theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවුරුදු 2 කට අඩු දරුවන්ට මාස්ක් පැළදවීම අවදානම් විය හැකියි

5 අවම කියවීම
අවුරුදු 2 කට අඩු දරුවන්ට මාස්ක් පැළදවීම අවදානම් විය හැකියිඅවුරුදු 2 කට අඩු දරුවන්ට මාස්ක් පැළදවීම අවදානම් විය හැකියි

බබාට මාස්ක් දාන එක අවදානම් නම් ඒ සදහා විකල්පයක් නැතිද?

අවුරුදු දෙකට අඩු දරුවන්ට මාස්ක් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කරන්න පුළුවන්. 

නමුත් ලොව පුරා පැතිර යන වසංගත තත්වයත් එක්ක දරුවා ආරක්ෂා කරගන්නේ කොහොමද කියා ඔබ කල්පනා කරනවා ඇති නේද?

ඇත්තට මෙම මාස්ක් නැතිනම් මුඛ ආවරණ වෙනුවට ආරක්ෂිත විකල්ප නැතිද?

බයවෙන්න එපා අපි අද ඔබට කියන ෆේස් ෂිල්ඩ් නැතිනම් මුහුණු ආවරණ ඔබේ දරුවා කොවිඩ් 19 වලින් පමණක් නොවෙයි හුස්ම හිරවීමේ අපහසුතා වලින්ද ආරක්ෂා කරගන්න සමත්.

මාස්ක් පැළදවීමේ මාර්ග උපදේශයන්  විශේෂයෙන් දරුවන් සදහා රටකින් රටකට වෙනස් වෙනවා.

දරුවන්ට මාස්ක් පැළදීම අනතුරුදායකයි  

අවුරුදු 2 කට අඩු දරුවන්ට මාස්ක් පැළදවීම අවදානම් විය හැකියි

දරුවන්ට මාස්ක් පැළදීම පිළිබද ලෝකයේ විවිධ මාර්ගෝපදේශ

මාස්ක් පැළදවීම නිසා කුඩා දරුවන්ට අපහසුතාවයක් විය හැකි අතර, ඔවුන් අවුරුදු 2 ට අඩු නම් එය අනතුරුදායක පවා වෙන්න පුළුවන් බව ජපන් ළමා රෝග සංගමය පවසනවා.

මාස්ක් එක ළදරුවන්ට සහ අවුරුදු 2 ට අඩු දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරනවා කියලා තමයි ඔවුන් වැඩිදුරටත් කියන්නේ.

ඒ නිසාම ඔවුන් දරුවන්ට මාස්ක් පළදවන්න එපා කියලා  දෙමව්පියන්ට කියනවා

සිංගප්පූරුවේ පාර්ක්වේ ඊස්ට් රෝහල වයස අවුරුදු 3 ට අඩු ළමුන් සඳහා මාස්ක් නිර්දේශ කරන්නේ නැහැ.

එම රෝහලේ වෙබ් අඩවියේ, මාස්ක් එක යොදා  ආශ්වාස කිරීමේදී කාබන් ඩයොක්සයිඩ් මාස්ක් එක තුල සිරවෙනවා නිසා ප්‍රතිරෝධය වැඩි කරන බව සදහන් වෙනවා.

මාස්ක් එක යෙදු විට පුංචි දරුවන්ගේ ඉතා පටු නාස් කුහර තුලින් වායුව ඇතුල්වීමේදි ඔවුන්ට හුස්ම ගන්න අපහසුවක් ඇතිවෙන්න පුළුවන්. 

මෙම අපහසුතාවය නිසාම කුඩා දරුවන් මාස්ක් එක දාන්න කැමති වෙන්නේ නැහැ.

දරුවා  මාස්ක් එක ගලවා විසි කරන්න හෝ නොනවත්වා හඩන්නට ඉඩ තියෙනවා.

නැතිනම් මේ මාස්ක් නිසා දහඩිය දැනීම වැනි හේතු නිසාත් දරුවා අපහසුතාවයට පත්වෙන්න පුළුවන්.

