ඒ තමා ඔයාගේ තාත්තා.

උදේ රැයින් ගෙදරින් පිටවෙලා යන එයා හැමදාම ආවේ රෑ වෙලා පුතේ , ඒ මගේ පුතාට හෙට දවසක් හදන්න එයා රැකියාවත් එක්ක කාර්‍යබහුල වුන නිසා.

• ඔව් ඔයාව හැමදාම රැකබලා ගත්තේ මම ,තුරුල් කරගෙන නිදා ගත්තේ මම, ඒත් ඔයාව රැකබලා ගන්න දිරිදීපු, මගේ උණුසුම ආදරය ඔයා වෙනුවෙන් කැප කරලා තනියම නිදාගත්ත කෙනෙක් හිටියා. ඒ තමයි ඔයාගේ තාත්තා.

ඔයාව රැකබලා ගැනීම ගැන  එයා වදවුන තරම්, ඔයාට පුංචි හෝ හිරිහැරයක් වේවි කියලා එයා මටත් චුට්ටක් සැර කරපු වේලාවලුත් තිබුනා. ආදරය ඔයාගේ අවශ්‍යතා  වෙනුවෙන් එයා තමන්ගේ ආදරය අවශ්‍යතා කැප කලා.

• ඔව් මම ඔයාට රස බොජුන් හදලා දුන්නා. ලස්සන ඇදුම් හොයලා අරන් දුන්නා. වටිනා පොත පත අරන් දුන්නා. ඒත් ඒ සියල්ලටම දුක් මහන්සියෙන් හොයපු කාසි වැය කරපු කෙනෙක් හිටියා ඒ තමයි ඔයාගේ තාත්තා.

චූටි දරුවන්ගේ ඊර්ෂ්‍යාව

අම්මාගෙන් පුතුට ලියුමක්…

එයා ඔයා වෙනුවෙන් වියදම් කරන්න ලෝභ වුනේ නැහැ. එයා වියදම් කරපු කිසිම මුදලක ගණන් මිනුම් බැලුවේ නැහැ.

ඉතින් රත්තරන් පුතේ මේ මං ඔයාට කිව්වේ ඒ යෝධ මනුෂ්‍යයාගේ අසීමිත නොවෙනස් ආදරය ගැන හරිම චුට්ටක්,

ඔව් මං දන්නවා මගේ ආදරය වගේ ඔයාට එයාගේ ආදරය දැනුනේ නැහැ. ඒත් එයා ඔයාට ආදරය කරන ගමන් ඔයා වෙනුවෙන් මගේ හිතේ ඇති ආදරයට ශක්තියක් වුනා. එයා මං වගේ ඔයාට කෙලින්ම ආදරය කලේ නැහැ. එයා ඔයාට ආදරය කලේ මගේ ආදරය තුලින්, අන්න ඒකයි පුතේ ඔයා ඒ සුවිසල් ආදරය නොදැක්කේ.

ඔයා අම්මාට ආදරය කරන තරම්ම ඔයාගේ ඒ අහිංසක තාත්තාටත් ආදරය කරන්න. ඒක තමයි පුතේ ඔයාට ඒ අසහාය මිනිසාට දෙන්න පුලුවන් ලොකුම තිළිණය,

මම,

ඔයාගේ අම්මා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."
බෙදාගන්න :
  • මගේ කුළුඳුල් පැටියාට මේ ලිපිය ලියුවා: “මට නම් අමතක වෙන්නේ නැහැ”

    මගේ කුළුඳුල් පැටියාට මේ ලිපිය ලියුවා: “මට නම් අමතක වෙන්නේ නැහැ”

  • විවාහ වෙන කවදාහරි දවසකට මගේ පුතාලට අම්මගෙන් ලියුමක්

    විවාහ වෙන කවදාහරි දවසකට මගේ පුතාලට අම්මගෙන් ලියුමක්

  • මගේ කුළුඳුල් පැටියාට මේ ලිපිය ලියුවා: “මට නම් අමතක වෙන්නේ නැහැ”

    මගේ කුළුඳුල් පැටියාට මේ ලිපිය ලියුවා: “මට නම් අමතක වෙන්නේ නැහැ”

  • විවාහ වෙන කවදාහරි දවසකට මගේ පුතාලට අම්මගෙන් ලියුමක්

    විවාහ වෙන කවදාහරි දවසකට මගේ පුතාලට අම්මගෙන් ලියුමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it