theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සැර අම්මෙක්‌ගේ ලක්ෂණ 12 ක්

5 අවම කියවීම
සැර අම්මෙක්‌ගේ ලක්ෂණ 12 ක්සැර අම්මෙක්‌ගේ ලක්ෂණ 12 ක්

සැර අම්මා ක‌ෙන‌ෙක් කියලා දුක් ‌‌වෙනවද? එහෙනම් කියවන්න.

ඔබේ දරුවා ඔබව සැර අම්මා ක‌ෙන‌ෙක් විදියට දකිනවාද? ඒ ගැන කණගාටු  වෙන්න එපා.
ඔබ  "සැර" වෙන්නේ අවශ්‍ය නිසා බව ඔබ දන්නවා නම් සහ ඔබ එසේ කරන්නේ දරුවා හික්මවීම සඳහා නම්  ඔබ එය හොදින් කරනවා.
ඔබේ දරුවාට  අවශ්‍ය දේ කිරීමට ඉඩ නොදුන් විට "අම්මා සැරයි" කියාවි. මෙයින් මදක් ඔබ පසුබට වෙන්න පුළුවන්. ඒත් තවත් විටෙක අන් අය‌ෙක් ඔබේ  දරුවා හික්මවා ඇති ආකාරය  ගැන ඔබට ප්‍රශංසා  කරාවි. ව්‍යාකූල වෙන්න එපා. එය ප්‍රශංසාවක් ලෙස සලකන්න.
නරකට හැසිරෙන දරුවන් ගැන ඔබ මීට පෙර අසා තියෙනවා නේද? ඒ නිසා ඔබ බියට පත් කරනවා.
නමුත් එසේ හැසිරීම  එම දරුවන්ගේ  වරදක් නොවන බව ඔබ වටහා ගන්නවා. වරද ඇත්තේ එම දරුවන්ගේ දෙමව්පියන් තුලයි.
ඒ නිසා ඔබ ඔබේ දරුවන් නිවැරදි මඟ ගෙනයන සැර අම්මා කෙනෙක් ලෙස හඳුන්වනවා ඇසුන පමණින් කණගාටු වෙන්න එපා.  ඔබ තවම දරුවන් යහමගට ගැනීම අත්හැර නැහැ.එයින් අදහස් වන්නේ එයයි.
අම්මලා පොඩ්ඩක් සැර වුනාට කමක් නැහැ.  ඒ තුලින් දරුවන්ගේ  උද්වේගකාරී හැසිරීම් අවබෝධ කරගන්න පහසුයි. ඒ සදහා ඔබ ස්ථීර නමුත්  මෘදු ලෙස කටයුතු කරන්න. ඒ සදහා අවශ්‍ය වන්නේ දැඩි ආදරය, ආදරය අවධාරණය කිරීමයි.

සැර අම්මා ක‌ෙන‌ෙක් වෙන්න ක්‍රම දොලහක් 

1. දරුවන්ට නින්දට යන ලෙස පවසන්න
නින්ද නොමැතිව දවස ගත කිරීමෙන් දරුවන්  කොතරම් අවුල් සහගත  වෙනවාද කියා ඔබ ඔවුන්ට  කියා දීලා නැහැ නේද? එහෙනම් ඔබ එය කියාදෙන්න. ඔවුන් ඒ සම්බන්ධයෙන්  නිවැරදිව කටයුතු කල යුතුය.
සෑම කෙනෙකුටම නින්ද අවශ්‍ය වෙනවා.  ඔවුන්ට නිදා නොගනි නම්, ඔබටද නිදාගත නොහැකිය.
ඔවුන් නින්දට වැටේ නම් දෙපාර්ශවයටම යහපත් වෙනවා.
2. ඔබේ දරුවන්ට දිනපතා අතුරුපසක් ලබා නොදෙන්න.
ඔබ කලාතුරකින් ආහාරයට ගන්නා රසකැවිලි  අගය වැඩිය. එසේ එය ඔබ රස විඳින මොහොත “සංග්‍රහයක්” වෙනවා. පැණි රස කෑම වල නම පවසනවාට වඩා වේගයෙන්  අධික සීනි ඔවුන්ගේ  දත් දිරා යාම සිදු කරන බව දරුවන්ට කියාදෙන්න.
ඔවුන් ජීවිත කාලය පුරාම කළු කැත දත් තබා ගැනීමට ඔවුන් කැමති වේවිද? ඔවුන් නිතර දන්ත වෛද්‍යවරයා වෙත යාමට කැමතිද? ‌මේ ගැන ඔවුන් ඔවුන්ගේ සැර අම්මාට  ස්තූතිවන්ත වේවි.

