දිනපතා ලිංගිකව එක්වීම අළුත බැඳපු යුවල් වලට නම් අරුමයක් නෙවෙයි.
දෙදෙනාගේ සබඳතාවේ මුල්ම කාලයේ දිනකට කිහිප වරක් එක් වීමට පවා යොමු වීම සාමාන්‍ය දෙයක් වන්නේ මුල් කාලයේ විශේෂයෙන්ම දෙන්නාට දෙන්නා නැතිවම බැරි නිසා.
ඉතින් ලිංගික එක්වීම කියන්නේ ස්වභාවික මෙන්ම ප්‍රසන්න අත්දැකීමක්. . .
නමුත් කාලය ගෙවෙනවාත් සමඟම ජීවිතයේ ඒකාකාරී බව වැඩි වන්නට ගන්නවා. ජීවිතය කාර්‍යබහුල වෙලා ලිංගික ජීවිතයට කාලය මදි වනවා.
මෙම ක්‍රියාවලියට ලොකුම බාධාවක් කරමින් දරු මල්ලන් පවුලට එකතු වන්නට පටන් ගන්නවා.
තවත් සමහර වෙලාවට දවසේ රාජකාරි ඉවර කරලා ලිංගිකව එක්වන්නට බැරි තරම් මහා ලොකු මහන්සියක් දැනෙනවා.
ඉඳහිට ලිංගික එක්වීම සති අන්තයට කල්දැම්මාට ගැටළුවක් නැහැ. නමුත් අනික් වෙලාවට සහකරු සමඟ බැඳීම මෙලෙස අඩු වීම විවාහයේ ගැටලු ඇතිවීමට හේතු වන්නට පුළුවන්.
ඉතින්, එක්සත් ජනපද කතුවරියක් මෙන්ම දරුව තිදෙනෙකුගේ නමවක් වන බ්‍රිටනි ගිබන්ස් වසරේ සෑම දවසකම රාත්‍රියේ තම ස්වාමිපුරුෂයා සමඟ ලිංගිකව හැසිරීමෙන් පුංචි අත්හදා බැලීමක් කිරීමට තීරණය කළහ.
ඇය එයින් ඉගෙන ගත් දෙය මෙයයි.

දිනපතා ලිංගිකව එක්වීම ශරීරයේත්, මනසේත් ඇතිවන විශේෂ සංසිද්ධීන් 3ක්
1. එය ආත්ම විශ්වාසය වැඩි කරනු ඇත
දිගු කාලයක් පුරා යම් ක්‍රියාවක නියැලීම මගින් එය එය පුරුද්දක් බවට පත්වන බව අප කවුරුත් අසා තිබෙනවා.
නමුත් ලිංගිකත්වය නීරස කරගැනීමට අප කවුරුත් කැමති නැහැ. එබැවින් එය රසවත් කිරගැනීමට අප උනන්දු විය යුතුයි.
ටික කලකට පසු…. හිතාගන්න පුළුවන්ද? මෙය ඔබේ ආත්ම විශ්වාසය ද වැඩි කරනවා!
බ්‍රිටනි පැහැදිලි කරන්නේ ඇගේ තුන්වන දරුවා ලැබීමෙන් පසුව නිරුවතින් සිටීම ඇයට අපහසු වූ බවයි. “මම ලිංගිකව හැසිරෙන විට විදුලි පහන් නිවා දමා, මගේ බඩ සහ පපුව සඟවා තබන්නට උත්සාහ කළා.
මගේ ස්වාමිපුරුෂයා නිදන කාමරයෙන් පිටවන තුරු බලා සිටියේ ඉක්මනින් ඇඳුමක් ඇඟ ලාගන්නයි.
මිතුරෙකු සමඟ කතා කිරීමෙන් පසු, ඇය “තම ශරීරයට ගැන ලජ්ජා නොවීමට” උත්සාහයක් ලෙස වසරක් පුරාවට දිනපතා ලිංගිකව එක් වීම ප්‍රායෝගිකව කරන්නට තීරණය කළා.
