දැක්කම ආස හිතෙන අඹ අයිස්ක්‍රීම් එකක් හදමුද?
නිවසේදිම අඹ අයිස් ක්‍රීම් එකක් හදලා කන්න කැමතියිද? හරිම පහසුයි. රසයි. ගුණයි. පහත වීඩියෝ එකේ සකස් කරන විදිය ඔබට නරඹන්න පුළුවන්.
බබාලත් අඹ අයිස්ක්‍රීම් කන්න කැමති වේවි. එහෙනම් උත්සහ කරලා බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය
- විශාල අඹ 2 ක්, ඉදුණු සහ ඉස්ම සහිත - කෝප්ප 2 ඉස්ම සෑදීමට (සටහන 1)
- රස කල කිරි (395 g / 14 oz ක කෑන් 1)
- වීප් ක්‍රීම් කෝප්ප 2
- කහ වර්ණකය අවශ්‍ය නම් පමණක් යෙදීමට

අඹ අයිස්ක්‍රීම් සාදන ආකාරය
- අඹ වල මාංශය සූරා බෙනිඩර් කර අඹ ඉස්ම කෝප්ප 2 ක් ලබා ගන්න.
- මද පමණට තාපය යෙදු උදුනක සාස්පානක් තබා එයට අඹ ඉස්ම වත් කරන්න. මිශ්‍රණය හැදි ගාමින් මිශ්‍රණය කෝප්ප 1 දක්වා අඩු වෙනතුරු මිනිත්තු 8 - 10 ක් රත් කරග්න්න
- දැන් මෙම අඹ ඉස්ම මිශ්‍රණය සිසිල් කරගන්න
- එය සිසිල් වු පසු ටින් කිරි හා අවශ්‍ය නම් කහ වර්ණය එක්කරන්න. ඉන්පසු හොදින් මිශ්‍රවෙන තුරු මිශ්‍රකරන්න.
- දැන් ක්‍රීම් එක ගෙන විඩීයෝ එකේ ඇති ආකාරයට හොදින් බීට් කරගන්න.
- ක්‍රීම් හැන්දක් ගෙන අඹ මිශ්‍රණයට දමන්න. ඉන්පසු හොදින් මිශ්‍ර කරන්න.
- ඉන්පසු අඹ මිශ්‍රණය ක්‍රීම් එකට වත් කරන්න. මිනිත්තු කිහිපයක් හොදින් බීට් කරගන්න
- දැන් මිශ්‍රණය තැටියකට වත් කරන්න. වීදුරු තැටියක් නම් වඩා හොදයි.
- ඉන්පසු මිශ්‍රණය යෙදු තැටිය හොදින් වසන්න
- දැන්ය මෙම මිශ්‍රණය මිදීමට පැය 12ක් අධිශීතකරණයේ තබන්න.
- පැය 12 කට පසු ඔබට ඔබ හැදු රසම රස අඹ අයිස්ක්‍රීම් එක පිළිගන්වන්න පුළුවන්. බබාලා වගේම සැමියා වුනත් හරිම කැමති වේවි. නැත්නම් නිවසට එන අමුත්තෙකුට වුනත් පිළිගන්වන්න පුළුවන්.

බලන්න කොතරම් රස අඹ අයිස්ක්‍රීම් එකද්ද කියලා. හදන්නත් පහසුයි නේද? නිවාඩු දවසක හදලා බලලා රසගුණ ගැන අපිටත් කියන්නකෝ.
වීඩීයෝව පහතින් නරඹන්න.
www.facebook.com/recipetineats/videos/1467343539966210/?hc_ref=NEWSFEED
ඔබට මේ ගැන ගැටලුවක් ඇතිනම් ෙහෝ අදහසක් දැක්වීමට අවශ්‍ය නම් පහතින් ඇති කමෙන්ට් තීරුව ඒ සදහා භාවිතා කරන්න.
ඔබ ලගත් රසම රස අයිස්ක්‍රීම් රෙසපි තියෙනවා නම් අප හා බෙදාගන්න.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.