සෑම යුවළක්ම කියවිය යුතු විවාහ උපදෙස් 25ක්

සෑම යුවළක්ම කියවිය යුතු විවාහ උපදෙස් 25ක්

විවාහය යනු 50/50 වගකීමක් සහිත් කොන්ත්‍රාත්තුවකට ඇතුළු වීමක් නොවේ. එය 100%ක කැපවීමකි. ආදරය බෙදා දීමකි. බලාපොරොත්තු විරහිත කැපවීමක් තුළිත් වඩාත් ප්‍රසන්න ප්‍රතිඵල අත්විඳීමටද පුළුවනි.

ඔබ විවාහ වී විනාඩි දෙකක්, අවුරුදු දෙකක්, දශක දෙකක් හෝ ජීවිත කාලයක් ම ලෙස හැඟුණත්, මෙය සෑම යුවළක්ම කියවිය යුතු දෙයකි. විවාහය පවත්වා ගෙන යාම එතරම් පහසු කාර්‍යයක් නොවන අතර වරින් වර ඔබට විවාහයට උපදෙස් අවශ්‍ය බව පිළිගැනීමට ලැජ්ජා විය යුතු නැත.

විවාහයට උපදෙස්

එබැවින් ඔබ විවාහයට උපදෙස් මත මෙම ලිපිය කියවන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔබ 
විවාහය සමඟ දුෂ්කර කාලයක් ගත කරන බවයි.

එයින් කියැවෙන්නේ විවාහයේ රසය හා අපහසුව විඳින ලද පැරණ්නන් ගෙන් ඔබට සුළු උදව්වක් අවශ්‍ය බවයි!
විවාහයට උපදෙස් පිළිබඳ වැදගත් කාරණය වන්නේ ඔබ එය තනිවම අත්විඳින්නෙක් නොවන
බව දැන ගැනීමයි. එය සතුටට කාරණයක් නේද?
යුවලක් ඉතා දුෂ්කර අවස්ථාවන්හිදී පවා එකට කටයුතු කර ඇති අතර මරණය දක්වා ඔවුන් 
විවාහ වී සිටි බව දැන ගැනීම සතුටක්!
ඉතින්, සෑම විවාහක යුවළකටම ඇසිය යුතු ප්‍රවීණයන්ගේ විවාහයට උපදෙස් කිහිපයක් මෙන්න.
සෑම යුවළක්ම කියවිය යුතු විවාහ උපදෙස් 25ක්

ඔබට සහ ඔබේ සහකරුට හෝ සහකාරියට සාර්ථක විවාහයක් ඇති කර ගැනීමට උදව් කිරීමට බොහෝ ක්‍රම තිබේ!

සෑම යුවළක්ම දැන් කියවිය යුතු විවාහයට උපදෙස් 25:

1. එකිනෙකාට කැමති වීමට අපහසු වුවද සෑම විටම ආදරය තෝරා ගන්න

අනේ.. ඔහු නැවතත් මේස් බිම ගලවා දමා ගොස්... සියවෙනි වතාවට කිව්වත් ඔහු ඔබේ 
සෝදන ලද නැවුම් රෙදි ගොඩ උඩට කිළිටි ඇඳුම් පොදියක් විසි කළා. 

ඇය සෑම කාමරයකම වායුසමීකරණය දමා ගොස් තිබේද? ඇය හිතන්නේ මට ලොතරැයියක් පහළ වෙලා කියා ද? 

මෙවන් දේ නිතර පවුල් වල අසන්නට ලැබෙනවා. ඔබටත් මේ වා හුරු පුරුදු ඇති. 

මෙවන් අසීරු අවස්තා වලදී ඔබ ඔහු හෝ ඇය ගේ ඒ ක්‍රියාවන් කොතෙකුත් විඳ දරා ගන්නද? කැමැත්තෙන් 
මේවාට මුහුණ දීම අසීරුයි.
නමුත් මෙය මතක තබා ගැනීමට උත්සාහ කරන්න: ඔබේ සම්බන්ධතාවය රකින්න.
එවන් අවස්තාවකදී ආදරය ට මුල් තැන දෙන්න. ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ මුලින්ම ආදරයෙන් බැඳී ඇති බව ඔබ තේරුම් ගත් දිනය සිහියට නගන්න. පොඩි දේවල් ගැන
හිතන්න එපා.
ඔබේ විවාහය ට මුල් තැන දෙන්න.
සෑම යුවළක්ම කියවිය යුතු විවාහ උපදෙස් 25ක්

දෙදෙනා අතර බැඳීමට, විවාහයට මුල් තැන දෙන්න.