කෙමෙන් ඇයට නිරුවතින් සිටීම සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ස්පර්ශ කිරීම වැනි හැඟීම වලට ඈ හුරු වූවා.
මෙම අත්හදා බැලීමට මාස කිහිපයක් ගත වූවත්, ඇගේ ශරීරය තවදුරටත් සඟවා තබා ගැනීමට ඇයට අවශ්‍ය වූයේ නැහැ.
2. දිනපතා ලිංගිකව එක්වීමට ඔබ මග බලා සිටිනවා
පින්තූරු: Pexels
මව්වරුනි, තම ශරීරය ගැන ලජ්ජාශීලී වීමේ මෙම අත්දැකීම බ්‍රිටනි මෙන් ඔබත් අත්දකිනවා වන්නට පුළුවන්.
බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ පෙනුම ගැන අනාරක්ෂිත බවක් දැනෙන අතර මෙය ආත්ම විශ්වාසය හීන වීමට හේතු වනවා. අනෙක් අතට මෙය ඔවුන්ගේ ලිංගික ජීවිතයටද බලපානවා.
නමුත් දිනපතා ලිංගිකව එක් වීම නිසා එම එක්වීමට ඔබ නොඉවසිලිමත් වන්නට පටන් ගන්නවා.
3. මෙය ඔබේ සබඳතාව වෙනස් මානයකට ගෙනයනවා
පින්තූර: Pixabay
දිනපතා ලිංගිකව එක් වීම අනිවාර්යයෙන්ම ඔබ දෙදෙනාගේ සබඳතාවය වෙනස්ම පැතිකඩකට හරවනවා.
මාස කිහ්පයකට පසු බ්‍රිටනි පැවසුයේ නිදන කාමරයෙන් පිටතදී පවා දෙදෙනා අතර අනුරාගික බැදීම වර්ධනය වූ බවයි.
“අපි ඩ්ඟදෙන්නට දෙන්නා වැඩි වැඩියෙන් ආදරයෙන් බැදෙන්නට ගත්තා.
අප එකිනෙකා පසුකරගෙන යන විට දෑත් ස්පර්ශ කිරීම, රැකියාවට පිටත් වීමට පෙර සිප ගැනීම වැනි ආදරණීය පුරුදු ඇතිවන්නට ගත්තා.
අපගේ මේ සමීප සබඳතාව සමෘධිමත් වන විට අපගේ සම්බන්ධතාවය නිතැතින්ම වඩ වඩාත් ශක්තිමත් වුණා.”
දිනපතා ලිංගිකව එක් වීම සෑම යුවලක්ම අත්දැකිය යුත්තක්ද?
චිකිත්සකයින්ට අනුව, මෙයට පිළිතුර ‘ඔව්’ යන්නයි. එකිනෙකාගෙන් ඈත් වූ යුවල් සඳහා, දිනපතා ලිංගිකව හැසිරීම නැවත එකිනෙකා හා සම්බන්ධ වීමට උපකාර වනවා.
එමෙන්ම, සමීප සබඳතා නැවත ගොඩනඟා ගැනීමටත් නව පිවිසුමක් වන්වා. ඒ සඳහා ප්‍රමුඛතාවයක් දී ඊට කාලය වෙන්කරගැනීම ඔවුන්ගේ වගකීමක්.
මෙය ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීමටත් තුඩු දෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.
තමා ගැන ඇතිවන ආත්මාභිමානය නිසා සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත් එය හේත්කාරක වනවා!
එය මනසේ ආතතිය දුරු කිරීමටද සමත් හොඳ උපක්‍රමයක්. එමෙන්ම හොඳ නින්දක් ලබාගන්නටත් උපකාරී වනවා.
ඉතින් ඔබට අපගෙ අභියෝගය නම්, මෙය උත්සහ නොකරන්නේ ඇයි? අඛණ්ඩව දින 365ක් මෙසේ එක් වන්නට අස්සිරු නම් අඩුම තරමින් සතියට කිහිප වරක් වත් ලිංගිකව එක්වීමෙන් පටන් ගන්න.
මූලාශ්‍ර: News.com.au
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: එන්. පෙරේරා
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.
ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.