theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

"මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."

5 අවම කියවීම
"මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා.""මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."

"මගේ මධුසමය දා ම මා මීට පෙර කවදාවත් දැක නැති මගේ සැමියාගේ  පෞරුෂයේ වෙනස් පැතිකඩක් දුටුවා. මගේ මහත්තයා ඔහුගේ අම්මාට ටිකක් වැඩියෙන් ඇලුම් කලා."

සිහින වලින් සැදුම් ලත් මගේ කථාව සම්භාව්‍ය එකක් වෙනවා. අපි විද්‍යාලයේ ආදරවන්තයින් වුනා. මම විශ්වවිද්‍යාලයේ උත්සවයකදී ඔහුව දැක්කා. ඔහු මට වඩා වසරකින් ජේෂ්ඨයි.  අපේ ඇස් මුණගැසුණා. ඇස් දිලිසුනා. ඔහු කෝපි කෝප්පයක් බොන්න එලියට යන්න දිනයක් මගෙන් ඇහුවා. අපි මුලින්ම මිතුරන් වුනා. පසුව ආදරය කරන්නන් වු අතර  අවසානයේ වෙන් කළ නොහැකි ලෙස එක් වුනා.

අපි දෙදෙනාම විද්‍යාල අධ්‍යාපනය අවසන් කර අපේ පළමු රැකියාව ලබා ගත්තෙමු. අපි එකිනෙකා වෙනුවෙන්ම ජීවත් වු අතර  තරුණ වියේදී විවාහ වීමට (love marriage) තීරණය කළෙමු.

මගේ දෙමව්පියන් තුල ඔහු ගැන අවිශ්වාසයක් තිබුනා. නමුත් අපි සියලු දුර්භාග්‍ය පරදා අවසානයේ අල්තාරය අසල සිටගත්තා. සියල්ල අපේ අලුත් ජීවිත වෙනුවෙන් සුදානම් වුනා.

අවුරුදු පහක් තිස්සේ අපි ජීවිතය පිලිබඳ  සිහින මැව්වා. අපේ මධුසමය පටන් ගත් තෙක් අපි සුර ලෝකයේ සිටිනවා කියා අපි විශ්වාස කළා. ඔව්, ඔබ එය නිවැරදිව කියවා තියෙනවා. මගේ මධුසමය දා ම මා මීට පෙර කවදාවත් දැක නැති මගේ සැමියාගේ  පෞරුෂයේ වෙනස් පැතිකඩක් දුටුවා.

මගේ මහත්තයා ඔහුගේ අම්මාට ටිකක් වැඩියෙන් ඇලුම් කලා.

මගේ මහත්තයා එයාගේ අම්මාට ටිකක් ටිකක් වැඩියෙන් ඇලුම් කරනවා කියලා මට තේරුණා. ඔහුගේ ආරක්ෂාව ගැන ඇය කණගාටු වීම නිසා ඔහු කොහේද ඉන්නේ කියන එක නිතර ඇයට කියන්න කියපු නිසා  මගේ මධුසමය දා  ඔහුගේ මවට සෑම පැය 2-3 කට වරක් ඇමතුවා.

මම අතිශයෝක්තියන් නොකිය නමුත් මගේ මධුසමය දා අපි මුලින්ම ආරම්භ සියල්ලකදීම මවට ඇමතුමක් දීම අනිවාර්ය වුනා.

"අම්මේ අපි දිවා ආහාරය ගන්න යනවා"   "අපි දැන් දිය ඇල්ලක් බැලීමට යනවා" "අම්මා අපි ආදරය කරන්න යනවා" අවසාන දෙය නම් සිදුවුනේ නැහැ. (දෙවියන්ට ස්තුතිවන්ත වන්න එසේ නොවුනත් අම්මා මගේ මධුසමයට මැදිහත් වී මාව ඉවතට ඇද දාවි කියලා මම සැක කලා!)

මම මදක් පුදුම වුනත් එය සිදුවූයේ ඇයි දැයි ඇසුවේ නැත. අප නැවත පැමිණි පසුත් මෙය යලි යලිත්  සිදුවිය. අපි වෙනත් නගරයක සිටියත්, හැමදාම අම්මා මගේ සැමියා සමග පැය ගණනක් කථා  කලා.

සියලුම ලේලියන් පැමිණිමත් සමග මෙහෙයවන්න උත්සහ කරන නැන්දම්මාට මම දරුණු වුනා යැයි ඔබ හිතන්නට මත්තෙන් එවැනි සංවාද සදහා උදාහරණ දෙන්න මට ඉඩ දෙන්න.

