theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ ප්‍රිය බිරිඳට සොඳුරු සම්බාහනයක් දෙන්න මේ විධියට පුළුවන්

3 අවම කියවීම
ඔබේ ප්‍රිය බිරිඳට සොඳුරු සම්බාහනයක් දෙන්න මේ විධියට පුළුවන්ඔබේ ප්‍රිය බිරිඳට සොඳුරු සම්බාහනයක් දෙන්න මේ විධියට පුළුවන්

විඩාබර දවසක් අවසානයේ ඔබේ ප්‍රිය භාර්යාව සොඳුරු සම්භාහනයකින් සනසන්නට පුළුවන් නම් කෙතරම් අගනේද? ඉතින් මේ ක්‍රම අනුව පුළුවන් සැනසිලිදායක සම්බාහනයකින් ඇය මවිත කරවන්න.

දෙපය මත පැය ගණන් ගෙවා විඩාබර වූ කවුද අකමැති හොඳ සම්බාහනය කින් (massage) සුවයක් ලබාගන්න. එනමුත් පුරුද්දක් ලෙස ලාංකීය මව්වරුන් massage මධ්‍යස්ථාන වලට නොයන මුත් එය තමන් ආදරය කරන කෙනාගෙන් ලැබෙන්නේ නම් තවත් මොනවද?

ඔබෙන් ලැබෙන සම්බාහනයට වඩා ඔබේ මහන්සිය පසෙක ලා ඇයට සුව පහසුවක් ලබා දෙන්න ඔබ කරනා ආදර කැපවීම ඇයට මිල කල නොහැකි තරමට වටිනවා.

ඉතින් massage අරඹන්නට පෙර ඔබ ඊට සුදුසු පරිසරය සකසා ගත යුතු වනවා. ඇයට විවේකී ඉරියව්වකින් සම්බාහනය ලබා ගන්න සුදුසු ලෙස ස්ථානයක් පිළියෙළ කරගන්න. ඔබට විදුලි එලිය අඩු කර, අවශ්‍ය  නම් ඉටි පහන් කිහිපයක් දල්වා ගන්න. දැන් මිහිරි මෘදු සංගීතයක් පවත්වා ගන්න. ඇය කැමති සුවඳති සම්භාහන තෛලයක් තෝරාගන්න.

සම මත පීඩනයක් ඇති කිරීමට ඔබට ශියට්සු (shiatsu) ක්‍රමය නොහොත් අතැඟිලි  ආධාරයෙන් තෙරපීමක් හා පීඩනයක් ඇති කිරීම මගින් සිරුර මත දිගු, මෘදු රටා ඔස්සේ මන්දගාමී නමුත් තෙරපීමක් ඇතිව සිරුර සම්බාහනය කල හැක. පිට අත්ල මගින් තෙරපමින් සම්බාහනය කිරීම සිරුරේ තට්ටම් ප්‍රදේශයට යෝග්‍යයි.

හිස සම්භාහනය

මෙයට සාමාන්‍යයෙන් සම්භාහන තෙල් අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ බිරිඳට කොට්ටයක් මත උඩුබැලි අතට නිදියන්නට කියා ඇගේ නළල සහ නළල දෙපස massage කිරීමෙන් අරඹන්න. දැන් අයගේ කන්, මුහුණ ආදිය ය කැමති පරිදි විනාඩි 5ක් හෝ 10ක් සම්බාහනය කරන්න.

බෙල්ල, උරහිස් සහ කොන්ද සම්බාහනය

මේ සඳහා ඇය මුනින් අතට වැතිරිය යුතුයි.  මද රස්නෙන් තෙල් ඔබේ අත්ලේ ගල්වා අයගේ බෙල්ල පිටුපස හා උරහිස් හොඳින් massage කරන්න පටන් ගන්න. මෙය වදිපුර් තෙපිමක් නැතිව සිදුකල යුතුයි. විනාඩි 10ක් - 15ක් පමණ මෙසේ සම්බාහනය කරන්න.