1. ඒ කෙටි පණුවුඩයට පිළිතුරු දෙන්න

නිසැකවම, ඔබ මෙතරම් කාලයක් එකට සිට ඇති අතර එකිනෙකා සිතන්නේ කුමක්දැයි ඔබ 
දෙදෙනා නිසැකවම දනී.
ඔව්, ඔහු ගෙදර එන බව කියා සිරීමේදී හෝ ඇය ගෙදර යන විට කිරි එකක් ගෙනෙන්න යැයි ඇය ඔබට 
පණිවිඩයක් එවන විට, එය කියවා පණිවිඩය නොසලකා හරින්න එපා.
"ඔබව දැකීමට බලා පොරොත්තුවෙන් ඉන්නවා" හෝ "ෂුවර්, මම ඔබට උදව් කිරීමට කැමතියි, 
ඩාලින්," වැනි සරල පිළිතුරක් බොහෝ දුරක් යයි.

3. ඔබ දෙදෙනා පමණක් එක් වී පිටතට යාම අනිවාර්‍ය අංගයක් බවට පත් කර ගන්න.

අප සියළු දෙනා දැන් හුරුවී සිටින්නේ අති කාර්‍යබහුල ජීවිතයකටයි.

නිවසේ රැඳී සිටින කාලය තුලත් රූපවාහිනිය හෝ දුරකතනය නිසා නොඑසේත් නම් දරුවන්ගේ විවිධ වූ කාර්‍යයන් නිසා යුවලක් හැටියට එක්ව සිටින්නට, කතා බහ කරන්නට තිබෙන කාලයට සීමා වෙලා.

මේ කියන්න යන ඉඟිය සෑම මසකට ම වරක් හෝ දෙවරක් (ඔබේ ආර්තික මට්ටමත් මෙයට බලපාන නිසා) දරුවන් නොමැතිව ඔබ දෙදෙනා නිවසින් බැහැරට යාම පුරුද්දක් කර ගන්න.

මෙය ආහාර වේලක්, චිත්‍රපටයක් හෝ වේදිකා නාට්‍යයක්, කෝපි කෝප්පයක් හෝ වැව රවුම දිගේ අවිදින්නට යාම වැනි සුළු දෙයක් විය හැකියි.

මෙය කෙතරම් වැදගත් ද යන්න කියා නිමකල නොහැකියි. මුලු සතියේ ම කාර්‍යාලයේ හෝ දරුවන්ගේ රාජකාරීන් වල නිරත වී සිටියත් මේ කියන දෙය ඔබ කිසි සේත් අවතක්සේරු නොකළ යුතුයි. එසේම එයට ප්‍රමුඛතාවය දිය යුතුයි.

එය පැය දෙකකට තුනකට සීමා වුනත් ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ තනිවම කාලය ගත කරන්නට ලැබීම බොහෝ විවාහක යුවල්, මෙය පිළිගැනීමට ලක් කරයි.

එනිසා මෙවන් දිනයක් සැලසුම් කර තබා ගැනීම වැදගත්. එය ඔබ දෙදෙනා ගේම වගකීමක්.

එදිනට දරුවන් බලා ගැනීම කාට හෝ පවරා තැබීම හිතට වදයක් නොවන ලෙසින් ඔබට ඒ කාලය ගත කිරීමට උදව් වනවා ඇති.

4. ඔබේ අවධානය වෙනතකට යොමු කිරීමට දුරකථනයට ඉඩ නොදෙන්න

අපි කොතෙකුත් අපේ ජංගම දුරකතන වල රැඳෙනවා. ඔබ ඉන්ටග්‍රෑම් හී රූප බැලූව ද, නැතිනම් ප්‍රවෘත්ති කියවූව ද ඔබේ සහකරු හෝ සහකාරිය වාහනයට/කාමරයට/ඇඳට එන විට එය පසෙක තබන්න ට පුරුදු වන්න.

