theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

5 අවම කියවීම
සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

සතුටින් ඉන්න ලිංගික ජිවිතය අඩාල කරන ‌මේ කාරණා 5 දැනගන්න.

සතුටින් ඉදීම හා ලිංගික එක්වීම අතර කිසිම අරුම පුදුම  සුත්‍රයක් නම් නැහැ. නමුත් මේ සතුටින් සිටීම හා ලිංගික ජිවිතය අතර සම්බන්ධතාවය ගැන හොයන්න අධ්‍යන ගණනාවක් කරලා තියෙනවා. 

ශ්‍රී ලංකාව වගේ රටක ලිංගිකව එකතු වීමට දෙන බලපත්‍රය විවාහයයි. බටහිර රටවල වගේ අසීමිත ලිංගික ජිවිතයක් ඇත්තටම ආසියානු රටවල නැහැ. සම්ප්‍රදාය හෝ වේවා ආගම හෝ වේවා සියලු වාරණ මැද ආසියානුවන්ද මේ ලිංගික ජිවිතය ගත කරනවා.

ඒ වගේම තමයි අර සුරංගනා කතා වල වගේ සෑම කෙනෙක්ම විවාහ වෙලා ඊටපස්සේ ඒගොල්ලෝ සතුටින් හැමදාම ජිවත් වුනා කියලා හැම යුවලකගේම කථාව ඉවර වෙනනේ නැහැ. මේ දෙදෙනෙකු අතර ඇතිවෙන ලිංගික ජිවිතය ඔවුන්ගේ සාමාන්‍ය පවුල් ජිවිතයට කරන බලපෑම ඒකට හේතුවයි.

ඇත්තටම සතුටින් ඉන්න නිතරම SEX කරන්න අවශ්‍යයද?

ඇත්තටම මේ ඔස්සේ ටිකක් දිගට කතා කරන්න කලින් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඒකට හදවත එකගව උත්තරය හිතලා ඔබම මේක තීරණය කරන්න.

ඔබ සතියකට කී වරක් ලිංගිකව එකතු වෙනවාද? ඔබ සතුටින්ද?

සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

සාමන්‍ය වැඩිහිටියෙකු සතියකට වතාවක් වත් ලිංගිකව එකතු ‌වෙනවා කියලා අධ්‍යනයක් ‌හෙළි කරයි.

හරි උත්තරය ඔබ දැන් දන්නවා. අපි දැන් මේ සම්බන්ධව කරලා තියෙන අධ්‍යන පැත්තට හැරෙමු.

2017 දි කරන ලද අධ්‍යනයකදි  මේ සම්බන්ධව කරුණක් අණාවරණය කරගත්තා.  එනම් සාමාන්‍ය වැඩිහිටියෙක් වසරකට 54 වරක් ලිංගිකව එක්වෙනවාලු. ඒ කියන්නේ හරියට බැලුවොත් සතියකට එක් වතාවක් වත් ඔවුන් ලිංගිකව එකතු වෙනවා.

ලිංගික එක්වීම තුල ඇති වැදගත්කම

ඕනෑම සම්බන්ධතාවයකදී ලිංගික එක්වීම ඉතා වැදගත් වෙනවා. ඇත්තටම එය සරාගීත්වයෙන් වෙලී යන්නට පමණක් නොව එකිනෙකා කෙරෙහි වු බැදීම ශක්තිමත් කරන තොතැන්නකි.

“සමීපවීම හා සම්බන්ධතාවය මානව අවශ්‍යතාවයක්. දිගුකාලීන සම්බන්ධතාවයකදී ලිංගිකත්වය තුලින් නැවත සම්බන්ධ වීම වැදගත් වෙනවා. එහිදි මොළය මගින් නිකුත් කරන  රසායනික ද්‍රව්‍ය බැදිම තවදුරටත් ශක්තිමත් කනවා, ” NYC හි බලපත්‍රලාභී සායනික මනෝ විද්‍යාඥ වෛද්‍ය සනම් හෆීස්  ඒ සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කරනවා. 

ලිංගිකත්වය සැමවිටම සංසර්ගයට පමණක් සීමා වෙන්න අවශ්‍ය නෑලු. සිරුරෙන් සමීපවීම, ස්පර්ශය, හුරතල්වීමල පෙම් බස් දෙඩීස ආදි සියල්ල මෙම බැදීම ශක්තිමත් කිරිමට දායක වෙනවා. ඇත්තටම ඔබ කල යුත්තේ ලිංගිකව එකතු වෙන වාර ගණන වැඩි කර සතුට සෙවීම  නොව දෙදෙනාගේම අවශ්‍යතා සපුරාලීම සහ යුවළක් ලෙස සමීප සබඳතා තුළින් බැඳීමයි.

