theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැමියනි, ගැබිනි බිරිදට ඔබේ ආදරය ගොඩාක් අවශ්‍යයි

5 අවම කියවීම
සැමියනි, ගැබිනි බිරිදට ඔබේ ආදරය ගොඩාක් අවශ්‍යයිසැමියනි, ගැබිනි බිරිදට ඔබේ ආදරය ගොඩාක් අවශ්‍යයි

ගැබිනි මවට අවශ්‍ය වෙන්නේ ආදරය හා අවධානය, විශේෂයෙන් සිය සැමියාගේ. ඒකට සැමියාට කරන්න පුලුවන් පුංචි පුංචි දේවල් ටිකක් මෙන්න.

සුන්දර ගැබිනි බිරිඳට ආදරය පෙන්වීම තුළින් ඇය ලබන සෙනෙහස

තබා දිගු අඩි නුඹ දුව පැන්න                    හැටී

සිහිවෙලා මට හිනැහෙන්න හිතන         හැටී

වෙලා සංසුන් තියන විට ලග                      අඩි

හරි සුන්දරයි ගැබ්බරී ඒ නුඹේ                  හැටී

 

එදා දගකමින් සුලගේ ලෙලදුන් කෙස්      වැටී

මෙදා ආදරෙන් එකට බැදි ඇති                 සැටී

වෙලා සංසුන් නුඹේ නිල් නෙත්                    කැටි 

හමා යයි සුවදක් නිවස පුරා කිරි                කැටි

 

සිනාසුන පොඩි තිසර යුග දග                     වැටී

වෙලා පිරිපුන් කිරි බරින් ඔද                        වැටී

සංසුන් ගමන මට ඔමරි කරන                     හැටී     

පිරෙන බද සැලෙන හැටි හරි                       වටී

 

සුදු බංඩි පුරා වයිරන්  ඇත                           වැටී

කැත නෑ කෙල්ලේ නුඹ මට                           වටී

දග පාන පුතු කුස ඇතුලේ රගන                 සැටී

දැනෙන විට සෙනෙහසක් එයි හිතට         වැටී

 

සිහින ගෙන මගේ නෙත් අගට මොල        කැටී

සුදු නෝනා අනේ නුඹ දුක් විදින                  සැටී

වාවන්නේ නෑ හිත ඉකි බිදියි බිම                වැටී  

බොදවෙන්න එපා නෙත් අග කදුලු             කැටි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

කලකට ඉහතදී මා විසින් රචිත  කවි පංතියක් එක්කම  මේ මාතෘකාවට පිවිසෙන්නට හිතුනා. බිරිදක් ගර්භණී වීම එහි සම අයිතිකරුවා වශයෙන් සැමියාටද ජිවිතයේ ඉතා වටිනා සන්ධිස්ථානයක් වෙනවා.

දෙදෙනාගේ ආදරයේ සලකුණ මේ ලෝකේට ගෙන එන්න කාන්තාවක් ගර්භණිත්වය ඔස්සේ යන්නේ අසීරු අවදානම් ගමනක්.

ඒක සති හතලිහක් මාස වලින් නම් දහයක්. ඒ කාලයේ ඈ ශාරීරිකව හා මානසිකව වෙනස් වෙනවා.

බොහෝ දුරට එයට හේතු වෙන්නේ හෝමෝන වෙනස් වීම්. කොයි කොහොම නමුත් ගැබිනි මවට අවශ්‍ය වෙන්නේ ආදරය හා අවධානය විශේෂයෙන් සිය සැමියාගේ.

ගැබිනි බිරිඳට ආදරය කිරීම සඳහා සැමියාට කරන්න පුලුවන් පුංචි පුංචි දේවල්

1. ගැබිනි බිරිඳට උදෑසන තේ එක ලබා දීම

ගැබිනි මව උදෑසන නැගිටින්නේ අපහසුතා ගොඩාක් එක්ක, මහත්තයාට  පුලුවන් නම් ටිකක් එයාගේ නෝනාට කිරි එකක් හදලා දෙන්න ඒක ගොඩාක් ආදරණීය වේවි.

