theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?

5 අවම කියවීම
ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?

ඔබේ බිරිඳට විශ්වාසයෙන් ‌ලෝකය ජයගන්න අත්වැලක් ‌වෙන්නේ ‌මෙහෙමයි.

සැමියා බිරිඳට විශාවාසයෙන් ඉදිරියට යන්න අත දෙනවා නම් එවන් සැමියෙක් ලද බිරිඳක් වාසනාවන්තයි.

සිය බිරිඳ තමන්ට මුණ ගැසීමට පෙර සිටියාට වඩා විශ්වාසයෙන් හා ස්වාධීන පෙරට යනවා දකින්න නියම පිරිමියෙක් කැමතියි. 

ඔන්න තාත්තලා ඔයාලාට  අභියෝගයක් තියෙනවා. ඇත්තටම ඔබ ඔබේ  බිරිඳ විශ්වාසයෙන් පෙරට යවන්න ස්වාධීන කරන්න මොනවාද කරලා තියෙන්නේ? 

ඔන්න දැන් කලබල වෙන්න එපා. ඒක කරන්න පුළුවන් ක්‍රම 7 ක් තියෙනවා. ඉතින් මේ අභියෝගය භාර ගන්න ඔබ සුදානම්ද?

හි පළවුන මෙම ලිපිය ඇත්තෙන්ම කියවන්න වටිනවා. තම සහකාරියගේ ආත්ම විශ්වාසය ඉහළ නංවමින් සැබෑ වීරයන් වෙන අයුරු එම ලිපිය සැමියන්ට කියා දෙනවා.

ඒ වගේම සම්බන්ධතාවය තුල සමබරතාවයත් අත්‍යාවශ්‍ය වෙනවා.

මෙන්න මේ දේවල් 7 කිරීමෙන් ඔබ හා ඔබේ බිරිඳ අතර විශ්වාසයෙන් ලං කරාවි.

ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?

1.  සැමියා බිරිඳට: බිරිඳ‌ෙගේ මනසේ සහ හදවතේ ධනාත්මක බවක් ගොඩනඟන්න.

මෙම ලිපියේ ලේඛකයා සිය බිරිඳ ලස්සනයැයි ඇය නොපිළිගත්තත් දිගටම ඇය ලස්සන බව පැවසුවා.

නිතර එය ඇසීමෙන් ඇය තුල ධනාත්මක වෙනසක් වෙනවා ඔහු දුටුවා.

එය උනන්දුව  හා විශ්වාසය ගොඩනැංවීමට සහය වෙන හොදින්ම දන්නා කරුණක් වෙනවා.

ඒ වගේම ඇය තුල ධනාත්මක බවක් ගොඩ නැඟීම තුලින් සම්බන්ධතාවයේ පදනම ශක්තිමත් කර ගන්න පුළුවන්.

ඒ නිසා ඇයගේ පුංචි පුංචි දේවල් අගය කරන්න. මේ දේවල් කරලා ඇය තුල මතුවෙන ප්‍රිතිය දිහා බලන්න.

නමුත් මේ සඳහා ඇයට බොරු කියන්න එපා. එයින් සිදුවන්නේ ඇය තුල ඇති ඔබ ගැන වු විශ්වාසය බිඳවැටීම පමණයි.

2.සැමියා බිරිඳට: ඔබ ඇයගේ ආරක්ෂකයා බව ඇයට දැනෙන්න දෙන්න

මගේ ඉතා ලඟ යෙහෙළියකගේ පියාට දැඩි ගතිගුණ තිබුනා.

ඔහුට බිදවැටීම් සමග කටයුතු කිරීමට  නොහැකි වු අතර ඇයට කරන්න අවශ්‍ය සෑම දෙයකම ඇය විශිෂ්ඨවීම ඔහු බලාපොරොත්තු වුනා.

මෙය මගේ යෙහෙළියගේ ළමා කාලය උදුරා ගත් අතර ඇයට හොඳින් කල නොහැකි යැයි සිතෙන සියල්ල නොකර සිටීමට ඇය පෙළඹුනා.

