theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මාස 06 ක බබාට සතියටම ආහාර වට්ටෝරු

5 අවම කියවීම
මාස 06 ක බබාට සතියටම ආහාර වට්ටෝරුමාස 06 ක බබාට සතියටම ආහාර වට්ටෝරු

මාස 6 ක බබාට ආහාර සැලසුම් සකස් කර ගනිමු.

මාස 6 බබාට ආහාර වට්ටෝරු හදුන්වා ‌දෙන්න කලින් අපි වැදගත් කාරණා ටිකක් සලකා බලමු

දරුවාට ආහාර හදුන්වා දීමට සුදුසුම වයස මාස 6 යි. නමුත් පෝෂණ ඌණතා ඇති විට මාස 5 න් ආහාර හදුන්වා දීම ආරම්භ කලත් එය මාස 4 ට පෙර ආරම්භ නොකරන්න. ඒ ඔබේ දරුවාගේ ආහාර ජිර්ණ පද්ධතිය හරියාකාරව වර්ධනය වී නොමැති නිසයි.

මඩ්කිරි විතරක් ගත්ත බබාට ඝන ආහාර කියන්නේ ලොකු වෙනසක් වෙනවා. ඒක නිසා ඒ කටයුත්ත පරිස්සමෙන් කරන්න අවශ්‍යයයි වගේම ඒ සදහා නිසි මග පෙන්වීමක්ද අවශ්‍ය වෙනවා.

බබාට ඉස්සෙල්ලාම ඝන ආහාර ලබා දෙද්දි සමහරු නම් නැකතක් බලනවා.  තවත් සමහරු රාහු කාලය ඇරලා මේ කටයුත්ත ආරම්භ කරනවා. ඇත්තටම ඔබ මේ ආරම්භ කරන්න යන්නේ ලොව තවත් අසීරුතම කාර්යයක්. අපි අද ඒ සදහා පුංචි මග පෙන්වීමක් කරන්නයි සුදානම.

ආහාර ලබා දීම ආරම්භ කිරීමට පෙර මතක තබා ගත යුතු වැදගත් කරුණු

  • බබාගේ ආහාර වලට සිනි, ලුණු හෝ වෙනත් රස කාරක එක් කරන්න එපා.
  • සෑම ආහාර වේලකටම දෙන කෑම ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරන්න.
  • සෑම ආහාර වේලකට පසුම මව්කිරි දෙන්න.
  • අලුත් ආහාර වර්ග වරකට එක බැගින් දින දෙක තුනක් හදුන්වා දෙන්න .
  • ආහාර විවිධ රසයෙන් ලබා දීම  දරුවාට ඒකකාරි රසයන් දැනීම වළක්වයි.
  • එළකිරි (මාස 12 ට පෙර නිර්දේශ කරන්නේ නැහැ), බිත්තර, සෝයා, රටකජු, ගස් ගෙඩි සහ බීජ, තිරිඟු, මාළු, බෙල්ලන් දරුවාට අසාත්මික වෙන්න පුළුවන්.
  • මෙම වයසේදි ඔබගේ දරුවා රස හදුනාගන්නා අතර කරදරයකින් තොරව ආහාර ගනී.
  • යකඩ ඌනතාවයෙන් වැඵැක්වීමට මස්, නමුත් ඕට්ස්, හෝ ශක්තිමත් කළ ධාන්ය වර්ග, පිරිසිදු බෝංචි සහ නිවිති වැනි ආහාර දරුවාගේ ආහාර වේලට එකතු කරන්න
  • කැල්සියම් ප්‍රභවයන් ලෙස මව්කිරි, යෝගට්; ගොවා, පිරිසිදු කොළ පැහැති එළවළු මෙන්ම මාළු , හාල්මැස්සන් ලබා දෙන්න පුළුවන් 
  • මොළයේ වර්ධනය හා සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය සඳහා DHA ඉතා වැදගත් වෙනවා. මෙය තෙල් සහිත මාළු (සැමන්, සාඩින්,), මව්කිරි වග අඩංගු අසංතෘප්ත ඔමේගා 3 මේදයෙනි දරුවාට ලබා දෙන්න පුළුවන්.
  • සෛල ක්‍රියාකාරිත්වයට කොලීන් වැදගත් වන අතර මොළයේ සෞඛ්‍යයටද හිතකරයි. නිවිති, වට්ටක්කා සහ බෝංචි හොඳ කොලීන් ප්‍රභවයකි. 
  • ප්‍රෝටීන් යනු අපගේ සම, හිසකෙස්, නියපොතු, මාංශ පේශි, රුධිරය සහ අස්ථි වල වැදගත් අංගයකි. කුකුළු මස් , මාළු, යෝගට් ප්‍රෝටීන් ප්‍රභව වෙනවා.

