theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

5 අවම කියවීම
ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

ලිංගික ආශාව අඩුවීම ඇත්තටම රෝගයක පෙරනිමිත්තක්ද කියා දැනගනිමු.

lingika දැනුම අපි සියලුම දෙනාම දැනගන්න කැමතියි.

නමුත් සමහර වේලාවට අපිට ඒ සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක් ලබා ගන්න තැන් ඔබට නැහැ.

නමුත් ඔබේ විවාහය හා ලිංගික ජිවිතය වැදගත් වෙන බොහෝ දේවල් අපි විවිධ මාතෘකා ඔස්සේ ලිපි පෙළකින් කතා කලා.

අද කාන්තා ඔබේ ලිංගික  ආශාවන් හීන වීම ගැන ටිකක් කතා කරමු.

ලිංගික ආශාවන් හීන වීම ගැන lingika දැනුම

ලිංගිකත්වය යනු දෙදෙනෙක් තුල සහයෝගයෙන් පවත්වා ගත යුතු දෙයකි.

ඉන් එක් පාර්ශවයක් හෝ එම කාර්යය තුල අසමත් වීම අනෙක් පාර්ශවයද අතෘප්තිය කරා ගෙන යන්න පුළුවන්.

විශේෂයෙන් කාන්තාවන්ගේ ජිවිතය තුල හෝමෝන ක්‍රියාවලින් ගණනාවක් විවිධ කාල වලදි සිදුවෙන අතර ඇයගේ ලිංගික ආශාවන්ද ඒ අනුව වෙනස් වෙන ආකාරය අත් දකින්න පුළුවන්.

ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?

හයිපෝඇක්ටිව් සෙක්ෂුවල් ඩිෂයර් ඩිස්ඔඩර් (HSDD), නැතිනම්  කාන්තා ලිංගික උනන්දුව / අවදිවීමේ ආබාධය ලෙස  හදුන්වනු ලබයි.

මේ මගින් කාන්තාවන් තුල ඇතිවෙන ලිංගික අක්‍රියතාවය මගින් ඒ තුලින් ඇයගේ ලිංගික ආශාව පහල හෙලනු ලබයි.

මෙහිදි බොහෝ කාන්තාවන් ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී ලිංගික ආශාවක් හීන වීමෙන් පෙලෙන්න පුළුවන්.

එහිදි HSDD රෝග ලක්ෂණ මාස හයක් හෝ ඊට වැඩි කාලයක් පවතිනවා.

රෝග ලක්ෂණ ඉතා  තීව්‍ර වන විට එය  ඔබගේ ලිංගික ජිවිතයට හා ජිවිතයේ ගුණාත්මක බාවයට  හානි කරන්න පුළුවන්.

මෙවන් තත්වයක් ඇති නම් ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවීම යෝග්‍යයි.

ඔබේ සිරුර නිරීක්ෂණය කර රෝග ලක්ෂණ ඔබේ වෛද්‍යවරයාට පැවසීම මෙහිදි අත්‍යාවශ්‍ය වෙනවා.

ඔබේ රෝග ලක්ෂණ පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව, ඔබේ ලිංගික ජිවිතය  සහ සමස්ත යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා නිවැරදි ප්‍රතිකාරක් සදහා ඔබව ඔබේ වෛද්‍යවරයා විසින් යොමු කරනු ඇති.

lingika දැනුම: HSDD රෝග ලක්ෂණ

කාන්තා ලිංගික උනන්දුව / අවදිවීමේ ආබාධය ඔබටත් වැළදි ඇත්නම් එය ඔබට හදුනාගන්න පුළුවන්.

පහත සදහන් කර ඇති ලක්ෂණ ඔබ කෙරෙහි දකින්න ලැබෙනවාද කියා නිරීක්ෂණය කර බලන්න.

