theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දිගු කාලයක් මව්කිරි දීම තුළින් දරුවාට යහපත් වනවාද?

6 අවම කියවීම
දිගු කාලයක් මව්කිරි දීම තුළින් දරුවාට යහපත් වනවාද?දිගු කාලයක් මව්කිරි දීම තුළින් දරුවාට යහපත් වනවාද?

සිංගප්පුරුවේ මව්කිරි දීම සම්බන්ධ විශේෂ හෙද නිලධාරිනි ජෝෆියා බොක් නියමිත වයස ඉක්මවාත් මව්කිරි දීම හා එහි ප්‍රයෝජන පිලිබඳ දැක්වූ අදහස් මෙම ලිපියේ ඇතුලත් වේ.

දරුවට දිය හැකි හොඳම දේ මව් කිරි බව අපි හැමෝම දන්නා කාරණයක් වගේම ලෝක සෞක්‍ය සංවිධානයත් එය අනුමත කර තිබෙනවා. නමුත් දිගු කාලයක් මව්කිරි දීම දරුවාට කෙතරම්ය ප්‍රයෝජනවත්ද?

මාස 6 ක් යනතුරු මව් කිරි පමණක් දීමෙන් දරුවටත් මවටත් ලැබෙන ප්‍රයෝජන බොහෝයි.

එත් අවුරුද්දකට වඩා වැඩියෙන් මව්කිරි දෙන අම්මලට සහ දරුවන්ට අත්වන වාසි තියෙනවද? එහෙත් සමහර අම්මල දරුවන්ට අවුරුද්දක් යනකම් ම මව්කිරි දෙනවා.

ඔබත් එවැනි මවක් නම් ඔබේ තීරණය ගැන අන් අය විමසන විට ඔබ ඔවුනට කිවයුතු දේ දන්නවද?

අවුරුද්දක් යන තුරු මව් කිරි දීමේ වැදගත්කම ඔබ හොඳින්ම දන්නවා. ඉතින් ඒ නිසාම අවුරුද්දක් තිස්සේ දරුවෙකුට මව් කිරි දීම පිලිබඳ බහුලව ඇසෙන ප්‍රශ්න කිහිපයක් සිංගප්පුරුවේ මව් කිරි දීම පිලිබඳ සේවයේ යෙදෙන හෙද නිලධාරිනි ජෝෆියා බොක් ගෙන් විමසා සිටි අතර ඇය ඇගේ ප්‍රවීණ අදහස් ගණනාවක් අපට ඉදිරිපත් කළා.

breastfeeding2jpg

දිගු කාලයක් මව් කිරි දීම මගින් ඇතිවන ප්‍රයෝජන

සිංගප්පුරුවේ මව්කිරි දීම සම්බන්ධ විශේෂ හෙද නිලධාරිනි ජෝෆියා බොක්ට අනුව දිගු කාලයක් මව්කිරි දීම

යනුවෙන් අදහස් වන්නේ දරුවා වැඩිහිටි අය ගන්නා ආහාර ගැනීමට පුරුදු වන වකවානුවෙන් පසුවත් මව දරුවට මව් කිරි දීම හැඳින්විය හැකියි.

මයෝ සයනය දක්වන ආකාරයට වසරකට වැඩිපුර කාලයක් මව් කිරි දීම දීර්ඝ කාලයක් ලෙස හැඳින්විය හැකි බව පැවසෙනවා.

මව් කිරි දීම පිලිබඳ ප්‍රවීණයන්ට හා ජෝෆියාට අනුව වසරකින් පසුවත් දිගු කාලයක් මව්කිරි දීම තුළින් විශාල ප්‍රයෝජන රැසක් දරුවට ලැබෙන බව සොයාගෙන තිබෙනවා.

විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට එය වැදගත් බව සඳහන් වෙනවා.