විනාඩියක හෝ අවධානයක් සහකරුට/කාරියට ලබා දී ඔවුන් දුරකතනයට වඩා වැදගත් බව ඒත්තු ගන්වන්න.

විවාහ උපදෙස්

5. ඔබට අවශ්‍ය සිනාසෙන්න හෝ අඬන්න ද, එය කුමක් වුවත් ප්‍රකාශ කරන්න. 

ඔබේ විවාහ දිනය ඔබට මතකද? ඔබ සිනාසෙන්නට හෝ අඬන්නට පෙර කවුරු හෝ දකීවි 
යයි ඔබට ප්‍රශ්‍ණයක් වූයේ නැත. වඩා වැදගත් වූයේ ඔබේ සිතැඥි ඔබේ සහකරුට පැවසීමයි. 
අන්න ඒ දෙය අමතක කරන්න එපා. සහකරු සමඟ ඔබේ සිතැඟි බෙදා හදා ගෙන කාලය ගත 
කරන්න.

6. විවාහයට උපදෙස්: තර්ක කරන්නේ ජය ගන්නට නොවේ.

සමහර විට සහකරු සමග උනුසුම් සංවාදයක් ඇති වූ අවස්තාවන් වල වසර ගණනකට එපිට කාරණා ආපසු මතකයට ගෙන ඇවිත් තර්ක කරන්නට ආරම්භ උනේ මන්ද යන්න වත් අමතක වෙයි. තර්කයේ අවසන දිනුමක් ලැබීම ට ඇති අවශ්‍යතාවය නිසා අනෙකා ගේ සිත් රිදවීමට කොතෙකුත් පෙළඹෙයි. විවාහක දෙපලක ගේ උනුසුම් සංවාදයකදී තර්ක විතර්ක කලද ජයග්‍රාහකයෙක් හෝ පරාජිතයෙකු සිටිය නොහැක.

7. ලිංගිකව එක්වීම පසුපසට දමන්නට එපා! සියලු විවාහයට උපදෙස් අතරින් එය ඉතා වැදගත් එකක්

සම්බන්ධතාවයකදී ලිංගික ව එක්වීම ඉතා වැදගත් ය. සෑම විටම එය ට ප්‍රමුඛතාවයක් දිය
යුතු බව තේරුම් ගන්න!

විවාහ උපදෙස්

8. අපහසු කාල වලදී එකිනෙකාට සහයෝගය දෙන්න

“In good and bad, in sickness and health, for richer or poorer” යන මැයින් අදහස් වන්නේ දුකේදීත් සැපේදීත් දෙදෙනා එකාවන්ව සිටිය යුතු බවයි, එකිනෙකාට සහයෝගය දිය යුතු බවයි.

ඔබ විවාහයකට පිවිසෙන්නේ හුදෙක් විනෝදය සඳහා පමණක් නොව, කෙනෙකුගේ ධනයට වහල් වී
හෝ නොව, නරක කාලයේදී ත් ඔහු/ඇය සමඟ ජීවත් වීමේ අරමුණින් බව තේරුම් ගන්න.

9. විවාහයට උපදෙස්: විවාහය කිසිවිටෙකත් 50/50 වන්නේ නැත.

මගේ ප්‍රියතම උපදෙස මෙය යි.  විවාහයක් කිසි සේත් ම 50/50 වන්නේ නත. කෙනෙකු විවාහයට පිවිසෙන්නේ තම උත්සාහයන් 50%ක් දීමට නොව, දෙදෙනාම 100% උත්සාහ කළ යුතුය. මුලු හදින්    ම සියලු යුතු කම් හා වගකීම ඉටු නොවුන හොත් එතන ඇත්තේ අසතුටයි, දෙදෙනාම මෙසේ නොසිතුවොත් අවසානය දික්කසාදය යි.

10. ඔබේ උපරිමයෙන් එකිනෙකා හා බැඳෙන්න.  මේ විවාහයට උපදෙස් කාර්‍යබහුල ඔබටයි

එකිනෙකා කෙරෙහි බැඳීම ගණන් නොගෙන ඉන්න එපා.

