Lion King (ලයන් කින්ග්) චිත්‍රපටිය තුළින් කියා දෙන වටිනා ජීවිත පාඩම් කිහිපයක්

lead image

සිතට දැනෙන උපුටාගැනීම් වැකි වලට අමතරව, Lion King දරුවන්ට ජීවිතය සහ මරණය, මානසික අවපීඩනය, කරුණාව, ආදරය, මිත්‍රත්වය සහ පාවාදීම පිළිබඳ අමතක නොවන පාඩම් ‍රැසක් කියා දෙයි. තව දැනගන්න කියවන්න...

කවුරුත් මග බලා හිටි ඉතාමත්ම දර්ශනීය චිත්‍රපටයක් වන Lion King ළමා චිත්‍රපටය තුළින් ඔබේ දරුවන්ට ඉගෙන ගන්නට පුළුවන් වටිනා පාඩම් කිහිපයක් තම ගැන තමයි මේ කියන්නට යන්නේ. 

එදා මෙදා තුර ළමා ිත්‍රපට ඉතිහාසයේ චිත්‍රපට ඉතිහාසයේ ඩිස්නි (Disney) සමාගම විසින් නිර්මාණය කළ ඉතාමත්ම විචිත්‍ර වූත්, සප්‍රාණික වූත් චිත්‍රපටයක් තමයි Lion King.

මෙම චිත්‍රපටිය ප්‍රථම වරට 1994 දී එළිදැක්වුනු අතර මෙයා ඩිස්නි සමාගම විසින් නිර්මාණය කළ animated movies හෙවත් සප්‍රාණික චිත්‍රපට අතර පළමුවන මූල නිර්මාණය වනවා.

මෙම චිත්‍ර චිත්‍රපටය තුළින් සිම්භාට නැමැති පුංචි සුරතල් සිංහ පැටියකු විසින් මුෆාසා නමැති තම පියාගෙන් රජ කිරුළට උරුමකම් කියන්නට යන ගමනක් ගැනයි මෙම චිත්‍රපටයේ කතාව පෙළ ගැස්වෙන්නේ.

සිම්භාගේ මාමණ්ඩිය විසින් සිම්භාටගේ පියාණන් වන මුෆාසා (Mufasa) ඝාතනයට ලක් වූ පසු සිම්භාට  ජීවිතයේ අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුවෙනවා 

සියළු ජීවීන් ඒකාබද්ධ කරන මහා ජීවිත චක්‍රය (The Great Circle of Life) නමැති යථාර්ථය ගැන සිම්භාට අවබෝධ කර ගන්නට සිද්ධ වනවා.

පසුගිය මාසයේ Disney සමාගම විසින් සුපිරි ගායක ගායිකාවන් සහ නිර්මාණකරුවන් ඒකරාශී කොට ගෙන Lion King චිත්‍රපටය ගීත නවීකරණය කොට, නව රසයකින් ඉදිරිපත් කර තිබෙනවා.

Lion King

කතා වෘත්තය නොවෙනස්ව තිබුනත් ඉන් ලැබෙන පාඩම් සහ ආදර්ශ වලින් දනවන සිතට කාවදින තියුණු බව තවමත් එලෙසම පවතිනවා.

මෙම නිවාඩු කාලයේ ඔබ නව Lion King චිත්‍රපටය රස විඳීමට ඔබේ දරුවන් හා පවුලේ සැම කැටුව යන විට මෙම වටිනා ජීවන පාඩම් සිතට ගන්න.

ඔබේ දරුවන්ටත් මේවා අතුරින් කිහිපයක් ගැන කියා දෙමින් ඔබේ ජීවිතයටද එම පාඩම් කිහිපයක් එකතු කරගන්න. මෙය මනංකල්පිත (animated) චිත්‍රපටයක් වුවද මේ සියල්ලක්ම අපගේ පියවි කල්පිත ලෝකයේ පිළිබිඹුවක් පමණයි.

Lion King (ලයන් කින්ග්) චිත්‍රපටිය තුළින් කියා දෙන වටිනා ජීවිත පාඩම්

Lion King

1. "නොපසුබටව, ඔබ ඔබ ගැනම විශ්වාසය තබාගන්න. කවදා හෝ අන් සැමට ඔබව විශ්වාස නොකර බැරි දවසක් එනු ඇත" මුෆාසා

මෙය සෑම දරුවෙකුටම කල්තියාම කියා දිය යුතු දෙයකි.

