theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

3 අවම කියවීම
නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවටනිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

මධුරි ඩික්සිත් ශ්‍රී ලංකාවට ඇවිත් ගිහින්ලු.

කාලයක් බොලිවුඩය වසග කල මනරම් ඒ හිනාව ඔබට මතක ඇති කියා හිතනවා. ඇයගේ හිනාව ඒතරම් ආකර්ෂණියයි. ඒ හිනාවටම නොදෙවෙනි වු රූප ස්වභාවයකින් යුක්ත වු ඒ සොදුරු ගැහැනිය මධුරි ඩික්සිත් ය.

එදා ඉන්දියාවේ පමණක් නොව හින්දි චිත්‍රපට උන්මාදයක් පවතින ශ්‍රී ලාංකික රසික හදවත් පවා ඇද බැද ගන්නට ඇය සමත් වුවාය.

දැන් ඉස්සර මෙන් රිදි තිරයේ ඇය නිතර දකින්නට නොලැබුනත් ඇය රග පෑ හිත් ගන්නා සුළු චිත්‍රපට අදටත් අපි රස විදින්නේ නොඅඩු වු ඇල්මෙනි.

ඉතින් මේ මධුරී ඩික්සිත්ට ආදරය කරන රසික රසිකාවියන්ට අලුත්ම ආරංචියක් තියෙනවා කියන්න.

ඔන්න මේ නිවාඩුවට මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට ඇවිත්ලු

නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

Photo Credit to timesnownews.com

ඇයට ආදරය කරන හැමෝම දැන් කලබල වෙන්න ඇති නේද? තමන් ආදරය කරන තරුවක් කවුද හැබහින් දකින්න අකමැති? ඒත් දැන් ප්‍රමාද වැඩියි. ඇයගේ ශ්‍රි ලංකා සංචාරය ගැන තොරතුරු ලැබුනේ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන්. එහි ඇය ශ්‍රී ලංකාවේදි ගත්ත ලස්සන ඡායාරූප රුසක් එක්කර තිබුනා. 

ඇයව හමුවෙන්න, කතා කරන්න, ඇයත් එක්ක සෙල්ෆියක් ගන්න නොලැබුනත් ඇය සංචාරයට අපේ රට තෝරා ගැනීම ගැන අපි සතුටු විය යුතුයි නේද?

අපි රිදි තිරයේ දකින්න ආස කල රුව අපේ රටට ඇවිත් ගිහින්.

” ස්වභාව දහම තමයි හොදම තෙරපි ක්‍රමය” 

නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට

Photo Credit to timesnownews.com

ඇය එක් ඡායාරූපයක සටහන් කර තිබුනා

” සංචාරය කරන්න ආසයි” 

ඇය තවත් ඡායාරූපයක සටහන් කර තිබුනා

ඇය හා පැමිණි ඇයගේ සැමියා වු ශ්‍රීරාම් මාධව් නෙනේද ලස්සන ඡායාරූප රැසක් එක්කර තිබෙනු දක්නට ලැබුනා.

View this post on Instagram
Nothing like flying into paradise with the ones you love! Any guesses? A post shared by Dr Shriram Nene (@drneneofficial) on Dec 14, 2019 at 4:39am PST

“ඔබ ආදරය කරන අය සමග පරාදීසයකට යෑම තරම් කිසිවක් නැහැ. කොහේ කියලාද හිතන්නේ”

ඔහු එක් ඡායා රූපයක් යටින් සටහන් කර තිබුනා. ඔහු මෙවැනි තවත් ඡායාරූප කිහිපයක් බෙදා ගෙන තිබුනා.

රංගන ශිල්පිනියකට මොස්තර නිරූපනයෙන් තොර ලෝකයක් තියෙනවාද කියලා ඔබ හිතන්න පුළුවන්.

ඔබේ හිතේ ඇති වෙන මේ පැනයට කදිම නිදසුන තමයි මධුරි ඩික්සිත්.

ඇය තමන්ගේ රංගන ජිවිතයේ හා පෞද්ගලික ජිවිතයේ විවේක ඇති සෑම විටකම සැමියා හා දරුවන් සමග රට රටවල සංචාරය කරනවාලු.