  • බිලිඳු හා ළමා කාලයේ ඔවුන්ට ලැබෙන නව අත්දැකීම්, දින චර්යාවන්ගේ වෙනස්කම් වලට හොඳින් මුහුණ දීමට ඔවුනට ශක්තිය ලැබෙනවා.
  • මව් කිරි බොමින් ගත කරන කාලය ඔවුන්ට ආරක්‍ෂිත බව හා හුරුපුරුදු බව දැනෙනවා. එමගින් ඔවුන්ට නව අභියෝගයන් හා චකිතයෙන් යුතුව මුහුණ දෙන අවස්ථාවන් ජයගැනීමට පුළුවන් වෙනවා.
  • දරුවන් අසනීප වු විට ම්ව් කිරි දීමෙන් ඔවුන්ට නැතිවෙන පෝෂණීය ශක්තිය නැවත ලබාගැනීමටත් ඔවුනට හැකිවෙනවා. ආහාර රුචිය නැවත පණගැන්විමටත් මව් කිරි උදවු වෙනවා.
  • මයෝ සයනයට අනුව ඔබේ දරුවා වැඩෙත්ම ඔබේ මව් කිරි වල ගුණය දරුවාගේ වයසට සරිලන ලෙස හැඩ ගැසෙන බව පවසනවා. එම නිසා දරුවට ලැබෙන මව් කිරි පෝෂණය අඩු බවට සඳහන් කල හැකි වයසක් ඇත්තේ නැහැ.
  • සමීක්ෂණ වලට අනුව පළමු වසරේදී නිපදවෙන කිරි හා දෙවන වසරේදී නිපදවෙන කිරි අතර පෝෂණීය වෙනසක් එතරම් නොමැති බව සොයාගෙන තිබෙනවා. වසර දෙකකින් පසුවත් මව් කිරි මගින් ප්‍රෝටීන් , මේද, කැල්සියම් හා විටමින් වර්ග ලැබෙනවා.

මව් කිරි දීම පිලිබඳ ප්‍රමුක ආයතනයක් වන La Leche League International විස්තර කරන ආකාරයට මව්කිරි වල ප්‍රතිශක්තිය දරුවන්ගේ වයස වැඩිවීමත් සමග වැඩි වන අතර ඒ නිසා මව් කිරි දීම ප්‍රතිෂක්තියට බලපෑමක් වෙනවා.

ජෝෆියා තවදුරටත් විස්තර කරමින් කියා සිටින්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා මුඛයේ විවිධ වෙනස්කම් හා ගැටළු ඇති දරුවන් සඳහා ද මව් කිරි බිම වැදගත් වෙනවා. විශේෂයෙන් මුඛයේ මාංශ පේශීන් ශක්තිමත් වීම මත දරුවට හොඳ විශ්වාසයක් ද ලැබෙනු ඇත.

මයෝ සායනයේ විශේෂඥයින් දක්වන පරිදි මව් කිරි දීම දරුවට මෙන්ම මවට ද එකසේ වැදගත් වෙන බවයි.

  • එමගින් රෝග ගණනාවකින්ම ආරක්ෂා වීමට ලැබෙනවා. එනම් පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, රූමටොයිට් අතර්යිටිස්, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියව එම රෝග අතුරින් විශේෂයි.
  • සමීක්ෂණ වලට අනුව මව් කිරි දීම දිගු වන කාලය හා දරුවා මව් කිරි බොන තරමට මවගේ සෞක්‍යට එය ඉතා හිතකර බවයි.

දරුවන් දෙදෙනෙකුට එකවර මව් කිරි දීම

ඔබට කිරි බොන වයසේ දරුවෙකු සිටින අතර තුර තවත් පැටියෙක් ලැබුනොත් ඔබ පළමු දරුවට කිරි දීම නතර කල යුතුද?

ජෝෆියා පහදා දෙන ආකාරයට දරුවන් දෙදෙනාටම කිරි දීම කල හැකි කාරණයක් බවයි. ඇය ඇගේ කතාව විස්තර කරමින් උදාහරණ සැපයුවේ මෙහෙමයි.