අම්මා ;  "හෙලෝ පුතේ, ඔයාගේ කටහඬ දුර්වලයි. ඔයාට නිසි ආහාර ලැබෙන්නේ නෑ නේද? ඔයාගේ බිරිඳ හොඳ ආහාර පිසින්න දන්නේ නැහැ කියලා මට තේරුම් ගන්න පුලුවන්.  ටිකක් ඉවසන්නකෝ, මම ආපුහාම මම ඔයා ආසම කෑම වර්ග ගොඩාක් හදලා දෙන්නම්. "

සැමියා : " නෑ අම්මේ මම හොදට ආහාර ගන්නවා . නමුත් මම ඔබේ රසවත්  කෑම කන්න ආසයි."

අම්මා ;  " හෙලෝ පුතේ, ඔයාගේ නැන්දම්මා හා මාමා ඔයාගේ තාත්තාව ඇමතීමට තරම් කාරුණික වුනේ නැහැ. ඔවුන්ගේ දියණිය විවාහ වු නිසා සුභ පැතුවේ නැහැ. ඒ දෙමව්පියන් අපිට ගරු නොකරනවා නම්, ඔවුන්ගේ දියණියට කුමක් උගන්වනවා ඇතිද?"

සැමියා : "ආහ්, අම්මේ කණගාටු වෙන්න එපා, මම අරතීට (ඒ මගේ නම) ඔවුන් අමතන්න කියලා කියන්නම් "

මගේ නැන්දම්මා සෑම මාස දෙකකට වරක් අපිව බලන්න පැමිණි  සෑම අවස්ථාවකදීම ඇය මගේ සැමියාට මගේ නිවස නිසි ලෙස තබා ගන්නේ නැති බව කියමින් කෙසේදැයි දේශනා පැවැත්වීමට පැය ගණනක් වැය කරනවා. ඇය මා සමඟ සම්බන්ධතා පවත්වා ගෙන යනවා අඩු අතර, තරහා මා දෙසට විසිකරනු ලබනවා.

මෙන්න මේ විදියට:

"ඔයා වැඩ කරන කෙල්ලක් නිසා නිවසේ කටයුතු පාලනය කරන ආකාරය ඉගෙනීමට කාලයක් නැහැ" "ඔයාට මගේ පුතා විවාහ කර ගැනීමට හැකිවීම ඔයාගේදෙමාපියන් ඉතා ආඩම්බර විය යුතුයි."

මෙය අඛණ්ඩව පැවතුන අතර, හානිකර සීමාව ඉක්මවා ගියේය. මේ වෙලාවේ අපි තවත් කාර් එකක් මා වෙනුවෙන් මිල දී ගන්නවා කියලා ඇය දැනගත් විට දුෂ්කර උපයන මුදල් නාස්ති කරන්න එපා යැයි ඇය කියනවා. එම දුෂ්කර ඉපයු මුදල ඔහුගේ භාර්යාවගේ බව පවසන්න මගේ ආදරණීය සැමියාට දිරියක් තිබුනේ නැහැ.

මගේ සැමියාගේ යටහත් ආකල්ප මට කරදරයක් වුනා .

දිගු කතාව කෙටියෙන් කීමට , පිටතින් මගේ විවාහය තුල කිසිදු වරදක් නොපෙනුනද මම අදහස් කරන විදියට   කරදරකාරී නැන්දම්මලා හා මාමාලා බොහොම ඉන්නවා.  මගේ ස්වාමිපුරුෂයාගේ යටහත්  ආකල්පය ඔහු වෙනුවෙන් මගේ ගෞරවය නැති කිරීමට මාව පෙළඹුවා.

මා ප්‍රසුති වේදනාවෙන්  රෝහලේ සිටියදී මට ඔහුගේ  හස්තය අල්ලා ගෙන සිටීමට  අවශ්‍ය වූනා වුවත් ඔහු ඇයව දැනුවත් කිරීම සඳහා දැඩි උත්සහයක් ගත්තා. මගේ මුල්ම නිවස මිලදී ගත්විට මගේ පසෙකින් වාඩිවී ජයග්‍රහණය සමරනවා වෙනුවට ඔහු එම නිවස බැලීමට නැන්දම්මා හා මාමාට ඒමට ප්‍රවේශ පත්‍ර  වෙන් කිරීමට කාලය මිඩංගු කලා.

