කමනි අක්කා අපට කියා දෙන Meal Plan හදන ක්‍රමය

කමනි අක්කා අපට කියා දෙන  Meal Plan හදන ක්‍රමය

කුස්සියේ කාලය ඉතිරි කරගන්න, රසට ගුණට කෑම කන්න සතියටම හරිය කෑම වේල් කිහිපයම කල් තියා පහසුවෙන්ම පිළියෙල කර තියාගන්නේ මෙහෙමයි.

කුස්සියේ කාලය ඉතිරි කරගන්න පුළුවන් කොහොමද කියන එක කාන්තා අපට ඉතාමත්ම වැදගත් වන්නේ ලංකාවේ අම්මෙකුගේ කේන්ද්‍රස්තානය බොහෝ විට සැළනකෙන්නේ කුස්සිය ලෙස නිසා වන්නට ඇති. කාර්‍යබහුල මව්වරුන් ලෙස අපට මගහැරෙන් එක් දෙයක් තමා කල්තියා ආහාර සූදානම් කිරීම. 

ඉතින් සාර්ථකව කුස්සිය මෙන්ම කුස්සියේ ගතකරන කාලය කළමණාකරනය කරගන්න වටිනා දැනුම් ගොන්නක් අප වෙත ගෙන එන්නේ ඔබ දනා හඳුනන ආදරණීය ලේඛිකාවක් වන කමනි සිරිවර්ධනයි.  

කල්තියාම සතියටම හරියන්න රසවත් කෑම් වේල් ටික පිළියෙල කර තබාගන්නා ආකාරය ගැන මේ වටිනා ලිපිය ඇගේම වචන වලින් ඔබ වෙත පිරිනමනවා.

කල්තියා ආහාර සූදානම් කිරීම: සතියටම හරියන කෑම වේල් ටික කලින්ම පිළියෙල කරගන්නේ කොහොමද?

Meal plan monday discussion එකේ මගෙන් අහලා තිබුණා මග නතර නොවී කරගෙන යන්න Basic Meal plan structure එකක් හදන්න කොහොමද කියලා.

ඊට කලින් මම කතා කරන්නම් ඇයි මෙහෙම ⁣structure එකක් මම හැදුවෙ කියලා. ඇයි අපි මේක හදා ගන්න පුංචි උනන්දුවක් දක්වන්න අවශ්ය වෙන්නෙ?

කල්තියා ආහාර සූදානම් කිරීම: Meal plan structure එකක් හැදුවාම අපට pre set menu ගොඩක් ලැබෙනවා ආයාසයෙන් තොරවම.

  • අපි කන එළවළු මාළුපිණි අපූරුවට එකිනෙක ගැලපෙන නිසා කද්දී ඉතා රසවත්ව දැනෙනවා.
  • උයද්දී එකම රටාවට කරන නිසා සාමාන්යයෙන් කරනවට වඩා කාර්යක්ෂමතාවයක් තියනවා. ඒ නිසා වෙලාව ඉතුරු වෙනවා.
  • අහස පොළව ගැටලා කල්පනා කරන්න අවශ්ය නෑ. ඔලුවන් බරක් අයින් කරලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්.
  • ලොකුම වාසිය තමයි සතියක් ගානෙ තමන්ගෙ වැඩ කරන වේගය ඉහළ යන එක. මට නම් හැමදාම මේක අත්දකින්න ලැබෙනවා.
  • අවශ්ය දේවල් පවා කලින්ම එළියට අරන් තියන්න පුලුවන්. අවශ්ය අමුද්රව්ය හැමදේම දන්නවා. ඒවා ගෙදර තියන බවට වග බලා ගන්න පුරුද්දක් එනවා.
  • හැම මාසෙම එකම ප්රමාණ වලින් මේවා පරිභෝජනය වෙන නිසා අපතේ යාමකුත් නෑ. ගෙදර ආහාර වියදම පවා එකම විදිහට හැම මාසෙම යන්නෙ.

"අනේ ඒත් හැම සතියෙම දවසක් එකම කෑම කන්න හිතෙන්නෙ නෑනෙ.."