තවත් පොඩි කෙමක් තියෙනවා ඇදෙන් බහින්න කලින් ක්‍රීම් කැකර් එකක් කාලා ප්ලේන්ටියක් බිව්වොත් උදෑසන වමනය නවතිනවා කියලා. ඔන්න මහත්වරුන්ට අවස්ථාවක් තියෙනවා. උත්සහ කරලා බලන්න .

2. කෑම ටිකක් කවන්න

නෝනාට අතින් කන්න අපහසු වෙන්න පුලුවන්. නැත්තම් අප්පිරියාවෙන් ඉන්නවා වෙන්නත් පුලුවන්. එයාව ආදරයෙන් ලගට අරන් කෑම චුට්ටක් කවන්න. පොඩ්ඩක් උත්සහ කරලා බලන්නකෝ එයා කටක් හරි වැඩිපුර කයි.

3. නාවන්න

ගැබිනි මවගේ ශරීර උෂ්ණත්වය මදක් ඉහල නිසා එයාලාට ටිකක් වැඩියෙන් සීතල දැනෙනවා. ඒක නිසා එයාලා වතුරට බයයි. ඒ කියන්නේ නාන්නත් හොරයි. මහත්තයාට පුලුවන් නෝනාව ටිකක් නාවන්න.

පුලුවන් නම් හොදට අව්ව වැටෙන තැනක උදේ දහයට විතර වගේ බේසමකට වතුර අරන් ටික ටික නාවන්න. එතකොට නෝනාට සීතල දැනෙන්නේ නැහැ. ඒක හරි අපූරු අත්දැකීමක් වේවි.

4. ගැබිනි බිරිඳට ආස කෑම ජාතියක් හදලා දෙන්න.

මේකත් ඔබට ලේසියෙන් කරන්න පුලුවන්. ඔබ උයන්න දන්නේ නැත්තම් ඔම්ලට් එකක්, සැන්විච් එකක් වගේ පහසු දෙයක් හදලා දෙන්න. එය නෝනාට විශේෂයක් ගෙන දේවි. ඇය එය ආසාවෙන් රසවිදිනවා නිසැකයි.

5. වගැබිනි බිරිඳට ආදරය පෙන්වීම සඳහා ඇයව ඇවිදින්න එක්ක යන්න.

ගෙදර ඉන්න කොට නෝනාගේ ලෙඩ කොහොමත් වැඩියි. ආදරය කරපු කාලේ වගේ පාර්ක් එකට, බීච් එකට නැත්තම් ෆිල්ම් එකකට එක්ක ගිහින් ආදරයෙන් ලංවෙලා ඉන්න.

නෝනාගේ හිත සතුටින් පිරේවි.  මේ හැරෙන්න නිවසෙන් පිට යාලුවෙක්ගේ ගෙදර, සුපර් මාකට් එකට වුනත් ගැටළුවක් නැහැ. නෝනාට වෙනසක් ලැබේවි.

6. සායනයට එක්ක යන්න.

හැකි සෑම විටම සායනයට නෝනත් එක්ක යන්න. ඒකට නෝනා හරි කැමතියි. පෞද්ගලික සායනයක නම් දෙන්නා එක්ක එකතුවෙලා ස්කෑන් යන්ත්‍රය හරහා කුස ඇතුලේ ඉන්න පැටියා දැකලා සතුටුවෙන්නත් පුලුවන්. ඒවගේම නෝනා නියමිත පරිදි බේත් බොනවාද, වෛද්‍ය පරීක්ෂා වලට යනවාද, නියමිත එන්නත් ගන්නවාද යන්නත් සොයා බලන්න. අමතරව සංකුලතා ඇති නම් නෝනාව නිතර විශේෂඥ වෛද්‍යවරයකුගේ  අධීක්ෂණය යටතේ තබන්න.