මගේ පුංචි පුතා ලැබෙනකොට මගේ දුවට වයස මස 30. ඇය මම දෙවැනි වර ගැබ් ගත්තම, කිරි බීම නැවැත්තුවා.

මටත් එය අපහසු බවක් දැනුනා. එතකොට එයාට වයස අවුරුදු දෙකයි.

එත් මල්ලි ලැබුනම එයටත් මල්ලි එක්කම කිරි බොන්න ඕනේ වුණා. වෙනද වගේ උකුලට වෙලා කිරි බොනවා වෙනුවට එය මල්ලිගේ දිහා හැරිලා මල්ලිගේ මුණ අතගාමින් කිරි බිව්වා. අපේ ශරීරයේ කිරි බොන දරුවට අවශ්‍ය ප්‍රමාණයට කිරි නිපදවෙනවා.

දැන් මගේ දුවට අවරුදු 6 ක්. පුතාට 3 ක්. තවමත් දෙන්නත් එක්කම එකට එකතුවෙලා නින්දට යන්න ඉස්සෙල්ලා ‘අම්මා කුක්කු’ රස බලමින් නින්දට යන්න මේ දෙන්න නම් අමතක කරන්නේ නෑ.

ඒ දෙන්නට එක දවසේ සුවිශේෂීම අවස්ථාවක් විදිහටයි මට හැමදාමත් දැනෙන්නේ. එත් ඒ වගේම මගේ දරුවන් දෙන්නටම මම අපි ගන්න සාමාන්‍ය ආහාර වෙල් තුන පෝෂ්‍යදායි ලෙස දෙන්න අමතක කරන්නේ නැහැ.

ඒ අයටත්  ඉගෙන ගන්න වෙනවා ‘අම්මා කුක්කු’ විතරක් ම මදි කියලා.

exteded-bf1

දිගු කාලයක් මව්කිරි දීම ඔබේ තීරණයක්

ලොව පුර මව් කිරි දීම වයස අවුරුදු 2 සිට 5 දක්වා අහන්න ලැබෙනවා. එත් අවුරුදු 6 සහ 7 දක්වාත් ලබාදෙනවා.

එත් ලෝකයේ සමහර රටවල් වල අවුරුදු දෙකට වඩා වැඩි කල් මව් කිරි දීම ඇගේ පවුල, සමාජය හා නොදන්නම අය විසිනුත් එතරම් අනුමත කිරීමක් වන්නේ නැහැ.

කොච්චර කාලයක් මව් කිරි දෙනවද, බොනවද කියන එක තීරණය කල යුත්තේ ඔබ සහ ඔබේ දරුපැටියයි. පවුලේ අය පමණක් නෙමෙයි පිටස්තර සමාජයත් ඔබට කල යුතු දේ පැවසුවත් තීරණය ඇත්තේ ඔබේ අතේ බව මතක තබා ගන්න.

ඔබ අන් අයගේ මත ගැන දුක් සංකා ඇති කර ගත යුතු නැහැ. හැකි තරම් තමන්ගේ දරුවට මව් කිරි දීම සැබවින්ම ආශ්චර්යමත් අත්දැකීමක්.

එය දරුවාගේ පෝෂණයට හරිම වැදගත්. ඉතින් මේ සුන්දර කාලය හැකි තරම් ඔබේ පැටියා සමග ගත කරන්න.

වැදගත් වන්නේ අන් අයගේ සතුට නොව ඔබේ පැටියගේත් ඔබෙත් සතුට සහ සුවය බව සිතන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ජෝෆියාටත් මේ ගැන යමක් කියන්න තියෙනවා

අනිත් අය කියන දේවල් ගැන මං එච්චර තැකීමක් කලේ නැහැ. මම හැර මගේ දරුවන්ටවත් කිරි දිය යුතු කාලය තීරණය කරන්න ලෝකයට ඉඩ දෙන්න මම කැමති නැහැ.