අප ජීවත්වන ලෝකයේ, එකිනෙකාගේ අදහස් වලින් අපගේ හිස් පිරී තිබෙන අතර, අපට අපගේ වටිනාකම් කෙතෙක්දැයි අමතක වී තිබෙනවා.

මේ නිසා විශේෂයෙන්ම අපගේ කුඩා දරුවන් හීනමානයෙන් පෙළෙන්නට ඉඩ තිබෙනවා.

තමන් ලෝකයට සරිලන්නට සුදුසුකම් මදි යන හැඟීමක් ඔවුන්ට ඇති වන්නට පුළුවන්. තමන්ට තමන් කෙරෙහිම විශ්වාසය ඇතිකර ගැනීම, ආත්මාභිමානය ඇතිකරගැනීමේ පළමු පියවරයි.

2. "ඔබේ නෙතට හසුවන පරාසයට වඩා ඔබ්බෙන් බලන්න" රෆිකා 

නෙතට හසු වෙන පරාසයට වඩා ඔබ්බෙන් බලන්නට, එහායින් බලන්නට ඔබේ දරුවන්ට කියා දෙන්න.

පේනතෙක් මානයේ නොව, නොපෙනෙන මානයේ අවස්ථාවන් හා ප්‍ර ප්‍රවණතාවන් අසීමිත ලෙස තිබෙනවා.

කළ නො නොහැකි යි කියා දෙයක් නැහැ.

කෙනෙක්ට යමක් ගැන සිහින දකින්නට පුළුවන් ක්‍රියාවට නගන්නටත් අනිවාර්යෙන්ම පුළුවන් වුණා. ඒ මනුෂ්‍යත්වයේ අනගි ස්වභාවයයි.

3. "තමන් සිතන පතන සෑම දෙයක්මම සඵල කර කර ගන්නවට වඩා දෙයක් රජකම් තුල ගැබ්වී තිබෙනවා" මුෆාසා

Lion King

දරුවන්ට යමක් ඕනෑම වුනොත්, ඒ දේ එවෙලෙම ඉල්ලා සිටිනවා. නමුත් ජීවිතයේදී අප සිතන පතන දේ ඒ ආකාරයෙන් ලැබෙන්නේ නැහැ.

දරුවන්ට මේ යථාර්ථය ඉගැන්වීම් තුළින් අප කරන්නෙ, ඔවුන් ස්වයංපෝෂිත කරන්නට, ස්වඋත්සාහයෙන් ඉදිරියට යන්නට ාතහිත දීමක්.

4. "වෙනස කියන්නෙ හොඳ දෙයක්" රෆිකා 

ජීවිතයේ සෑම දෙයක්ම අනියත අතර නියත වූ එක්ම දෙය වෙනස් වීමයි.

මේ ජීවිත යථාර්ථය දරුවන්ට කියා දීම තුළින්, ඔවුන් ජීවිතයේ කාලයෙන් කාලයට එන වෙනස්වීමට සාර්ථකව මුහුණ දෙන්නට ශක්තිමත් වනවා

5. "ඔබ දකින සෑම දෙයක්ම සියුම් සංතුලනයක් තුළින් එකිනෙකට බැඳී තිබෙනවා. රජෙකු හැටියට මේ සංතුලනය ගැන අවබෝධ කරගෙන, එම බැඳීමට දායක වන, පුංචි කුහුඹුවෙකු ගේ සිට විශාල නියමය වූ දක්වා මීමෙකු දක්වා ලොකු කුඩා සෑම ප්‍රාණයකටම ගෞරවය කිරීම ඔබගේ වගකීමක් වනවා." මුෆාසා

අපේ ලෝකය ක්‍රියාත්මක වන්නේ පුදුමාකාර නිරවද්‍යතාවයකින්. සෑම දෙයක්ම කෙසේ හෝ එකිනෙකට සම්බන්ධ වනවා. පැළෑටියකින් අප පිරිසිදු ඔක්සිජන් ලබා ගන්නා අතර, ගස් කොළන් වලට නැවත කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා.

Lion King

සොබාදහම මෙලෙස හැම දේම සමබර කරනවා.

තමන්ගේ ජීවිතයට ළං වන ලොකු කුඩා සෑම සියලු කෙනෙක්ටම එක ලෙස ගෞරවය කරන්නටත් , ඔවුන් අගය කරන්නටත්, දරුවන් ඉගෙන ගත් යුත්තේ මේ නිසයි.