ඔබ ඔබේ උපරිමය රැකියාවට, ව්‍යාපාරයට, ඔබේ දෙමාපියන්ට, ඔබේ මිතුරන්ට, ඔබේ 
ජීවිතයේ වෙනත් ඕනෑම දෙයකට ලබා දෙයි. ඒත් ඔබ ලමුළු උපරිමයෙන් කැප විය යුතු ප්‍රධානම 
පුද්ගලයා ඔබේ සහකරුයි. එකිනෙකා ගෙන් වන යුතුකම් ගණන් නොගෙන 
සැහැල්ලුවෙන් හිතන්නට එපා.

11. ඔබේ විවාහය අන් අය සමඟ සසඳීමට යන්න එපා!

අසාර්තක විවාහයන්ට මූලිකම හේතුව අවිශ්වාසය නොවේ, බලාපොරොත්තු කඩ වීමයි. අන් අය සමඟ සසඳා ඔබ ඔබේ විවාහය ගැන අසීමිතව බලාපොරොත්තු තබා ගතහොත් ඒවා බිඳ වැටීමෙන් ඔබ ඔබේ විවාහය ගැන අසතුටට පත් වෙනවා.  මිනිස්සු විවිධාකාරයි. ඒ නිසා සැසඳීම නිශ්ඵලයි.

12. විවාහය ජීවිතය තිබෙන තුරු අඛණ්ඩව පැවැතිය යුතු බැඳීමක්

ජීවිතය අඛණ්ඩයි; විවාහයත් එසේමයි. තරුවන් නිසා හෝ තාවකාලික නතර කිරීමක් වන්නේ නැහැ.

13. කිසි විටෙකත් එකිනෙකා අතර රහස් තබා නොගන්න. මෙය ඉතා තරයේ මතක තබා ගත යුතු විවාහයට උපදෙස් අතරින් එකක්

විනිවිද භාවය විවාහයක තිබිය යුතුම ගුණාංගයක් බව ඔබ දන්නවා ද?

14. විවාහයට උපදෙස්: එකිනෙකාට බොරු කියන්න එපා!

බොරු කීම නිෂ්ඵලයි.  යමෙකු තව කෙනෙකු මත විශ්වාසය තබන්න දිගු කාලයක් ගනියි. එහෙත් ඒ විශ්වාසය බිදී යාමට ගත වන්නේ තත්පර කිහිපයක් වෙන්න පුලුවන්. තේරුමක් නැති බොරුවක් වෙනුවෙන් ඒ විශ්වාසය බිඳ ගන්නා එක අනුවණ කමක්.

15. සමාව ගන්න

ඔබ කවදා හෝ වැරැද්දක් කර ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ වාදයකට පැටලෙන්නේ 
නම්, නිහතමානී වී සමාව ගන්න. 

අහංකාර කම පසෙක තබා වැරැද්දට සමාව අයදින්න. එයි අදහස් කරන්නේ ඔබ මේ විවාහය ට බැඳී සිටින බවයි.

එය ඔබට වටිනා බවයි.

16. ඉක්මනින් සමාව දෙන්න

ඔබේ සහකරු යම් දෙයක් සඳහා සමාව ඉල්ලා තිබේ නම් වහාම ඔවුන්ට සමාව දෙන්න.
එයින් අදහස් කරන්නේ, "මගේ විවාහය මට මගේ ඊගෝවට වඩා වටිනවා, ඒ නිසා මෙය අමතක කරමු" යන්නයි.17. එකිනෙකා කෙරෙහි ඉවසීමෙන් කටයුතු කරන්න

කෙතරම් කල් එකට ජීවත් උනත් එකිනෙකා තේරුම් ගැනීමට නොහැකි අවස්තා ඕනෑ තරම් එළැඹෙනවා.

එකිනෙකා කෙරෙහි රැවුම් ගෙරවුන් වෙනුවට සහකරු තේරුම් ගැනීමට උත්සාහ කරන්න.

දිනෙන් දින ජීවිතේ නව අත්දැකීම සමඟින් මුහුකුරා යන අප නුවණින් කල්පනා කොට අපේ සහකරු හෝ සහකාරිය තේරුම් ගැනීම ජීවිතය පහසු කරවනවා.