3. ඔවුන්ගේම දේවල් වලට ඔවුන්ටම ගෙවන්න දෙන්න.

ඔබට යමක් අවශ්‍ය නම්  ඔබම එය ලබා ගත යුතුය. ජීවිතය ක්‍රියාත්මක වන්නේ එලෙසයි.
ඒ නිසා තමන්ගේ  දේවල් සඳහා ගෙවීමේ වටිනාකම ඔබේ දරුවන්ට උගන්වන්න. තමන් මිලදී ගන්නා දේවල් තීරණය කරන්න ලැබීම කෙතරම් පුදුම සහගතදැයි ඔවුන්ට කියාදෙන්න.
ඊට අමතරව, ඔවුන් අවබෝධයෙන් වියදම් කරන්නේ කෙසේදැයි ඉගෙන ගනිවි. ඒ වගේම  ඔවුන් වැඩිපුර මිලදී ගන්නා දේවල්  වල අගය ඉගෙන ගනිවි.
4. ඔබේ දරුවාගේ වාසියට ලෝකය හසුරුවන්නේ නැහැ.
සෑම දෙයක්ම ඔබේ දරුවන්ගේ  දෝතට නොදෙන විට ඔවුන් අනිවාර්යයෙන්ම කාලය‌ෙන් අත්දැකිම් ලබාවි. සෑම දෙයක්ම  දෝතට ලබාා දීම වැරදි  බවත් ඔවුන් දිනෙක ඉගෙන ගනිවි. ඔබේ දරුවන්ට සෑම විටම ඔවුන්ට අවශ්‍ය දේ ලබාගන්න නිසා ඔබ ලෝකය හැසිරවීම කරන්න එපා.
ඔබේ දරුවන්ට සෑම විටම ඔවුන්ට අවශ්‍ය දේ ලබාදීම මගින් ඔබේ දරුවන් අනාගතය සඳහා සූදානම් කරන්නේ නැහැ වගේම ඔබ කරන්නේ ඔවුන්ව අවාසනාවන් පරාජයන් සඳහා සූදානම් කිරිමයි.

5. ඔවුන් අමාරු දේවල් කිරීමට අවස්ථාව දෙනවා.

