theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

විවාහ දිවියේ ගැටළු වලට දරුවන් ඉත්තන් කරගන්න එපා

3 අවම කියවීම
විවාහ දිවියේ ගැටළු වලට දරුවන් ඉත්තන් කරගන්න එපාවිවාහ දිවියේ ගැටළු වලට දරුවන් ඉත්තන් කරගන්න එපා

දෙමාපිය පදවිය ඉතා ගැඹුරු, වටිනා මානුෂීය ගුණාංගයක් බව ඔබට මතක් කර දෙන්නට අපි සිතුවේ දරුවන් ගැන දුක හිතෙන කතා නිතරම ඇසෙන නිසයි.  

උපතේදීම මරා දමන, කුණු ගොඩවල් වලට දමා යන, ළමා නිවාස වල දමා යන නැතිනම් දරුවන් සමග ජීවිතය නැතිකර ගන්නා දෙමාපියන් ගැන අපේ පුංචි රට තුළ අපි නිරන්තරයෙන් අහනවා. නමුත් දරුවන් ලෝකයට බිහිකළ පසු දෙමාපියන්ගේ යුතුකම ගැන අපි නැවත නැවත සිතා බැලිය යුතු කාරණයක් යැයි අපි සිතනවා. විශේෂයන්ම විවාහ දිවියේ ගැටළු හා ළමයි ගැන අපි කතා කරමු. 

දරුවන් ලෝකයට ආවේ ඇයි?

දරුවන් දරුවන්ගේ උවමනාවක් නිසා කිසි දවසක මේ ලෝකයට ආවේ නැහැ. එය ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ උවමනාව, කැමැත්ත නැතිනම් දුරදිග නොබැලීම නිසාත් සිදුවන්නට පුළුවන්.

නමුත් එහි වගකීම කිසිවිට උපදින දරුවා හෝ ලෝකයට බාර කරන්න දෙමාපියන්ට බැහැ. දෙමාපියන්ට කිසි විටකත් ඒ නිසා දරුවන්ට ඇඟිල්ල දිගු කරන්න බැහැ. දරුවන් ලෝකයට බිහිකළා නම් එහි සියලු වගකීම් ඇත්තේද දෙමපියන්ටයි.

ඔබට දරුවා සම්පතක් යැයි නොසිතෙන්නේ නම්

කරුණාකර මේ ගැන දසදහස් වරක් හිතන්න. ඔබ නිත්‍යානුකූල විවාහක යුවලක් වුවත් දරුවන් පිළිබඳ ඔබට දැරිය හැකි වගකීම් ප්‍රමාණය සීමාව ගැන මනා අවබෝධය වැදගත්. දරුවන් සම්පතක් වුවත් ඔවුන්ට අවැසි නිසි රැකවරණය දීමට නොහැකි නම් ඔවුන් අතරමං කිරීමට සිදුවෙනවා නම් දරුවෙකු මේ ලෝකයට ගෙන එන්නට පෙර සිතන්න.

ඔබ ගේන මේ සම්පත රැකීම ඔබේ වගකීම බව සිතන්න. නමුත් ඔබට දරුවන් සම්පතක් සේ නොසිතේ නම් ලෝකයේ උවමනාවටත් අන් ඇයගේ උවමනාවටත් දරුවන් ලොකු මහත් කළ නොහැකි බව අවබෝධ කරගන්න.

විවාහ දිවියේ ගැටළු: දරුවන් වෙනුවෙන් පුංචි ප්‍රශ්න අමතක කරන්න

සමහර විට අපිට එදා තනිකඩව සිටි කාලයේ මෙන් දරුවන් ලැබුණු විට ජීවත් වන්නට අමාරුයි. අපිට ඒ වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන්නට වෙනවා. නමුත් ඊට අපිට නිදහසට කාරණා නැහැ. මන්ද මේ ලෝකයට ඔවුන්ව රැගෙන ආවේ ඔබ දෙදෙනායි.

