theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිළිටි රෙදි වදෙන් මිදෙන්නේ ‌මෙහෙමයි

5 අවම කියවීම
කිළිටි රෙදි වදෙන් මිදෙන්නේ ‌මෙහෙමයිකිළිටි රෙදි වදෙන් මිදෙන්නේ ‌මෙහෙමයි

කිළිටි ‌රෙදි තව දුරටත් හිසරදයක් ‌නොවෙන්න නම්..

කිළිටි ‌රෙදි ‌වේලාවකට හිසරදයක් වගේ ‌නේද?

අපි අතරේම ඉන්න මවක් ඒක ටිකක් වෙනස් විදියට හිතුවා. ඒ  සසිරික ෆේස් බුක් පිටුව කරන සොහොයුරියයි.

ඇය මේ සටහන් තබන්නේ ඇයගේ දියණිය වෙනුවෙන්. ඒ වගේම අනෙක් අම්මලාට හොද මගපෙන්වීමක් කිරීමත් ඇයගේ අරමුණ වෙනවා.

ඇය විසින් ඇයගේ ෆේස් බුක් පිටුවට ලියන ලද වැදගත් ලිපියක් ඇයගේ අවසරය සහිතව ඇයගේ වචනයෙන් අපි අද ඔබ වෙත ගෙන එනවා.

මේ කිළිටි ‌රෙදි සදහා ඇයගේ විසදුමයි

කවුද අකමැති වැස්සට.
වැස්ස දිහා බලාගෙන ඉන්න.

වැස්ස දවසට දිග ජනේලයක් ලගට වෙලා උණු කෝපි එකක රස බලන් ගමන් පොතක් කියවන්න.

වැස්සෙ හඬට කන්දීගෙන ඇඳට වෙලා අතීත මතක සිහිකරන්න.
පොරවගන ගුලි වෙලා නිදියගන්න.
වැස්සට හැමෝම කැමතියි එක එක විදි වලට.
දිගට දිගට වහිද්දි, අල්මාරි වල ඇදුම් කිලිටි කූඩ වලට දුව දුව එද්දි නම් වැස්ස එක්ක පුංචි අමනාපයක් තමයි හිතට එන්නෙ.
වහිද්දි විතරක් නෙමෙයි ගොඩාක් අය කිලිටි රෙදි ටික සෝදා ගත්තට ඒක අල්මාරියට ‍යවන්න නම් හරිම කම්මැලියි.
මටත් කලකට කලින් ඔය කම්මැලි කම අඩුවක් නැතුවම තිබුනා.
හෝදපු රෙදි ටික වැලෙන් අරං පුටුවක් උඩ හරි ඇඳක් උඩ හරි දින ගානක් තියනවා. ඇදුමක් ඕන උනාම රෙදි පෙරලන් හොයනවා.

අද රෑටනම් කොහොමහරි නවනවා කියලා හිතනවා. ආයෙ අර දේමයි. ගෙදරට අමුත්තෙක් එහෙම ආවොත් වස ලැජ්ජාවයි.

මම මේ විදියට ආසම නෑ. ඉතින් හිතුවා මම කොහොමද මාව මේ රෙදි පැටලුම් වලින් ගලෝගන්නෙ කියලා.

අර කතාවක් තියනවනේ ප්‍රශ්නය තමුන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි කියලා.

අනිත් අයව හදනවට වඩා අමාරුයි ස්වයං වාරණ සහ තීරණ දාගෙන අපිම හැදෙන එක.

ඒත් මං ඒ අභියෝගය ජයගත්තා.
ඒ කොහොමද කියලයි මේ කියන්න යන්නෙ ඔයාලට පොඩි help එකක් දෙන්න රෙදි වදෙන් මිදෙන්න.

කිළිටි රෙදි වදෙන් මිදෙන්නේ ‌මෙහෙමයි

කිළිටි ‌රෙදි

1. එදිනෙදාම සෝදා පිරිසිදු කරගත යුතුම ඇඳුම්: යට ඇදුම්
මේවා දිනපතා සෝදන්නම් ඕනා වගේම අව්වේ වේලාගන්නත් ඕනා.

2. පාට ඇඳුම් - මම නම් මේවා දාන්න කාමරෙන් කාමරේට පොඩි කිළිටි කූඩය බැගින් තියලා තියනවා.

එතකොට මේවා washing machine දාන වගකීම ඔයාගෙ.

හැමදාම උදේට මේ කිළිටි කූඩ ටිකේ රෙදි තෝරලා මැශිම තුලට දාන්න. නියමිත ප්‍රමාණයට පිරුණු ගමන් සෝදන්න.

  • පාට යන ඇඳුම් අපි හඳුනාගෙන තියෙන්නම ඕනා. ඒවා නම් මැශිම තුලට දාන්න එපා කියලා මම කියන්න ඕනා නෑනේ.
  •  තව නූල් පිපෙන ඇදුම් කියලා කොටසකුත් තියනවනේ. කලිසම්, සමහර සායවල් වගේ.

