theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 13 පිරෙන්න කළින් ඔබේ දූවට මේ ජීවිත හැකියාවන් 5 ගැන කියා දෙන්න

3 අවම කියවීම
අවුරුදු 13 පිරෙන්න කළින් ඔබේ දූවට මේ ජීවිත හැකියාවන් 5 ගැන කියා දෙන්නඅවුරුදු 13 පිරෙන්න කළින් ඔබේ දූවට මේ ජීවිත හැකියාවන් 5 ගැන කියා දෙන්න

මනා පෞරුෂයකින් සුපිපි එළියට එන මලක් වගේ ලෝකයට එන ඔබේ දුවට මේ කරුණු 5 කියා දීමෙන් ඇය ලොවට එළිය දෙවන සිරිකතක් කරවන්නට ඔබට හැකි වනවා.

මල්වර වියට එළඹීම ඔබේ දුවගේ ජීවිතයේ කඩයිම් ලක්ෂයක්. එය ඔවුන්ගේ ජීවිතයේ හරියට එක්තරා හැරවුම් ලක්ෂයක් වගෙයි. මේ කාලයේ ඔවුන්ගේ පෞරුෂය, පුරුදු, සිතුම් පැතුම් වගේම ගමන් මගත් තීරණය වෙන කාලයක්.

ඒ වගේම මේ කාලයේ හුඟක් ලස්සන වෙන්න, අවධානය දිනා ගන්න, ප්‍රසිද්ධ වෙන්න ඔවුන් ආශා කිරීම සාමාන්‍යයි. ඔවුන්ව ප්‍රතික්ෂේප වෙයි කියන බය නිසා සමහර විට දුලා ඔවුන්ගේ හැඟීම් මුදාහරින්න බැරිව ව්‍යාකූල වෙන්න පුළුවන්.

මල්වරවියට එළඹීම දුලාගේ ජිවිතයේ සුවිශේෂී කාලයක්, රචෙල් සයිමන්ස් පවසනවා. Girls Leadership නම් ග්‍රන්ථයේ කතුවරිය වන ඇය “ඔවුන් කවුරුන්ද හඳුනා ගැනීම” යන තේමාව යටතේ ගැහැණු දරුවන්ට කරුණු කියාදෙන ලාභ නොලබන සංවිධානයේ පළමු සාමාජිකයාද වෙනවා.

එහිදී ඔවුන්ගේ ලෝකය බලගැන්වීමට ඔවුන් ශක්තිය හා උපදෙස් ලැබෙනවා. තාරුණ්‍ය සිතන තරම් පහසු නැහැ. ඔවුන්ට එය තරණයට දැනුම අවශ්‍යයි. ඉතින් මනා පෞරුෂයකින් සුපිපි එළියට එන මලක් වගේ ලෝකයට එන ඔබේ දියණියට මේ කරුණු 5 කියා දෙන්න.

කතා කරන්න

මානසික විවේකයේ බුද්ධිමත් වීම හා සංවේදී වීම ඉගැන්වීමත් ඉතාම සංවේදී කාරණයක්. නමුත් එය මුලිකයි. ඒ කියන්නේ අවංකව ඇගේ අදහස් කියන්න ඇයට ශක්තිය අවශ්‍යයි. අපි කියන්නේ හුඟක්ම ලස්සන දුවෙක් නොවුනත්, නිතරම ඒගොල්ලන් ආස ඒගොල්ලන්ව ලස්සනට දකිනවනම්. ඉන් ඔවුන් තුළ ඇති ඍණාත්මක අදහස් නැතිවී යන්න පුළුවන්. නමුත් ඔවුන්ට දැනෙන දේ කියන්න ඔවුන්ට නිදහසක් අවශ්‍යයි. ඊට සහය අවශ්‍යයි. ඔවුන්ට කේන්තිය බිය හෝ කළකිරිම දැනෙන බව කිව්වත් ඇගේ අදහස් වලට ඉඩක් දීමට දෙමාපියන් කටයුතු කළ යුතුයි.

නිවැරදි මිත්‍රකම් මිතුදම් වටහා ගන්න

යෞවනත්වයට පෙර සිටම සාමාජීය හැසිරීම් හා ගුණධර්ම වැඩීම ඇරඹෙනවා. දුවලට සබඳතාවයන් හරි ලෙස පවත්වාගෙන යන්න දැනුම අවශ්‍යයි. ඔවුන්ට තමන්ගේ බලාපොරොත්තු තීරණය කරන්න වගේම එය ශක්තිමත් සේ රැකගත යුතු වෙනවා.

