theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මරණයට මොහොතකට කලින් ඔහු කියු අනුවේදනීය වචන හතර

4 අවම කියවීම
මරණයට මොහොතකට කලින් ඔහු කියු  අනුවේදනීය වචන හතරමරණයට මොහොතකට කලින් ඔහු කියු  අනුවේදනීය වචන හතර

පිළිකාව හා සටන් කර ජීවිතය අහිමිවන්නට මොහොතකට කලින් මේ පුතු පැටියා සිය අම්මාට කියු මේ වදන් නිසැකවම ඔබේ දෙනෙත් කදුලින් පුරවාවි.

ළමා පිළිකා (childhood cancer) ඇතිවීම ඉතා ඛේදනීය තත්වයකි. එය දෙමාපියන් මිහිමත තනි කරමින් පුංචි දේවදුතයන්ගේ ජීවත ගෙන ඉගිල යයි.

එහෙත්, එය කුරිරු  වුවත් පිළිකාවක් සමග ජය හෝ පැරදුම අත්  අරගන්නා සෑම දරුවෙක්ම බෙදා  ගැනීමට කතාවක් ඉතිර කරයි. පිරිමි දරුවෙකු සිය මවට  අවසන් වතාවට කියු අනුවේදනීය වදන් රැගත් කථා පුවත  මෙන්න.

ළමා පිළිකා

නෝලන් ළමා පිළිකා වෙත ගොදුරු වු අයුරු

ඒ සියල්ලම ආරම්භ වූයේ අහිංසක සෙම්ප්‍රතිශ්‍යාවකිනි. නමුත් තත්වය එන්න එන්නම නරක අතට හැරුණා. දවස් ගත වෙද්දී අවුරුදු තුනක් වු නෝලන් දුර්වල වුනා. සිර වී තිබු නාසය හුස්ම ගැනීමේ අපහසුතාවයක් බවට පත්වුනා. ඖෂධ වලින් කිසිම සුවයක් ලැබුනේ නැහැ .

මාස දෙකකට පසු ඔහුගේ වෛද්‍යවරු හද දැවෙන   රෝග විනිශ්චය හෙළි කලා . පිළිකාවක් ඔහුගේ ශ්වසන මාර්ගය අවහිර වීමට හේතු වුනා. නෝටන්ව ළමා වියේ පිළිකාව ගොදුරු කරගෙන  තිබුණා.

නෝලන්, rhabdomyosarcoma නැමති දුර්ලභ හා දරුණු පිළිකාවලට ගොදුරු වී සිටි  අතර සෑම  ප්‍රතිකාරයකටම   මේ  පිළිකාවක් ප්‍රතිරෝධය දැක්වුවා.

ඔහුගේ ව්‍යසනයට  මුහුණ  දුන් මව වන රූත්, රෝගය පිළිබඳ දරුණු යථාර්ථය ගැන දැනුවත් කිරීම සඳහා තීරණයක්  ගත්තා.

පිළිකා රෝගයට ගොදුරු වී ශාරීරික දුක්විඳීම වැනි භෞතික   ඡායාරූප වෙනුවට   පිළිකාවෙන් දරුවාට ඇති වු දරුණු වේදනාව හා හැගීම්  සහිත මානසික වේදනාව ඕ කැමරාවට හසු කරගත්තා.

රූත් තමන්ගේ  නාන කාමරයේ එළියේ  වැතිර නිදන  නෝලන්ගේ ඡායාරූපයක් බෙදා ගත්තාය. ඇය ඇග සෝදන  විට පවා ඔහු ඇය හැර යන් බය වුනා.

පොඩ්ඩක් හිතන්න නෝලන් වගේ පුංචි වයසක ඉන්න දරුවෙකුට තමන්ගේ අම්මා දකින්න වෙන අන්තිම මොහොත  කොයි වෙලාවේද යන්න නොදැන සිටීම ඔහුව කොච්චර බය කරනවා ඇතිද?

නිකමට හිතන්න. වයස අවුරුදු තුනේදී බොහෝ දරුවන්ට මරණය පිළිබඳ අදහස තේරුම් ගන්නවත් බැහැ. මේ අසරණ  පුංචි  පිරිමි ළමයාට මරණය  නම්  කාරණය සමඟ කටයුතු කරන්න වුනා.

මේ පින්තූරයේ දී දරුවාගේ මව  දරුවන්ට පිළිකාව නිසා ඇතිවෙන මානසික කම්පනය ඡායාරූප ගත කලා.

මරණයට මොහොතකට කලින් ඔහු කියු  අනුවේදනීය වචන හතර

ළමා වියේ පිළිකාව නෝලන්ව දරුණු ලෙස පෙලුවා.

කාලය නෝලන් වෙනුවෙන්  නොනැවතුනේය. ප්‍රතිකාර  ඔහුව දුර්වල කල අතර පිළිකාව ඔහුගේ ශරීරය පුරා පැතිර ගියා.

ඔහුගේ ජීවත් වීමේ අවස්ථාව 40% සිට 20% දක්වා පහතට වැටිනි. කිසිදා නොදිනන සටනක ඔහු සිටින බව ඔහුගේ මව දැනගෙන සිටි අතර, ඇය ඔහුගේ නිර්භීත සටනේ අවසන් පිම්ම දක්වා  නොකඩවා ලියා  තැබුවා.

නෝලන් රෝහලේ අවසන් වරට පැමිණි අවස්ථාවේදී  ඔහුට  ආහාර  ගැනීමට අපහසු  තරම්  තත්වයකට පත්වුනා. ඔහු ආහාර ගත්විට  ඒවා ආපසු  ඉහලට  ආවා.