ඒ ටික එකතු කරලා සතියකට වරක් එකට සෝදන්න. ඔයාගෙ ඇඳුම් අතරෙ එහෙම ඒවා නැත්නම් ඒ ප්‍රශ්නෙ ඔයාට නෑ.

3.සුදු ඇඳුම්  - අපේ ගෙදර නම් වෙනමම උස කිළිටි කූඩයක් තියනවා.. ඒකට තමයි office shirt සහ බබාලගෙ uniforms දාන්නෙ. ඒක නම් එයාලමයි කරන්නෙ. මට උදවුවක් විදියට.

4.මේස්  - උදේ ඉඳන් හවස් වෙනකම් හරි පාසල් වෙලාවේ හරි දාගෙන ඉන්න මේස් දෙකෙන් පුංචි හරි අප්‍රසන්න සුවඳක් එන එක වළක්වන්න අපහසුයි.

ක සාමාන්‍යයි.

ඉතින් සතියට වරක් රෙදි සෝදනකම් මේ මේස් අනික් ඇඳුම් සමඟ තිබීමෙන් සේරම ඇදුම් සුඝන්දවත් වෙනවා.

එහෙම වෙනවට මම අකමැති නිසා අපේ උස කිළිටි කූඩෙට උඩින් බිත්තියේ එල්ලා තියෙනවා පොඩි කූඩයක්.

"Socks to me please" කියලා ඒක ගාව පොඩි note එකකුත් තියනවා. ඒකට තමයි හැමෝම මේස් දාන්නෙ.

මම සාමාන්‍යයෙන් කිළිටි ඇදුම් වෙන්කරන කොටස් තමයි මේ.
නමුත් විශේෂ අවස්ථාත් තියෙනවනෙ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මොනාද - හිතන්න ගෙවල් මිදුල් අස් පස් කරන විශේෂ අවස්ථාවක්, ගෙවල් paint කරන, polish කරන වෙලාවක්, අපි මුලු දවසම කුණු ගාගෙන, දාඩිය නාගෙන වැඩ.

තව මුහුදු වෙරළේ ගිහින් කරදිය bath එකක් අරං එන වෙලාවක්.

ඒ ඇදුම් අනික්වා එක්ක දාන්න බෑනෙ. ඒවා එදාට නාන ගමන්ම සෝදලා දාන එක තමයි හොඳම දේ.

කිළිටි ‌රෙදි සේදීම

අපේ ගෙදර රෙදි සෝදන්නෙ washing machine එකේ. කාර්‍යබහුලත්වයට විසදුමක් ලෙස හා වැඩ පහසුකරන උපකරණයක් ලෙස washing machine එක නම් අති මහත් කාර්‍යයක් ඉටුකරනවා.
පාට ඇදුම් එකට සෝදන අතර සුදු ඇදුම් සහ මේස් වෙනමමයි මම සෝදන්නෙ.

  • washing machine එකේ රෙදි සෝදනකොට නම් මම නම් recommend කරන්නෙ සේදුම් දියර. ඒවා රෙදි වල පැල්ලම් තියන්නෙ නෑ වගේම, මැශිමටත් හොඳයි.
  • මතක ඇතිව සාක්කු බලලා දාන්න. බස් ටිකට්, කාසි එහෙම අපේ ඇදුම් වගේම ආදරණීය වොශින් මැශින් යාලුවටත් හානි කරාවි..
  • සුදු ඇඳුම් සහ මේස් නම් සිකුරාදා රෑ සේදුම් දියර වල වෙනම පෙඟෙන්න දාලා සෙනසුරාදා උදේට කොලර්, අත් වාටි brush එකකින් හොඳින් උලලා, මේස් වෙනමම හොඳින් උලලා washing machine දාලා සෝදාගන්නවා. මසකට වරක්වත් බබාලාගෙ ඇඳුම් වලට නිල් දානවා. මේ රෙදි brush කරන වැඩේටනම් මගේ මහත්තයා තමා expert.

නෝනට පොඩි උදව්වක් වෙන එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි.. පවුල් ජීවිතය ශක්තිමත් කරන බන්ධනයක්

රෙදි වැනීම

කිළිටි රෙදි

ඉස්සරනම් අපේ අම්මලා රෙදි වැනුවෙම වැලවල්වල. දැන් නම් ගොඩාක් අය රෙදි වනන්නෙ rack වල. මටත් තියනවා රෙදි rack දෙකක්ම.

මේ rack වැඩේ පහසුකම් ගොඩායි.
1. රෑට උනත් රෙදි ටික සෝදලා වනාගන්න පුලුවන්.
2.වැහි කාලෙට ගේ ඇතුලෙ වැල් බදින්න ඕන වෙන්නෙ නෑ.
3.අහස අපිව සෙල්ලමට ගන්න වෙලාවට පට ගාල රෙදි ටික ගෙට ගන්න පුලුවන්.
4.වැල් වලයි, තාප්ප වලයි, වැටවල් වලයි, ගේට්ටු වලයි නැතුව පොඩි පිළිවෙලක් ඇතුව රෙදි ටික වේල ගන්න පුලුවන්.
5. එක දවසින් වේල ගන්න බැරි උනොත් රෙදි ගඳ නොගහා හෙට වේලනකම් තියා ගන්න පුලුවන්.
6.වැඩට යන ඔයාට towel, රෑ ඇඳුම්, සෝදපු යට ඇඳුම් වගේ ඒවා දවස මුලුල්ලෙ වේලෙන්න වනාලා යන්න පුලුවන්, නොතෙමෙන තැනක තියලා.
7.ඉඩකඩ නැති අයට සුපිරි විසදුමක්.

