theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහ වෙන කවදාහරි දවසකට මගේ පුතාලට අම්මගෙන් ලියුමක්

4 අවම කියවීම
විවාහ වෙන කවදාහරි දවසකට මගේ පුතාලට අම්මගෙන් ලියුමක්විවාහ වෙන කවදාහරි දවසකට මගේ පුතාලට අම්මගෙන් ලියුමක්

"සමහර දිනෙක ඇය හැමදේම අවුල් වෙලා වගේ ඉන්න පුළුවන්. පැටියව නළවගන්න බැරි තැන අවසානයේ අඬමින් ඉන්න පුළුවන්. එතකොට ඔබේ උරහිස ඇයට ශක්තියක් විය යුතුමයි."

මගේ පුතේ,

ඕගොල්ලෝ තාම හුඟක් පොඩියි, වගේම විවාහ වෙන්න තව හුඟක් කල් ගියත් විවාහය කෙදිනක හරි ඔය දෙන්නටම ළඟා වෙන දෙයක්.

ඒත් මගේ ලොකු පුතාගෙන් මම දවසක් ඇහුවා ඔයා කවදා හරි දවසක විවාහ වෙන්න කැමතිද කියලා? අනේ නැහැ... ඒක හරිම බය හිතෙන දෙයක් කියලා පුතා කිව්වා. මට හිනාව නවත්තගන්න බැරි වුණා.

ඒත් කවදාහරි දවසක ඔය දෙන්නා ආස කරන දෙන්නෙක් මුණ ගැහුනොත් ඒගොල්ලන්ව හැමදාම ඕගොල්ලෝ ළඟ තියාගන්න හිතෙයි. එතකොට කසාද බඳිනවා කියන එක භයානක දෙයක් කියලා හිතන එකක් නැහැ.

හුඟක් සංස්කෘතීන් වල දූවරු එක්ක විවාහය ගැන අම්මලා කතා කළත් පුතාලත් එක්ක ඒක වෙන්නේ නැහැ. ඉතින් මම සම්ප්‍රදායට එහා යමින් පුතාලා හා විවාහය ගැන කතා කරන්න හිතුවා.

ඔබේ හිතට එකඟව වැඩ කරන්න

ඔබ සමහර විට ඕක ඔච්චර දෙයක්ද කියලා කියයි. ඔබේ හිත තරම් ඔබව දන්නා කෙනෙක් නැහැ. අද වෙනකොට මම ඔයාගේ තාත්තව දැනගෙන අවුරුදු 15 ක් විතර වෙනවා. ඔයා මේ ලිපිය කියවනකොට තවත් වසර ගණනාවක් අපි එකට ඉඳලා ගෙවිල ගිහින් ඉවරයි. අපි අපි දෙන්නට හුඟක් ආදරෙයි. සමහර වෙලාවට අපි ඉස්සර මුල් කාලයේ හමුවුණාටත් වඩා ආදරෙන් ඉන්නවා.

ආදරය හැම සබඳතාවයකටම පදනමයි. වැරැද්දට සමාව දෙන්න, වැරදි අමතක කරලා ඉදිරියට යන්න එය උදවු දෙනවා. සමහර විට විචාර, විවේචන මේ හැමදේම විවාහයක් තුළ තියෙනවා. ඒ දේවල් හැම විටම අපිට උදවු වෙනවා.

ඒ වගේම කෙනෙක් ඔබට හමුවුනහම ඔබේ හිතට දැනෙනවා එයාව ඔබේ ජීවිත කාලයටම ළංකරගන්න ඕනෙද නැද්ද කියලා. ඉතින් ඊට කන් දෙන්න හරියට ඔයාගේ අම්මා වගේ ඔයා කවදාහරි ගන්න ඒ තීරණයට මමත් හුඟක් ගරු කරනවා.