දෙමාපියන් ලෙස ඔබේ දූව ගේ වටිනාකම හා හරි යහළුවන් හා යහළුකම් තෝරා දෙන්න ඔබ ඉදිරිපත් විය යුතු වෙනවා. කරුණාවන්ත වෙන්නත් නොසෙල්වෙන තීරණ ගැනීමට පුහුණු වීම හොඳ හැකියාවක් වගේම ඇය ලොකු මහත් වූ විට සමාජයට මුහුණ දීමටත් එය ශක්තියක් වෙනවා.

නායකත්වය දරන්න

“අධිකාරී බවට” ලේබල් වදින්නට ගැහැණු දරුවන් කැමති නැහැ. නමුත් මල් පොහොට්ටුවක වුනත් එය හැඟවී තිබීම වැදගත්. පුංචි දූට අයුක්තියට කතා කරන්න ඉගැන්වීම වැදගත්. නමුත් එය නිරන්තරයෙන් හැමතැනම නොකළ යුතු බව කියා දෙන්න. ඇයට ඒ තුළ විශ්වාසය ගොඩනැගුන පසු නිසි තැන ඇය එය භාවිත කරනවා. ඇය නිතරම කණ්ඩායමේ නායිකාව විය යුතු නැහැ. ජීවිතයේ වගකීම් දැරීම හා සහයෝගීත්වය ඉගෙන ගැනීමෙන් ඔවුන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා. එය ඇගේ අනාගතයට බෙහෙවින් වටිනවා.

තම ස්ත්‍රීත්වය ගැන අපහසුතාවයට පත් නොවීම

නිතරම ස්ත්‍රීත්වය නිසා වැරදි තීරණ විශ්වාසයක් ලැබෙනවා. නමුත් ජීවිතය ආරම්භයේම එලෙස වීම එතරම් ගුණදායක නොවෙන්න පුළුවන්. නමුත් ස්ත්‍රී පුරුෂ භාවය මත චරිත ලක්ෂණයන් සීමා කිරීම් කිසිවිට නොකළ යුතුයි. ඔවුන්ගේ ගැටළු වලට විවෘතවන්න. ඔවුන්ගේ කුතුහලය අගයන්න. ඔවුන්ගේ අනන්‍යතාවය ගැන විශ්වාස කරන්න. ඉන් ඔවුන් තුළ අපහසුතාවය වෙනුවට විශ්වාසය ගොඩනැගෙනවා.

තමන්ට ආදරය කරන්න කියා දෙන්න

සමහරු තමන් විසින්ම සිතේ ඇති කරවන විශ්වාසය තරුණ වෙනකොට ජීවිතයට පුරවා ගන්නවා. සමහර අධ්‍යනයන් වලදී පිරිමි දරුවන්ට වඩා ගැහැණු දරුවන් තමන් තුළ පීඩනය රඳවා ගෙන සිටින බව කියනවා. එය ඍණාත්මක ලෙස කාලාන්තරයක් පැවතීමෙන් ඔවුන් මානසික ආතතිය හා විශාද තත්වයට ගොදුරු වෙනවා.

තමන්ට ආදරය කරන්නත් ඔවුන් ගැන අගයමින් කතා කරන්නත් ඇයට ශක්තියක්. ඇයව ඇගයීම හා ඇගේ ආත්ම විශ්වාසය ජීවිතයේ කොටසක් නිසා මුලසිටම එහි අරුත වටහා දීම වැදගත්. පරාජය ජීවිතයේ කොටසක් බවත් මුල සිටම අභියෝග වලට මුහුණ දීම වැදගත් බවත් කියාදෙන්න.

සමහර විට ඈ අන්තර්ජාලය හරහා ඔබේ දූවට කැමති අකමැති අය ගැන සිතන්න පුළුවන්. නමුත් බලවත් ගැහැනියක් වන්නට නිෂ්ඵල දේවල් වලින් උදව් නොලැබෙන බව ඇයට වටහා දීම වැදගත්. ඇයට ස්වාධීන ගෘහනියක් ලෙස බලවත් වීම වැදගත් බව ඇයට කියාදෙන්න. අපේ සිහින වලට ළඟා වෙන්න උදවු කරන අයව නිතර අගයන්න.

ඔබේ දූව රැජිනක් සේ සමාජයේ ඉදිරියට යවන්න ඇයට අවංකවම ශක්තිය දිය හැක්කේ දෙමාපියන් වන ඔබටයි. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianParent Philippines හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • අවුරුදු 13 පිරෙන්න කළින් ඔබේ දූවට මේ ජීවිත හැකියාවන් 5 ගැන කියා දෙන්න
බෙදාගන්න :
  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it