ඒ නිසා ඔබට ඒ ගැන නැවත නැවත පසුතැවෙන්න බැහැ. ඒ නිසාම සමහර ජීවිතයේ සිදුවන අඩුපාඩු, නොගැළපීම් දරුවන් ඉදිරියේ යටපත් කර ගන්නත් ඊට කැපවෙන්නත් දෙමාපියන් ලෙස අපි සූදානම් විය යුතුයි.

විවාහ දිවියේ ගැටළු වලට දරුවන් යොදා ගන්න එපා

අද අපිට පුදුම සිතෙන තරමින් අනියම් සබඳතා නිසා ඊට මැදිවන අසරණ දරුවන් ගැන වාර්තා වෙනවා. දෙමාපියන් ලෙස මෙවැනි සබඳතා වලට මුල පුරන්නට පෙර හය හතර නොදන්න අහිංසක ඔබේ පැටවුන් ටික ගැන නැවත නැවත සිතන්න. ඔබේ බිරිඳ සැමියා කරන වැරදි නිසා තවත් සහකරුවෙක් සහකාරියක් සොයා යන්නට පෙර දරුවන්ගේ අනාගතය ගැන නැවත සිතන්න.

ලෝකයෙන් අපිට සහකරුවෙක් සහකාරියක් දිනෙන් දිනට මාරු කළ හැකි වුනත් ඔබ මේ පුංචි පැටවුන්ට අම්මෙක් තාත්තෙක් ජීවිතයට නැවත නොලැබෙන බව අමුතුවෙන් කියන්න උවමනා නැහැ. තාවකාලිකව ඔබ ජීවිතයට යන එන පුද්ගලයන්ට වඩා ජීවිත කාලයටම ඔබට අම්මා තාත්තා කියා අමතන ඔබේ ලෙයින් හැඳුන දරුවන් අසීමිතව නැති බව සිතන්න. ඔබ දෙමාපියන් වී හමාර නම් ඔබට ඇති වගකීම ගැන නැවත නැවත සිතන්න. ඔබ දරුවා අසරණයෙකු කරන්න එපා.

දරුවන් හැරුණ ඔබ සොයන සතුට හරිම තාවකාලිකයි

දරුවන් හැර දමා සතුට සොයා යන දෙමාපියන් අපි අසා තිබුනත් ඔවුන්ටත් කියන්නට කතාවක් තිබුනත් දරුවන් විෂයෙහි එය සාධාරණිකරණය කළ හැකිද? අසරණ දරුවන් ලෙස ඔවුන් දෙමාපිය ආදරය එකසේ සොයන අතර ඒ හිස්තැන කිසිවෙකුට පිරවිය හැකි නොවනු ඇත.

දරුවන් සමග සියදිවි නසාගන්නට යන්නට සිතන්න එපා. දරුවන් සමගම සිය දිවි නසා ගන්නා මව්වරුන්, පියවරුන් ගැන අපි අසා තිබෙනවා. නමුත් ඔබ මේ බිල්ලට ගන්නේ ඔබේම දරුවන් බව අමතක කරන්න එපා. සමහර දරුවන් මෙවැනි අවස්ථාවන් වල නිරුපද්‍රිතව ජීවත් වීමත් සමග ඔවුන් අනාගතයට කෙසේ මුහුණ දේ දැයි සිතන්න.

දෙමාපිය පදවිය ඉතා ගැඹුරු, වටිනා මානුෂීය ගුණාංගයක් බව ඔබට මතක් කර දෙන්නට අපි සිතුවේ දරුවන් ගැන දුක හිතෙන කතා නිතරම ඇසෙන නිසයි.  

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • විවාහ දිවියේ ගැටළු වලට දරුවන් ඉත්තන් කරගන්න එපා
බෙදාගන්න :
  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

    එදා වගේ ඔබේ සැමියා තවමත් ඔබට ආදරෙයි ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it