මරණින් පසු විඥානය අවදියෙන් බව අධ්යයනය මගින් සොයාගෙන ඇත

මරණින් පසු විඥානය අවදියෙන් බව අධ්යයනය මගින් සොයාගෙන ඇත

එක්සත් ජනපදයේ හා යුරෝපයේ ද්විත්ව අධ්යයනයන් මරණින් පසු දැනුවත් වීම හෝ හදවත නතර කරන මොහොත විමර්ශනය කරයි.

මරණින් පසු විඥානය නැතහොත් මනස අවදියෙන් බව මෑතකදී කල අධ්‍යයනයකින් තහවුරු කොට තිබෙනවා. ඔව්! ඔබට ඇසුනා හරි. නිව් යෝර්ක්හි ලැන්ගෝන් වෛද්ය විද්යාලයේ විවේචනාත්මක සත්කාරක සහ පශ්චාත් පර්යේෂණ පිළිබඳ ආචාර්ය සෑම් පර්නීයා පවසන පරිදි, මරණින් පසු ජීවිතයේ යම් ආකාරයක විඥානයක් අත්විඳිය හැකි බව තහවුරු කරනවා.

ඔහු සහ ඔහුගේ කණ්ඩායම, විශාලතම ඒකාබද්ධ අධ්යයනයක් හරහා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ විඥානයේ ව්යාප්තිය තවදුරටත් විමර්ශනය කරමින් පවතිනවා. හෘදයාබාධ වලින් පෙළුණු පුද්ගලයින්, ස්වල්ප වෙලාවකට මිය ගොස් මොහොතකින් නැවත පණ ගැන්වුනු අවස්ථා වලට ලක් වූ පුද්ගලයින් විශේෂයෙන් මෙම අධ්‍යයනයට ලක් කරනවා.

තමුන් මිය ගොස් ඇති බව දැනීම

අධ්යයනට ලක් වූ මෙම අත්දැකීමට මුහුණ දුන් පුද්ගලයින්  ඇතැමෙක් පවසන පරිදි ඔවුන් මරණින් පසු ව වුවද ඔවුන්ට ඇසෙන්නටත්, දකින්නටත් හැකියාව තිබිණි.

මරණින් පසු

"වෛද්‍යවරුන් සහ හෙදියන් ඔවුන් මත ශල්‍යකර්ම කරන අකාරය, ඔවුන්ගේ දෙබස් ආදිය ඔවුන් විස්තර කරන්නේ ඔවුන් සම්පුර්ණයෙන්ම මිය ගොස් සිටි නිසා පියවි සිහියෙන් දක්නට නොලැබෙන සිදුවීම් රැසකි.”

මරණය යනු කුමක්ද?

ජීව විද්යාඥයින්ට අනුව මරණය යනු මිනිසෙකුගේ සියලු ජෛව විද්යාත්මක ක්රියාකාරකම් ස්ථිර ලෙස නතර වීම විශේෂඥයින් විසින් මරණය ලෙස හඳුන්වනවා. නමුත් එය හැම විටම එසේ නොවේ. CPR ක්‍රමවේදය සහ විදුලි කම්පනය (Electric shock) ආදී ක්‍රමවේද හඳුන්වා දීමට කලින් හදවත නතර වීමත්, හුස්ම නතර වීමත්, මරණය ලෙස හඳුන්වනු ලැබුවා.

මරණින් පසු විඥානය අවදියෙන් බව අධ්යයනය මගින් සොයාගෙන ඇත

ප්‍රයෝගික වශයෙන්, හදවත හා හුස්ම නතර වන මොහොත මරණයේ මොහොත හඳුනාගන්නට පුළුවන්. , මෙසේ වූ කල, රුධිරය තවදුරටත් මොළයට සංසරණය නොවන නිසා මොළයේ ක්රියාකාරිත්වය ක්ෂණිකව ඇනහිටී.

