පැය 24 ම නිවසට කොටු වු විවාහය මට තිත්ත වුනා

පැය 24 ම නිවසට කොටු වු විවාහය මට තිත්ත වුනා

විවාහය තුල ගැටළු සදහා ගොඩාක් දුරට හේතු වෙන්නේ අපි හීනෙකින් වත් නොහිතන කාරණායි

බොහොමයක් යුවලන්  විවාහය හා මානසික ආතතිය සමග අරගල කරනවා. විවිධ හේතු නිසා විවාහය තිත්ත වෙන පිරිස වැඩියි.

මේ සදහා ගොඩාක් දුරට හේතු වෙන්නේ අපි හීනෙකින් වත් නොහිතන කාරණායි.

සමහරක් දේවල් කාලයක් තිස්සේ යටපත්ව තිබී අවස්ථාව ලැබුන ගමන් මතුවෙනවා.

මෙම විවිධ හේතු ඔවුන්ගේ මානසික ආතතිය ඉහළ නංවන ඒවා වීම විශේෂයි.

කොඩිඩ් 19 වසංගතය එක්ක ලෝකය තුල විවිධ ගැටළු මතු වුනා.

ආර්ථිකය , සමාන්‍ය ජන ජිවිතය , අධ්‍යාපනය සියල්ල එකතැන නතර වෙද්දි සෞඛ්‍ය ක්ෂේත්‍රය පමණක් අඛණ්ඩව ඝට්ටනය වුනා.

කෙසේ නමුත් ලොක් ඩවුන්, ඇදිරී නිතීය වැනි විවිධ නිතී ඔස්සේ මිනිස්සු පවුල් පිටින් නිවාස වල කොටු කළා.

බාහිරින් බැලු විට පවුලම එකට ගෙදරට වෙලා ඉන්න ලැබීම සුන්දර දෙයක් ලෙස පෙනුනද කාලයත් සමග එහි අදුරු පැතිකඩක් අනාවරණ වුනා.

නිවාස තුලසිටින මිනිසුන්ට වැඩ නැතිව කාලය ඇතිවිට ඔවුන්නොවුන් රණ්ඩු කරන්න ගත්තා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති බව වාර්තා වුනා.

ආදරයෙන් බැදුන යුවලක් තමන් වෙනුවෙන් කාලය ලැබුන පසු මෙලෙස රණ්ඩු වන්නේ ඇයි?

මේ ඒ ගැන අනාවරණයක් කරන  විවාහයක් තුලින් ඇහෙන තවත් දුක් ගැනවිල්ලක්.

විවාහය හා මානසික ආතතිය පිළිබද තවත් අනාවරණයක් : දරුණු වසංගතයක් මැද ලැබුන සොදුරු තෑග්ගක්

ප්‍රීතිමත් විවාහය

මේක එච්චර අතීතයට දිවයන්නක් නොවේ.

කොරෝනා වල මුලික අවදියේ ඔව් එය හරියටම මාර්තු 13 වැනිදා කොවිඩ් 19 වසංගතයේ දරුණු බව පවසද්දි මේ සැමියා බිරිද ඔවුන් රැකියා කල පැසැල් වසා දැමීම නිසා සෝපාව උඩට වී එම පුවත් පුදුමයෙන්  නරඹමින් සිටියා.

ඔවුන් ඇත්තටම කල්පනා කලේ නගර සීල් තැබීමට පෙර ඔවුන් රැස් කරගත යුත්තේ මොනවාද යන්නයි.

ඇය ඇයගේ අවුරුදු 4 ක් වු සුරතල් දරුවා තුරුළු කරගත්තා.

වසංගතය ආශිර්වාදයක් නොවුනද එයින් පාසැල් වැසී ගොස් සැමියා හා දරුවා සමග නිවසට වී ඉන්නට තිබුනා නම් කියා ඇය  හිතුවා.

වසංගතය නිසා පාසැල් වැසි යනවානම් කියලා හිතුන ඒ  සිතුවිල්ල ටිකක් නරක වුනත් ඇය එය සැමියාට කිව්වා.