බිරිඳ ලිංගිකව හැසිරීම

  • ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි අඩු උනන්දුවක් පැවතීම හෝ ලිංගික උනන්දුව නැතිවීම
  • ලිංගික මනං කල්පිත අඩු වීම හෝ නැතිවීම
  • කායික සම්බන්ධතා ආරම්භ කිරීමට උනන්දුවක් නොදැක්වීම
  • සහකරු ලිංගික ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට දරන උත්සාහයට ප්‍රතිචාර නොදැක්වීම
  • 75%-100% අතර කාලයක් තුල ලිංගිකත්වයෙන් විනෝදය ලබා ගැනීමේ දුෂ්කර වීම
  • 75%-100% අතර කාලයක් තුල  ලිංගික ක්‍රියාකාරකම් නිසා ලිංගික අවයව වල  සංවේදනයන් අවම වීම හෝ නැතිවීම

රෝග ලක්ෂණ මාස හයක් හෝ ඊට වැඩි කාලයක් පවතිනවා.

එය ඔබේ ලිංගික ජිවිතයට මෙන්ම  ජීවන තත්ත්වයට අහිතකර ලෙස බලපානවා.

ඔබත් මෙම රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, එයින් ඇගවෙන්නේ ඔබ වෛද්‍යවරයෙකු මුණ ගැසීම සුදුසු බවයි.

ඔබේ ලිංගික උනන්දුව අඩුවීම ඒ සදහා ඔබට දක්වන තවත් සලකුණක් වෙන්න පුළුවන්.

කාන්තාවන්ට HSDD රෝගය ඇතිවීමට අවදානමක් තිබේද? 

සෑම කාන්තාවකටම මෙම රෝගය ඇතිවෙනවාද යන්න දැනගන්න ඔබ තුලත් කුතුහලක් තිබෙන්න පුළුවන්.

ඇත්තටම මෙම රෝගය වැළදීමට අවදානමක් ඇත්තේ කාටද?

ලිංගික උද්‍යෝගය විනාශ වීම

සියලුම කාන්තාවන්ට වරින් වර ලිංගික ආශාවන්හි වෙනස්කම් අත්විඳිනු ලබනවා. 

HSDD හි රෝගය ඇති වුවහොත් එහි ඉහත සදහන් කල රෝග ලක්ෂණ මාස හයක් හෝ ඊට වැඩි කාලයක් පවතිනවා.

මෙම රෝග ලක්ෂණ ඔබේ ලිංගික ජිවිතයට හෝ ආත්ම අභිමානයට ගැටළුවක් වෙන්න පුළුවන්.

මෙම රෝගය ඇතිවීම කෙරෙහි පහත තත්වයන් කෙරෙහි සැලකිලිමත් වෙන්න

ඔබ තුල පහත රෝග ලක්ෂණයන් පෙන්වන්නේදැයි නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න.

එවිට ඔබත් මෙම රෝගී තත්වයෙන් පෙලෙනවා නම් හදුනාගන්න පුළුවන්.

  • දියවැඩියාව හෝ තයිරොයිඩ් ආබාධ වැනි ලිංගික දුර්වලතා සඳහා දායක වන වෛද්‍ය තත්වයන්
  • මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතය පිළිබඳ ඉතිහාසය
  • ශාරීරික හෝ මානසික අපයෝජනය පිළිබද ඉතිහාසය
  • මානසික අවපීඩනය හෝ කාංසාව වැනි මානසික සෞඛ්‍ය ආබාධ
  • සැලකිය යුතු කාංසාවක් ඇති කරන අධි ආතති රැකියාවක් නියුතු වීම
  • ලිංගික සබඳතා කෙරෙහි විශ්වාසයක් නොමැතිකම

මෙම ලක්ෂණ එකක් කිහිපයක් පෙන් වු පමණින්ම කාන්තාවන් මෙම රෝගී තත්වයෙන් පෙලෙනවා යැයි නියත වශයෙන්ම කියන්න බැහැ. 