දරුවන්ට දේවල් කිරීමට අසිරූ වූ විගසම  ඔවුන්ට උදව් කරන්න එපා. ඔවුන්ට ඒවා හා සටන් කිරීමට ඉඩ දෙන්න. ඔවුන් එම බාධක ජය ගත් විට,  තමන්වම බලාත්මක  කරගන්නවා.
6. ඔරලෝසුවක් ලබාදෙනවා.
ඔබේ දරුවා තම කාලයේ වටිනාකම  මෙන්ම එය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න ඉගෙන ගත යුතුය. මෙසේ නොකරන්නේ නම්  ඔවුන් සියල්ලටම ප්‍රමාද වී වීම හෝ ඔවුන්ට අවශ්‍ය දේවල් කිරීමට නොහැකි වෙනවා.
ඔරලෝසුවකට ඔවුන්ගේ විශ්වාසය ඉහල නංවන්න පුළුවන්. ඔරලෝසුව ඔවුන්ට ඔවුන් වගකීමෙන් ‍යුතු බව හා වැඩුණු බව පසක් කර දේවි.
7.  ඔවුන්ට හොඳම හා නවතම දේ මිලදී ගන්නේ නැහැ.
ඔබ ඔබේ දරුවා නරක් කරන විට ඔවුන්ට කිසිදු අනුග්‍රහයක්  දක්වන්නේ  නැහැ . ඒ නිසා සැර මවක් වී ඔවුන්ට දේවල්  සෑමවිටම  නොලැබෙන බව උගන්වන්න. හොඳම හා නවතම දේ ලැබීම  ජීවිතයේ වැදගත්ම දේ නොවන බව ඔවුන් දැන සිටිය යුතුය.
දේවල් වල සැබෑ වටිනාකම ගැන ඔවුන්ට කියා දෙන්න. ඔවුන්ට දැනටමත් ලැබි ඇති  දේවල් ගැන සතුට හා සැහීමකට පත්වන්න ඔවුන්ට  උගන්වන්න.
8.ඔවුන්ට පාඩු සහ අසාර්ථකත්වය දැනෙන්නට ඉඩ හරිනවා.
ඔබේ දරුවා ඔවුන් සතුව ඇති දෙයක් කඩා බිද දැමුවහොත්, ඔබට එය නැවත සකස් කරන්න එපා.
තමන්ගේ  දේවල් වඩා හොඳින් රැකබලා ගන්න ඔවුන් ඉගෙන ගත යුතුය. ඒ වගේම ඔවුන් සෑම විටම අසමත් වීමට ඉඩ දෙන්න.
දෙයක් ලබා ගැනීම සඳහා වැඩ කළ යුතු බව අසාර්ථකත්වය අත්විඳීමෙන් ඔවුන් තේරුම් ගනිවි. ඒ වගේම  සෑම දෙයක්ම ඔවුන්ට ලබා නොදෙන බවත් ඔවුන් වටහා ගනීවි. එය ඔවුන්ට වගකීම ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක් ලබාදේවි.
9.ඔවුන්ගේ මාධ්‍ය භාවිතය  පාලනය කරනවා.
දරුවන්ගේ මාධ්‍ය භාවිතය පාලනය කළ යුතු බව අපි නැවත මතක් කරනවා. අනෙක් දෙමව්පියන් තම දරුවන්ට මෙවැනි  උපාංග අන්වශ්‍ය පරිදි ලබා දෙනවා කියා ඔබ එසේ කිරීමට අවශ්‍ය නැහැ.
එය අහිතකර ඇබ්බැහි වීමක් බවට පත්වන විට හෝ ඔවුන් භාවිතා  කරන මාධ්‍ය නුසුදුසු වූ විට ස්ථීර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. යහපත් දෙමව්පියන් ලෙස නැගී සිටින්න. අනෙක්  දෙමාපියන්ට එය අනුගමනය කිරීමට ඉඩ දෙන්න.

10.ඔවුන් සමාව ඉල්ලීම සදහා යොමු කරනවා.