සිංගප්පූරුව හෝ ඇමරිකා එක්සත් ජනපදයේ  දරුවන්ට ෆේස් මාස්ක් පැළදීම සම්බන්ධව උපදෙස් ලබා දී නැහැ.

සිංගප්පූරුවෙන් පිටත්ව යන විට සෑම කෙනෙකුටම මාස්ක් පැළඳීම අනිවාර්ය වන අතර, අවුරුදු 2 වඩා  අඩු ළමයින් සඳහා ළමා ආරක්ෂණ හේතූන් මත  එය නිර්දේශ නොකරන බව , සිංගප්පූරුවේ උපදේශන පිටුවේ Gov.sg සදහන් කරනවා.

එක්සත් ජනපදයේ මෙන්ම, රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයද (CDC) රෙදි මුහුණු ආවරණ අවුරුදු 2 ට වැඩි ළමුන් සඳහා පමණක් නිර්දේශ කරනවා.

මාස්ක් නිසා  ළමයින්ට හුස්ම හිරවීමේ අවදානමක් ඇති නොකළ යුතු බව CDC පවසනවා.

හදිසි අවස්ථා වලදී, දරුවාට මුහුණු ආවරණ ඉවත් කර ගැනීමට  හැකි විය යුතු බව ද LA Times සදහන් කරනවා.

දරුවන්ට මාස්ක් පැළදීම හැර වෙන විකල්පයක් නැතිද?

අවුරුදු 2 කට අඩු දරුවන්ට මාස්ක් පැළදවීම අවදානම් විය හැකියි

පෙර පාසල් හා දිවා සුරැකුම් ලගදීම ආරම්භ වුනොත් තම දරුවන්ගේ ආරක්ෂාව දෙමාපියන් ගොඩාක් වද වේවි නේද?

කොවිඩ් 19 ඉවර නැහැ. මගේ දරුවාට සමාජ දුරස්ථතාවය පවත්වා ගත හැකි වේවිද?

ඔහුට මාස්ක් එක හිරිහැරයක් හෝ අනතුරක් වේවිද? ඔහු මාස්ක් එක ගලවා ඉවත් කරාවිද? ඔය වගේ දහසුත්  දේවල් දෙමාපියන්ගේ හිත් වලට වද දේවි.

ඒ සදහා සමහර රටවල් දරුවන් සදහා ෆේෂ් ෂිල්ඩ් නැතිනම් මුහුණු ආවරණ යොදා ගන්න තීරණය කර තියෙනවා

මේවා දරුවන්ට අපහසුවක් දනවන්නේ නැහැ.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

අලුත උපන් බිළිඳුන්ට මෙම ෆේෂ් ෂීල්ඩ් පැළදීම ආරක්ෂිත නම්, ඒවා අනෙක්  කුඩා දරුවන්ට හොඳින් ගැලපෙනවා ඔබේ දරුවන් ආරක්ෂාකාරීව සිටින ආකාරය ඔවුන්ට කියා දෙන්න.

අවුරුදු 2 කට අඩු දරුවන්ට මාස්ක් පැළදවීම අවදානම් විය හැකියි

 මේ ගෝලීය වසංගතයක් තුළ සිය ආරක්ෂාව නොසලකන ළමයින් අතලොස්සක් සිටින්න පුළුවන්.

හැකි නම්, මෙම දරුවන්ට මාස්ක් පැළඳීම වැදගත්කම සහ තමන්ව ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා හොඳ සනීපාරක්ෂාව පවත්වාගන්න් කොහොමද  යන්න පැහැදිලි කර දෙන්න.

 සරල යෙදුම් භාවිතා කර දරුවන්ට මේ සම්බන්ධව විස්තර කිරීමත් ඔවුන්ට  ප්‍රශ්න ඇසීමට ඉඩ දීමත් LA Times නිර්දේශ කරනවා.  සනීපාරක්ෂාව පවත්වා ගැනීමේ  සහ මාස්ක් පැළඳීමේ නව  පුරුද්දක් දරුවන් තුල ගොඩ නගන්න. 

Covid-19 වසංගත තත්වය  ඉක්මණින් පහව යන බවක් නොපෙනෙන බැවින්, දරුවන්ට අවම වශයෙන් තවත් මාස කිහිපයක්වත් මාස්ක් පැළදීමට සිදුවේවි.