අවසානයේදී ඇයට දරුවෙකු සිටින විට පවා බිදවැටීම් සදහා වු බිය නිසා ඇය අලුත් දේවල් කරන්න පසුබට වුනා.

අනෙක් අතට ඇයගේ සැමියා ඔහුගේ සීමාවන් පරීක්ෂා කරන්න ඕනිම දෙයක් කළා.

මෙම සමබරතාවය මෙම පවුල තුල හාස්‍යජනක තත්වයක් වුනත් ප්‍රිතිය වෙනුවෙන් යමක් කිරීම දැකීමත් ඇයට හොඳ හැගීමක් ලබා දුන්නා.

ඒ නිසා ඔබේ බිරිඳට අලුතින් යමක් කරන්න අවශ්‍ය නම් ඇයට සහයෝගය දෙන්න.

ඇය අසමත් වේයැයි ඔබට සිතෙනවා නම් ඔබේ අදහස ඔබ තුලම තබාගන්න. 

කවදාහරි දවසක  වැදගත් ‌වෙන්නේ ගමනාන්තය ‌නොව ගමන  බව ඔබ තේරුම් ගනිවි. ඇය අසමත් වුනත් ඒ තුලින් ඇයට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා.

3. සැමියා බිරිඳට: ඇය සතුටු ‌වෙන ආකාරයට ඇයට සලකන්න

ඔබ ඇයව තේරුම් ගත්බව අඟවන්න.

නිදාගෙන නැගිට්ට පසු පොරවනය නවා තැබීම , වෙහෙසබර දවසක අවසානයේදී ඇය වෙනුවෙන් කෝපී එකක් සෑදීම වැනි පුංචි පුංචි දේවල් වලින් ඒක කරන්න පුළුවන්.

තමන්ට අවැසි දේ තේරුම් ගත් කෙනෙකු බිරිඳට සිටින බව ඇය තේරුම් ගැනීම වැදගත් වෙනවා.

ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?

4.ඇයගේ හොද ගතිගුණ මාලාවක් සකස් කර ගන්න

එවන් ලැයිස්තුවක් සකස් කරගන්නා ලෙස ජෙරී උපදෙස් දෙනවා.  පසුව මෙය මතක් කරන්න පුළුවන්.

ඔබේ ශීතකරණයේ දොරේ මෙය සවිකර තබන්න. මෙය නිෂ්ඵල දෙයක් නොවේ. මේ මඟින් ඇය සතුව තිබු ඇයගේ ගුණාංග ඇයට යලිත් සිහිපත් කරනවා.

5. ප්‍රසිද්ධියේ ඇයට ප්‍රසංශා කිරීම ආරම්භ කරන්න 

මෙය ඉතාම වැදගත් දෙයක් වෙනවා. 

මිතුරන් අතර සමහර යුවල වල වෙනස්කම් ගැන කතාබහ කරද්දී අනෙක් අය තමන් සර්වසම්පුර්ණ යුවලක් බව හුවාදක්වන්න උත්සහ කරනවා.

ඔබේ බිරිඳව කාරණයක් ඔප්පු කිරීම සදහා පමණක් වර්ණනා නොකර ඇය කල කී දේ පිළිබඳ ප්‍රසංශා කරන්න.

ඔබ පවසන්නේ ඔබේ සමීපතම මිතුරු සමුහයක් සමඟ නම් ඔවුන් නිසැකවම ඔබ කියන දේ අගය කරාවි.

ඔබ ප්‍රසිද්ධියේ ඇයට ප්‍රසංශා කරන විට ස්වභාවයෙන්ම නිරන්තරයෙන්ම ඇයගේ විශ්වාසය ඉහළ නංවාවි.

6.ඇය වෙනුවෙන් වේලාව තබාගන්න

ගොඩාක් අය වසර ගණන් ගෙවා දමන්නේ අර්ථවත් කතාබහක් වත් නැතුවයි.  මෙය සම්බන්ධතාවයකට සුදුසු නැහැ .

ඔබේ විවාහය තුල ඔබ කරනවාට වඩා වැඩි යමක් ඔබේ බිරිඳ  කරන බව ඇය සිතනවාද?

