theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

5 අවම කියවීම
දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

දරුවාට අධ්‍යාපනය පියවරෙන් පියවර ලබා දිය යුතුයි

තමන්ගේ දරුවන් කුඩා කල සිට කියවන්න, ලියන්න හා මුලික ගණිතය ඉගෙන ගන්නේ කෙසේදැයි ගොඩාක් දෙමව්පියන් කල්පනා කරනවා. 

නමුත් දරුවන් තමාගේ සංවර්ධනය තමාට ආවේණික වේගයකින් ලගාකර ගන්නා බැවින් දෙමව්පියන් තම දරුවන් අන් දරුවන් හා සැසදීමට යාම ඵලක් නැහැ.

හුදෙක් වේදනාවක් පමණක් හිත් වල ඉතිරි වෙනවා.

දරුවාගේ වර්ධන සංධිස්ථාන ඔවුන්ගේ වර්ධනය මැන ගැනීමට දෙමව්පියන්ට රුකුළක් වුවද එම සංධිස්ථාන වලට ලගා වීමට ප්‍රමාද වීම හෝ එම සංධිස්ථාන මග හැරීම ඇත්තටම දරුවාගේ වර්ධනයේ ගැටළුවක් නොවේ.

දරුවාගේ සංවර්ධන සංධිස්ථාන වලට ලගා විය හැකි ආකාරයට වාතාවරණයක් ඔබ නිර්මාණය කල යතු වෙනවා.

නමුත් දිගටම දරුවාගේ සංවර්ධනයේ ගැටලු පෙන්වන්නේ නම් වෛද්‍යවරයා වෙත දරුවා ගෙන යන්න.

දරුවන්ට කියවීම සදහා වැදගත් සංධිස්ථාන

දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

බොහෝ විට දරුවන් පළමු ශ්‍රේණියේදි කියවීම ආරම්භ කරයි. නමුත් ඔවුන්ගේ කියවීමේ ගැටළු ඇතිනම් පහසුවෙන් නිරීක්ෂණය කල හැකිය.

එම නිසා පහත ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න.

  • අකුරු හදුනා ගැනීමට අපහසුවීම
  • අකුරු වලට වැරදි ශබ්ද කිරීම
  • වචන මඟ හැරීම, වචන මතක තබා නොගැනීම හෝ නොදන්නා වචන ශබ්ද කිරීමට වඩා  නිතර අනුමාන කිරීම 

පළමු ශ්‍රේණිය අවසන් වන විට ඔබේ දරුවාට කියවීමේ අපහසුතාවයක් ඇත්නම්, පළමුව දරුවාගේ ගුරුවරයා හා සාකච්ඡා කර ගැටළුව හදුනා ගන්න උත්සහා කරන්න.

වයස 4-5: පුර්ව කියවීමේ කුසලතා ඉගෙනීම

ළමයින්ගේ කියවීමේ හැකියාවන්

  • රිද්ම රටා වලින් වචන ආදේශ කිරීම
  • අකුරු කිහිපයක් ලිවිම
  • සරල වචන උච්චාරණය කිරීම
  • වචන මාලාව වැඩි කිරීම

වයස 6-10: කියවීමට ඉගෙනීම

ළමයින්ගේ කියවීමේ හැකියාවන්

  • පළමු ශ්‍රේණියේ මැද සිට සරල පොත් කියවා පොදු වචන 100 ක් ගැන දැන ගැනීම
  • අකුරු පළමු ශ්‍රේණියේ මැද භාගය වන විට වචන සාදන ශබ්ද තේරුම් ගන්නා බව තේරුම් ගැනීම
  • විවිධාකාර කතන්දර රස විදීම හා. චරිත, සැකසුම් සහ සිදුවීම් ගැන කතා කිරීම
  • සියලුම අක්ෂරවල නම් සහ ශබ්ද මතක තබාගෙන දෙවන ශ්‍රේණිය අනුව කැපිටල් හා සිම්පල් අකුරු හඳුනා ගැනීම
  • තෙවන ශ්‍රේණිය වන විට ස්වාධීනව හා චතුර ලෙස කියවීම
  • කියවන විට නුහුරු වචන ශබ්ද කිරීම