  • මගේ washing machine එකෙන් එක රෙදි load එකක් රෙදි වේලන rack දෙකයි. ඕකයි රෙදි චක්කරේ.
  •  මගේ rack දෙකට මම රෙදි වනන්නෙත් පොඩි පිළිවෙලකට, රෙදි නවාගන්න පහසු වෙන්නත් එක්ක.
    මගෙයි, මහත්තයගෙයි ඇඳුම් එකක, දරුදෙන්නගෙ ඒවා එකක. ඒකත් එක පැත්තක එක්කෙනෙක්ගෙ වෙන්න.
  • බොහෝ වෙලාවට රෑට නැත්නම් පාන්දරම රෙදි සෝදනවා. එක හිරු කිරණක්වත් අපතේ නොයවා අවසාන හිරු කිරණ වෙනකම් වේලගන්නවා.
  •  shirts සහ බබාලගෙ uniforms අනිවාර්යයෙන්ම hangers වල දානවා.

රෙදි නැවීම

කිළිටි රෙදි වදෙන් මිදෙන්නේ ‌මෙහෙමයි

මැශිම රෙදි සේදුවා, ඉර මාමා වේලලා දුන්නා. ඔන්න මගේ වැඩේට ආවා. වාතම වැඩේනේ.
ඒකත් අපි ලේසියෙන් කරමු.

  • ඒකට මං ගාව තියනවා ලොකු කූඩයක්.
    මම rack දෙක ලඟට අරං, කූඩෙත් ලං කර ගන්නවා. අපේ ගෙදර කාමර පිළිවෙලට තමයි රෙදි නවලා දාගන්නෙ. දූගෙ ඒවා යටටම. ඊළඟට පුතාගෙ, උඩින්ම අපේ. මෙහෙම දාද්දිත් අල්මාරියේ එක තට්ටුවේ අසුරන රෙදි එක ගොඩට අසුරගන්නවා.
  • මගේ රෙදි උඩින්ම තියාගන්නෙ මටම දාගන්න නීතියක් විදියට. මම මේවා අල්මාරි වලට දාන්න පරක්කු කලොත් අනිත් අය එයාලට ඕන ඒවා හොයන්න රෙදිටික අවුස්සයි කියලා මම මටම කියාගන්නවා.
  • ඊළඟට මම මේ කූඩෙත් උස්සන් කාමරෙන් කාමරේට ගිහින් අල්මාරි වලට රෙදි දාගෙන දාගෙන යනවා. පිළිවෙලට නමං තියෙන නිසා වැඩේ ලේසියි. නිසි තැනටම අසුරන්න පුලුවන්.
  • තේරෙන වයසෙ දරුවෝ ඉන්නවනම් එයාලගෙ රෙදි එයාලට දෙන්න නිසි තැන තබන්න කියලා. එයාලත් ඒ වැඩ වලට පුංචි කාලෙ ඉඳලම පුරුදු වෙන එක බොහෝම හොඳයි.

මොකටද මෙච්චර පිළිවෙලක් මේ ඇඳුම් සේදීමකට කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් කරලා බලන්න. ටික දවසක් යද්දි ඔයාට ඒකෙ පහසුව හොඳටම වැටහෙයි.

ඉතින් රෙදි සෝදන, වේලන, නවන හා අල්මාරිගත කරන මගේ ව්දියයි මේ

ස්තුතිය - සස්රික ‌ෆේස් බුක් පිටුවට

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • නිවස
  • /
  • කිළිටි රෙදි වදෙන් මිදෙන්නේ ‌මෙහෙමයි
බෙදාගන්න :
  • අපිරිසිඳු යට ඇඳුම් නිසා කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තුවාල ඇති වේ

    අපිරිසිඳු යට ඇඳුම් නිසා කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තුවාල ඇති වේ

  • අත්සේදීමේ බලය ගුරුවරියක් ලොවට ඔප්පු කර පෙන්වු හැටි

    අත්සේදීමේ බලය ගුරුවරියක් ලොවට ඔප්පු කර පෙන්වු හැටි

  • අපිරිසිඳු යට ඇඳුම් නිසා කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තුවාල ඇති වේ

    අපිරිසිඳු යට ඇඳුම් නිසා කාන්තාවගේ ලිංගේන්ද්‍රියේ තුවාල ඇති වේ

  • අත්සේදීමේ බලය ගුරුවරියක් ලොවට ඔප්පු කර පෙන්වු හැටි

    අත්සේදීමේ බලය ගුරුවරියක් ලොවට ඔප්පු කර පෙන්වු හැටි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it