මෙය ඔබේ සම්බන්ධතාවය තුල පුංචි පිපිරුමක්. එය එසේ වෙන්න ඉඩ දෙන්න එපා.

ඇයට කැමති යමක් කරන්න ඔබේ කාලය වෙන්කර ගන්න. ඔබ හැකි උපරිමය කරන්න පුළුවන්. නැතිනම් මොකුත්ම නොකරන්න පුළුවන්.

නමුත් ඇය පෙරටු කරගත් ගුණාත්මක කාලයක් ඇයට ලබාදෙන්න. මෙය කරලා ඇයගේ විශ්වාසයේ සැබෑ වෙනස ඔබත් අත්විදින්න.

ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?

7.සැමියා බිරිඳට:කොන්දේසී විරහිතව ඇයව පිළිගන්න.

ඔබ යම් කෙනෙකු හා විවාහ වන්නේ ඇයව හා ඇය කරන දේවල් පිළිගන්නා නිසයි. ඇයව කොන්දේසී විරහිතව පිළිගන්න.

ඇය ඔබගේ පවුල තන්නන්ට උදව් වෙන්න සුදානම්.

ඇය ඔබේ හොඳම මිතුරිය වෙන්න ,විශ්වාසනීය උපදේශිකාව වෙන්න පමණක් නොවේ ඔබට අවැසි සෑම විටකම ලග ඉන්නත් ඇය සුදානම්.

ඒ නිසා ඇයව අන් අය හා සංසන්දනය කිරීම නවත්වන්න. හැම පුද්ගලයෙකුටම අන්න්‍ය වු හැසිරීම් රටාවක් තියෙනවා. 

අපිව රොබෝවකින් වෙනස් වෙන්නේ ඒ නිසයි. ඇය කරන දේවල් අගය කරමින් ඇයගේ අනාගතයට පිපෙන්න ඉඩදෙන්න.

ඉස්සර වගේ බිරිඳ  ලිප් බොක්කේ හිරවෙලා ඉන්න අවශ්‍ය නැහැ.

බිරිඳ  කියන්නේ නිවසේ වැඩ දරුවන්ගේ වැඩ වලට නිම වෙලා සැමියා යටතේ ඉන්න වහල් සේවිකාවකුත් නෙමෙයි.

ඒක අද වන විට මුළු මහත් ලෝකයක්ම පිළිගෙන තියෙනවා.

ඉතින් බිරිඳකට තනිව ආත්මවිශ්වාසයෙන් ලොවට මුහුණ දෙන්නත් ස්වාධීනව ජිවත්වෙන්නත් ඇතී අයිතියට පණ පෙවිය හැක්කේ ඇයගේ ලගම හිතවතා වෙන සැමියාටමයි.

මේ ලිපිය තුලින් ඔබට ලබා දුන් පහසු ක්‍රම 7 ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇතැයි අපි හිතනවා. ඉතින් ඔබේ බිරිඳට ආත්ම විශ්වාසයේ හා ස්වාධීනත්වයේ මග පෙන්වන නියමුවා ඔබ වෙන්න.

ඉතින් පියවරුනි මෙය ඔබට දැනුමක් ලබා දුන්නාද? ඔබේ අභියෝගය භාර ගන්න සුදානම්ද ? ඔබේ අදහස් පහතින් සටහන් කරන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ඔබත් බිරිදට විශ්වාසයෙන් හා ස්වාධීනව ඉදිරියට එන්න ඉඩ දෙන සැමියෙක්ද?
බෙදාගන්න :
  • දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

    දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

  • ඔබත් ඔබේ විවාහය තුල මේ දරුණු වැරදි 40 න් එකක් හෝ කරනවාද?

    ඔබත් ඔබේ විවාහය තුල මේ දරුණු වැරදි 40 න් එකක් හෝ කරනවාද?

  • දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

    දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

  • ඔබත් ඔබේ විවාහය තුල මේ දරුණු වැරදි 40 න් එකක් හෝ කරනවාද?

    ඔබත් ඔබේ විවාහය තුල මේ දරුණු වැරදි 40 න් එකක් හෝ කරනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it