වයස 11-13: ඉගෙනීමට කියවීම

ළමයින්ගේ කියවීමේ හැකියාවන්

  • ඔවුන්ගේ විනෝදාංශ සහ වෙනත් කැමති දේවල්  ගැන දැන ගැනීමට සහ පාසලේ ඉගනීම් සදහා කියවීම
  • ඔවුන් කියවා ඇති දේ වඩාත් හොඳින් වටහා ගැනීම
  • ප්‍රබන්ධ, සඟරා සහ පුවත්පත් කියවීම

දරුවන්ට ලිවීම සදහා සංධිස්ථාන

දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

ළමයින් ලිවීම ඉගෙන ගන්නා විට සන්ධිස්ථාන වැදගත් නොවේ

ලිවීම ඉහළ මට්ටමේ කුසලතාවයකි.

  • පැන්සලක් හෝ පෑනක් භාවිතා කිරීමට කුඩා මස් පිඩු සංවර්ධන චලන කුසලතා භාවිතය
  • අකුරු වචන වලින් සෑදී ඇති බවත් වචන වලින් දේවල් හෝ අදහස් නියෝජනය කරන බව තේරූම් ගැනීම
  • සකස් කිරිමේ කුසලතා
  • ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය සහ විරාම ලකුණු
  • විවිධ වර්ගයේ බුද්ධිය

ලිවීම පිලිබද සැලකිලිමත් විය යුතු සලකුණු

වයස 6-10: ලිවීමට ඉගෙනීම

ළමයින්ගේ ලිවීමේ හැකියාවන්

  • බාලාංශයේ අවසානය වන විට ව්‍යාංජනාක්‍ෂර ශබ්ද ලිවීම
  • පළමු ශ්‍රේණියේ වචන තේරුම් ගැනීම සමඟ පැහැදිලිව හා පහසුවෙන් ලිවීම
  • දෙවන ශ්‍රේණිය වන විට ආරම්භයක්, මැද හා අවසානයක්, චරිතයක් ක්‍රියාවක්, සැකසුමක් සහ ටිකක් විස්තර සහිතවලිවීම

වයස 11-13: ලිවීමට ඉගෙනීම

ළමයින්ගේ ලිවීමේ හැකියාවන්

  • නිවැරදි ව්‍යාකරණ, විරාම ලකුණු සහ අක්ෂර වින්‍යාසය බොහෝ විට භාවිතා කිරීම
  • වේගය වැඩි කරමින් වඩාත් දක්ෂ ලිවීමක් සහිත වීම හා අත් අකුරු වඩාත් ස්වයංක්‍රීය වීම
  • සරල, සංයුක්ත සහ සංකීර්ණ වාක්‍ය ඇතුළුව විවිධ වාක්‍ය ව්‍යුහයක් භාවිතා කිරීම
  • වාර්තා ලිවීම වැනි විවිධ වර්ගයේ දේවල් ලිවීම
  • ලිවීම සදහා  විවිධ ප්‍රභවයන්ගෙන් භාවිතා කිරීමට යොමු වීම
  • ලිවීම සහ පර්යේෂණ සඳහා පරිගණකය භාවිතා කිරීම

මුලික ගණිතය සදහා සංධිස්ථාන

දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ළමයින් මුලික ගණිතය ඉගෙන ගන්නා විට වැදගත් සන්ධිස්ථාන

ගණිතයට පුළුල් පරාසයක කුසලතා අවශ්‍ය වන අතර පුළුල් වචන මාලාවක් සහ විවිධ සංකල්ප ඇතුළත් වෙනවා. 

ගණිත කුසලතා බොහෝ විට එකක් මත එකක් විදියට ගොඩ නැගෙනවා. සමහර ළමයින් සමහර වර්ගවල ගණිතය දක්ෂ වුවද අනෙක් ඒවාට දුර්වල වෙන්න පුළුවන්.