ඇය ඒ වගේ භයානක දෙයක් හිතපු එක ගැන ඔහු අසතුටුදැයි සැමිිිියා ගෙන් ඇසුවා. ඔහුත් එසේම හිතු බව ඔහු හිනාවෙලා කිව්වා.

පාසැල වසා දිගු නිවාඩුවක් ලැබුන හෙයින් ඔවුන් හිටියේ සතුටින්.

වෙනදා ගිම්හාන  නිවාඩුවක් තුළ ඔවුන් ගොඩාක් දේවල් කරනවා. චාරිකා යනවා. පිහිනන්න යනවා. 

ඇයගේ දුව ක්‍රීඩා පිටියට හෝ විනෝද උද්‍යානවලට රැගෙන යනවා. නමුත් මේ නිවාඩුව එහෙම වුනේ නැහැ.

ඇය  හිතුවේ ඔවුන් ඔවුන්ගේ විවාහය හොදට සකස් වී කියෙනවා කියලායි. ඔවු්නට ලුත් ගෙයක් තිබුණා.

ඔවුන් සැමවිටම සාපේක්ෂව සෑම දෙයක්ම හොඳින් කළා. ඔවුන්ට ආතතියක් නොතිබුන බව ඇයට විශ්වාසයි.

විවාහය හා මානසික ආතතිය නිසා සියල්ල කණ පිට පෙරළෙයි

emotional intelligence marriage

සියල්ල හොදට සිදු වුයේ සති දෙකක් පමණයි. ඉන්පසු සෑම දෙයක්ම කනපිට හැරුණා.

දියණිය පවා අමතක කරමින් ඔවුන් එකිනෙකාට ඇගිල්ල දිගු කරගන්න ගත්තා.

පුංචි පුංචි දේවල් ඇයව පිස්සු වට්ටන්න පටන් ගත්තා. 

ඇයගේ සැමියා ෆෝන් එකේ ගේම් ගහන එක පැත්තකින් තියලා  එයාට පවරපු වැඩ නොකර ඉන්නේ ඇයි කියලා ඇය කල්පනා කළා.

ඔවුන් සෑම කෑම වේලක්ම නිවසේ පිළියෙල කරමින් ආහාරයට ගත්තා.  ඔහුට පිරිසිදු කිරීම් තිබුනද ඔහු එය නොතකා රූපවාහිනිය තුල ඔහුගේ රසාස්වාදය හෙව්වා.

ඇයට ජිවිතය කොටු වෙලා වගේ දැනෙන්න ගත්තා. 

එකම විදියට ගෙවෙන, එකම කරදර හා එකම කලකිරීම් ඇති සෑම දිනයක්ම සමානයි වගේ දැනෙන්න ගත්තා.

ඔවුන් එකම නිවසේ එකම කාමරයේ හුස්ම වැදෙන දුරින් හිටියත් ඔවුන්ගේ කතාබහ සම්පුර්ණයෙන් ඇණ හිටියා.

ඇයට  හිතුන විදියට ඔවුන් ඍණාත්මක සිතුවිලි වල එල්ලී ගෙන සිටි අතර කතා කරන්න කිසිම උත්සහයක් ගත්තේ නැහැ.

මේ වගේ දේවල් ගොඩාක් අවසානයේ ඔවුන් යම් දෙයකට රණ්ඩු වුනා.

ඇයට හරියටම ඒ දේ වත් මතක නැහැ. වාද විවාද ,කදුළු  හා සංසුන් වීම් අතරින් එය ගෙවිලා ගියා.

පසෙකලා තිබු ඇමතිය යුතු ගැටළු යලි හිස ඔසවයි

ඔබේ බිරිඳ පවසන දේවල්

ඔවුන් දෙදෙනාම සංසුන් වු පසු ඔවුන්ට ඔවුන්ගේ සම්බන්ධතාවයේ ඇති ගැටලු,  ගෙදර දොරේ වැඩ, හැගීම්, ඔවුන්ගේ ලිංගික ජීවිතය වැනි දෑ ඇත්ත වශයෙන්ම වසර ගණනාවක් තිස්සේ කතා කල යුතුව තිබු දේවල් රාශියක් තිබුනා.

