මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

මේ අම්මා වසර හයක් වනතුරු ඇගේ දියණියට මව්කිරි දුන්නා

ඔබත් එසේ කරනවාද?

වසර හයක් මව්කිරිමව්කිරි ලබා දීම තුලින් ඇගේ දරුවන් ලබා ගත් පුදුම හිතෙන ප්‍රතිලාභ ගැන මේ මව තොරතුරු බෙදා ගන්නවා. කලක් යනතුරු මව්කිරි දීම ඇය ලද භාගයක් කොට ඇය සලකනවා.

මාස හයක් වැනි පුර්ව වයසකදී සමහර දරුවන් ඝන ආහාර උත්සහා කරන අතර ඩෙනීස් සම්ප්ට නම් එක් බ්‍රිතාන්‍ය මවක් ඇගේ දියණියට වසර හයක් සපිරෙන තුරු, කලක් යනතුරු මව්කිරි දීම  දිගටම කරගෙන ගියා.

ඇය බෙල් (Belle) නම් ඇයගේ දියණියට ඉල්ලා සිටින තරම් කාලයක් මව් කිරි ලබාදෙන බවත් ඒ සදහා ඇය කොපමණ කාලයක් ගනීදැයි නොදන්නා බවත් ඇය පැවසුවා. ඇගේ අරමුණ වූයේ  දරුවාට කලක් යනතුරු මව්කිරි දීම.

මව්කිරි නැවත්වීමට බෙල් සුදානම් විට එම තෝරා ගැනීම ඇයට කල හැකි බව ඩෙනීස් විස්තර කලා. මේ කුඩා දැරිය  පෝෂණය ලබා ගැනීමට මව් කිරි මත රදා පවතින්නේ නැහැ. ඇය රෝගී වු විට හෝ මහන්සි වු විට ඒ මගින් සුවපහසුව ලබනවා.

කලක් යනතුරු මව්කිරි දීම මව හා දියණිය අතර සම්බන්ධතාවය ගොඩ නගන විශේෂ ක්‍රමයක් වෙනවා .

ඇතැම් අවස්ථාවලදී, බෙල් දිනකට දෙවරක් මව්කිරි ඉල්ලා සිටියා. ඩේනීස්ගේ නෑදෑයන් මෙයට එච්චර කැමැත්තක් නොදැක්වුවත්, ඩෙනීස් ඇගේ තෝරා ගැනීම ගැන සසල වුනේ නැහැ .

බෙල් හා බෝ නැමති ඇගේ දරුවන් දෙදෙනා (දැන් වයස 8 හා 4)  ඒ මගින්  සතුටටත් , නිරෝගී බවටත් පත්වන බව ඇය දැඩිව විශ්වාස කලා.

කලක් යනතුරු මව්කිරි දීම: ඇගේ දරුවන්ට ප්‍රතිලාභ ලැබීම

ශක්තිමත් ,සෞඛ්‍ය සම්පන්න ඇයගේ දරුවන් මව්කිරි වලට ස්තුතිවන්ත විය යුතුයැයි පුරාවිද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් වන ඩෙනීස්ට දැනුනා.

ඇයගේ  දරුවන් දැඩි ලෙස රෝගී වු අවස්ථා තිබු බව ඇය පැවසුවා. ඇයගේ පුතු රෝගී වු විට ඩෙනීස්  ඔහුට දිගටම මව්කිරි ලබා දුන්නා.

ඇයගේ පුතු පැය විසිහතරක් ඇතුලත සුවය ලැබුනා. ඇයගේ දරුවන් කනස්සල්ලෙන් සිටින විට ඒ මගින් සංසුන් කලහැකි වු අතර ඔවුන්ට නින්ද ලබන්න මව්කිරි උදව් කලා.

දියණියගේ  ගුරුවරුන්ට අනුව ඇය වයසට වඩා වර්ධනය වෙලා ඇති බව ඩෙනීස් පැවසුවා .

මේ පුවත ලෝකය පුරා මුල් පුවත බවට පත්වෙද්දී ඇය ආත්මාර්ථකාමී යැයි සමහරුන් චෝදනා කලා. ඒත් මේ මව එම විවේචන ප්‍රතික්ෂේප කලා.

සංසුන් , ප්‍රීතිමත් දරුවන් ලැබීම වැනි දේ මව්කිරි ලබා දීම තුලින් ඇයට ලැබුනත් ඇය නිසැකවම එය කරන්නේ තම දරුවන්ට ප්‍රතිලාභ ලබා දීමටයි.

ලැජ්ජාව ,රහස්‍යභාවය වැනි දේවල් මව්කිරි ලබා දීම වසා ගන්න උත්සහ කරන ලෝකයක  සම්මතය වැලැක් වු ඩෙනීස් ගේ උත්සහය සිත් ගන්නා සුලුය.

ඇයගේ කථාව ඔබ වෙත අප ගෙන ආවේ අන්න ඒ නිසයි.මව්කිරි දීම ගැන බොහෝ සත්‍ය නොවන මිත්‍යාවන් පවතින බව ඇය පවසනවා.

බෙල් තාම මව්කිරි බොනවාද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ කථාව සාකච්ඡාවකට හොද මාතෘකාවක් වේවි.

මේ ලිපිය කියවීමෙන් අනතුරුව දීර්ඝකාලීනව මව්කිරි ලබා දීම ගැන ඔබ මොකද හිතන්නේ? ඔබත් ඔබේ දරුවන්ට වසර හයක් හෝ ඉන් ඔබ්බට මව්කිරි ලබා දෙනවාද? ඔබේ අදහස් අපටත් කියන්න.

මව්කිරි ගැන මේ වැදගත් තොරතුරු ඔබට ගෙන ආවේ ඔබේ ලගම හිතවතිය theAsianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි