විවාහක පුරුෂයින්ගේ පොදු මැසිවිලි සහ භාර්යාවන්ට ඒවා නැවැත්විය හැකි ආකාරය

විවාහක පුරුෂයින්ගේ පොදු මැසිවිලි සහ භාර්යාවන්ට ඒවා නැවැත්විය හැකි ආකාරය

ඔබේ අතින් සිදුවන මේ දේවල් වලට සැමියා නිතරම කණු කුනු ගනවාද? මෙන්න ඊට විසඳුම් 7ක්

පිරිමි අකමැති කාන්තා හැසිරීම් වලින් සමහරක් පොදු ලක්ෂණයි. ස්වාමිපුරුෂයෙකු අනවශ්‍ය ලෙස මැසිවිලි නැගීම  වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සූත්‍රයක් කවදා හෝ තිබුනේ නම්, මම දැන ගැනීමට කැමතියි. මක්නිසාද යත්, එය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් කැමති තරමටම, කාන්තාවන් ට මෙය තදින්ම දැනෙන දෙයකි. විවාහක පුරුෂයන්ගේ පොදු මැසිවිලි ගැන මෙසේ විග්‍රහ කළ හැකියි.

කාන්තාවක් හැටියට ඔබට පෙනෙන්නේ ඔවුන්ගේ ජීවිතය කෙතරම්යැයි කියා වුවද, සෑම කෙනෙකුටම අවශ්‍යතා සහ අපේක්ෂාවන් ඇත. ඒවා සපුරා නොමැති විට, කරන පැමිණිලි නිමක් නොවේවි.

ස්වාමිපුරුෂයන් පැමිණිලි කිරීම නතර නොකරන වඩාත් සුලභ හේතු හතක් මෙහි සඳහන් වේ; ඔහු කෙමෙන් එයින් මුදවා ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් සමඟ.

 විවාහක පුරුෂයන්ගේ පොදු මැසිවිලි සහ ඒවාට පිළියම්

1. “අද රෑ ට ඔයා මා එක්ක එකතු වෙනවා ද?”

පිරිමි අකමැති කාන්තා හැසිරීම්

පිරිමි අකමැති කාන්තා හැසිරීම්

පිරිමින් සිතන්නේ බොහෝවිට එක ම දෙයක් ගැනයි. ඉතින් ඔවුන්ට ලිංගික ආශාව ඇති වුනු විට එහි අත්‍යවශ්‍ය භාවයක් දැනෙයි.

ඔබේ දිනය කෙතරම් වැඩ අධික වුවද ඒ ගැන විලාප නඟමින් හෝ දවස අවසානයේදී 
ලිංගිකත්වය ඔබේ මනසෙහි අන්තිම දේ වන්නේ මන්ද යන්න පිළිබඳ ඔබේ පැහැදිලි කිරීමට 
ඇහුම්කන් දීමට ඔවුන්ට අවශ්‍ය නැත.

නැහැ! ඇත්තෙන්ම එවැනි දෙයක් සිහියට නැගෙන්නේ වත් නැති තරම්. ඔහුට අවශ්‍ය වන්නේ ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීම පමණක්ම වෙයි.

තමන් ලිංගිකව තෘප්තිමත් නැති බවට ඔවුන් නගන මැසිවිලි නවතාලන්නේ කෙසේද?

ඔබේ පුරුෂයාගේ මේ මැසිවිල්ලෙන් මිදීමට නම්, උදේ වරුවේ ලිංගිකව එක්වීම පිළිබඳ 
විමසා බලා ඔහු සතුටු කිරීමට උත්සාහ කරන්න. 
නිසැකවම එය වඩාත් ප්‍රායෝගික විකල්පයක් වනු නොඅනුමානයි.
දවස ආරම්භ කිරීම සඳහා මෙය හොඳ ක්‍රමයක් වන අතර, උදෑසන ඇති වන ශිෂ්ණයේ ප්‍රාණවත් භ ඔබ හොඳින් භාවිතා කළ හැකිය.

2. “මමත් කැමතියි හුරතල් වෙන්න”

සමහර පුරුෂයින්ට අවශ්‍ය තම භාර්‍යාවගේ සියලු අවධානය තමන් සතු කරගැනීමට සිතෙයි. 
නමුත් එවන් දෙදෙනක් අතරට ළමයින් පැමිණි පසු තමුන්ට තිබූ අවධානය ඇයගෙන් නොලැබීමත් මැසිවිලි වලට හේතු පාදක වෙනවා.

කාන්තාවන් ස්වභාවයෙන් ම "රැකබලා ගන්නන්" (care-givers) වන අතර දරුවන්ට මුල් තැන දීමට පෙළඹෙන හෙයින් එය බෙහෙවින් වැළැක්විය නොහැකිය.
කෙසේ වෙතත්, බොහෝ පිරිමින් ද ළදරුවන් වන අතර ඔවුන් ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවෙන් පහත් කිරීමට කාරුණිකව නොසිතනු ඇත.

ප්‍රමාණවත් අවධානයක් නොලැබීම ගැන නඟන මැසිවිලි නවත්තන්නේ කෙසේද?

පවුලක් පවත්වාගෙන යාම එතරම් පහසු කාර්‍යයක් නොවේ. ඒත් එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කරන්න.

මෙයින් අදහස් වන්නේ ඔබ දෙදෙනා දිනපතා පිටතට යාම වත්, එකට එක්වී ආහාර ගැනීම වත් නොවෙයි. දරුවන්ගේ දින චරියාව ගැන හොඳින්ම දන්නේ ඔබ නිසා කෙසේ හෝ ඔහුටද වෙලාවක් වෙන් කිරීමයි.

3. “මගේ අම්මා නම් කරන්නේ මෙහෙම නෙවෙයි”

පිරිමි අකමැති කාන්තා හැසිරීම්

එය එසේ විය යුතුම නෑ. ඔහුගේ මව ට සේ ඔබට ඉවුම් පිහුම් කළ හැකි වුවත් නැතත් එය ප්‍රශ්ණයක් කර ගත යුතු නෑ. ඔබ ට තරමහ් හෝ දුරට මුළුතැන්ගෙය හුරු නම් ඒ ප්‍රමාණවත්. (මෙය ඔහු දැන ගත යුතු නැහැ!)

මේ මැසිවිල්ලෙන් ඔබ ගැලවෙන්නේ කෙසේද?

ඔබේ ස්වාමියා දිනපතා ආහාර වේල පිළිබඳව මැසිවිලි නගයි නම් ඔහු වෙතම ප්‍රශ්නය එල්ල කරන්න.. ඔහු ගෙන්ම එයට පිළියමක් ලෙස සෑදිය හැකි දේ අහන්න. හැකි නම් ඔබේ සූප ශාස්ත්‍ර පොත් වෙත නැවත් යොමු වන්න.

පැරණි ඉංග්‍රීසි කියමනක් මේ සම්බන්ධව බැඳේ… “The way to a man’s heart is through his stomach.” එනම් “යම් පුරුෂයෙකුගේ හදවතට යෑමට ඇති හොඳම මාර්ගය ඔහුගේ උදරය හරහාය” යන්නයි.

මෙවන් දේ ගැන කනස්සල්ල පත් වීම හෝ රණ්ඩු දබර කර ගැනීම කොහෙත්ම නොවටියි. බඩ කට පිරුණු පසු සාමය හා නිශ්ශබ්දතාවය පවතිනු ඇත. ඔබේ ස්වාමියා ඉවුම් පිහුම් වලට අකමැත්තක් නොදක්වයි නම් ඔහුටත් දින කිහිපයකට අවස්තාවක් දී ඔබ සුලු විවේකයක් ගන්න.

ඇත්තෙන්ම ඔහු ඔහුගේ මව මෙන් දක්ෂ නම්, මුලුතැණ්ගෙය ඔහුට අමුතු තැනක් වීමට හේතුවක් නැහැ නේද?

4. “ඔයා මහත් වෙලා ද?”

විවාහක පුරුෂයින්ගේ පොදු මැසිවිලි සහ භාර්යාවන්ට ඒවා නැවැත්විය හැකි ආකාරය

අවංකවම කිව්වොත් බොහෝ ස්ත්‍රීන් තමුන් පෙර සිටි ලෙසටම රබර අඩු කර ගැනීමට තමයි කැමැත්ත දක්වන්නේ.

එහෙත් ස්වාමි පුරුෂයන් බලාපොරොත්තු වන්නේ ඔවුන් ආදරේ කරන්න පටන් ගත් මුල් කාලයේ ලෙසම හැමදාම ඔබට ඉන්න ලැබේවියි කියායි.

වයසට යාම, හෝර්මෝන වෙනස් වීම, දරුවන් වැදීම ගැන කිසි විටෙකත් ඔවුන්ට සලකා බැලෙන්නේ නැහැ.

ඔබේ ශරීර ප්‍රමාණය ගැන ඔහු විසින් නගන මැසිවිලි මැඬ පවත්වන්නේ කෙසේද?

සිතා බලන්න. ඔබ ඔහු හා හආදරෙන් වෙලුනු මුල් දිනවල හිටි කඩවසම් කොලු ගැටයා දැන් කොතරම් වැහැරිලා ද? සමහර විට සිහින් සිරුරක් තිබූ ඔහුත් දැන් ලොකු උදරයකට හිමිකම් කියනවා ඇති. එහෙනම් පෙර කී දේ සාධාරන නැති බව ඔබට වැටහෙයි. එහෙත් උත්සාහ කරන්න ඔබේම යහපත සඳහා බර අඩු කර ගැනීමට. එය ඔබ කරන්නේ ඔහු වෙනුවෙන් යැයි ඔහු ට හිතන්නට ඉඩ හරින්න.

යහපත් ශරිර සෞඛ්‍ය තත්ත්වයකින් සිටීම කොයි දේටත් හොඳයි නේද?

 

5. “ඔයා ඉස්සර වගේ ස්පොන්ටේනියස් නැහැ!”

පිරිමි අකමැති කාන්තා හැසිරීම්

 

ඇත්තෙන් ම කිව්වොත් විවාහ වී දරුවන් සිටින මවකට ස්පොන්ටේනියස් වීම (ස්වයං සිද්ධ වීම) හිතා ගන්නට වත් බැරි කාරණයක්. ඔබ දෙදෙනා ලිංගිකව එක් වන වෙලාවකදී දරුවන් කාමරයට පැමිණියහොත් ?? ඔවුන් අසන ප්‍රශ්නවලට ඔබට දෙන්නට පිළිතුරු නැතිවෙනවා.

මේ සියල්ල මොහොතකට අමතක කොට දරුවන් ලැබීමට පෙර මෙන් සිතා දෙවැනි මධුසමයකට යාමට ඔබට පුලුවන් ද? එහෙනම් මේ කියන දෙය ප්‍රායෝගික ද?

හිතූ හිතූ ලෙසින් ඔහු සමඟ එක් වීමට ඔබට නොහැකියැයි මැසිවිලි නගන ඔහුට කල හැකි පිළියම් මොනවා ද?

හැකි නම් නිදි ඇඳේදී නිර්මාණශීලී වන්න.. ඔබේ පරාසය තුල හිඳිමින්, දරුවන් ඔබ අවට රැඳෙනව බව සිහි තබා ගනිමින් ඒ දෙය කරන්න පුලුවන්.

ඔබේ දරුවන් රූපවාහිනිය ලඟ තබා යන්න පුලුවන් වයසක නම් ඔබට පුලුවන් නාන කාමරයේ සිටින ඔබේ ස්වාමියාව පුදුම කරවන්නට.

6. පිරිමි අකමැති කාන්තා  හැසිරීම්: “ගෙදර හැඩි වෙලා”

විවාහක පුරුෂයින්ගේ පොදු මැසිවිලි සහ භාර්යාවන්ට ඒවා නැවැත්විය හැකි ආකාරය

බොහෝ පිරිමින් විශ්වාස කරන්නේ කාන්තාවන් සෑම විටම නිවස පිරිසිදු කිරීම කළ යුතු බවයි.ඒත් ඇත්තටම 
ඔබ දෙදෙනාගෙන් එක් කෙනෙක් වත් අකමැති දෙයක් තමයි හැඩි වුනු නිවසකට ඇතුල් වීම.

නිවස සුද්ධ පවිත්‍ර කිරීම ගැන නගන මැසිවිලි වලට කරන්නෙ කුමක් ද?

පිරිසිඳු කිරීම දෙදෙනා බෙදා ගෙන කරන්න. දෙදෙනාම ජීවත් වෙන නිවස එක් අයකු පමණක් පිරිසිඳු කල යුතු නැහැ. දරුවන් ට කුඩා කල සිට පුරුදු කර ඇත්නම් දරුවනුත් උදව් කර ගන්න පහසු වෙයි.

සෑම කෙනෙකුම තම කාර්යභාරය ඉටු කරන්නේ නම්, පිරිසිදු කිරීම අපහසු වන්නේ නැහැ. ඔහුත් සම මේ ගැන කතා බහ කරගන්න. 
මෙවන් සුලු සුලු වැඩට උදව් දීම නිසා නිදි යහනේ දී ඔහු ට වැඩි සැලකිල්ලක් ලැබෙන බව කොඳුරන්න.

7. “ඇයි ඔයා ළමයින්ව හික්මවන්නේ නැත්තේ?”

ඔහු සිතන්නේ ඔබ ඕනෑවට වඩා සැහැල්ලු බවත් ඔහුගේ මාර්ගය වඩා හොඳ බවත් නිවැරදි බවත්ය.

මේ සම්බන්ධව මැසිවිලි නගන ස්වාමි පුරුෂන් ට දෙන පිලිතුර වන්නේ.

දඬුවම් කිරීමකදී ඔබත් ඔහුත් දෙදෙනාම එක තීරණයකට එකග වන්න.

මවකගේ සහජ බුද්ධිය සැමවිටම ඇගේ දරුවන්ගේ චිත්තවේගීය අවශ්‍යතා සපුරාලීමයි. 
එහෙත් එයින් අදහස් කරන්නේ මේ දේවල් නොසලකා හැරීම නම් නොවෙයි.

 

පරිවර්තනය: බෝසඳුන් ගුණසේකර

මූලාශ්‍ර : WebMD, Huffington Post, Psychology Today

කවරයේ පින්තූර: coachvaleriegreene.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

bosandun