මේ විදිහට කියපු අයත් හිටිය නිසා....තව පැහැදිලිව ලියන්න හිතුණා.

මම හදා ගත්ත menu එක වෙනස් කරන්න අවශ්ය නම් මම හැමදේම අලුතින් ගලපලා ලියන්නෙ නෑ. දැනට තියන එක curry එකක් වෙනුවට ඊට සමාන රසයෙන් සහ පාටින් තියන තව එකක් විතරක් එකතු කරනවා. ඒක මට හරිම ලේසියි.

"එකක් එළියට අරන් ගැලපෙන වෙන එකක් දානවා."

කල්තියා ආහාර සූදානම් කිරීම: මුල්ම උදාහරණය

දැනට මම follow කරගෙන යන ක්රමයට සඳුදා දවල්ට මම හදන ප්රධාන curry තුන තමයි.

  • මාළු
  • පරිප්පු
  • මඤ්ඤොක්කා කොළ මැල්ලුම.

මේ තුන එකට කන්න අපි කැමති නිසා එකට මැච් කළා.

ගොඩක් දවසට මං ළග මේ තුන එක්ක එකට බත් එකට බෙදන්න කලින් හදලා බෝතල් කර ගත්ත රටකජු හෝ වම්බටු බැදුමක් තියනවා. හදපුවා නැත්නම් මම චුට්ටක් බැදල ගන්නවා කරපංචා එක්ක.

තව ලුණු දෙහි හෝ චට්නි ටිකකුත් බෙදනවා. ඒ හොඳටම ඇති. හරි රසයි මේ ටික එකට කනකොට. වෙන මුකුත්ම හදන්නෙ නෑ.

මේක තමයි මගෙ basic meal plan එක සඳුදා lunch වලට. එකම විදිහට හැම සඳුදාම කනවා කියල හිතද්දී ඔයාලට එපා වෙනවද?

ඉතිං බලමු මම මේකට variation ගේන විදිහ.

පරිප්පු වෙනුවට මට ඕනෙම ආදේශකයක් පාවිච්චි කරන්න පුලුවන්.

කඩල පරිප්පු , කව්පි, මුං ඇට, කඩල.....අනික් curries වෙනස් නොකර එහෙම්මම තියලා එක දෙයක් විතරක් වෙනස් කළාම මට ගැලපීම ගැන කරදර නෑ. එහෙම නැත්නම් පරිප්පු වලට තව එළවලුවක් එකතු කරන්න පුළුවන්.

ඒ විදිහටම මට අවශ්ය දවසට කොළ වර්ගය මාරු කරනවා. ඒ වගේම අනිත් දේවල් එහෙම්මම තියලා මාළු උයන ක්රමය චුට්ටක් වෙනස් කරනවා. සමහර දාට මාළු bake කරනවා. නැත්නම් බදිනවා. ඇඹුල් තියල් හදනවා.

තව menu එකක් ගත්තොත්

  • බීට්
  • ලූණු කොළ තෙල් දාලා
  • මාළු මිරිසට

මේ menu එකෙන් මට ළූණු කොළ ඉවත් කරලා ඒ වෙනුවට එක සතියක මෑ කරල් තෙල් දාන්න පුළුවන්.

තව සතියක කංකුං තෙල් දාන්න පුළුවන්.

ඇත්තටම structure එකක පහසුව මේකයි. හැම වෙලාවෙම පාට රසය හොඳින් ගැලපෙනවා. කන්න ප්රියයි.

හදන හැම එකම එකට මැච් කරනව⁣ට වඩා එකක් වෙනුවට අාදේශකයක් එතනට ගේන ටික විතරයි තියෙන්නෙ.

එහෙම හදා ගත්තාම මට එකම සැළසුමක් ඇතුළත match වෙන menu මහා ගොඩක් ලැබෙනවා.

ඉතිං කවදාවත් මට එකම දේ කනවා කියල දැනෙන්නෙ නෑ.

ඔන්න මම තවත් උදාහරණයක් ගන්නවා.

