ඔබට හෝ ඔබේ සහකරුට වැඩි කාලයක් ලිංගික තෘප්තිය අත්විඳීම අබියෝගයක් වෙලාද?

ඔබට හෝ ඔබේ සහකරුට වැඩි කාලයක් ලිංගික තෘප්තිය අත්විඳීම අබියෝගයක් වෙලාද?

පුරුෂයින් බොහෝ දෙනෙක් අත් විඳින්ගැටළුවක් වන ක්ෂ්ණික මෝචනය පරාජය කර දිගු කාලයක් ලිංගික තෘප්තිය විඳගත හැකි ක්‍රම පහක් තමයි මේ.

බොහෝ සහකරුවන් ලිංගික ජීවිතයේ අත්දකින ගැටළු අතරින් ශිෂ්ණයේ ප්‍රමාණයට දෙවැනි වන ගැටළුව වන්නේ ක්ෂණික මෝචනය වීමයි. ඉක්මනින්ම ශුක්‍රාණු පිටවීම පැමිනීම ගැන අප කවටකමින් කථා කළත් නිතර දෙවේලේම කෂණික මෝචනය ඇතිවීම විවාහයට හා ලිංගික ජීවිතයට බලපෑම් ඇති කරන්නට පුළුවන්.

ඔබට හෝ ඔබේ සහකරුට වැඩි කාලයක් ලිංගික තෘප්තිය අත්විඳීම අබියෝගයක් වෙලාද?

ක්ෂණික මෝචනය සෑම සියළු සංසර්ගයක පාහේ අත් විඳින්නට සිදු වුවහොත් එය සහකරුවන් ද්දෙනාගේම ලිංගික ජීවිතය බසුබෑමකට ලක් කරනවා.
ඒ නිසා එය සහකරුවන්ගේ ලිංගික තෘප්තිය අත්විඳීමට අභියෝගයක් වනවා.

ක්ෂණික මෝචනය පරාජය කිරීමට සායනිකව තහවුරු කළ ක්‍රම 5ක්

1. ආහාර රටාව වෙනස් කරගන්න

උළුහාල් වැනි ඇතැම් ආහාර මගින් ශරීරයේ නිදහසේ උත්පාදනය වන ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය ඉහළ නැංවිය හැකි බව ලොස් ඇන්ජලීස් හි පිරිමි ප්‍රජනක වෛද්‍ය විද්‍යාව සහ වසංගත ප්‍රතිවර්තනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය පිලිප් වර්ත්මාන් පවසනවා.
ශිෂ්ණයේ සෘජු ක්රියාකාරිත්වයට ටෙස්ටොස්ටෙරෝන් ප්‍රධාන අංගයක් වනවා.
ඔබ අතිරේක ආහාර (supplements) භාවිතා නොකරන්නේ නම්, එවැනි ආහාර අනුභව කිරීම සයනයේ ඔබේ වින්දනය වැඩි කිරීමට ඉවහල් වනු ඇත.
ටෙස්ටොස්ටෙරෝන් උත්පාදනය වැඩි කරන ආහාර අතර බිත්තර කහ මදය, බල මාළු සහ කුඩා මාළු (shellfish) ඇතුළත් වේ.
Eggs

2. ශ්‍රෝණි ආශ්‍රිත ව්‍යායාම

ඔබ නිතර ජිම් යන කෙනෙක් නම් ඔබේ දෛනික ව්‍යායාමයට ශ්‍රෝණි ව්‍යායමත් ඇතුළත්කරගැනීම වඩාත් සුදුසු වනවා.
ශ්‍රෝණිය ආශ්‍රිත මාංශපේෂියක් වන pubococcygeus muscle නැතහොත් කෙටියෙන් කියන PC මාංශපේෂිය ශිෂ්ණයේ රුධිර සංසරනය වේගවත් කිරීමටත් කාර්‍යක්ෂම කිරීමටත් දායක වන බව වෛද්‍ය පැටී බ්‍රිටොන් පවසනවා.
ඔබගේ PC මාංශපේෂිය  සොයාගැනීමට මුත්‍රා කිරීම මදකට නවත්වාගන්න. ඒ සඳහා යොදාගත් මාංශපේෂිය තත්පර 10ක් තදකරගෙන සිටින්න; පසුව මුදා හරින්න.
මෙය වරකට 3වරක් පමණ කරන්න. දිනකට මෙවැනි යුගලවල් 15ක් කරන්න.