නිවස පුරා සැරිසරන්න

මම කියන්නේ හුඟක් කාලා බඩ බහින්න ගෙදර වටේ ඇවිදිනවා වගේ කාරණාවක් නෙමෙයි. මම කියන්නේ ඔයාගේ බිරිඳ වැඩ කරනවා හා සමානව ඉස්සර කාලේ නම් ඔබත් ඇයට ඇගේ කටයුතු වලට එක වගේ උදවු කරන්න කියලයි.

ඉස්සර කාලේ නම් පිරිමි කුස්සියේ වැඩ කළේ නැහැ. ඔවුන් වළං පිඟන් හේදුවේ නැහැ. ඇඳුම් සේදීම, නිවාස මොප් කරන එක ඔවුන් කළේ නැහැ. ඔවුන් දරුවන් බලාගන්නත් එතරම් උදවු කළේ නැහැ.

ඒත් මගේ පුතාලා ඒ අයට වඩා වෙනස් වෙන්න ඕනේ. අනෙක් අතට ඔයගොල්ලන්ට ඕගොල්ලන්ගේ හැම දෙයක්ම තනියම කරගන්න පුළුවන් වීමත් හුඟක් වටිනවා.  නමුත් මම කියන්නේ හුඟක් ගැඹුරු විදිහට. සම්ප්‍රදායික පිරිමියෙක් නොවී ස්ත්‍රී පුරුෂ බව අනුව රාමු කරපු රාමුව ඇතුලට ඕගොල්ලෝ හිරවෙන්න එපා.

මොකද මේ වෙනසට ඕගොල්ලොත් දායක වෙන්නම වෙනවා. බාත් රූම් එක තෙමලා, ටොයිලට් සීට් එක ඉහළට දාන්න අමතක කරලා ඔය දෙන්නා යනකොට මම නිතර නිතර ඒක කියනවා. පිළිවෙලට වැඩක් කරන ගැහැනියකට මීට වඩා කේන්ති යන දෙයක් නැති තරම්.

අනෙක් අතට කෑම හදන්න, පිරිසිදු කරන්න, රෙදි සෝදන්න මේ හැමදේම මම ඕගොල්ලෝ ලවා කරවනවා. කියලා දෙනවා. දවසක ඕගොල්ලන්ට එහි අගය තේරෙයි. අනෙක් අතට ඔයාගේ බිරිඳ ඉන් හුඟක් තෘප්තිමත් වෙයි.

ඔයාගේ බිරිඳව මාත් එක්ක සසඳන්න එපා

හුඟක් පිරිමින්ට තමන්ගේ අම්මා එක්ක බිරිඳව සැසඳීම වළක්වා ගන්න බැරි දෙයක්. මගේ පුතාලා මේ වරද නම් කරගන්න එපා. ඕගොල්ලෝ ඔයාලගේ අම්මව අසමසම චරිතයක් විදිහට දැක්කත් ඔයාගේ බිරිඳත් තවත් වෙනස් ගැහැනියක්. ඇය ඇයටම අවේනික විදිහට කරන දේවල් හුඟක් තියෙනවා. ඒවා ඇයටම ආවේනිකයි.

මුලින්ම ඔබ එය තේරුම් ගැනීම වැදගත්. ඊට ඇයට ගරු කරන්න. පෙරලා ඇයත් ඔබට ගරු කරයි. ඒ වගේම මම ඇයට මිතුරියක් වෙනවා. මට ඇයගේ අඩුපාඩු හොයන කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් ඇයවත් මාවත් සැසඳීම කවදාවත් සාර්ථක වෙන එකක් නැහැ.

පළමු දවසේ වගේම හැමදවසකම ඇයට ආදරේ කරන්න

හුඟක් පිරිමින් තමන්ගේ පෙම්වතිය දුටු පළමු දිනයේ ඇයට ආදරය  පෙන්වන්නේ මේ ලෝකේ ඊට වඩා දෙයක් ඔහුට නැති බව පෙන්වමින්.