ඔබේ ජිවිතයේ ඇමතිය යුතුව තිබු ගැටළු ඔබ අමතා නැති නම් එය ජිවිතයේ කවදාවත්ම බලාපොරොත්තු නොවු කාලයක යලිත් මතුවෙනවාලු.

අපි  වැඩ කරන විට සහ දරුවන් ඇති දැඩි කරන විට, ගැටුම් සහ පැමිණිලි විසඳීමට කාලය ලැබෙන තුරු ඒවා පහසුවෙන් පසෙක දානවා.

නමුත් ඔබ වෙන වැඩක් නැතුව කාලය ඇති විට අශ්‍රය කරන්න ඔබ දෙපල හැර වෙන අයෙක් නැතුව සිටින විට මෙම ප්‍රශ්න යලි මතු වෙනවා.

වෛරසය නිසා බොහෝ දේවල් වෙනස් වෙන බව ඇතැම් අය කිව්වා. එය නිවැරදියි.

මාස්ක් පැළදීම, අන්තර්ජාලයෙන් පාඩම් කියා දීම පමණක් නොව අපගේ සම්බන්ධතාවයන්ද එසේ වෙනවා.

මේ කරදර කාරී සමයේ ඇය ඉගෙන ගත් පාඩම නම් ඔවුන් කාර්යබහුල වු විට නොවිසදා පසෙක තබන ගැටළු දිනෙක යලිත් ඔවුන් කරාම එළඹෙන බවයි.

ඒ වගේම විවාහය තුල නිවසේ දිගු කාලයක් එක්ව දිවි ගෙවීමට අපි සුදානම් විය යුතුයි.

කොච්චර කරදරකාරී සාකච්චාවක් වුවද එය පසෙකලා පැන යන්න අපිට බැහැ.

නිවසේ තනිව ජිවත්වෙද්දි විවාහය රැකගන්න නම් අන් කවරදාටත් වඩා පුළුල්ව සාකච්චා කිරීම කල යුතුය.

ඇත්තටම ලොක් ඩවුන් කාලය තුල සමහරක් පවුල් ඇතුලත ජිවිතය හිතපු තරම් සුන්දර වුනේ නැහැ කියන්න ඇයගේ කතාව හොද උදාහරණයක් නේද?

ජිවිතයේ කවදාවත් නොදුටු පැත්තක් නැතිනම් ඒ පිළිබද අහම්බෙන් අත්දකින්න ලැබුන අවස්ථාවක් නිසා හිතන්න යමක් ඔවුන්ට ඉතිරි කළා.

එය ඔවුන්ට විතරක් නොවේ අපි කාගෙත් විවාහ ජිවිත වලට වැදගත් වෙන පැතිකඩකි.

අපි කාර්යබහුල ජිවිතය තුලදී හෙටට කල් දාන නැතිනම් පසෙකින් තියෙන අපේ විවාහයේ ප්‍රශ්න දිය යට එබු රබර් බෝලයක් මෙන් යලිත් දිනෙක මතුවෙනවා.

හොදම දෙය නම් අප විවාහ තුල පැන නැගෙන හැම ගැටළුවක්ම දෙදෙනා එදිනෙදා කතා කර විසදාගැනීමයි. එසේ කල නොහැකි තරම් එම ප්‍රශ්න දරුණු නම්  උපදේශන සේවය පිහිට ගෙන හෝ ඒවා අමතා විසදා ගත යුතුයි. ගෘහස්ථ හිංසනය හා මානසික ආතතියෙන් තොර විවාහ ජිවිතයකට එය හොද රුකුළක් ලබා දෙනවා.

මුලාශ්‍ර  - mom.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි