දණහිස් කළු වීම වළක්වන්නේ කෙසේද?

දණහිස් කළු වීම වළක්වන්නේ කෙසේද?

අවපැහැ ගැන්වුු දණහිස් වලට නිවසේදි කල හැකි සත්කාර 14 ක්

දණහිස් කළු වීම කියන්නේ අද සුලභව දකින්න තියෙන තත්වයක්. සමහර විට ඔබත් මින් පීඩා විදිනවා ඇතිි. අපි අද ඒ ගැන කතා කරමු.

අපේ සම හැමතැනම එක වගේ නැහැ.  සිරුරේ සමහර තැන් වල සම කැපී පෙනෙන ලෙස අවපැහැ ගැන්වී තියෙනවා ඔබ දැකලා තියෙනවා නේද? එය ඔබට ලබා දෙන්නේ අවලස්සනක් විතරයි. ඇස් වටේ, කට වටේ, දණ හිස හා වැල මිටි වගේ තැන් වල මෙම අව පැහැ ගැන්වීම් සුලභව දකින්න පුළුවන්.

දණහිස් කළු වීම වෙන්නේ ඇයි?

  • හිරු එළිය නිරාවරණය වීම
  • ආතතිය
  • දූවිලි වැනි අපිරිසිදු දේවල් නිසා
  • ජාන 
  • වියළි සම
  • හෝමෝන අසමතුලිතතාව
  • මැරුණ සම එකතුවීම 

සම මෙසේ අඳුරු වීම වැළැක්වීමට උපදෙස්

  1. ඔබ පිටතට යන විට සෑම විටම ඔබේ දණහිස් මත සන්ස්ක්‍රීන් ආලේප කරන්න. 
  2. සම වියළීමද දණහිස් කළු වීමට හේතු වෙන බැවින්  ඔබේ දණහිස් මත මොයිස්චරයිසින් ආලේපනයක් ආලේප කරන්න.
  3. නිරෝගී සමකට පෝෂණිය ආහාර ද අවශ්‍ය වෙනවා. ඒ සදහා  විටමින් A සහ E බහුල ආහාර වේලක් ලබා ගන්න.
  4. ඔබේ දණහිස් දැනටමත් කළු වෙලාද? එහෙනම් මෙන්න අවපැහැ දණහිස් පැහැපත් කරගන්න නිවසේදීම කළහැකි සත්කාර 14 ක්

දණහිස් කළු වීම සදහා නිවසේදී කළහැකි සත්කාර

  1. බේකිං සෝඩා සහ කිරි

කිරි තේ හැදි 1කට සහ බේකිං සෝඩා තේ හැදි 1ක් මිශ්‍ර කරන්න.

දැන් මෙම මිශ්‍රණය දණහිස මත ආලේප කර මිනිත්තු දෙක තුනක් රවුමට මෘදු ලෙස අතුල්ලන්න. සිසිල් ජලයෙන් සෝදන්න.

බේකිං සෝඩා මගින් ඔබේ සමේ මැරුණ සම ඉවත් කර පැහැපත් කරනවා. කිරි මගින් ඔබේ සම සුසිනිදු කරනවා.

    2.පොල්තෙල් හා  වොල්නට්

පොල්තෙල් තේ හැදි 1 කට වොල් නට් තේ හැදි 1 ක් මිශ්‍ර කර දණහිස් මත් තවරන්න. දැන් මෘදුව පිරිමදිමින් අතුල්ලන්න.සිසිල් ජලයෙන් සෝදන්න.

පොල්තෙල් සමේ තෙත් බව ආරක්ෂා කරන අතර වියලි බව නැති කරයි. එහි අඩංගු විටමින් E සම අලුත් වැඩියා කිරීම සදහා සහය දක්වයි.

     3.හයිඩ්රජන් පෙරොක්සයිඩ්

3% හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල පොගවා ගත් කපු පුළුන් කැබැල්ලකින් ඔබේ දණහිස් පිස දමා විනාඩි 15 ක් තබන්න. ඉන්පසු ජලයෙන් සෝදන්න.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමේ මිය ගිය  සෛල ඉවත් කරයි. එමගින් සම පැහැපත් කරයි. ඔබේ සම සංවේදි නම් ජලයෙන් තනුක කල හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් භාවිතා කරන්න.

  1. ආමන්ඩ් තෙල්

ඔබේ ඇඟිලිවල ආමන්ඩ් තෙල් බින්දු කිහිපයක් ගෙන දණහිසට ආලේප කරන්න.

සමට තෙල් අවශෝෂණය වන පරිදි මිනිත්තු කිහිපයක් සම්බාහනය කරන්න.

ආමන්ඩ් ඔයිල් විටමින් E අනුනයි. ඒ මගින් ඔබේ දණහිස අවට සම අලුත්වැඩියා කර පැහැපත් කරයි.

  1. කෝමාරිකා

2

කෝමාරිකා කොළ කපා ඇතුළත ඇති ජෙල් නිස්සාරණය කරන්න.

මෙම ජෙල් දණහිස මත ආලේප කර විනාඩි 15 සිට 20 දක්වා තබන්න. ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.

කෝමාරිකා ජෙල් සමේ තානය වැඩි දියුණු කරන අතර පාරජම්බුල කිරණ වලින් ආරක්ෂාව සපයයි.

  1. ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරි ජලයේ තනුක කරන්න.

එහි පොගවා ගත් කපු පුළුන් වලින් දණහිස වල තවරන්න. එය මිනිත්තු 15 කට පසු සෝදන්න.