මාගේ ළදරුවන් සහ මා කෙරෙහි  මගේ නැන්දම්මා හා මාමා ආදරයේ කිසිදු සලකුණක් නොපෙන්නු අතර ඔවුන් ගැන කිසිසේත් විමසන්නේද නැත. මගේ උපන් දින හෝ වැදගත් අවස්ථාවන්හිදී ඔහුගේ පවුලේ කිසිවෙකු මට කවදාවත්ම සුභ පතන්නට ඉදිරිපත් නොවුනත්  ඔවුන් අමතන  පළමු තැනැත්තා ඔහුය.

ඔහු කිසි විටෙක මා වෙනුවෙන් කිසි වරදක් කර නොතිබූ අතර  ඔහුට මා වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි විය. ඔහුගේ පවුල තුල ලේලියකට හිමි නිසි ගෞරවය හා ස්ථානය හිමිකර දීමට   ඔහු අසමත් විය. ඔහුගේ පවුලේ  බොහෝ කරුණු  වලදී මා නොසලකා හරින ලදී.

ඔහුගේ පියාට ඔහුගේ පුතු සමග වැදගත් යමක් සාකච්ඡා කිරීමට ඇතිවිට මට කාමරයෙන් පිටවීමට යැයි පැවසීමට තරම් දිරියක් තියෙනවා.මගේ සැමියාත් සිනාසී, ඇසක් ගසා එයට අනුකූලවෙන ලෙස පවසන විට මම සේවකයෙකුට දැනෙන හැගීමෙන් යුක්තව පිටවෙනවා.

මම හැම විටම මගේ සැමියාට මේ ගැන පැමිණිලි කලවිට ඒවා හානිදායක නොවන දේවල් යැයි පවසා ඔහු ගැලවෙනවා.

හොඳයි, ඔව්, මගේ නැන්දම්මා හා මාමා  මා වෙත පහරදීමක් සිදු  නොකීරිම හානිදායක නොවන සේ දැනුනද, වැරදි ක්‍රියා  පෙනෙන්නට තිබුණත්, ඔවුන් සුවිශේෂී වු පමණින්  වැරදි ක්‍රියා නොසලකා හැරිය යුතුද?

පවුලේ නවක සාමාජිකයෙකු පවුලට කරදරයක් නොවන බව මම පිලිගන්නවා. මේ බැදීම වෙනුවෙන් ඔබේ පුතාගේ බිරිඳගේ වසර ගණනාවක් තිස්සේ වු දක්ෂතා උපහාසයට ලක්විය යුතුද? ලද සෑම අවස්ථාවකම ඔබේ ලේලියගේ දෙමාපියන්ට අපහස කිරීම රිදවීමක් නොවේද?

හොඳයි, මගේ ස්වාමිපුරුෂයා එසේ සිතන්නේ නැහැ. අන්න ඒ නිසා මම ඔහු සමඟ විවාහ වීම ගැන පසුතැවෙනවා.

අපි විවාහ වූ විට විශේෂයෙන්ම එය ආදරය විවාහයක් වූ නිසා ඔහු ගෙන් මාව ඔහුගේ  පවුලට  පිළිගැනීම විතරක් නොවේ මට  ගෞරවයක් හා සුදුසු ස්ථානය  ලබා දීම මම අපේක්ෂා කලා.

මෙයින් කිසිවක් කිරීමට ඔහු අසමත් වුනා. එය යෝජිත විවාහයක් වුනානම් මා ලෝකයක් තරම් පොරොන්දු වූ මිනිසා හා දුන් දිගු ඉල්ලීම් මම එවිට තේරුම් ගන්න තිබුනා , ඔහුගේ නිවසේ බිත්ති හතර තුළ මට නිසි ගෞරවය ලබා ගත නොහැකි වුනා. ආදරය විවාහය ඔබට හොඳට ලබා දෙන්නේ මෙය නම්, එය තොරව මම වඩා සැනසේවි.

රහස්‍යභාවය ලේඛකයාගේ  ඉල්ලීම මත නම හෙළි නොකරන ලදී.

නැන්දම්මා ලේලී හබයේ තවත් පැතිකඩක් ඔබ වෙත ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • "මගේ විවාහය love marriage එකක් ... නමුත් මම අද ඒ ගැන පසුතැවෙනවා."
බෙදාගන්න :
  • ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

    ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

  • අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

    අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

  • ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

    ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

  • අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

    අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it