theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පියවර 3න් ගෙදරදීම හදාගත්ත මැටි එක්ක දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නේ මෙහෙමයි

2 අවම කියවීම
පියවර 3න් ගෙදරදීම හදාගත්ත මැටි එක්ක දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නේ මෙහෙමයිපියවර 3න් ගෙදරදීම හදාගත්ත මැටි එක්ක දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නේ මෙහෙමයි

ගෙදරම තියෙන අමුද්‍රව්‍ය වලින් මැටි වලට සමානවම ක්‍රියාකාරකම් කළහැකි සෙල්ලම් මැටි හදාගන්නා හැටි ඔබ දන්නවද?

දරුවන්ගේ මොලයේ වර්ධනයට ඇඟිලි සහ අත්වල ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් බව මනෝවෛද්‍යවරුන් පවසනවා. ඒ නිසාම පාසල් වල විෂය නිර්දේශයන් තුළ පවා දරුවන්ට මැටි සහ  වැලි සමග සෙල්ලම් කිරීමට අවකාශය දිය යුතු බවට නිර්දේශ කරනවා.

කෙසේ වුවත් දරුවන් සෙල්ලම් මැටි හා වැලි ඇල්ලීමට බෙහෙවින් ප්‍රිය කරනවා. නමුත් බොහෝ විට කාර්යබහුල දෙමාපියන්ට මෙවැනි ඉඩ ප්‍රස්ථාවක් දරුවන්ට ලබාදෙන්න කාලය වගේම ඉඩකඩත් අඩුයි.

නමුත් ඒ හේතුව නිසාම දරුවන්ගේ වර්ධනයට අතිශය වැදගත් ක්‍රියාකාරකම් වල වටිනාකම් ඉවත දමන්න බැහැ.

බොහෝ විට වෙළඳසලේ ඇති මැටි මිලදී ගත්තත් ඉන් අම්මලාට හුඟක් පිරිසිදු කරන කටයුතු වැඩි වෙන නිසා කාලයත් සමග සටන් කරන අම්මලාට එය තරමක් අපහසු කටයුත්තක්.

ඒ නිසා ගෙදරම තියෙන අමුද්‍රව්‍ය වලින් මැටි වලට සමානවම ක්‍රියාකාරකම් කළහැකි සෙල්ලම් මැටි හදාගන්නා හැටි ඔබ දන්නවද?

සෙල්ලම් මැටි හදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි
චොක්ලට් පවුඩර්
වතුර
පොල් තෙල්   

සාදන ක්‍රමය

  1. චොක්ලට් පවුඩර් වලට පාන් පිටි හොඳින් මුසු කර අවශ්‍ය පදමට ජලය සමග මුසුකොට බෝලයක් ලෙස පදම් කරගන්න.
  2. ඉන්පසුව තැන තැන ඇලීම හා ගෑවීම වළකා ගන්න පොල්තෙල් ස්වල්පයක් ඊට මුසුකර නැවත හොඳින් පදම් කර ගන්න.
  3. ගෙදර ඇති ඉවත දමන තරමක් විශාල ඉටි රෙද්දක් වැනි දෙයක් දරුවාට සෙල්ලම් කළ හැකි තැනක එලා මේ අපූරු මැටි ගුලිය දරුවා කැමති ලෙස ක්‍රීඩා කරන්න දරුවාට ලබාදෙන්න.

දරුවාට සෙල්ලම් මැටි දිය යුත්තේ ඇයි? 

දරුවා සෙල්ලම් මැටි වලින් හුඟක් සතුටු වන හැටි ඔබටත් අත් දකින්න පුළුවන් වේවි. අනික් අතට කුඩා දරුවන් එය කටේ දාගත්තත් ඉන් ඉතා විශාල හානියක් නොවීම මෙහි ඇති අනෙක් වාසිය වෙනවා.

ඔබට අවශ්‍ය නම් මෙය සාදාගෙන ශීතකරණයක් තුළ තබා වුවත් ටික දවසක් තියාගෙන දරුවාට අවශ්‍ය වෙලාවට, ඔබට ඉඩ ඇති වේලාවන් වලට ලබා දෙන්න පුළුවන්.

මෙහි ඇති නැවුම් බව වගේම අලුත් අත්දැකීමක් නිසා දරුවන් ඊට කැමති වෙනවා නොඅනුමානයි.

අනෙක් අතට මේ මගින් විවිධ හැඩයේ නිර්මාණ කරන්න ඔබට ගෙදරම ඇති රවුම්, ත්‍රිකෝණ ආදිය ලබාදී සූපශාස්ත්‍ර පාඩමක් කරන්නත් පුළුවන්.  

සෙල්ලම් මැටි එක්ක සෙල්ලම් කිරීමෙන් දරුවන්ට ලැබෙන පාඩම්

දෙමාපියන්ට දරුවන්ට මේ චොක්ලට් මැටි ගුලියෙන් වෙනස් වෙනස් පාඩම් කියා දෙන්න පුළුවන්. මේ නිසා දරුවන්ගේ,

  • සියුම් පරිකල්පනයන් දියුණු වීම.
  • දරුවන්ගේ ඇස්, ඇඟිලි හා දෑත් ක්‍රියාත්මක වීම හරහා මොලයේ වර්ධනයට උපකාර වීම.
  • ඒකාග්‍රතාවය ඉගෙන ගැනීම.
  • අලුත් නිර්මාණයක අගය ඉගෙනීම.

වැනි බොහෝ වටිනාකම් දරුවන්ගේ ජීවිතයට එක් කරන්න කාර්යබහුල වුනත් ඔබට පුළුවන්කම ලැබෙනවා.

ඒ වගේම සෙල්ලම් කරලා අවසන් වූ විට දරුවන්ට ගත්ත දේවල් නැවත පිළිවෙළට අස්පස් කරන්නත් ඒ සමග ඉගැන්වීමෙන් ඔබට වැඩිවෙන වැඩ අඩුවෙනවා.

ඒ වගේම දරුවනුත් පිළිවෙළට වැඩකරන්නත් ඉගෙන ගන්නවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • පියවර 3න් ගෙදරදීම හදාගත්ත මැටි එක්ක දරුවන්ට සෙල්ලම් කරන්න දෙන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

    පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

  • පුංචි පැටියාට පාඩුවේ කරන්න දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක්

    පුංචි පැටියාට පාඩුවේ කරන්න දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක්

  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

    පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

  • පුංචි පැටියාට පාඩුවේ කරන්න දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක්

    පුංචි පැටියාට පාඩුවේ කරන්න දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it