පහත සලකුණු ගැන සැලකිලිමත් වෙන්න

වයස 6-10: මුලික ගණිතය ඉගෙනීම

ළමයින්ගේ ගණිත  හැකියාවන්

  • අංක ගණන් කිරීම හා තේරුම් ගැනීම
  • වස්තු සමූහයක ඇති අයිතම ගණන වැනි ප්‍රමාණයන් තේරුම් ගැනීම
  • පළමු ශ්‍රේණිය අනුව වර්ග සහ ත්‍රිකෝණ වැනි මූලික හැඩයන් හඳුනා ගැනීම
  • කාලය පැවසීම සහ දෙවන ශ්‍රේණිය අනුව විවිධ මුදල් වල වටිනාකම තේරුම් ගැනීම
  • අපගේ "10 පාදය " අංකකරණ පද්ධතියේ ස්ථාන-අගය ව්‍යුහය තේරුම් ගැනීම
  • සම්පූර්ණ සංඛ්‍යා හා දශම සංසන්දනය කර නිරූපණය කිරීම
  • හතරවන ශ්‍රේණිය වන විට භාගයන් තේරුම් ගැනීම  
  • ළමයින් සාමාන්‍යයෙන් පහත  කාලරාමුව මත මූලික ගණිත කුසලතා ඉගෙන ගන්නවා
  • පළමු ශ්‍රේණිය: ළමයින් තනි ඉලක්කම් එකතු කිරීමට හා අඩු කිරීමට ඉගෙන ගැනීම
  • දෙවන ශ්‍රේණිය: ළමයින් ද්විත්ව ඉලක්කම් සමඟ එකතු කිරීමට හා අඩු කිරීමට ඉගෙන ගැනීම
  • තෙවන හා සිව්වන ශ්‍රේණි: ළමයින් ගුණ කිරීමට හා බෙදීමට ඉගෙන ගැනීම

වයස 11-13: මුලික ගණිතය ඉගෙනීම

ළමයින්ගේ ගණිත  හැකියාවන්

  • විවිධ පියවර ගණනක් ඇති වඩාත් සංකීර්ණ ගණිත ගැටලු විසදීම
  • භාග, දශම සහ ප්‍රතිශත සමඟ පහසුවෙන් කටයුතු කිරීම
  • වීජ ගණිතය හා ජ්‍යාමිතිය පටන් ගැනීම
  • බර, මිනුම් සහ ප්‍රතිශත පිළිබඳ සංකල්ප සම්පූර්ණයෙන් තේරුම් ගැනීම

දරුවන් ඉගෙන නොගන්නා විට සහය ලබා දීම

ඔබේ දරුවාට ඉගනීමට ඔබේ සහය අවශ්‍ය දැයි දැනගන්නේ කෙසේද යන්න ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් දරුවෙක් යම් විෂයක් අසතුටින් ඉගෙන ගනියි නම් එය ලක්ෂණයකි.

ඒ නිසා ඔබ දරුවා නිරීක්ෂණය කරන්න. දරුවා සමග ඉගෙනිම් කටයුතු කරමින් දුර්වලතා හදුනාගන්න. දරුවාගේ ගුරුවරයා හා සාකච්ඡා කරන්න.

සමහර ළමයින්  ඉගෙනීමේ දී සුළු පසුබෑමක් පෙන්නුවද ඔවුන් හදුනාගෙන පිළියම් යෙදිමෙන් ඔවුන් තුල ඉගනීමේ හැකියාව වර්ධනය කල හැකිය.

දෙමව්පියන් වශයෙන්, ඔබ දරුවාගේ සන්ධිස්ථාන පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු වුවද එහිදි අනවශ්‍ය භීතිකාවන් ඇති කර නොගන්න.

මේ ලිපිය ඔබට වැදගත් වේවි කියා අපි සිතනවා.  මේ ගැන ඔබේ අදහසත් අපි සමග බෙදා ගන්න

මුලාශ්‍ර - www.webmd.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • දරුවන්ට කියවන්න, ලියන්න සහ ගණිතය ඉගැන්විය යුතු වයස් මොනවාද?
බෙදාගන්න :
  • 5න් ඉවර වන ඕනෑම අංකයක වර්ගය හොයන්නේ කොහොමද?

    5න් ඉවර වන ඕනෑම අංකයක වර්ගය හොයන්නේ කොහොමද?

  • පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

    පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

  • 5න් ඉවර වන ඕනෑම අංකයක වර්ගය හොයන්නේ කොහොමද?

    5න් ඉවර වන ඕනෑම අංකයක වර්ගය හොයන්නේ කොහොමද?

  • පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

    පෙර පාසැල් යන පොඩ්ඩාට මෙන්න මෙහෙම ගණන් කියාදෙමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it