කොහොමත් මධුරි කියන්නේ සංචාරයට බොහොම කැමති රංගන ශිල්පියක්. 

ඇය අලුත් ස්ථාන බලන්න කැමතියි වගේම කුඩා නගර, කඳුකර ස්ථාන, වෙරළ සහ සොබාදහමට සමීප ඕනෑම ස්ථානයක් බලන්න යන්න කැමතියිලු.  

ඇය ස්වභාව දහමටත් හරිම සමීපයි. ඒ නිසාම වෙන්න ඇති ඇය මෙවර කෙටි සංචාරයක් සදහා ඉන්දියන් සාගරයේ මුතු ඇටය තෝරා ගත්තේ.

එහිද ඇය හා ඇයගේ සැමියා ශ්‍රී ලංකාවේ ග්‍රණාත්මක කාලයක් ගත කර ඇති  බවයි වාර්තා වෙන්නේ.

ඇයගේ මේ ගමන සංචාරය පිළිබද සමාජ ජාලයන්හි වන ධනාත්මක විස්තර ඇත්තටම අනෙක් අයට ශ්‍රිලංකාවට පැමිණිමට ආසාවක් ඇති කරනවා නොඅනුමානයි.

පසුගිය වකවානු වල සිදු වු අවාසනාවන්ත සිදුවීම් එක්ක කණකොකා හැඩ වුන අපේ සංචාරක කර්මාන්තයට මෙවැනි සුපිරි තරු ලංකාව සංචාරයට තෝරා ගැනීම නැවත වටිනා කමක් එක් කරනවා. 

මධුරි ඩික්සිත් ගැන බිදක්

නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට
සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

Photo Credit to timesnownews.com

ඇය  ශංකර් සහ ස්නෙලතා ඩික්සිත් ට දාව මධුරි ශන්කර් ඩික්සිත් ලෙස 1967 මැයි 15 වන දින  ඉන්දියාවේ මුම්බායිහි උපත ලැබූවා.

ඇත්තටම ඇය සිහින දැක්කේ නිළියක් වන්නට නම් නොවේ. ඇයට අවැසි වුයේ ක්ෂූද්‍ර ජීව විද්‍යාඥයෙකු වීමටයි.

නමුත් ඇයගේ රුගුම් හැකියාව රුව හා ලස්සන හීනය ඒ හීනය බොද කරන්නට ඇත.

ඇයගේ දෛවය ඇයව ගෙනාවේ අපූරු සංධිස්තානයකටයි. 1980 සහ 1990 කාලය තුල හින්දි සිනමාවේ ප්‍රමුඛ නිළියන් හා නර්තන ශිල්පිණියන් අතර වැජඹුනාය.

සාර්ථක චිත්‍රපට ගණනාවකට රංගනයෙන් ඇය දායක වුවාය. ඉන්දියානු රජය මඟින් ඉන්දියානු පුරවැසියෙකුට පිරිනමන සිව්වැනියට උසස් “පද්ම ශ්‍රී” සිවිල් සම්මානයෙන් ඇය පිදුම් ලැබීය. 

පසුව 1999 දී වෛද්‍යවරයෙකු වු ශ්‍රීරාම් නේනෙයි සමග යුග දිවියට පිවිසි ඇය අද පුතුන් දෙදෙනෙකුට ආදරණීය මවක් වන්නීය. 

මුලාශ්‍ර-tmesnownews , wikipedia, Madhuri Dixit’s IG 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ජනප්‍රිය තරු
  • /
  • නිවාඩුවක් ගත කරන්න මධුරී ඩික්සිත් ශ්‍රී ලංකාවට
බෙදාගන්න :
  • ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

    ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

  • ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

    ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

  • ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

    ශ්‍රී ලංකාව තුල දරුවන් හදා වඩා ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කාරණා

  • ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

    ලිංගික ඉන්නන් ලිංගිකව සම්ප්‍රේෂණය ‌වෙන බැවින් ප්‍රවේශම් ‌වෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it