ඇපල් සයිඩර් විනාකිරි වල ආම්ලික සංඝටකය ස්වභාවික විරංජක කාරකයක් ලෙස ක්‍රියා කරයි. එය සම පැහැපත් කරයි.

   7.පියුමික් ගල්

උණුසුම් ජලය සමග ස්නානය කරන්න.

පියුමික් ගලක් භාවිතා කර  දණහිස මෘදු ලෙස රවුමට අතුල්ලන්න. සිසිල් ජලයෙන් සෝදන්න.

පියුමික් ගලකින් ඇතිල්ලීමෙන්  ඔබේ දණහිස වල මිය ගිය සෛල ඉවත් වෙනවා.

  1. ඔලිව් තෙල්

1

ඔලිව් තෙල් හැදි 2 කට සීනි  හැදි 2 ක් එකතු කර කලවම් කරන්න. මෙම මිශ්‍රණය කළු පැහැ වු  දණහිස සහ මත ආලේප කරන්න.

මිනිත්තු පහක් පමණ රවුමට අතුල්ලන්න. වතුරෙන් සෝදන්න.

සීනි මළ සෛල පහසුවෙන් සහ ඉක්මනින් ඉවත් කරයි . ඔලිව් තෙල් සම සජලනය කර පෝෂණය කරයි.

  1. ලෙමන්

 ලෙමන් ගෙඩියකින් යුෂ මිරිකා දණහිස මත ආලේප කරන්න. පැයක් හෝ සම්පූර්ණයෙන්ම වියළී යන තෙක් එය තබා ගන්න.

වතුරෙන් සෝදන්න.

ලෙමන් යුෂ ඔබේ දණහිස පැහැපත් කරන  විරංජක කාරකයකි.

  1. විටමින් ඊ තෙල්

4

විටමින් ඊ කැප්සියුල කිහිපයක් විවෘත කර  එහි ඇතුළත ඇති තෙල් වත් කරන්න. ඔබට තෙල් හැදි එකහමාරක් හෝ දෙකක් පමණ ලැබිය යුතුයි. දැන් මෙයට සිනී තේ හැන්දක් එකතු කරන්න.

දණහිස මත මෙය ආලේප කර රවුමට අතුල්ලා සෝදා දමන්න.

සීනි මගින් මිය ගිය සෛල ඉවත් කරන අතර විටමින් E මගින් සම අලුත්වැඩියා කරයි. සජලනය කරයි. මේ මගින් දණහිස් වලට පැහැපත්  හා සෞඛ්‍ය සම්පන්න සමක් ලැබෙනවා.

  1. යෝගට්

විනාකිරි තේ හැදි 1 ක් හා යෝගට් තේ හැදි 1 ක්   මිශ්‍ර කර දණහිස මත පේස්ට් එකක් ලෙස ආලේප කරන්න. මිනිත්තු 15 සිට 20 දක්වා එය තබන්න.

යෝගට් සම පෝෂණය කිරීම පමණක් නොව එය පිරිසිදු කිරීමද කරයි. එය සිදුරු වලින් මිය ගිය සෛල හා අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කරයි. 

  1. කහ කුඩු

කහ කුඩු තේ හැදි 1, කිරි තේ හැදි 2 ක් සහ මී පැනි තේ හැදි 1 ක් මිශ්‍ර කර පාප්පයක් සාදා ගන්න. මෙය දණහිස් මත ආලේප කරන්න.

රවුමට මිනිත්තු දෙකක් පමණ අතුල්ලා විනාඩි 20 ක් පමණ තබන්න. වතුරෙන් සෝදන්න.

කහ මගින් සමේ අපද්‍රව්‍ය පිරිසිදු කරන අතර සමේ තානය සමනය කරයි. එය සමට ස්වභාවික දීප්තියක් ලබා දෙයි .

කිරි අඳුරු සම පැහැපත් කිරීමට උපකාරී වන අතර මී පැණි එය සජලී හා පෝෂණයෙන් තබා ගනී. 

  1. අර්තාපල්

දණහිස් කළු වීම

අල නැතිනම් අර්තාපල් වලින්  තරමක් ඝණකම පෙති කපා දණහිස මත මිනිත්තු කිහිපයක් අතුල්ලන්න. අර්තාපල් යුෂ මිනිත්තු 15 ක් පමණ තබා ඉන්පසු සෝදන්න.

අවපැහැ ගැන්වුන සම පැහැපත් කරන අර්තාපල් වල මෘදු විරංජක ගුණ සහිතයි. මේ මගින් අඳුරු සම පෝෂණය කර දීප්තිමත් කරයි .

  1. කඩල පිටි

පිටි හැදි 2 කට යෝගට් හැදි 2 ක් මිශ්‍ර කර දණ හිස මත ආලේප කරන්න. එය වියළීමට ඉඩ දෙන්න.

ඉන්පසු ඔබේ දණහිසෙන් රවුමට අතුල්ලමින් මිශ්‍රණය ඉවත් කර සෝදන්න.

කඩල පිටි ඔබේ දණහිස වල ඇති සමේ සෛල ඉවත් කර ඉවත් කරයි . යෝගට් සමේ තානය සැහැල්ලු කරන අතර එය පෝෂණය කරයි.

මෙම සත්කාර ඔබේ දණහිස් වල මැරුණ සම ඉවත් කරයි. සමට තෙතමනය ලබා දෙයි. වියලි බව නැතිකරයි. සම පෝෂණය කරයි. ඒ නිසා ඉක්මනින්ම ඔබගේ දණහිස් වල කළු පැහැය ඉවක් වී පැහැපත් වේවි.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.