එමනිසා, දරුවන් ඒවා පැළඳීමට පුරුදු වීම ඉතා වැදගත් වෙනවා.

මාස්ක් නිසා ලොකු දරුවන් තුල පවා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීමට ඉඩ තබන්න එපා.

ශ්‍රී ලංකාව තුල නම් කොවිඩ් 19 ආරම්භයේ පළමු වෙඩි මුරය එනම් පළමු රෝගියා වාර්තා වීමත් සමගම සමස්ථ පාසැල් පද්ධතියම වසා දමනු ලැබුවා.

දැනට කොවිඩ් 19 අප රට තුල යම් පාලනයක තිබුනද මේ දක්වා පාසැල් විවෘත නොකිරීම නිසා දෙමව්පියන්ට නම් දරුවා පිටත යැවීම ගැන ආතතියක් නැහැ.

ඒ වගේම අවුරුදු 2 ට අඩු දරුවන් මාස්ක් පැළදිය යුතු ආකාරය හෝ ඒ සදහා අනිවාර්ය කිරීමක්ද දක්නට නොලැබුනි.

බොහොමයක් දෙමව්පියන් දරුවන් බැහැරට නොයවා නිවෙස් තුලම රදවා ගන්නා අතර ඔවුන්ට මාස්ක් පැළදීමට සිදුවන්නේ නැති තරම්ය.

නමුත් නුදුරේදීම පාසැල් නැවත ආරම්භ කලහොත් මේ සම්බන්ධව ගැටළු අපේ ශ්‍රී ලාංකික දෙමව්පියන්ටද පැන නැගේවි.

ඒ නිසා ෆේස් මාස්ක් එක පිළිබද පුංචි අවබෝධයක් දරුවාට දෙන්න. එය භාවිතා කරන නිවැරදි  ආකාරය හා එය භාවිතා කරන්නේ ඇයි කියා දරුවාට කියා දෙන්න.

ඒ වගේම දරුවාට නිතර සබන් යොදා  අත් සෝදන්න නිවසේදීම පුරුදු කරන්න.

දරුවාගේ ආරක්ෂාවට පුංචි මතක් කිරීම් කිහිපයක්

  • දරුවා නිවසින් පිට අරගෙන යෑම හැකිතරම් දුරට අඩු කරන්න. විශේෂයෙන් ජනයා ගැවසෙන තැන් වලට දරුවා රැගෙන යන්න එපා.
  • දරුවා අමුත්තන්ට පමණක් නොවේ හිතවතෙකුටවත් ස්පර්ශ කරන්න දෙන්න එපා.
  • ඔබ කුමන හෝ හදිසි අවස්ථාවක දරුවා ඉවතට ගෙන ගියහොත් නිවසට ආ වහාම ඇදුම් ඉවත් කර හොදින් පිරිසිදු කර අලුත් ඇදුමක් අන්දවන්න.
  • කුඩා දරුවන් නිතර අත් කටේ දමන බැවින් වැඩි වාර ගණනක් සබන් යොදා අත් සෝදන්න.
  • ඔබ පිටතට ගොස් ආවේ නම් දරුවා ලගට යාමට කලින් හොදින් පිරිසිදු වී ඇදුම් මාරු කරගන්න.

මෙම වසංගතය බෝවී සුවවෙන්න උත්සහා කරනවාට වඩා එය වැළදීම වළක්වා ගැනීම යහපත්ය.

ඔබත් දරුවාට මාස්ක් පළදවනවාද? එය දරුවාට අපහසු කාරිද? මේ ගැන ඔබේ අදහස් අපිත් සමග බෙදා ගන්න අමතක කරන්න එපා.

මුලාශ්‍ර - mustsharenews.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • අවුරුදු 2 කට අඩු දරුවන්ට මාස්ක් පැළදවීම අවදානම් විය හැකියි
බෙදාගන්න :
  • ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

    ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

  • කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

    කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

  • ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

    ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

  • කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

    කොවිඩ් 19 හා දරුවන් සම්බන්ධව ඔබ දැනගත යුතු කාරණා කිහිපයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it