දරුවන් ලැබුනු පසු විවාහය තුළ ආදරය අඩු වනවාද?

දරුවන් ලැබුනු පසු විවාහය තුළ ආදරය අඩු වනවාද?

දරුවන් ලැබුනු පසු දෙමාපියන්ගේ ආදරය අඩු වෙනවාද? මේ ගැන කළ අධ්‍යයනයකින් ඒ ගැන රසවත් තොරතුරු සැපයෙනවා. කියවලාම බලමු.

බොහෝ විවාහක යුවළයන් විශ්වාස කරන්නේ තම පළමු දරුවා ඉපදුණු පසු යලි කිසි දිනෙක සාමාන්‍ය සංවාදයක් හෝ රාත්‍රී නින්දක් තිබිය නොහැකි බවයි. දෙමාපියන් අතර ආදරය පවත්වාගෙන යාම අභියෝගයක් බවයි.

නමුත් ඔබට කීමට හොඳ ආරංචියක් ඇත: සංක්‍රාන්ති කාලය බොහෝ විට දෙවන දරුවාගෙන් පසු එතරම් දිගු නොවේ.

දෙවන දරුවාගේ උපතින් පසු ආරම්භක සති හතරක හැඩගැසීමේ කාල පරිච්ඡේදයක් තිබිය හැකි අතර, යුවළයන් බොහෝ විට මාස හතරක් තුළ සිදුවන සියළු වෙනස්කම් වලට අනුවර්තනය වේ.

මේ වන විට ඔවුන්ගේ විවාහයේ ගුණාත්මකභාවයද දරුවා උපදින්නට පෙර තිබූ තත්වයට නැවත පැමිණෙනු ඇත.

දෙමාපියන් අතර ආදරය

දෙමාපියන් අතර ආදරය කෙතරම් ගුණාත්මකද යන්න මැනීමට කළ අධ්‍යයනය

මෙම සොයාගැනීම, අළුතින් දරුවෙකු උපදින වාරයක් පාසා විවාහ තෘප්තිය අඛණ්ඩව අඩුවෙමින් පවතින බව යෝජනා කර ඇති වෙනත් අධ්‍යයනවලට පටහැනි සොයාගැනීමක් වනවා.

එය the journal Couple and Family Psychology: Research and Practice: ර්යේෂණ සහ පුහුණුව යන සඟරාවේ ප්‍රකාශයට පත් කෙරුනා.

දෙවන දරුවා ඉපදී වසරකට පසු පර්යේෂකයන් විවාහයේ වෙනස්වීම් පරීක්ෂා කළ විට, බොහෝ යුවළයන් ඔවුන්ගේ විවාහයන් කෙරෙහි. සෘණාත්මකව ආකල්පයකට වඩා ධනාත්මක වූ අතර සුළු වෙනසක් සහිතව සංක්‍රාන්තිය කළමනාකරණය න බව දක්නට ලැබුණා.

සමස්තයක් වශයෙන්, අලුත උපන් බිළිඳා පවුලට එකතු වූ විට සහකරුවන් අත්විඳිනු ලැබුවේ සුළු අභියෝගයන් පමණයි.

මිචිගන් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය බ්‍රෙන්ඩා වොලිං පවසන්නේ “සැලකිය යුතු වෙනසක් සිදු වූ විට පවා එය බොහෝ විට කෙටිකාලීන වෙනසක් පමණක් වූවා.

සහකරුවන්ගේ දෙවන දරුවාගේ උපතෙන් පසු ඇති වන අර්බුදයට වඩා පවුල්වලට ඔරොත්තු දීමේ හැකියාව සහතික කෙරුනා.

දරුවන් ලැබුනු පසු විවාහය තුළ ආදරය අඩු වනවාද?

ආදරය දළුලන දෙමාපිය මධුසමය

මෙම අධ්‍යයනය සඳහා පර්යේෂකයෝ විවාහ වූ 200 කට වැඩි පිරිසක් යොදාගත්තා.