මාස 06 ක බබාට සතියටම ආහාර වට්ටෝරු

මාස 6 බබාට ආහාර වට්ටෝරු සැලසුම් කිරීම - දවසේ  කාලසටහන

වේලාව ආහාර
පෙ.ව. 6.00 මව්කිරි
පෙ.ව. 8.00 - 9.00 උදෑසන ආහාර වේල
පෙ.ව. 10.00 කෙටි ආහාර වේල
ප.ව. 12.00 දහවල් ආහාර වේල
ප.ව. 3.00 මව්කිරි
ප.ව. 6.00 රාත්‍රී ආහාර වේල
ප.ව. 9.00 මව්කිරි

 

සමබර පෝෂණය සදහා ලබා දිය හැකි ආහාර

ආහාර කාණඩය ආහාර
ධාන්‍ය
  • පරිප්පු
  • මුං ඇට
  • කඩල
  • කවුපි
සත්ව
  • මාළු
  • කුකුළ් මස්
  • පීකදු
  • හාල්මැස්සන් කුඩු
එළවළු
  • වට්ටක්කා
  • කැරට්
  • කහ බතල
  • අලු කෙසෙල්
  • අර්තාපල්
  • කැරට්
පළා වර්ග
  • තම්පලා 
  • සාරණ
  • ගොටු කොළ 
  • මුකුණුවැන්න
  • මුරුංගා කොළ
මේදය
  • පොල්තෙල්
  • බටර්
  • උකු පොල් කිරි
  • මාගරින් 
  • තලතෙල්
පළතුරු
  • කෙසෙල් 
  • පැපොල්
  • අලිගැට පේර
  • අඹ
  • කොමඩු

මාස 6 බබාට ආහාර වට්ටෝරු සැලසුම් කිරීම - බත් තලපය සදහා ආහාර සැලසුම්  

මාස 06 ක බබාට සතියටම ආහාර වට්ටෝරු

වයස ආහාර වර්ගය ප්‍රමාණය ප්‍රධාන වේල ගණන
පළමු දින දෙක තම්බා මත ගා බතට මව්කිරි එකතු කර  තේ හැදි 2 ක් 3 ක් 1
තුන් වන දින බත් තලපයට පරිප්පු ටිකක් එකතු කර තම්බා මත ගා ගන්න. මව්කිරි ටිකක් එකතු කරන්න තේ හැදි 2 ක් 3 ක්  2
දින 4 සිට 6 දක්වා බත් තලපයට අනෙක් ආහාර එකතු කරන්න එළවළු වලින් පටන් ගන්න. වරකට එක් ආහාරය බැගින් එය දින 2 ක් හෝ 3 ක් හදුන්වා දෙන්න.

බත් තලපයෙන් පසු පොඩි කර ගත් පළතුරු තේ හැදි 1 ක් දෙන්න.

තේ හැදි 3 ක් 4 ක්  2
දින 7 සිට 9 බත් තලපයට උකු පොල් කිරි හෝ  තෙල් තේ හැදි 1 ක් හෝ 2 ක් හදුන්වා දෙන්න.

බත් තලපයට සත්ව ආහාර කාණ්ඩය හදුන්වා දෙන්න.

පළතුරු හා මව්කිරි දිගටම ලබාදෙන්න.

තේ හැදි 3 ක් 4 ක්  2
දින 10 සිට 15 දක්වා බත් තලපය සකස් කිරිමේදි ඉහත ආහාර කාණ්ඩ වලින් අවම වශයෙන් එක් ආහාරය බැගින්වත් එක් කරගන්න.

ප්‍රධාන ආහාර වේල් දෙකක් අතරට පොඩි කරගත් පළතුරු තේ හැදි 1 ක් හෝ දෙකක් ලබා දෙන්න

තේ හැදි 5 ක් 6 ක්  2
දින 16 සිට 30 දක්වා බත් තලපය සකස් කිරිමේදි ඉහත ආහාර කාණ්ඩ වලින් අවම වශයෙන් එක් ආහාරය බැගින්වත් එක් කරගන්න.