ළමා පිළිකා හා නෝලන්ගේ අවසන් මෙහෙයුම

නෝලන් අවසානයට ළං වූ විට රූත් ඔහු සමඟ සංවාදයක් යෙදුනා. ඔහුට  දැනුන විසල් වේදනාව ගැන රූත් ඔහු ගෙන් විමසූ අතර, ඔහු තවදුරටත් සටන් නොකළ යුතු බව ඇය පවසා සිටියා. ඔහු මෙහෙම පිළිතුරු දුන්නා .

"මම මං වෙනුවෙන් එහෙම කරන්නේ නෑ, ඒත් මම ඔයා වෙනුවෙන් එහෙම කරනවා අම්මා"

මේ දරුවාගේ හදවත කොතරම් කාරුණික දැයි විස්තර කරන්න  වචන නැහැ. එවන් පුංචි  කාලයකදී ඔහුට සුවිසල් අනුකම්පාවක් ඇති වුනා.

තම මව සමග කතාව දිගටම පැවතුන අතර ඇයට තවදුරටත් ඔහුව සුරක්ෂිත කර ගත නොහැකි බවත්  ඇය එසේ කිරීමට ඇති එකම මාර්ගය ස්වර්ගය වෙත යැවීම  පමණක් බවත් ඇය පැවසුවාය . ඇය කතා කළ සෑම වචනයකින්ම  ඇයගේ හදවත බිඳ ගියා.

කුඩා නෝලන් කරුණාවන්තව එය පිළිගත් අතර තම මව  ස්වර්ගයට පැමිණෙන තෙක්  ස්වර්ගයට ගොස්  සෙල්ලම් කරමින් සිටින  බව සහතික කලා .

ඊළඟ දින කිහිපය තුළ වැඩියෙන්  ඔහු නිදා ගත්තා.

අවසන් රාත්‍රිය ඔවුන් එක්ව ගත කිරීමට නිවසට  යෑමට සූදානමින් සිටියදී, නෝලන් තම මවගේ අත අල්ලාගෙන, ඔවුන්ට රෝහලේ රැඳී සිටීමට හැකි බව පැවසුවා.

ළමා පිළිකා සමග පුංචි නෝලන් මරණයට තව තවත් ලංකලා.

ඔහුට අවුරුදු  හතරක්  පමණි.  ඔහු තම මව වෙනුවෙන්  සැනසීම   ඇති කිරීමට  උත්සහ කිරීමට තරම් වීරයෙක් වුනා.

ඒ රාත්‍රියේ  9 ට විතර  ඔවුන් දෙදෙනා යූ ටියුබ්  බලමින් සිටි අතර  රූත්  ඉක්මනින් ඇග සෝදා  ගෙන  එන්න දැයි නෝලන් ගෙන් ඇහුවා. (ඔහු  හැර යාමට ඇයට ඉඩ නොදුන්නේ කෙසේදැයි මතකයි නේද.)

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔහුගේ මාමා ඔහු ලගින් වාඩි වී සිටි බැවින් ඔහු එයට එකග වුනා. ඔහුගේ මව නාන කාමරයේ  දොරකඩ සිටගෙන සිටි අතර, ඇයගේ ඉන්න දිහා බලා සිටින ලෙස ඔහුට කිව්වා .

එදින රාත්‍රියේ  ඇය ඉක්මනින්  ඔහු සමග ඇදට ආවා. ඇයගේ අත ඔහුගේ හිසේ දකුණු පැත්තෙන්  තැබුවා .

රාත්‍රී  11:54  ට විතර ඇය ඔහුගේ දෙසවනට ඔබ මගේ හිරු කිරණ ගීතය  ගායනා කළා.

ඔහු ඔහුගේ සියලුම ශක්තිය කැටි කර අවසන් නින්දට පෙර මොහොතක් අවදිව හිදිමින් මෙහෙම කිව්වා.

දරුවන්ගේ පිළිකා පෙරනිමිති

"මම ඔයාට ආදරෙයි අම්මේ"

ඔහු හොඳ සටනක් කලා. රෝලීන් නෝලන් ස්කලී අවසන් නින්දට පිවිසුනා.

මෙම කථාව අපේ ඇස් කඳුලින් තෙත් කලා.  දැන් ස්වර්ගයේ දේවදූතයන් සමඟ සෙල්ලම් කරමින් ඔහුගේ මව යළි මුණගැසෙන දවසක් වෙනුවෙන් බලා සිටින පුංචි දේව දුතයා වෙනුවෙන් අපේ හදවත ශෝකයෙන් බර වෙනවා.

ළමා වියේ පිළිකාව දරුවාට මෙන්ම දෙමව්පියන්ටත් ඉතිරි කරන්නේ වේදනාවක් , මේ කදුලු කථාව ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • මරණයට මොහොතකට කලින් ඔහු කියු අනුවේදනීය වචන හතර
බෙදාගන්න :
  • දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

    දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

  • සෑම කාන්තාවක්ම දැනගත යුතු ඩිම්බ කෝෂ පිළිකා සළකුණු 9ක්

    සෑම කාන්තාවක්ම දැනගත යුතු ඩිම්බ කෝෂ පිළිකා සළකුණු 9ක්

  • දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

    දරුවා තුළ මේ ලක්‍ෂණ ඇත්නම් ඒවා දරුවන්ගේ පිළිකා පෙරනිමිති වන්නට් පුළුවන්

  • සෑම කාන්තාවක්ම දැනගත යුතු ඩිම්බ කෝෂ පිළිකා සළකුණු 9ක්

    සෑම කාන්තාවක්ම දැනගත යුතු ඩිම්බ කෝෂ පිළිකා සළකුණු 9ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it