මේ වගේ සමහර විට පෙන්වන අනෙක් අවස්ථාව ඔවුන් ඔවුන්ගේ පළමු දරුවා දුටු පළමු වතාවේ වෙන්න පුළුවන්. කාලය ගතවෙද්දී එදා හරි පැහැදිළිව තිබුණු දේ වීදුරුවක පැහැදිළි බව ටික ටික අඳුරු වෙන්න ගන්නවා.

ඔබේ ජීවිතය හුඟක් වැඩ රාජකාරි වලින් පිරී යනවා. ඒත් එදා දක්වපු ආදරය ඒ වගේම ඉදිරියට පවත්වාගෙන යන්නත් අමතක කරන්න එපා. ඕනෑම හුඟක් ශක්තිමත් ගැහැනියක් වුනත් ඇය විශේෂ වෙමින් ඇයට ආදරය ඔබෙන් නොඅඩුව ලැබෙනවටත් හුඟක් ආසයි. ඉතින් එක වගේ හැමදාම ආදරය කරන්න.

ඉඳහිට පුංචි දෙයකින් උණුසුම් තේ කෝප්පයකින් ඇයව පුදුමයට පත් කරන්න. ඉඳහිට රෑ කෑමකට ඔබ දෙදෙනා එක්ව එළියට යන්න. ඇය ආසම සිංදුව ඇයට අහන්න දෙන්න. පුංචි දේවල් ආදරයකදී හරිම ලොකුයි. විශාලයි. ජීවිතය ගලා යන්නේ එවිටයි.

ඇයට උදවු කරන්න

මට විශ්වාසයි ඔයාගේ සහකාරියට ආර්ථික වශයෙන් ලොකු උදව්වක් ඕන වෙන්නේ නැහැ. මම කියන්නේ එහෙම උදවු ගැන නෙමෙයි. මම කියන්නේ මානසිකව ඇයට උදවු කරන ආකාරය ගැනයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඇය සමහර විටෙක ඇගේ අධ්‍යාපනය, රැකියාව ගැන ගන්න තීරණ වලදී ඇයට ඔබේ සහය, මගපෙන්වීම හා ඔබ ඒ ගැන සොයා ගන්නා තොරතුරු ඇයට කියන්න.

ජීවිතයේ ඔබ ගන්න සමහර වැදගත් තීරණ, හරියට වෙන රටක ජීවත් වෙන්න යන්න ගත්ත තීරණයක්, ඉන් ඔබ දෙදෙනාටම වෙන යහපත අයහපත ගැන ඇයත් එක්ක කතා කරන්න. ඇගේ අදහස් විමසන්න. ඇගේ හැඟීම් ගැන සිතන්න.

සමහර දවසක ඇගේ මුළු දවසම අවුල් වෙලා තියෙන්න පුළුවන්. පුංචි පුතා නළවගන්න බැරුව ඇය අසරණ වෙලා අඬනවා ඇති. ඇයට උරහිස ශක්තියක් වෙන්න. ඇයටත් නැළවෙන්න සැනසෙන්න ඉඩදෙන්න. ඒ වගේම ඇය ඔබව සනසනවා ඒකාන්තයි.

ඔයාගේ ආදරණිය අම්මා.

ඔබේ යුග දිවියේ උගත් පාඩම් ඔබේ දරුවන්ගේ අනාගතයට දායාද කරන්න. ඔබ අදහස් අපිට කියන්න. මේ ඒ ඇත්තම කතාවක සංවේදී අදහස් ටිකක් ඔබට ගෙනාවේ theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය නිසාමයි.

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • විවාහ වෙන කවදාහරි දවසකට මගේ පුතාලට අම්මගෙන් ලියුමක්
බෙදාගන්න :
  • අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."

    අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."

  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

  • අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."

    අම්මාගෙන් පුතුට ලියුමක්: "ඔයාව මුලු ලෝකයම කරගත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ ඔයාගේ තාත්තා."

  • ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

    ගෙදරදීම පටන් ගන්නා ඔබේම ව්‍යාපාරය ඔප් නංවා ගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it