3. මිරිකාගැනීමේ කලාව ප්‍රගුණ කරගන්න (squeeze technique)

වෛද්‍ය බ්‍රිටෝන් තවදුරටහ් පවසන්නේ මිරිකාගැනීමේ කලාව ඔබගේ සිරියහනේ චර්‍යාවක් කරගන්නා ලෙසටයි. "ප්‍රාණවත් වූ පුරුෂ ශිෂ්ණයේ ප්‍රාණවත් බව දිගු කාලයක් පවත්වාගැනීමට ශිෂ්ණයේ ප්‍රදේශ තුනක් මිරිකීමට ලක් කිරීමෙන් පුළුවන්" වන බව වෛද්‍යතුමිය පවසනවා. 
ක්ෂණික මෝචනය
  • පළමු ප්‍රදේශය මිරිකීම සඳහා, ඔබේ දර්ශක ඇඟිල්ලෙන් සහ මාපටැඟිල්ලෙන් තද මුද්දක් සාදන්න.
  • දෙවන ප්‍රදේශය මිරිකීම සඳහා ස්නායු වලින් පිරී ඇති ශිෂ්ණයේ  හිසෙහි යටි පැත්ත තෙරපන්න.
  • තුන්වන ප්‍රදේශය ඔබේ අදෝභගය නැතහොත් පෙරිනියම් ප්‍රදේශයයි. එනම් ගුදය සහ වෘෂණ කෝෂ අතර ප්‍රදේශයයි - මෙම ප්‍රදේශය තෙරපීමෙන් ඔබේ ශුක්‍රාණු පිටවීම වළක්වා ගත හැකියි.

ඉතින් අම්මලා, මෙම මිහිරි ප්‍රදේශ සොයාගැනීමට ඔබේ සැමියාට උදව් වෙන්න. එයත් විනෝදජනක වනවා නියතයි!

4. Delay spray එකක් භාවිතා කරන්න

සරලව කිවහොත්, Delay spray මගින් ඔබේ ශිෂේණයේ ස්නායු වල අඩු සංවේදීතාවයක් ඇති කරයි. හ්ම්ම් අපි දන්නව දැන් ඔබ සිතන්නේ මොකද්ද කියල.

ඔබේ ප්‍රාණවත් වූ ශිෂේණයේ සංවේදිතාව අඩුවීමෙන් වින්දනයක් ඇති වෙන්නේ කොහොමද?

ක්ෂණික මෝචනය

නමුත් සායනික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ Delay spray මගින් ක්ෂණික මෝචනය සිදුවන පිරිමින්ට එම කාලය හය ගුණයකින් දිගු වන බවයි.

නැහැ. මෙය ඔබේ වින්දනයට කොහෙත්ම බාධාවක් වන්නේ නැහැ. මෙම ක්‍රියාවලිය දිගුකාලයක් විඳගනිමින් ඔබට සුරාන්තයට පැමිණෙන්නට පුළුවන්.

Delay spray පිළිබඳ තවත් සායනික පරීක්ෂණයකදී, පිරිමින්ගෙන් 72% ක් එකඟ වූයේ එය ඔවුන්ගේ සමස්ත ලිංගික ජීවිතයටම එය ධනාත්මක බලපෑමක් ඇති කරන බවයි.

5. වැඩි වතාවක් ලිංගිකව එක්වන්න

වඩාත්ම හොඳ පිළියෙම අවසානයේදී කියන්නට අපි ඉතිරි කරගත්තා.  (මෙම ලිපිය අවසාන වන විට ඔබටත් එයම කළ හැකි වෙන්නට ඕනේ). ඔව්, වඩා හොඳ ලිංගික ජීවිතයක රහස වන්නේ වැඩි වාර ගණනක් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමයි.

පිරිමින්ගේ සරු බව

වෛද්‍ය ලැරී ගැස්නර් පවසන ආකාරයට ක්ෂණික මෝචනය අත්දකින පිරිමින්ට වඩ වඩාත් මෙම කර්තවයේ යෙදීම අවශ්‍ය වේ.

ක්ෂණික මෝචනයට බලපාන මූලික සධකයක් වන්නේ එම ක්‍රියාවලිය ගැන ඇතිවන මානසික කාංසාව හා නොසන්සුන් බවයි.

එකිනෙකා සමඟ  අන්‍යොන්‍ය අවබෝධය හා බැඳීම වැඩිදියුණු කරගැනීමෙන් මෙම පුංචි අභියෝගය ජය ගත හැකියි.

එකිනෙකා සම්ඟ කල්වේලා අරගෙන නිදහසේ ඇතිකරගන්නා බැඳීම සහ ලිංගිකව එක්වන කාලය වැඩිවීම තුළින් ගැඹුරු හුස්ම ගනිමින් පෙම් රස විඳින්නටත් සුරාන්තය ගැන මෙනෙහි කරගන්නට ඔබේ මනස පුහුණු කිරීමටත් ඔබට අවස්ථාව ලබා දෙනවා.

ඉතින් අම්මලා, මෙම අමතර විනෝද කාලය රසවත්ව විඳගන්න!

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.