18. අනෙකා පහතට නොදමා ධෛර්යමත් කරන්න

ඔබ ඔබේ සහකරු හෝ සහකාරියගේ ලොකුම සහායකයා විය යුතුය. ප්‍රසිද්ධියේ ඔවුන්ට 
හිරිහැර කිරීම, හෑල්ලුවට ලක් කිරීම නොකල යුතුයි. එසේ කලහොත් ලෝකයා වපර ඇහින් 
බලන්නේ සහකරු දෙස නොව ඔබ දෙසයි.
විවාහ උපදෙස්

Source: Pixabay

19. ඔබේ සහකරු හෝ සහකාරිය ගැන අන් අය සමඟ හෝ සමාජ මාධ්‍ය ජාල වල වැරදි ලෙස කතා නොකරන්න

එවැනි දේ කිරීම ඔබින්නේ යෞවනයන්ටයි. මේ විවාහ උපදෙස එවැනි දෙයින් මිදී වයසින් මුහුකුරා ගිය විවාහකයන් සේ හැසිරීමටයි.

20. සෑම විටම ඔබේ මංගල මුදුව අඳින්න

මුදුව ඔබේ විවාහයේ සංකේතයකි. ආඩම්බරයෙන් එය පැළඳීමට අමතක නොකරන්න!

21. ඔබේ සහකරු ට කිසි විටෙකත් තර්ජනය නොකරන්න

දික්කසාදය ගැන හෝ වෙන්වීම ගැන කියා සහකරුට තර්ජනය නොකරන්න. “ඔබට මම දෙන්නේ සීමිත කාලයක්!!” වැනි දේ විවාහයකට ඔබින නොවේ.

22. එකිනෙකාට ගරු කරන්න

බැලූ බැල්මට එය ලෙහෙසි දෙයක් මෙන් පෙනුනත් සමහර අවස්තාවන් වල අහංකාරකම පසෙකලා ඒ ගරුත්වය දීමට හෝ රැක ගැනීමට උත්සාහ කරන්න.

23. එකිනෙකා අගය කරන්න. එය පෙන්වන්න

වාහනයේ දොර ඔබ වෙනුවෙන් ඇරීම හෝ ඔබ කියන යමක් වැඩ ඇරී එද්දී රැගෙන ඒම වැනි සුළු කාරණාවක දී වුවද ස්තූති කිරීමට අමතක නොකරන්න. මෙවැනි දේ ගොඩක් දේ කියා පාවි.

24. එකිනෙකා හෑල්ලුවට ලක් නොකරන්න

ඔබේ ස්වාමිපුරුෂයාට හෝ බිරිඳට කුඩා දරුවෙකු ලෙස සලකන්න එපා. ඔවුන් පවුල වෙනුවෙන් කරන කැප කිරීම් ප්‍රමාණවත් නොවන බව සිතීමට ඉඩ නොදෙන්න.

25. විවාහයට උපදෙස්: ඔබ ඔබේ සහකරු ට සැලකිය යුත්තේ ඔබේ දරුවාගේ සහකරු යම් දිනෙක ඔබේ දරුවාට සැලකිය යුතු ආකාරයටයි

මෙය හරිම වැදගත් දෙයක්. ඔබේ දරුවන් ඔබ දිහා බලන් නොයෙක් දේ ඉගෙන ගන්නවා.

ඔබ ඔවුන්ට හොඳ ආදර්ශයක් පෙන්වන්නේ නම්, ඔවුන්ගේ ජීවිත කාලයම ගත කිරීම සඳහා සුදුසු ආකාරයේ පුද්ගලයකු ආකර්ෂණය කර ගැනීමට ඔවුන් ඉගෙන ගනීවි.

 වැඩිහිටියන් ගෙන් කොතෙකුත් හෝ විවාහ උපදෙස් කියවූවද ඒවා පිළිපැදීමට මැලි නොවන්න. ඔවුන්ගේ ජීවිත වලින් අපට යම් දෙයක් ඉගෙනගත හැකි නම් එය අගය කරන්න.

ඔබ මේ සඳහා එකතු කිරීමට කැමති විවාහ උපදෙස් තිබේද? ඔබේ අදහස් theAsianParent Sri Lanka හි අප වෙත දන්වන්න!

මූල් ලිපිය: www.theAsianparent.com 

පරිවර්තනය – බෝසඳුන් ගුණසේකර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

bosandun

කතන්දර ලිපි