කෙසේ වෙතත් මෙම නිර්වචනය ප්රමාණවත් නොවීය. නූතන වෛද්‍ය විද්‍යාවට දැන් නතර වූ හදවතට සහ හුස්ම යළි ක්‍රියාත්මක කල හැකි බැවිනි. 

මේ නිසා මොළයේ මරණය සැබෑ මරණය ලෙස සලකන්නට පුළුවන්. ශරීරයේ විභේදන ක්‍රියාකාරිත්වය ඒකාබද්ධ කිරීම සඳහා . මොළය අත්යවශ්ය බැවිනි. "මොළ මරණය" යනු වෛද්ය-නීතිමය අර්ථයෙන් බෙහෙවින් නිශ්චිත බැවින් මෙය "ශාකමය තත්වය (vegetative state)" සමඟ පටලවා නොගත යුතුය.

අධි-සංවේදීතාව

මරණින් පසු මොළයේ විද්යුත් ශක්තියක් ප්‍රභවයේ වේගත් උද්දීපනයක් ඇති වන බව තහවුරු වූ අවස්ථා පවා තිබෙනවා.

මීට වසර හතරකට පෙර මිචිගන් විශ්ව විද්යාලයේ පර්යේෂකයන් විසින් මීයන් යොදාගෙන මෙම සංසිද්ධිය අධ්යයනය කරනු ලැබුවා. ඔවුන් හදිසි ආබාධවලට ලක් වූ මීයන් 9 දෙනෙකු නිර්වින්දනය කොට හෘදයාබාධයක් උද්දීපනය කොට උන්ගේ මොළයේ විද්යුත් සංඥා නිරීක්ෂණය කරනු ලැබුවා.

මරණින් පසුව වහාම, මීයන්ගේ "අධි-සංවේදීතාවක් " සමග බැඳුණු මොළ ක්‍රියාකාරී රටාවන් මෙහිදී දක්නට ලැබුනා.

මරණින් පසු විඥානය අවදියෙන් බව අධ්යයනය මගින් සොයාගෙන ඇත

මරණින් පසු ඇති වන අත්දැකීම

“මේ අකාරයටම මෙම පර්යේෂකයන් කණ්ඩායමක් ‘ප්‍රේමය’ නමැති මානව අත්දැකීම මනුෂ්‍යා අත්දකින ගුණාත්මක අකාරය ගැනද අධ්‍යයනයක් සිදු කරනු ඇත.”  ලෙස ආචාර්ය පර්නියා කීවේ ය.

"මරණයට පත්වන මොහොතේ මනුෂ්‍යයා ලබන විශේෂ අත්දැකීම තේරුම්ගන්නට අප උත්සාහ කරනවා. මන්ද යත් මෙතුළින් කෙනෙක් මියයන විට ඇති වන විශ්වීය අත්දැකීම් පිළිබිඹු කරන්නට අපට හැකි වන නිසායි."

"අපි මරණය පිළිබඳ සන්දර්භය තුළ මිනිස් මනස හා සවිඥානකත්වයද අධ්යයනය කරනවා" ඔහු පැවසීය.

"විඥානය ස්ථිර ලෙස සමනය වනවාද නැතහොත් යම් කාල පරිච්ඡේදයක් තුළ දිගටම පවතින්නේද යන්න අවබෝධ කර ගැනීම සහ එම ක්‍රියාවලිය තුළ මොළය ඇතුලත සිදුවන්නේ කුමක්ද යනාදිය තේරුම් ගැනීම සඳහා මෙම අධ්‍යයන සිදුකරනු ලබනවා."

"සාක්ෂි මගින් හෙළිදරව් වන්නේ ශල්‍යාගාර කුටියේ මොහොතකට හදවත නැවතුනු  පුද්ගලයින්ට ශල්‍යාගාරය තුල සිදු වූ සියල්ලක්ම ආවර්ජනය කරන්නට හැකි බවයි.”

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

Niloufer Perera

කතන්දර ලිපි