theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුරුෂ මදසරුභාවයට හේතු හා එයට පිලියම්

3 අවම කියවීම
පුරුෂ මදසරුභාවයට හේතු හා එයට පිලියම්පුරුෂ මදසරුභාවයට හේතු හා එයට පිලියම්

පුරුෂ මදසරුභාවයට හේතු හා එයට පිලියම් ඔබට දැන ගන්න වටිනා ලිපියක්

පුරුෂ මදසරුභාව යට (male infertility) හේතු හා එයට පිලියම් ගැන ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හ‌ේවා මහතා වෙතින් ඉතා වැදගත් මාතෘකාවක් අපි ඔබට ග‌ෙන එන්න‌ෙමු.
දරුපල අපේක්ෂාවෙන් වසරකට වඩා වැඩි කාලයක්  අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදී දරුපල නොමැතිනම් එය මදසරුභාවය ලෙසට හදුනාගන්න පුළුවන්. බොහෝ දුරට මෙය රෝගී තත්ත්වයක් නොවීමට පුළුවන්.
සාමාන්‍යයෙන් යුවලක් අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීමෙන් ගැබ් ගැනීමට හැකි සම්භාවිතාව පලමු මාසයේදී 30% මාස හයකට පසුව 75% යි අකන්ඩව වසරක කාලයක් සංසර්ගයේ යෙදුනහොත් එම සම්භාවිතාව 80% ත් 90ත් අතර වෙනවා.
ඒ කියන්නෙ පුරුෂ මදසරුභාව සදහා සම්භාවිතාව 10% ත් 15%ත් අතර වෙනවා. කාන්තාව අවුරුදු 35ට වැඩිනම් එම සම්භාවිතාව 40% වෙන්න පුළුවන්.
පිලිසිද ගැනීමක් සිදුවිමට කාන්තාවන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිවැරැදි  වියයුතුයි. එවිට මසකට වරක් ඩිම්බ නිකුවීම සිදු වෙනවා.
මේ නිකුත්කරන ඩිම්බ පැලෝපීය නාල තුල තැන්පත් වනවා මේ කාලය තුල ඇය පුරුෂයෙක්‍ හා සංසර්ගයේ යෙදීමෙන් පිටවන ශුක්‍රාණු යෝනිමාර්ගයේ මුදාහැරීම මගින් ගැබ් ගෙල මගින් ශුක්‍රාණු ගර්භාෂය වෙත යනවා මේ ශුක්‍රාණු ඩිම්බයක් සමග එක් වන්නේපැලෝපීය නාල තුලදී.
ඉන් පසුව ඒවා ගර්භාෂය වෙත ගොස් කලලයක් වී තමයි දරුවකු දක්වා වර්ධනය වන්නේ.
මදසරුභාවයට ප්‍රධාණ වශයෙන් හේතු කිහිපයක් හදුනාගන්න පුළුවන්:
  • ඩිම්බ කෝෂ වලින් නිසිලෙස ඩිම්බ මේරීම අඩුවීම.
  • පුරුෂ ශුක්‍රාණු වල ප්‍රමාණය හා ගුණාත්මක බව අඩුවීම
  • පැලෝපීය නාල වල අවහිරතා
  • ගර්භාෂය ඇතුළු ප්‍රජනන පද්දතියේ අසාමාන්‍ය තත්ත්වයන් නිසාවෙනුත් දරුවන් පමාවෙන්න පුළුවන්.

පුරුෂ මදසරුභාව සදහා කරන වෛද්‍ය පරීක්ෂණ 

මුලින්ම ඔබේ සායනික ඉතිහාසය ගෙන පරීක්ෂා කරනවා. ඉන් පසුව සමහර විට වැඩිදුර පරීක්ෂණ සදහා යොමු කරනවා. පුරුෂයා ගේ ශුක්‍රාණු පරීක්ෂා කිරීම මෙහිදී කරන සරල පරීක්ෂණයක්.
මෙහිදී ශුක්‍රාණු වල ගුණාත්මක බව හෝ ප්‍රමාණය අඩුබවක් ඇතිනම් සොයාගන්න පුළුවන්.
දුම් පානය මදසරුභාවය බෙහෙවින් වැඩි කිරීමට හේතුවක් වන අතර වෙනත් ශාරීරික දුබලතා නිසාවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පුළුවන්.

පුරුෂ මදසරුභාවයට හේතු: මදසරුභාවය සදහා විසදුම්

IUI හෙවත් intra uterine insemination

මෙමගින් කරන්නෙ පුරුෂයාගේ ශුක්‍රාණු රසායනාගාර තුල සැකසීමෙන් අනතුරුව ඉතා කුඩා බටයකින් කෙලින්ම ගර්භාෂය තුලට තැන්පත් කිරීමයි. ඊට පෙර නියමිත දිනට ඩිම්බ පිටවීම සදහා කාන්තාවට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනවා.  නියමිත ලෙස කරන iui ප්‍රතිකාර ක්‍රමය ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්.
IVF හේවත් in vitro fertilization
IVF නැතිනම් නලදරුවන් බිහිකිරීම ප්‍රචලිත ක්‍රමයක්. දැනට රජයේ රෝහල් වලින් මම ප්‍රතිකාර ක්‍රමය නොකරන අතර පුද්ලික අංශ වල බොහෝවිට කරන ප්‍රතිකාර ක්‍රමයක්.
ප්‍රතිකාර කිරීමෙන් එකවර ඩිම්බ කිහිපයක් මේරීමට ලක් කර ඒවා යෝනිමාර්ගයට ඇතුල් කරල ඉතා කුඩා කටුවක් ආධාරයෙන් පිටතට ගන්නවා. ඉන් පසු එවා ශුක්‍රාණු සමග රසායනාගාරය තුලදී එකතු කර හටගන්නා කලලය අවශ්‍ය කාලය තුලදී ගර්භාෂයේ තැන්පත් කිරීම කරනවා.
නිසි ගුණාත්මක බවෙන් යුතු ශුක්‍රාණු ලබාගැනීමට නොහැකි පුරුෂයන්ගේ වෘෂණ කෝෂ වලින් ශුක්‍රාණු ලබාගෙන icsi කියන ක්‍රමයට ඩිම්බ සංසේචනය වීමට සලස්වන්න පුළුවන්. මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් දරුපල අහිමි අයට  දරුපල ලබාගන්න බොහෝවිට පුළුවන්.
ඔබට සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් වෛද්‍යවරයකු විසින් පරීක්ෂා කර නිර්දේශ කල යුතුය. ඒ සදහා ඔබට අවශ්‍ය උපදෙස් ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු හමුවී ලබාගැනීමට පුළුවන්.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • පුරුෂ මදසරුභාවයට හේතු හා එයට පිලියම්
බෙදාගන්න :
  • SFA පරීක්ෂණය (පුරුෂ මදසරුභාවය පරීක්ෂණය) ගැන විස්තර

    SFA පරීක්ෂණය (පුරුෂ මදසරුභාවය පරීක්ෂණය) ගැන විස්තර

  • මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

    මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

  • SFA පරීක්ෂණය (පුරුෂ මදසරුභාවය පරීක්ෂණය) ගැන විස්තර

    SFA පරීක්ෂණය (පුරුෂ මදසරුභාවය පරීක්ෂණය) ගැන විස්තර

  • මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

    මදසරුභාවයට හේතු සොයන ලැපරොස්කොපි පරීක්ෂණය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it