තට්ටම් ප්‍රදේශය සම්භාහනය

මෙය සංවේදී ප්‍රදේශයක් වන බැවින් විඩාබර දවසක ඔබේ ලිංගික ජිවිතයට රසයක් මුසු කරන්නටද මෙම massage ඉවහල් වනවා. අත්ලේ තෙල් අලේප කොට වක්‍රාකාර රටා ඔස්සේ සම්භාහනය කරන්න. සාමාන්‍යයෙන් විනාඩි 5ක් පමණ මෙසේ සම්බාහනය කල යුතු අතර ඔබගේත් බිරිඳගේත් මනාපය පරිදි ඔබට අවශ්‍ය තරම් කාලයක් මෙම massage යෙදෙන්නට පුළුවන්.

අත් සහ පාද massage

අත් සහ පාද ඉතාම සංවේදී වන අතර අත්පා යනු සිරුරේ සිතියම් ලෙස සැලකෙනවා. අත් සඳහා මැණික් කටුවෙන් ආරම්භ කර ඔබේ ඇඟිලි ආධාරයෙන් ඇයගේ අත් පිටත දෙසට පිරිමදින්න. ඇගේ ඇඟිලි සහ ඇඟිලි අතරද සම්බාහනය කරන්න.

පාද සම්බාහනය

ඇගේ විඩාබර කලවා සහ දෙපා වලට හොඳ සුව සනීපයක් දෙනු පිණිස ඔබේ ඇඟිලි තුඩු වලින් සම මත තෙරපුමක් ඇති කරමින් හොඳ massage කරන්න. දැන් ඇයට සීරුවෙන් උඩු අතට හැරීමට උපකාර කර සම්බාහනය කරන්න. මෙහිදී ඇගේ දණහිස් පොල්කටු සම්බාහනයේදී වැඩි තෙරපුමක් නැතිව ප්‍රවේසමින් කරන්නට කටයුතු කරන්න. ඒ දණහිස් වලට වන හානි වලැක්විමටයි.

ලැම ප්‍රදේශය සම්භාහනය කිරීම

මේ සඳහා ඇය ලැහැස්ති නම් පමණක් ඉතාමත්ම සංවේදී පපු ප්‍රදේශය massage කිරීම ආරම්භ කරන්නට ඔබට පුළුවන්. බොහෝ සීරුවෙන්, ඇඟිලි තුඩු වක්‍රාකාර රටා අනුව පිරිමදිමින් සම්බාහනය කරන්න.

ඇගේ සිරුරේ ඉරියව් වලට, සිරුරේ ප්‍රතිචාර වලට අවධානය යොමු කරමින් ඇය පිරිමදිය යුතු අතර ඔබේ අතැඟිලි යා යුතු දිශාවන් දෙස ඇය උපදෙස් දෙන්නට පුළුවන්. මේ නිසා ඔබ අවධානයෙන් ඇය පිරිමදිය යුතුයි.

ඔබ දෙදෙනාට මෙය ලිංගික අත්දැකීමක් කරගැනීමට කැමති නම් ඇගේ පියයුරු පිරිමදිමින්, තන පුඩු යන්තමට මිරිකමින් සම්බාහනය නිම කොට සොඳුරු ලිංගික අත්දැකීමකට සෙමින් පිවිසිය හැකියි.

ඉතින් ඔබේ බිරිඳට ඔබේම දෑතින් ලැබෙන මෙවන් සම්බාහනයක් ඇයට මිලකළ නොහැකි අත්දැකීමක් වනවා නියතයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ ප්‍රිය බිරිඳට සොඳුරු සම්බාහනයක් දෙන්න මේ විධියට පුළුවන්
බෙදාගන්න :
  • ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

    ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

  • ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

    ළදරු සම්බාහනය දරුවා නළවන්න අපූරු ක්‍රමයක් බව දන්නවාද?

  • ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

    ඔබට සුවිශේෂී සැමියෙක් ලැබී ඇති බව පෙන්වන සලකුණු 9 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it