සතියකට එක් වතාවකට වඩා ලිංගිකව හැසිරුණු යුවළයන් සතුටින් සිටින බව වාර්තා නොකළ අතර, සතියකට එක් වතාවකට වඩා අඩුවෙන් ලිංගිකව හැසිරුණු අය අඩුවෙන් සතුටු වු බව වාර්තා වී තියෙනවා.

සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

බැදීමක් ලිංගික එක්වීමකට පමණක් සීමා ‌වෙන්නේ නැහැ.

ප්‍රමාණවත් පරිදි ලිංගික එක්වීම සිදු නොවීමට හේතු 5 ක්

ඇත්තටම සමහර කාල වල විවිධ හේතුන් නිසා ලිංගික සම්බන්ධතා පැවැත්වීමට සිදු නොවීම සාමාන්‍යයයි. නමුත් ඔබ එය සිදු කල යුතු තවත් කාර්‍යයක් බවට පත්කර ගත්විට අන්න එතැන ප්‍රශ්නයක් පැන නගිනවා.

ඔබේ පවුල් ජිවිතය තුල ලිංගික සම්බන්ධතාවයට මුලීකත්වය නොලැබේ නම් එයත් ගැටලුවක ආරම්භය වෙනවා. ඔබට මේ සම්බන්ධව ගැටලුවක් ඇත්නම් එය හොදින් අවබෝධ කරගෙන එයට සරිලන ආකාරයෙන් වෙනස් විමෙන් ඔබේ බැදීම ශක්තිමත් කරගන්න පුළුවන්. ‌මේ ඒ පිළිබද NYC හි බලපත්‍රලාභී සායනික මනෝ විද්‍යාඥ වෛද්‍ය සනම් හෆීස්  හා  ලෙව්කොෆ් ලබා‌දෙන අදහස් හා උප‌දෙස් මාලාවකි.

  1. ලිංගික එක්වීම වළක්වන මානසික ආතතිය

මානසික ආතතිය මානසික හා ශාරීරික සෞඛ්‍යයට බලපෑම් කරනවා. මුලීකව මෙම ආතතිය ඔබේ සිරුර විවිධාකාරයෙන් අඩපණ කරන අතර එය ඔබගේ ලිංගික ආශාවටද විශාල ලෙස බලපෑම් කරනවා.

මෙම ආතතියෙන් මිදෙන්න නම් ඔබට කරන්න පුළුවන් දේවල් තියෙනවා.

  • මුලින්ම ඔබ ආතතියෙන් බව හදුනාගන්න.
  • ඔබට වැදගත් දේට නැවත මුලිකත්වය දෙන්න.
  •  එපා යැයි කීමට බිය වෙන්න එපා.
  • භාවනා කරන්න
  • ආශ්වාස ප්‍රශ්වාස  ව්‍යායාම කරන්න
  •  ඔබ සහ ඔබේ සහකරු වෙනුවෙන් කාලය වෙන් කරන්න.
  •  හොඳින් ආහාර ගන්න.
  •  ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.
  • නිතර ව්‍යායාම කරන්න.
  1. ශරීර අනාරක්ෂිත බව

“ශරීර අනාරක්ෂිත භාවය පොදු හේතුවක් වන අතර, විශේෂයෙන් එය පෙනුම ගැන පමණක් ඇති වෙන්නක් නොවේ,” යනුවෙන් හෆීස් පැහැදිලි කරනවා. ශරීර ප්‍රතිරූපය සම්බන්ධයෙන් අඩු ආත්ම අභිමානයක් ඇති අය බොහෝ විට තම සහකරුවා ඉදිරියේ නිරුවතින් සිටීම ගැන ලැජ්ජාව වෙනවා. ඒ නිසාම ඔවුන්ට ලිංගික සම්බන්ධතා ආරම්භ කිරීමට හෝ නිරත වීමට ලිංගික විශ්වාසයක් නැහැ.

ඔබට මේ සදහා කලහැකි දේවල් කිහිපයක් පහතින් දැක්වෙනවා.

