theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශුක්‍රානු ශක්තිමත් කර ගැනීමට නොවරදින උපදෙස් 6 ක් 

4 අවම කියවීම
ශුක්‍රානු ශක්තිමත් කර ගැනීමට නොවරදින උපදෙස් 6 ක් ශුක්‍රානු ශක්තිමත් කර ගැනීමට නොවරදින උපදෙස් 6 ක් 

ශුක්‍රානු ශක්තිමත් කර දරුවෙකු පිළිසිඳගැනීමට වඩා හොඳ අවස්ථාවක් ලබාගන්න පුළුවන්ද ? ඔව් ඔබට පුළුවන්. ශුක්‍රාණු ශක්තිමත් කිරීම සඳහා මෙම ජීවන රටා වෙනස්වීම් හය අනුගමනය කරන්න.

ශක්තිමත් ශුක්‍රානු දරුවෙක් පිලිසිඳ ගැනීමට වැදගත් වෙනවා. එහෙනම් වඩා ශක්තිමත් හා වඩා හොඳ ශුක්‍රානු ලබාගන්න ඔබේ ජීවන රටාවේ මේ වෙනස්කම් කරලා බලන්න.

ඔබ සහ ඔබේ බිරිඳ කතාබහ කරලා ඔබ පවුල ටිකක් ලොකු කරගන්න සූදානම් වුනා නේද? ඒත් මාස කිහිපයක් ගෙවිලා ගියත් අලුත් අමුත්තෙක් එන බවට සලකුණක් වත් නැහැ.

ශුක්‍රානු ශක්තිමත් කර දරුවෙකු පිළිසිඳගැනීමට වඩා හොඳ අවස්ථාවක් ලබාගන්න පුළුවන්ද? ඔව් ඔබට පුළුවන්. ශුක්‍රාණු ශක්තිමත් කිරීම සඳහා මෙම ජීවන රටා වෙනස්වීම් හය අනුගමනය කරන්න.

එවිට ශුක්‍රාණු ශක්තිමත් කර ගෙන පිළිසිඳගැනීමේ අවස්ථා වැඩි කරගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි එය කරන්නේ.

1. ශක්තිමත් ශුක්‍රානු සදහා සෞඛ්‍යමත් ලෙස ආහාර ගන්න

ඔබේ සෞඛ්‍යය, ඔබේ ශුක්‍රානු ශක්තිමත් හා සාරවත්ද කිරීම කෙරෙහි විශාල බලපෑමක් කරනවා.
ගොඩාක් මිනිස්සු බොහෝ විට නොදන්නා එක් කරුණක් තියෙනවා. ඒ සෑම ශුක්‍රානුවක්ම පරිපූර්ණ ලෙස හැඩගැසී නොමැති බවයි.

ඩිම්බයේ බිත්තිය සිදුරු කරන්න ශුක්‍රානු නිවැරදිව හැඩගැසී නොමැති නම්, ඔබට පිළිසිඳ ගැනීම අසීරූ වේවි. ඔබේ ශුක්‍රානු වල ගුණාත්මකභාවය වර්ධනය කිරීමට ෆෝලේට් සහ සින්ක් අධික ආහාර අනුභව කරන්න.

ඔබේ ආහාර වේලේ සින්ක් වැඩි කිරීම සඳහා හරක් මස්, ඌරු මස්, යෝගට් සහ කජු ආහාරයට ගන්න. මෙම සෞඛ්‍ය සම්පන්න ෆෝලේට් ප්‍රමාණය වැඩි කිරීම සඳහා නිවිති, ඇස්පරගස් සහ අලිගැට පේර වැනි කොළ පැහැති ආහාර වැඩිපුර අනුභව කරන්න.

2. ඔබේ බර නිරීක්ෂණය කරන්න

නිරෝගී ශුක්‍රානු සඳහා පිරිමින් අධි බර හෝ අඩු බර නොවිය යුතුයි. බර සම්බන්ධ ගැටළු නිසා ලිංගික ක්‍රියාකාරිත්වය සීමා වීම මෙන්ම පුරුෂයාගේ ලිංගික ආශාවද නැතිවෙන්න පුළුවන්.

අප ඉහත සඳහන් කළ සින්ක් සහ ෆෝලේට් බහුල ආහාර එක්ක ඔබ සෞඛ්‍ය සම්පන්න සහ සමබර ආහාර වේලක් අනුභව කිරීමට වග බලාගන්න.

3.ශක්තිමත් ශුක්‍රානු සදහා ව්‍යායාම කරන්න

ශුක්‍රානු ශක්තිමත් කිරීම සඳහා ඔබ නිතර වෙන් ව්‍යායාම වැඩි වීම අතිශයින්ම තීරණාත්මක වෙනවා. ඒ වගේම ඔබේ බිරිදට සරාගී ලිංගික එක්වීමක් අත්දැකීමක්ද ලැබේවි. ඔබ වැඩිපුර ව්‍යායාම කරන විට, ඔබේ රුධිර සංසරණය වැඩි දියුණු වෙනවා.

ඒ වගේම ගුණාත්මක නින්දක් ලැබෙනවා මෙන්ම ඔබේ සිතේ ස්වභාවයද වැඩිදියුණු කරනවා.
වැඩිදියුණු වු රුධිර සංසරණය ඔබේ සිතේ ස්වභාවය වැඩිදියුණු කරන වෙනත් දේවල වලටද හේතු වේවි.