ගැබ්ගැනීමේ අවසන් ත්‍රෛමාසිකයේ සිට දරුවාට මාස 1, 4, අට සහ 12 මාසයෙන් පසු දක්වා කාලය තුළ, සහකරුවන් විවාහය ගත කළ ආකාරය ගැන සොයා බැලුනා.

විවාහ සහකරුවන් අතර සන්නිවේදනය, දෙමව්පියන්ගේ මානසික ආතතිය, පවුලේ අයගෙන් සහ මිතුරන්ගේ සහයෝගය සහ ඔවුන්ගේ විවාහය පිළිබඳ සමස්ත තෘප්තිය පිළිබඳව යුවළයන් ස්වයං වාර්තා සම්පූර්ණ කළා.

බොහෝ සහකරුවන්ගේ භාර්යාවන් සියයට 44 ක්  සිටියේ ධනාත්මක විවාහ සබඳතාවල සුළු පරිහානියක් වාර්තා කළා.

නමුත් විවාහ ගැටුම්වල වැඩි වීමක් දක්නට තිබුනේ නැහැ.

ස්වාමිපුරුෂයන් සොඳුරු කාලයක් නොහොත් මධුසමයක් වාර්තා කළේ දරු උපතින් පසු මාසයේ සිට මත ගැටුම් අඩු ප්‍රමාණයක් අත්දකිමිනුයි.

ඇතැම් යුවළයන්ට වඩාත් දුෂ්කර කාලයක් තිබුණා. ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් ඔවුන්ගේ විවාහයන් පිළිබඳව විවිධ මත දැරූවා.

ඒ අතර පිරිමින් කියා සිටියේ ඔවුන්ගේ විවාහයන් කාන්තාවන්ට වඩා තෘප්තිමත් හා ධනාත්මක බවයි.

පළමු දරු උපතෙන් පසු යුවළයන් තම ගෘහස්ථ හා දරු ප්‍රසූතියේ වගකීම් වඩාත් සාම්ප්‍රදායික බව පෙර අධ්‍යයනයන්ගෙන් හෙළි විය.

භාර්යාවන් ස්වාමිපුරුෂයන්ට වඩා වැඩ කළා. සාම්ප්‍රදායික ශ්‍රම විභේදනයේ මෙම වෙනස්කම්, උපතින් පසු විවාහ තෘප්තිය අඩුවීමට හේතුව විය හැකි බව වොලින් පැවසුවා.

"අප සොයා ගන්නේ ළමා රැකවරණය සම්බන්ධයෙන් කරන්නේ කුමක්ද යන්න නොව, දරුවන් රැකබලා ගැනීම පිළිබඳව සහකරුවන් සන්නිවේදනය කරන ආකාරයයි."

දුෂ්කර සංක්‍රාන්තියක් සහිත සහකරුවන් ළමයින් රැකබලා ගැනීමේදී විනාශකාරී විවාහ සන්නිවේදනය. (කෑගැසීම, දොස් පැවරීම, තම සහකරුට හෝ සහකාරියට තර්ජනය කිරීම) භාවිතා කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

දරුවන් ලැබුනු පසු විවාහය තුළ ආදරය අඩු වනවාද?

මේ අතර, වඩාත් ඵලදායී සන්නිවේදනයක් සහ ගැටළු විසඳීමේ උපාය මාර්ග භාවිතා කරන සහකරුවන් ඔවුන්ගේ දෙවන දරුවාගේ උපතින් පසු වඩා ධනාත්මක වනවා.

සහකරුවන්ගෙන් සියයට තිස් පහක් උපතින් පසු වැඩි ආතතියක් හා බාධාවක් වාර්තා කළහ.

භාර්යාවන් වැඩි මතගැටුම් වලට මුහුණ දුන් බව සටහන් කළා. ස්වාමිපුරුෂයන් පැවසුවේ විවාහය පිළිබඳ ඔවුන්ගේ ධනාත්මක හැඟීම් අඩුවී ඇති බවයි.