බිත්තර කහමද දරුවාට හදුන්වා දෙන්න පුළුවන්

ප්‍රධාන ආහාර වේල් දෙකක් අතරට පොඩි කරගත් පළතුරු තේ හැදි 1 ක් හෝ දෙකක් ලබා දෙන්න

කෝප්ප 1/4 2 හෝ 3

 

මාස 6 බබාට ආහාර වට්ටෝරු සැලසුම් කිරීම - වේල අනුව ආහාර සැලසුමක්

ආහාර වේල ආහාර
උදේ ප්‍රධාන ආහාර වේල
  • බත් තලපය
  • පොඩි කර ගත් බතල
  • ක්‍රීම් කර ගත් අල
  • පොඩි කර ගත් අලිගැටපේර
  • ක්‍රීම් කරගත් එළවලු සුප්
  • පොඩි කරගත් ධාන්‍යය
කෙටි ආහාර වේල 
  • යෝගට් 
  • පොඩි කරගත් කෙසෙල්
  • පොඩි කරගත් ගස්ලබු
දවල් ප්‍රධාන ආහාර වේල
  • බත් තලපය
  • පොඩි කර ගත් අල
  • ක්‍රීම් කරගත් එළවලු සුප්
රාත්‍රි  ප්‍රධාන ආහාර වේල
  • පොඩි කරගත් එළවලු සුප්
  • ක්‍රීම් කර ගත් අල
  • බත් තලපය

3

මාස 6 බබාට ආහාර වට්ටෝරු සැලසුම් කිරීම - සතිය අනුව ආහාර සැලැස්මක්

අපි ශ්‍රී ලාංකික නිසා අපේ ප්‍රධාන ආහාරය බත්ය. නමුත් ලෝකයේ තත්වය මීට හාත්පසින් වෙනස්ය. සමහර රට වල මස් මාළු වලට ප්‍රධාන්ත්වය ලැබෙද්දි සමහර රටවල් පිටි ආහාර හෝ එළවළු වලට මුල් තැන දෙයි.

මෙහිදි අපි තේරෑම් ගත යුතු දෙය වන්නේ බත් අනිවාර්යය අංගයක් නොවන බවයි. කෘෂිකාර්මික රටක් වු නිසා ප්‍රධාන ආහාරය බත් වීමේ කිසිම වරදක් නැත. නමුත් ඔබේ දරුවාට එකම බත් තලපය වෙනුවට විවිධ රසට ආහාර උත්සහ කර බැලීමෙන් දරුවා ආහාර ගන්න කැමතිවේවි. එහෙම වෙනස් විදියට හිතන දෙමව්පියන් සදහා මග පෙන්වීමක්.

උදේ කෙටි දවල් රාත්‍රී
සදුදා පොඩි කරගත් අල, මාළු,එළවළු කෙසෙල් බත් තලපය චිකන් සුප් එකක්
අගහරුවාදා පොඩි කරගත් අලිගැට පේර කොමඩු බත් තලපය සීරියල් එකක්
බදදා බත් තලපය ගස්ලබු පොඩි කරගත් අල, මාළු,එළවළු පොඩි කරගත් කෙසෙල් හා අලි ගැට පේර
බ්‍රහස්පතින්දා ඔට්මීල් සීරියල්  අඹ බත් තලපය චිකන් සුප් එකක්
සිකුරාදා  පොඩි කරගත් අල, මාළු,එළවළු කෙසෙල් බත් තලපය සීරියල් එකක්
සෙනසුරාදා බත් තලපය කොමඩු පොඩි කරගත් අල, මාළු,එළවළු පොඩි කරගත් වට්ටක්කා, මාළු,එළවළු 
ඉරිදා පොඩි කරගත් අලිගැට පේර ගස්ලබු බත් තලපය චිකන් සුප් එකක්
  1. ආහාර අත් ‌පොත

මේ සරල අදහසක් විතරයි. ඔබටත් පුළුවන් මේ විදියට බබාට මාස 06 දෙන්න අවශ්‍ය ආහාර සටහන් කර ගෙන ඒ අනුව සතියෙන් සතිය වෙනස් වෙන අපූරු කාල සටහනක් හදාගන්න. සමබර ආහාර කාලසටහන ගැන ඔබේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න.

මුලාශ්‍ර  happyfamily

ආහාර අත් ‌පොත

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සැලසුම්
  • /
  • මාස 06 ක බබාට සතියටම ආහාර වට්ටෝරු
බෙදාගන්න :
  • සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

    සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

  • අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු 

    අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු 

  • සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

    සතියේ කෑම ලෙහෙසියෙන් ගලපා ගන්නේ ‌මෙහෙමයි

  • අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු 

    අවුරුද්දේ බබාට කෑම වට්ටෝරු 

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it