මෙම ප්‍රතිලාභ වලට අමතරව, ව්‍යායාම නොකරන අයට සාපේක්ෂව ව්‍යායාම වල යෙදෙන්නන්ගේ ශුක්‍රානු ප්‍රමාණය වැඩි බව පර්යේෂණයකින් අනාවරණය කරගෙන තියෙනවා.

4. සම්පුර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න වන්න

 සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ශුක්‍රානු ශක්තිමත් කිරීමට උපකාරී වන වන බව අපි කලින් විස්තර කලා ඔබට මතක ඇති. නමුත්  අපි දැන් ඔබට විස්තර කරන්නේ සෞඛ්‍ය සම්පන්න වීම කොහොමද ශුක්‍රානු ප්‍රමාණයට බලපාන්නේ කොහොමද කියලායි.
අපි මේ ප්‍රධාන විනාශ කාරී ප්‍රභවයන් දෙක ගැන කතා කරමු. එය දුම් පානය සහ මත්පැන් පානයයි.
දුම්පානය ඔබ සම්පූර්ණයෙන්ම නතර කල යුතුයි. දුම්පානය  ඔබේ ශුක්‍රානු ප්‍රමාණය අඩු කරන නිසා ඒවා මන්දගාමී වෙනවා.
ශුක්‍රානු නිෂ්පාදන චක්‍රය මාස තුනක් දිගු බව අමතක  නොකරන්න. ඔබ අධික ලෙස දුම් පානය කරන්නෙක් නම්, එයින් ඉවත් වී ප්‍රතිඵල ලබන්න තව මාස තුනක් ගතවෙනවා.
මත්පැන් බීම සම්බන්ධයෙන් ගත් කල, ඔබට සම්පූර්ණයෙන්ම ඉන් ඉවත් විය යුතු නැහැ.
නමුත් ඔබ භාවිතා  කරන මත්පැන් ප්‍රමාණය සීමා කළ යුතුයි. මත්පැන් මගින් ශුක්‍රානු නිෂ්පාදනය අඩු කරනවා. ඒ වගේම මත්පැන් පානය කල පිරිමින්ගේ ලිංගික හැකියාව සීමා වෙනවා.

5. ශක්තිමත් ශුක්‍රානු සදහා සංසුන් වෙන්න

මෙය කරනවාට වඩා කියන්න පහසු නේද?  විශේෂයෙන් ඔබ එසේ සිටීමට උත්සහ කල  එය සාර්ථක නොවුනේ නම් එය එසේ වෙනවා. මානසික ආතතිය ඔබේ ශරීරයට බොහෝ අහිතකර බලපෑම් ඇති කරනවා  ඔබේ ශුක්‍රානු ප්‍රමාණය අඩු වීම ඉන් එක බලපෑමක් වෙනවා.
පිළිසිඳ ගැනීම ගැන ඔබ බොහෝ වේලා හිතනවා නේද? අපිට ඒ පීඩාකාරී හැඟීම් තේරුම් ගන්න පුළුවන්.
නමුත් ඒවා ඔබේ  අනෙක් වෙනස්කම් වලට හානි කරනවා. අන්න ඒ නිසා සෝෆා එක උඩට වෙලා TV එක බලන්න. ඔබේ යහළුවන් එක්ක ගිහින් චුට්ටක් සෙල්ලම් කරන්න. මෙවැනි  ඔබට සැහැල්ලු විය හැකි  වෙනත් ඕනෑම දෙයක් කිරීමට කාලය ගත කරන්න.

6. ශක්තිමත් ශුක්‍රානු සදහා සිසිල්ව ඉන්න

සමකය  ආසන්න ශ්‍රීලංකාව වගේ රටක උෂ්ණත්වය ගැන කතා කරන්න දෙයක් නැහැ. අධික උෂ්ණත්වයට  ඔබගේ ශුක්‍රානුවට හානි කරන්න  පුළුවන් කියලා දන්නවාද? ඒ නිසා එවැනි අධික උෂ්ණත්වයට නිරාවරණය වෙන අවස්ථාවන් වලින් ආරක්ෂා වෙන්න.
ඒ කියන්නේ ව්‍යායාම් ලබාගැනීමෙන් පසුව උණුසුම් වතුර නෑමෙන් ( steam bath, hot bath) වලින් වළකින්න. මේවායින් සමහර දේවල් අත්හැරීමට අසීරුයි නේද? නමුත් ඔබට ශක්තිමත් හා වේගවත් ශුක්‍රානු ලබා ගන්න නම් මේ දේවල් කරන එක හුගාක් වටිනවා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ශුක්‍රානු ශක්තිමත් කර ගැනීමට නොවරදින උපදෙස් 6 ක් 
බෙදාගන්න :
  • ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්

    ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්

  • පිරිමීන්ගේ සරු බව තුන් ගුණයකින් වැඩිකරන ලිංගික රහස

    පිරිමීන්ගේ සරු බව තුන් ගුණයකින් වැඩිකරන ලිංගික රහස

  • ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්

    ශක්තිමත් විවාහයකට පදනම් වෙන අපුරු කාරණා 8 ක්

  • පිරිමීන්ගේ සරු බව තුන් ගුණයකින් වැඩිකරන ලිංගික රහස

    පිරිමීන්ගේ සරු බව තුන් ගුණයකින් වැඩිකරන ලිංගික රහස

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it