එකිනෙකා අතර වෙනස්කම් කෙතෙක් වුවත්, එම වෙනස්කම් කෙනෙකු සුවිශේෂී කරනවා. මෙය ජීවිතයේ මිල කළ නොහැකි අගනා පාඩමක්

6. "මෙම ඛේදවාචකයේ අළු අතරින්, නව යුගයක් උපදින ලෙස අප සුභ පතන්නෙමු." ස්කාර්

යමක් අවසන් වනතුරු එය අවසානයක් නොවේ. එමෙන්ම යමෙක අවසානය අපට අළුත් සුන්දර ආරම්භයක් ඇති කරන්නට අඩිතාලමක් වන්නටත් පුළුවන්.

ඉතින්, කිසිම වෙලාවක බලාපොරොත්තු හීන කරගන්නට අවශ්‍ය නැහැ. බලාපොරොත්තු සුන්වන අවස්ථාවලදී ඔබගේ දරුවන්ට දිය හැකි අමිල පාඩමක් මේ.

7. "මා මිත්‍ර ටිමෝන් කියන්නාක් සේ: අතීතය අත්හල යුත්තේ මෙන්න මේ වගේ වෙලාවල් වල තමයි" පුම්භා

අතීතය ඇතතක් නොවේ. එය මතකයක් පමණයි. අතීතයේ එල්ලී සිටීමෙන් ඇතිවන කිසිම පලක් නැත. අහිමි වූ කිසිවකට යලි පණ එන්නේ නැත.

Lion King

අනාගතය හා වර්තමානය; වැදගත් වන්නේ මේවා පමණයි. එම නිසා අවධානය යොමු කළ යුත්තේ අතීතයට හා වර්තමානයට ම පමණයි

8. "මා නිර්භීත විය යුත්තේ නිර්භීත වන්නට අවශ්‍යතාවක් වුණොත් පමණයි. නිර්භීතකම යනු ප්‍රශ්ණ ගැටලු සොය සොයා යෑම නොවේ" මුෆාසා

දරුවකු ආත්ම විශ්වාසය ගොඩනගා ගත යුත්තේ තමාට දාමරිකයෙකු වන්නට නිදහසට කාරණාවක් වන්නට නොවේ.

ඔබේ දරුවා ආත්ම විශ්වාසය ගොඩ නැගිය යුත්තේ දරුවාගේ සාර්ථකත්වය ගොඩනගා ගැනීමටත් හොඳ නායකත්ව වලට දායක වීමටත් විය යුතුයි.

එම නිසා කිසි විටෙක ආත්ම විශ්වාසය නිසා අන් අයව හෙළා දැකීම්ක් සිදු කළ නොයුතු දෙයක්

9. "යම් කතන්දරයක් යමෙකුට කියා දෙන්නට තරම් සුදුසු නම් එම කතාව එක් වරක් නොව දෙවරක් කියාදෙන්නට සුදුසු එකක් විය යුතුයි." රෆීකි

දරුවන් මවාගත් ලෝකයක නොව සත්‍යය අවබෝධ කරගෙන ජීවත්වීමේ යථාර්ථයේ ජීවත් වීමේ වැදගත්කම ඉගෙන ගත යුතුයි.

සෑම විටම සත්‍යගරුකව ජීවත්වීමේ වැදගත්කම ඔවුනට කියා දිය යුතුයි.

අද සමාජයේ බොහෝ දෙනෙකු සත්‍යය කතාකරන්නන් යටපත් කිරීමටත්, ඔවුන්ගේ කටවල් වැසීමටත් උත්සාහ කරනවා.

නමුත් ඔවුනට එයට ඉඩ නොදිය යුතුයි. 

මේ සියල්ලට වඩා, Lion King අපට උගන්වන්නේ, ජීවිතයේ බාධක කම්කටොලු වලට මුල්තැන නොදී , ඒවා ජය ගන්නට අපට හැකි නම්, ඕනෑම අභියෝගයක් ජය ගැනීමට අපට හැකි බවයි.

බලය හා තානාන්තර වලින් උද්දාමයට පත්වීම අප මගින් කෙනෙක් බලයෙන් අන්ධ විය හැකි බවත් මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කරන තවත් වටිනා පාඩමක් නම් වනවා

හකුනා මටාටා! Hakuna Matata!

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

 

 

 

Written by

Niloufer Perera

app info
get app banner