නමුත් එම ලක්ෂණ පෙන්වීමෛන් ඔබට රෝගය වැලදෙන්න වැඩි ඉඩක් තියෙනවා.

රෝග ලක්ෂණ සඳහා මූලික හේතුව අවබෝධ කරගැනීම අවශ්‍ය වෙනවා.

එවිට ඔබේ වෛද්‍යවරයාට ඔබේ තත්වය තේරූම් ගැනීමට සහ නිවැරදි ප්‍රතිකාර ලබා දීමට පුළුවන්.

මෙම රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතුද?

HSDD යනු කාන්තාවන් අතර තරමක් පොදු තත්වයකි. කෙසේ වෙතත්, ඒ ගැන ප්‍රමාණවත් දැනුවත්භාවය නොමැතිකම නිසා, රෝග විනිශ්චය කිරීම දුෂ්කර වෙනවා.

පහත තත්වයන් සදහා ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

  • ලිංගිකත්වය කෙරෙහි ඇති උනන්දුව නැතිවීම හෝ එහි තෘප්තිය අහිමි වීම
  • අඩු ලිංගික ආශාව හේතුවෙන් ලිංගික සබඳතාවල ගැටළු මතුවීම
  • ජීවන තත්ත්වයට ඍණාත්මක බලපෑම
  • සමාජ ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව නැතිවීම
  • හීන ආත්ම අභිමානය
  • මාස හයක් හෝ ඊට වැඩි කාලයක් පවතින රෝග ලක්ෂණ

HSDD සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීමේදී, සමහර කාන්තාවන් එය නොදැනුවත් වෙන්න පුළුවන්.

නැතිනම් ඒ සදහා ප්‍රතිකාර වලට යොමුවෙන්න මැළි වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒ සදහා සුදුසු වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර නොගත්තොත් ඔබේ ලිංගික ජිවිතයට කණ කොකා හඩන්නට පුළුවන්.

සහකරුවා වුවද තම සහකාරිය ගැන විමසිල්ලෙන් සිටිය යුතු අතර මෙවන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ඇයව වෛද්‍යයරයෙකු  වෙත යොමු කිරීම සුදුසු වෙනවා.

විවාහ ජිවිතයක එක් අභිමාර්තයක් නම් මුලික අවශ්‍යතාවයන් ගෙන් එකක් වෙන ලිංගිකත්වය මුදුන්පත් කර ගැනීමයි.

එය අඩපණ කරන කුමක් හෝ ගැටළුවක් දෙදෙනා ගෙන් එක් අයෙකු මුහුණ දෙනවා නම් දෙදෙනාම එක්ව සාකච්ඡා කර සාර්ථක විසදුමකට යොමු වීම සුදුසු වෙනවා.

  කාන්තාවනි, ඔබේ ලිංගික ආශාව හීනවීම සුළු කොට තැකීම හෝ සගවා ගෙන සිටීමට උත්සහා කරන්න එපා.

එයින් සිදුවන්නේ ලිංගික සම්බන්ධතා ඔබට වේදනාවක් වෙනවා පමණක් නොවේ ඔබේ සහකරුට වදයක් බවට පත්වීමයි.

ඒ නිසා ඔබට ලිංගික ආශාව කෙරෙහි යම් වෙනසක් හැගේ නම් නිසි ප්‍රතිකාර වලට යොමුවෙන්න අතපසු කරන්න එපා.

මුලාශ්‍ර -  www.healthline.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ ලිංගික ආශාවන් හීන වීම රෝගයක පෙර නිමිත්තක්ද?
බෙදාගන්න :
  • අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

    අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

  • ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න

    ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න

  • අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

    අඩු කැලරි සමග සමබල පෝෂණයක් දෙන ආහාර වර්ග 5ක්

  • ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න

    ඔබේ ලිංගික උද්‍යෝගය විනාශ කරන මේ ‌දේවල් 13 න් ඈත්වෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it