චූටී බබාගෙන් තාත්තීට වැදගත් පණිවිඩයක්...

චූටි බබෙකුට කතා කරන්න හැකියාව තිබුනානම් ඔහු ඔහුගේ තාත්තිට කියන වැදගත් පණිවිඩයක් මෙන්න...
තාත්තීට පණිවිඩයක් කියන්නයි බබා අද සුදානම් වෙන්නේ.
කාන්තාවක් මවක් වෙන්න යන්නේ අසීරු ගමනක්. ඒ දුක අලුත් බබාගේ අම්මා අත්විදිද්දි තාත්තා බලාගෙන ඉන්නේ අසීරූවෙන්.
ඈ ඒ සියල්ල කරන්නේ ඔහුගේ ලේ බිදක් කුස තබා ලොකු මහත් කරන්නයි.
මේ ඒ වේදනාවෙන් පිරුනු ගමන් මග ගැන බබා එයාගේ ආදරණිය තාත්තාට කරන පුංචි මතක් කිරීමක්.
එය ඔබේ රසවින්දනය උදෙසා කවි පෙළක් වුනේ මෙහෙමයි.
තාත්තීට පණිවිඩයක්: අම්මාට ආදරය කරන්න තාත්තී ...
මා මෙලොවට එනවා කියා දැන ගන්න කොට
ඈ ඔබ ගැන සිතා මා වෙනුවෙන් හීන මවන්නැති
විදිනට ඇති දුක් කද හැමවිට අමතක කොට
ඔබ වෙනුවෙන් මා කුස තුල හදන්න ඇති
සියුමැලි අතැගිලි එක එක රලු වෙන කොට
කෝමළ ලමැද පිරිපුන් වී කිරි බර වෙන්න ඇති
දිගු කෙස් වැටිය එකින්නෙක ගිලිහෙන කොට
දිදුලන ඇස් දෙක සුදු මුහුණේ සැගවෙන්න ඇති
සුසිනිදු කුසයේ තැන තැන වයිරන් මතුවෙන කොට
පුංචි දෙපා පොඩි ඉදිමි කැත වෙන්න ඇති
ලස්සන මුහු හැඩ වැඩ සගවා ගන්න කොට
ඇය අම්මා කෙනෙක් වන්න පෙරුම් පුරන්නට ඇති
ඈ ටිකක් කැත වුනත් එය අමතක කොට
අඩුවක් නැතිව මට ඇට ලේ මස් දන්දෙන්න ඇති
මං ඇගේ රූසිරි ටික ටික උකහා ගන්න කොට
ඇය චුට්ටක් හැඩ මදියැයි ඔබ සිතන්නට ඇති
ඔබේ ලේ සුවද ගෙන මා පැමිණෙන කොට
ඇගේ ආදර ලොව දෙකඩ වෙන්න ඇති
මහ මෙරක් තරම් ආදරය ඔබ වින්ද කොට
මගෙත් එක්ක ආදරය බෙදා ගන්න වෙන්න ඇති
මගේ වැඩ එක දෙක වැඩි වෙන කොට
ඔබේ වැඩ ටික ටික මග හැරෙන්න ඇති
හැමවිට ඈ ඉන්න විට මා තුරුලු කොට
ඇගේ ආදරයත් ඔබට මග හැරෙන්න ඇති
ඉතින් තාත්තියෝ මං වෙනුවෙන් අම්මාට සමාව දෙන්න . එයාට ආදරය කරන්න
ඔබ ලගත් ලස්සන සුන්දර අදහස් ඇති නේද? මේ කවි පෙළ කියවලා ඔබේ හිතට දැනුන හැගීම අපිට කියලා යන්න අමතක කරන්න එපා.