මෙම කණ්ඩායමට වඩා දුෂ්කර කාලයක් තිබුණද වඩාත් අභියෝගාත්මක කාලය කෙටි කාලයක් බව මනෝවිද්‍යාව, සංඛ්‍යාලේඛන හා අලෙවිකරණය පිළිබඳ මහාචාර්ය සහකාර රිචඩ් ගොන්සාලෙස් පවසයි.

යුවළයන් මාස හතරකින් පසු යළිත් ධනාත්මක විවාහ සබඳතාවල නිරත වුණා.

ධනාත්මකව සන්නිවේදනය කරන සහ පවුලේ අයගෙන් සහ මිතුරන්ගේ සහයෝගය ලබා ගන්නා යුවළයන්ට මානසික ආතතිය සමඟ සාර්ථකව කටයුතු කිරීමට හැකි වන අතර එමඟින් විවාහය පිරිහීම වළක්වන්නට හැකියාව ඇතැයි වොලින් පවසයි.

ටෙක්සාස් ටෙක් විශ්ව විද්‍යාලයේ සහ ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ මෙම අධ්‍යයනයට දායක වුනා.

දෙමාපියන් අතර ආදරය අභියෝගයක් වීමේදී විවාහයන්හි අහිමි විය හැකි දේ

වසර ගණනාවක් ගෙවී යත්ම, විවාහය තුළ නව්‍යතාවයෙන් බොහොමයක් ඉවත්ව යන අතර සම්බන්ධතාවය සමීප සම්බන්ධතාවයකින් තොරව උදාසීන කලාපයකට ගමන් කරන්නට ගන්නවා.

වෙනස් වූ ප්‍රමුඛතා සහ දෛනික ජීවිත ආතති එක් වූ විවාහ ජීවිතය තුළ සහකරුවන් එකිනෙකා සමඟ ගත කරන කාලය සොරකම් කරනවා.

තවත් කාරණයක් වන්නේ තෘප්තිමත් බවයි. උදාසීන බව හා කම්මැලි කම සාමාන්‍ය මිනිස් ප්‍රවණතාවක්. මේත් සමඟ දෙදෙනා අතර මුලදී හටගත් සමීප සම්බන්ධතාවයේ ඈලෝකය කෙමෙන් අඳුරු වනට ගන්නවා.

තෙවනුව, වයස්ගත වීමත් සමඟ සෞඛ්‍ය ගැටලු වර්ධනය වන අතර ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු වේ. ලිංගික උද්‍යෝගය නැතිවීම, ගැබ් ගැනීම, වගකීම් සහ ශරීර ප්‍රතිරූපය යන කරුණු යුවළකගේ ලිංගික ජීවිතයට බලපෑම් කළ හැකිය.

ආදරය, විශ්වාසවන්තභාවය, ඇදහිල්ල සහ ශ්‍රේෂ්ඨ ලිංගික ජීවිතය යන පරිපූර්ණ මිශ්‍රණයක් සදාකාලික සම්බන්ධතාවයක් සඳහා අපූරු වට්ටෝරුවකි.

සාර්ථක දිගුකාලීන විවාහයන් පවත්වාගෙන යන බොහෝ යුවළයන් ඔබට කියනු ඇත්තේ විවාහ පොරොන්දුව ආරක්ෂා කිරීමට මිත්‍රත්වය, සහයෝගය සහ විශ්වාසය යන  ගුණාංග, සමීප සම්බන්ධතාවයක් පවත්වාගැනීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.

ඔබේ සම්බන්ධතාවයේ මුල් වසර දෙස ආපසු හැරී බලන විට, ඔබේ මතකයට මුලින්ම ඇතිවූ ප්‍රීතිමත් සතුට සිහිපත් වේවි. මෙම සතුට දිනෙන් දින නැවුම් කරගනට ඔබේ සිතිවිලි අළුත් කරගැනීමෙන් සහ නිරන්තර කැපවීමෙන් ඉටු කරගන්නට පුළුවන්.

 

මූලාශ්‍ර: futurity.org

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි