theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට අත්බෙහෙත්?

4 අවම කියවීම
දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට අත්බෙහෙත්?දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට අත්බෙහෙත්?

පෝෂණවේදී ෂෙරියාගේ දරුවන්ට  ප්‍රතිජීවක ඖෂධ යන විවෘත ලිපියක් මෑතකදී ලොව පුරා පැතිර   ගිය අතර ඇය ඒ පිළිබඳව අප සමග විස්තර  කලා.  

හෙම්බිරිස්සාවට අත් බෙහෙත් : ශීත කාලයත් එක්කම අපේ ළමයින් කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව  පළමු රෝග ලක්ෂණය පල කල වහාම  අපි ඉක්මනින්ම ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා  දෙනවා. ඒ ප්‍රතිජීවක ඖෂධ ඒ සදහා  එකම විසඳුම බව අපිට නිතර  ඇසෙන  බැවිනි.

නමුත්, එය සත්‍ය  නොවේ.

හෙම්බිරිස්සාවට අත් බෙහෙත්

පෝෂණවේදී  ෂෙරියාගේ 'දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ' යන  විවෘත ලිපිය ලොව පුරා පැතිර ගිය විට මේ වේදනාකාරී යථාර්ථය ගැන බොහෝ දෙමාපියන් දැන ගත්තා.

වෛරස් ආසාදනවලින් පෙළෙන දරුවා දැකීම වේදනාකාරී වන අතර, ප්‍රතිජීවක ඖෂධ ඒ විසඳුමක් නොවන බව ෂෙරියා ඇයගේ ලිපියේ සටහන් කර තිබෙනවා . රෝගය වෛරසයෙන් ඇතිවන විට ප්‍රතිජීවක ඖෂධ ලබා දීම ආරක්ෂිත නොවේ.

එපමණක් නොව, ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධී ප්‍රතිශක්තිකරණ ශරීරයට ඇති  නිසා ප්‍රතිශක්තිකරණය අඩුවීමට හේතු වී ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

හෙම්බිරිස්සාවට අත් බෙහෙත් : දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දීම ඔබ විසින්  නතර කළ යුත්තේ ඇයි?

ඒ නිසා අපි ලොව පුරා ගිය ඇයගේ ලිපිය හා දෙමව්පියන් ප්‍රතිජීවක ඖෂධ ලබා දීම මග හැරිය යුත්තේ ඇයි  යන්න පෝෂණවේදී  ෂෙරියා හා අප කතා කළා.

මෙන්න  පෝෂණවේදී ෂෙරියා එක්ක අපේ විශේෂ සම්මුඛ සාකච්ඡාව

ප්‍රශ්නය: දෙමාපියන් දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා නොදිය යුත්තේ  ඇයි?

හෙම්බිරිස්සාවට අත් බෙහෙත්

ෂෙරියා: ප්‍රතිජීවක ඖෂධ ළමුන් සඳහා නිතර  නිර්දේශිත ඖෂධ වෙනවා . ප්‍රතිජීවක ඖෂධ වලට ජීවිත බේරාගත හැකි වුවද, ඒවා බොහෝ විට වැඩිපුර නිර්දේශ වීම් හා වැරදි ලෙස භාවිතා කිරීම් දකින්නට ලැබෙනවා. ප්‍රතිජීවක ඖෂධ ලබා ගත් පමණින් සෑම රෝගයක්ම සුව කළ නොහැකිය.

යම් අයෙකුට ප්‍රතිජීවක ඖෂධ (බැක්ටීරියා හැරුණු විට) වෛරස් රෝග සදහා  නිර්දේශ කරයි නම් එය අසාර්ථක  වේ. තවද ඒවාට පරිවෘත්තීය ක්‍රියා, බඩවැල් වල ක්ෂුද්‍ර  ජීවීන්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ඇදුම, එස්මා සහ ආසාත්මිකතා සඳහා ජීවිත කාලයටම බලපෑම් ඇති කළ හැකි ය.

මුඛයෙන් ගන්නා  ප්‍රතිජීවක ඖෂධ ඔබගේ බඩවැල්  වලදී අවශෝෂණය  කරයි. එහිදි ඒවා රුධිර සංසරණයට එකතුවී ඔබේ සිරුරේ පේශින් හා අවයව වෙත ගමන් කර විවිධ වර්ග වල ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවින් රැසක් සිටින බැක්ටීරියා විශාල  ප්‍රමාණයක් විනාශ කරයිි.

ප්‍රතිජීවක ඖෂධ    ආසාදන කලාපය වලට පමණක් නොව මුළු ශරීරයට බලපාමින් හිතකර ජිවීන් පවා විනාශ කර දමයි.