සදුදා රෑට මම හදන්නෙ පොල් රොටී හෝ පිට්ටු.

මේ දෙකටම අවශ්ය වෙන්නෙ පොල් සහ පිටි. මම මේ දෙක මාරුවෙන් මාරුවට සතියක් ඇර සතියක් සඳුදාට හදනවා.

එතකොට අපටත් විවිධත්වයක් තියනවා.

අවශ්ය අමුද්රව්යත් මම එකවර මාසයටම බලල හරි ප්රමාණයට ගන්නවා. එතකොට ඒවා නාස්ති වෙන්නෙත් නෑ.

ඒත් විවිධත්වයක් ඇති වෙන්න මම හදන රොටී වලටත් පිට්ටු වලටත් මම එළවලු මාළු ආදී විවිධ දේ එකතු කරනවා.

ඉතිං කවදාවත් මාසයේ හැම සඳුදා රෑම එකම දේ කනවා වෙන්නෙ නෑ. අලුත් වෙනසක් හැමදාම තියනවා.

හැබැයි එකම structure එකක් ඇතුළත.

මේ තුන් වෙනි උදාහරණය: කල්තියා ආහාර සූදානම් කිරීම - සඳුදා උදේට අපේ ගෙදර බිත්තර ආප්ප හෝ බිත්තර රොටී.

ආප්ප හදන දාට ඒවා හදන්නෙ ඉරිදා රෑ කෑමට සූදානම් කළ ආප්ප මිශ්රණයේ ඉතුරු ටිකෙන්.

ඉරිදාට ආප්ප නොහැදුවොත් බිත්තර රොටී වලට පිටි මෝලිය machine එකකින් අනල ගන්නවා.

මේක එකින් එක හදනකොට ඇත්තටම චුට්ටක් වෙලා යන බව දන්නවනේ.

ඉතිං මම ඒ වෙලාවෙ හදන දවල් කෑම එක match කරල තියෙන්නෙ ටක් ටික් ටුක් වේගෙන් හදන්න පුලුවන් විදිහට.

පරිප්පු ටික වතුරෙන් ලිපේ තියල මාළු ටික තුනපහ අත ගාල air fryer bake වෙන්න දාල පොල් කිරි ටික blend කරනවා.

ඒ machine එකේම food processor unit එක හයි කරල තත්පර කීපයකින් මැල්ලුම කපනවා.

බත් එක ඉදෙන ටිකට පැය බාගෙන් වගේ දවල්ට කෑම හදල ඉවරයි. එදාට මට හරිම ලේසියි.

ඉතිං උදේ කෑමට විශේෂ දෙයක් හැදුවත් මට කාලය පිරිමහ ගන්න අමාරු නෑ.

ඉතිං දැන් ඔයාලගෙ වාරය. නොතේරෙන දේ කමනිගෙන පහත පිටුව හරහා සම්බන්ධ වී අහන්න. 

Kamani Siriwardane

ලේඛිකාවක්, ගුරුවරියක්, මවක් හා බිරිඳක් වන කමනි සිරිවර්ධන ජීවිතයට වැදගත් වන බොහෝ දෑ පිළිබඳව පාඨකයන් දැනුවත් කරමින් ඔවුන් උද්‍යෝගිමත් කර ජීවිතයේ දිණුම කරා ගෙනයන්නට කැපවී සිටියි.

එයට ඇගේ ලිවීමේ කුසලතාව මෙන්ම ඉගැන්වීමේ කුසලතාවද ඇගේ වෙබ් පිටුව හා යූ ටියුබ් වීඩියෝ උපයෝගී කරගනිමින්.

ඉතාම ආකර්ශනීය ලෙසින් වචන හසුරුවන ඇය ජීවිතයේ පිළිවෙල, නිවෙස අලංකාර කිරීම, ඉවුම් පිහුම්,  වගාව,  සතුටින් සිටීම වැනි විවිධ අංශ ගැන රසබර ලෙස පාඨකයින් දැනුවත් කරයි. 
 

Written by

Niloufer Perera