හැම දරුවෙක්ම හරිම සුවිශේෂයි. ඒ නිසා මගේ දරුවන්ට ඔවුන්ගේ ජිවිතයේ හැම අදියරකට ම අවශ්‍ය පෝෂණය දෙන්න මම හුඟක් මහන්සි වෙනවා.

මට නිතරම මේ කිරි දෙන අම්මල මුණ ගැහෙන නිසා පවුල් වල අයගෙන් ලැබෙන විවිධ ප්‍රතිචාර නිසා ඔවුන් කෙතරම් අපහසුතාවට පත්වෙනව ද කියලා මම දන්නවා.

මම හිතන්නේ තවමත් බොහෝ දෙනෙකුට මව් කිරි දීම හා එහි ඇති ප්‍රයෝජන ගැන දැනුම හරිම අඩුයි කියලයි.

ඔබේ දරුවා මව් කිරි වලින් වෙන් කරන්න ඔබ තීරණය කරන්නේ කවදද?

දිගු කාලයක් මව්කිරි දීම

ඉතින් කවද හරි දවසක ඔබට ඒ තීරණය ගන්න වෙනවා. එදාට ඔබ මොනවද කරන්නේ?

ජෝෆියා පහදන ආකාරයට එය එකවර නොව ඉතා ක්‍රමවත් ක්‍රමයෙන් සිදුකල යුත්තක්. ටිකක් තේරුම් එනකොට දරුවට අනෙකුත් කෑම වර්ග ගැනීමේ වැදගත්කම ගැනත් කියා දිය යුතු වෙනවා.

ඔබේ වැඩිමහල් දරුවට මව්කිරි දීම නැවැත්විය යුතු යැයි ඔබ සිතනවා නම් ජෝෆියාගෙන් ඔබට වැදගත් ඉඟි කිහිපයක් ලැබෙනවා.

  • මව් කිරි දීම දවසට එක වරකට පමණක් සිමා කරන්න.
  • කිරි දීමේ කාලය මිනිත්තු 20-10 තෙක් අඩු කරන්න.
  • මව්කිරි දීමට තෝරා ගත් කාලයන් පමා කරන්න. උදාහරණයක් ලෙස ජෝෆියා ඇයගේ දරුවන්ට නින්දට පෙර මව් කිරි දීම මිනිත්තු 5-10ත් සිමා කළා. සමහර දිනෙක ඔවුන් සමග නින්දට යාම සීමා කළා. ඉන් ඔවුන් මව් කිරි නැතිව නින්දට පුරුදු වුණා.

මව්කිරි දීම කියන්නේ ඉතා අසිරිමත් ක්‍රියාවලියක් බව ඔබ දැන් දන්නවා නේද?

theAsianparent Sri Lanka අපි හැමදාමත් ඔබ ළඟින් ඔබේ හොඳම මිතුරිය ලෙස රැඳෙන්නේ ඔබව පරිපුර්ණ මවක් කරන්නයි.

කියවන්න: කිරිදෙන අම්මලා මේ රූපලාවන්‍ය සත්කාර ලබාගන්නවා නම් දෙවරක් සිතන්න

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • දිගු කාලයක් මව්කිරි දීම තුළින් දරුවාට යහපත් වනවාද?
බෙදාගන්න :
  • මව්කිරි දීමට පෙර අම්මලා දැනගත යුතු විශේෂ කාරණා 10ක් ගැනයි මේ කියන්නේ

    මව්කිරි දීමට පෙර අම්මලා දැනගත යුතු විශේෂ කාරණා 10ක් ගැනයි මේ කියන්නේ

  • මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

    මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

  • මව්කිරි දීමට පෙර අම්මලා දැනගත යුතු විශේෂ කාරණා 10ක් ගැනයි මේ කියන්නේ

    මව්කිරි දීමට පෙර අම්මලා දැනගත යුතු විශේෂ කාරණා 10ක් ගැනයි මේ කියන්නේ

  • මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

    මව්කිරි දුන්න හැම අම්මා කෙනෙක්ටම උපහාරයක් වේවා...

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it