ප්‍රශ්නය: අවුරුදු 2-3 ක හා ඉන් ඉහල  දරුවන්ට   ප්‍රතිජීවක භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ මොනවාද?

ෂෙරියා: බොහෝ අතුරු ආබාධ තිබෙන නමුත්, ප්‍රතිජීවක ඖෂධ මඟින් ඇතිවන දිගුකාලීන අතුරු ආබාධ වන්නේ, ප්‍රතිජීවක ප්‍රතිරෝධතාව සහිත  පරිවෘත්තිය හා බඩවැල් වල ක්ෂුද්‍ර ජීව ඝනාවාස යට කර දැමීම, බඩ වැල් වල බැක්ටීරියා වලට  බලපෑම , ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීම , ඇදුම, එස්මා හා ආසාත්මිකතා වේ. කෙටි කාලීන අතුරු ආබාධ ලෙස, කුෂ්ඨ, ආසාත්මිකතා, ඔක්කාරය, පාචන සහ උදර වේදනා දැක්විය හැක.

ප්‍රශ්නය: දරුවන්ට  ඖෂධ පරිභෝජනය කිරීම සඳහා සුදුසු  වයස කුමක්ද?

ෂෙරියා: ස්වභාව ධර්මය සෑම දෙයක්ම සුව කිරීමට  බලය ඇත. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම ඖෂධ භාවිතය සඳහා සහාය දක්වන්නේ නැහැ. කෙසේ වෙතත්, තත්ත්වය බරපතල හෝ ක්ෂණික බලපෑමක් අවශ්‍ය  නම්, එවා භාවිතා කළ හැකිය.

ස්වාභාවික ආහාර ලබා ගන්නා ජනගහනයෙන් විශාල පිරිසක් සෞඛ්‍ය  සම්පන්න ජීවිතයක් ගත කරනවා.

ශරීරයේ හා සෞඛ්‍ය  ගැටලු බොහොමයකට හේතු වන්නේ සෞඛ්‍යයට  අහිතකර ආහාර රටාවක් සමග ගෙවන  සෞඛ්‍යයට  අහිතකර ජීවන රටාව  නිසාය. එබැවින් සිය සෞඛ්‍ය තත්වය වෙනස් කිරීමට අවශ්‍ය අයෙක් පළමුව කල යුතු  වන්නේ ස්වභාවික හා සෞඛ්‍ය  සම්පන්න ආහාරයක් ලබා ගැනීමයි.

පෝෂණවේදීයෙකුද  වන ෂෙරියා  ප්‍රතිජීවක ඖෂධ වෙනුවට භාවිතා කල හැකි අත් බෙහෙත් වර්ග තුනක්  (ඇයගේ  ලිපියේද සදහන් කර ඇති )  ලැයිස්තුගත කර ඇත.

හෙම්බිරිස්සාවට අත් බෙහෙත් : දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ සඳහා හොඳ ආදේශකයක් වන අත්බෙහෙත් වර්ග 3 ක්

දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට අත්බෙහෙත්?

අබ තෙල්: උණුසුම් අබ තෙල් හා සුදුළූණු  හා කරාබු නැටි  එකතු කරන්න. ඔබේ දරුවාගේ පපුව, පසුපස සහ ගෙල මත  සම්බාහනය කිරීමට එම තෙල් භාවිතා කරන්න.

ඉඟුරු  යුෂ: නැවුම්ව මිරිකා ගත් ඉගුරු යුෂ වලට (ප්‍රති-ආසාදන  ලක්ෂණ සහිත)  මී පැණි එක් තේ හැන්දක් එකතු කරන්න. දිනකට දෙවරක් ඔබේ දරුවාට මෙය දෙන්න. මෙය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව  සහ ආසාදන සඳහා ඵලදායී පිළියමක් වේ.

විටමින් සපිරි  ආහාර: විටමින් C පොහොසත් ඕනෑම ආහාරයක් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ වැනි අවස්ථාවල දී දිය යුතුය. එසේම, ඔබේ දරුවාට බිත්තර, චිකන් සුප්, කැද, එළවළු සුප්  සහ දෙහි වතුර සහ මී පැණි ලබා දෙන්න.

මතක තබා ගන්න.  සියලු ස්වාභාවික විටමින් සපිරි  ආහාර හා  සෞඛ්‍ය  සම්පන්න ආහාර  වලට පහසුවෙන්  ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කල  හැකි අතර   ආසාදනය සමග  සටන් කිරීමට  හැකියාව ලබා දෙයි.

පුංචි කිවිසුමකටත් බයවෙලා දරුවාට ප්‍රතිජීවක ඖෂධ දීම පිලිබඳව දෙවරක් සිතන ලෙස මේ ආදරණීය මතක් කිරීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • දරුවන්ට ප්‍රතිජීවක ඖෂධ වෙනුවට අත්බෙහෙත්?
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it