  • ඔබේ අනාරක්‍ෂිතතාවයන් පිළිබඳව අවධානය යොමු කරන්න.
  • ඔබේ පෙනුම ගැන වදවෙනවා වෙනුවට මානසිකව ශක්තිමත් වෙන්න.
  •  අවශ්‍ය නම් උපදේශන සේවාවක් ලබාගන්න.
  •  ඔබ සතුටට පත් වෙන දේවල් කරන්න.
  •  විශ්වාසය ගොඩනඟා ගන්න.
  • එන්ඩොර්ෆින් මගින් ඔබේ ශරීරය පිළිබඳ වැඩි ඇගයීමක් ලබා දෙන බැවින් එය මුදාහැරීමට ව්‍යායාම කරන්න.
  1. ලිංගික ජිවිතය වැලැක්වීමට ‌හේතුවෙන නිදන්ගත වෛද්‍ය ගැටළු

රූමැටොයිඩ් ආතරයිටිස්, වේදනාව, තෙහෙට්ටුව, තද ගතිය, ඉදිමීම, යෝනි වියලි බව සහ සීමිත ක්‍රියාකාරිත්වය වැනි නිදන්ගත තත්වයන් ද ලිංගික ආශාව කෙරෙහි බලපෑම් කරනවාලු.

මේ සදහා කරන්න පුළුවන් දේවල් කිහිපයක් පහලින් දැක්වෙනවා.

  • සමහර තත්වයන් සහ ඖෂධ වලට  ඔබේ ලිංගික ආශාව හෝ ශාරීරිකව පිබිදීමට ඇති  හැකියාවට බලපෑම් කරන්න පුළුවන්. ඒ පිළිබද සොයා බලන්න.
  • ලිංගික එක්වීම සාර්ථක කල හැකි ප්‍රතිකාර හා ක්‍රම ගැන  ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න.
  1. ලිංගික එක්වීම වළක්වන ස්මාර්ට් උපාංග

තාක්ෂණ උපකරණ ඒ කියන්නේ ජංගම දුරකථන, රූපවාහිනි, පරිඝනක වැනි උපාංග හදවතින් පමණක් නොව ලිංගික ජිවිතයෙන්ද සහකරුවන් ඈත්කර දමනවාලු.

මේ සදහා කරන්න පුළුවන් පුංචි දේවල් කිහිපයක් පහතින් දැක්වෙනවා.

  • මෙවැනි උපකරණ ඔබේ නිදන කාමරයට ගෙන එන්න එපා.
  • හැකිනම් ඒවා ඔබගේ කෑම කාමරයෙන්ද පන්නා දමන්න.
  • ඔබ දුරකථනයට දෙන කාලය අඩු කර සහකරුට එක්ක කාලය ගත කරන්න.
  1. සම්බන්ධතාවය අඩුවීම
සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?

සිරුරින් ‌මෙන්ම මනසින්ද බැදෙන්න.

ඔබේ සහකරු සමඟ මනසින් බැදෙන්නේ නැතිනම් ලිංගික ආශාව අඩපණ වෙන්න පුළුවන්.  එවිට කොහොමත් ලිංගික සම්බන්ධතා පැවැත්විම අමිහිරි වෙනවා.

මෙම තත්වය සදහා කරන්න පුළුවන් දේවල් කිහිපයක් පහතින් දැක්වෙනවා.

  • ඔබ දෙදෙනා තනිව කාලයක් ගත කරන්න.
  • ආදර වදන් සහිත කෙටි පණිවිඩ යවන්න.
  • දෙදෙනා එක්ව මුවී එකක් බලන්න.
  • නිතර ආදර වදන් හුවමාරු කරගන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සතුටු විවාහයකට සතියකට කී වරක් ලිංගිකව එකතු විය යුතුද?
බෙදාගන්න :
  • අවුරුද්දක් පුරාවට හැමදාම ලිංගිකව එක්වුණොත් කුමක් සිදු වෙයිද?

    අවුරුද්දක් පුරාවට හැමදාම ලිංගිකව එක්වුණොත් කුමක් සිදු වෙයිද?

  • ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්

    ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • අවුරුද්දක් පුරාවට හැමදාම ලිංගිකව එක්වුණොත් කුමක් සිදු වෙයිද?

    අවුරුද්දක් පුරාවට හැමදාම ලිංගිකව එක්වුණොත් කුමක් සිදු වෙයිද?

  • ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්

    ගැහැණු ඔබ ලබන සුරාන්තය ගැන විශ්මයජනක කරුණු 10 ක්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it