7. කකුල්, කොන්ද අතගෑම මගින් ගැබිනි බිරිඳට ආදරය පෙන්වීම

ප්‍රසුතිය ලංවෙන්න නෝනාගේ කකුල් ඉදිමිලා වේදනා දෙනවා. ඉදිරියට නෙරා ආ කුසේ තෙරපුමත් එක්ක කොන්දත් වේදනා දෙනවා. කකුල් වල කෙණ්ඩ පෙරලෙනවා. මහත්තයාට පුලුවන් ටිකක් කකුල් කොන්ද ආදරයෙන් පිරි මදින්න. ශාරීරිකව වේදනාව පහ නොවුනත් එය මානසිකව ඇයට හොද වේදනා නාශකයක් වේවි.

8. ගෙදර වැඩ වලට උදව් වෙන්න.

දැන් නම් මහත්තයා කම්මැලි වේලා බෑ. නිවසක කාන්තාවන්ගේ වැඩ කියලා දෙයක් නෑ. පිරිමින්ටත් නිවසක් ඕන වැඩක් කරන්න පුලුවන්. ඒකනිසා නිවසේ වැඩකටයුතු ටිකක් වැඩියෙන් බාර අරන් නෝනාට පුංචි විවේකයක් දුන්නොත් හොදයි නේද?

9. රෝහලට ගෙනියන බෑගය සුදානම් කර ගන්න උදව් කිරීමෙන් ගැබිනි බිරිඳට ආදරය පෙන්වීම

මෙන්න මේ වැඩේදි නම් එයාට අමතක වීම් වෙන්න පුලුවන්. මහත්තයාට පුලුවන් පැටියාටයි නෝනාටයි ඕන දේවල් හරියටම පරීක්ෂා කරලා බෑග් එකට අසුරලා දෙන්න. ඒ විතරක් නොවේ පැටියාගේ රෙදි මෘදු සබන් වර්ගයකින් හෝදලා හොදට අව්වේ වේල ගන්න ඕනි. එකත් මහත්තයාට ලේසියෙන්ම කරන්න පුලුවන්. ඒක නෝනාට ලොකු පහසුවක් වේවි.

10. ප්‍රසුතියේදි ලග ඉන්න

පෞද්ගලික රෝහලක නම් මේ වේලාවේ නෝනා ලගින්ම ඉන්න ඔබට පුලුවන්. ඒ අපමණ කැපවීම ඔබට ඇස්දෙකින් දකින්න පුලුවන්. රජයේ රෝහලක නම් හැකි නම් ප්‍රසුතිකා ගාරයේ දොර ලගටම ඇයත් එක්ක යන්න.

නැතිනම් දරු ප්‍රසුතියෙන් පසු ඇය ලගට යා හැකි පලමු තත්පරේ ඇය ලගට යන්න. ඔබ නොදැන හිටියාට ඇයගේ දිරිය ඔබයි.

මේ පුංචි කරුණු ටික නෝනාලා වෙනුවෙන් මහත්තයලාට මතක් කරන්න හිතුවා. තරහා ගන්න එපා අපි මේ කරුණු ආදරෙන් මතක් කලේ ඔයාලාගේ ආදරය වැඩි කරන්නයි.ඔබටත් අදහස් තියෙනවා නම් පහලින් සටහනක් යොදන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • සැමියනි, ගැබිනි බිරිදට ඔබේ ආදරය ගොඩාක් අවශ්‍යයි
බෙදාගන්න :
  • ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම

    ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම

  • ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

    ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

  • ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම

    ගැබිණි මව සඳහා නිවරදිව බෝධි පූජාවක් සිදු කිරීම

  • ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

    ගර්භණී මව්වරුන් අහන්න අකමැතිම කාරණා 10ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it