යම් දෙයක් වැරදි  ඇති විට එය හඳුනා ගැනීමට හා එය වැරදි දෙයක් ලෙස පිළිගන්න ඔබේ දරුවාට නොහැකි නම්  අනාගතයේ දී ඔවුන් සමබර වැඩිහිටියන් වන්නේ කෙසේද?
සෞඛ්‍ය සම්පන්න දිගුකාලීන සබඳතා පවත්වා ගැනීමට ඔවුන්ට හැකි වන්නේ කෙසේද?
ඔබේ දරුවා යම් වැරැද්දක් කරන්නේ නම්, ඔවුන් කළ වැරැද්ද කුමක්දැයි ඔවුන්ට අවබෝධ කර දෙන්න. එහි ප්‍රතිවිපාක ඔහුට  අත්විදින්න දෙන්න.
රළුකම, අඩතේට්ටම් කිරීම සහ වංකකම නොසලකා හරින්න බැහැ. ඔබ එය මුලිනුපුටා දැමිය යුතුය.
11. දරුවන්ව තමන්ගේ  පුරුදු ගැන සැලකිලිමත්  කරවනවා.
කුඩා අවදියේදීම දරුවන්  ඔවුන්ගේ පුරුදු ගැන සැලකිලිමත් වීමට ඉගෙන ගත යුතුය. නැතහොත් රළු හැසිරීම පුරුද්දක් බවට පත්වෙනවා. ආචාරශීලීත්වය සහ විනීතභාවය  ඔබේ දරුවන් පමණක් නොව ඔබ විසින් ද අනුගමනය කළ යුතුය. හොඳ පුරුදු දරුවන්ව යහපත් අනාගතයක් ලබාදේවි.
12.  ස්වේච්ඡා සේවයට පොළඹවනවා.
නිවස පිරිසිදු කිරීම හෝ ඔවුන්ගේ ආච්චිලා සීයලාට යමක් උපකාර කිරීම වැනි ස්වේච්ඡා සේවයේ යෙදීමේ වටිනාකම ඔවුන්ට කියාදෙන්න. එය ඔවුන්ට ත්‍යාගශීලීභාවය සහ අනුකම්පාව ගැන අවබෝධයක් ලබාදෙනවා.
අන් අයගේ, ඔවුන්ගේ පවුලේ අයගේ පවා වැඩ ඔවුන් නොමිලයේ  කිරීම තුලින්  තවත් කෙනෙකුගේ හැඟීම් තේරුම් ගැනීම හා බෙදා ගැනීම  ඔවුන්ට උගන්වයි. ඒ මඟින් විවිධ දෘෂ්ටි කෝණ වලින් තත්වයක් බලන්න ඉගනීමටත්  අනෙක් පුද්ගලයින්ටද අවශ්‍යතා ඇති බව වටහා ගන්නත් හැකිවෙනවා.
මිනිසුන්ට තමන්ගේම ප්‍රශ්න ඇති බවත් ඒවා බොහෝ විට ඔවුන්ගේ ගැටලුවලට වඩා බරපතල බවත් ඔවුන් ඉගෙන ගන්නවා.

සැර අම්මා ක‌ෙන‌ෙක් වීම සමහර විට හොඳක් වෙන්නත් පුළුවන්.

ඔබ නිවැරදි දේ කරන තාක් කල් ඔබේ දරුවන් ඔබව සැර මවක් ලෙස හැඳින්වීම ගැන කණගාටු වෙන්න එපා. ඇත්ත වශයෙන්ම, ඔබේ දරුවන්ට වඩා හොඳ හැසිරීමක් ඉගැන්වීම සඳහා ඔබ ඔබටම සලකන්න අවශ්‍ය වෙනවා.
ඔබේ දරුවන් ඔබේ මුහුණට ඔබ සැර මවක් ලෙස පැවසුවත් ඔබ ඔවුන්ට ආදරය කරන බව ඔවුන්ට දැනෙන්න දෙන්න. ඔවුන් වෙනස් වේවි.  ඔබ ඔවුන් වෙනුවෙන් කර ඇති දේවල් වඩා යහපත් මිනිසුන් බවට පත්වීමට ඔවුන්ට උපකාරී වන බව ඔවුන් තේරුම් ගනීවි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • සැර අම්මෙක්‌ගේ ලක්ෂණ 12 ක්
බෙදාගන්න :
  • මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

    මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

  • මව්වරුන් කිසිවිටෙකවත් අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් හා බෙදා නොගත යුතු දේවල් 5ක්

    මව්වරුන් කිසිවිටෙකවත් අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් හා බෙදා නොගත යුතු දේවල් 5ක්

  • මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

    මවක් වීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

  • මව්වරුන් කිසිවිටෙකවත් අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් හා බෙදා නොගත යුතු දේවල් 5ක්

    මව්වරුන් කිසිවිටෙකවත් අන්තර්ජාලයේ මව්වරුන්ගේ සමුහයන් හා බෙදා නොගත යුතු දේවල් 5ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it