theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

3 අවම කියවීම
ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදියආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

"දෙවියනේ උදේ මගේ ප්‍රෙෂර් පෙත්ත වැටුනා. හම්බවුනේ නැහැ "

දරුවන්ගේ රැකවරණය ගැන කතා කරන්න ඕනී තරම් දේවල් තියෙනවා. මමත් දරුවන්ගේ ආරක්ෂාව ගැන ලිපි ඕනී තරම් කියවලා තියෙනවා. ඒ වගේම ලිපි ඕනී තරම් ලියලාත් තියෙනවා. ඒත් දරුවෙකුට අනතුරක් වෙන්න යන්නේ එක නිමේෂයයි කියලා තේරුම් ගන්න එහෙම දෙයක් අපිට වෙන්නම ඕනී.
කොච්චර ආරක්ෂාව දාලා තිබ්බත් නොහිතු මොහොතක උදාවෙන නොහිතු නිමේෂයේදී ඔබේ පොඩ්ඩා අත පොවන්නේ නොහිතූ අනතුරකට වෙන්න පුළුවන්.

දරුවන්ගේ රැකවරණය: මං නොපැතු ඒ නොහිතූ නිමේෂය

මගේ පුංචි පුතා අවුරුදු දෙකයි මාස හයයි. ගෙදර චණ්ඩියා , වචන අමුණ අමුණ ගේ පුරාම ඇවිදින එක තමයි එයාගේ රාජකාරිය වුනේ.
ගෙදර සාලේ දෙපැත්තෙන්ම ගේට්ටු දාලා මම පුංචි ආරක්ෂිත කලාපයක් හදලා තිබුනේ. ලියන ගමන් වුනත් වරින් වර මගේ ඇස් දුවන්නේ එයා පස්සේ, මම හිතුවේ ඇත්තටම සියල්ල ආරක්ෂිතයි කියලා.
"අම්මා, බබා...බේයි...බූවා"
පුතා එහෙම කියාගෙන එයාගේ ආච්චි අම්මාගේ කාමරයෙන් එලියට ආවා.  මම නැගිට්ටේ හුස්ම ගන්නත් අමතක වෙලා. බබාගේ ආච්චි අම්මා එයාගේ බෙහෙත් තියාගත්තේ කාමරයේ කියලා මතක් වෙද්දී මගේ ඇඟත් පණ නැති වුනා.
"දෙවියනේ උදේ මගේ ප්‍රෙෂර් පෙත්ත වැටුනා. හම්බවුනේ නැහැ. " ආච්චි අම්මාත් කෑගහගෙන එතැනට ආවා. ප්‍රෙශර් පෙත්තක් නැතිවෙලා.
"පුතා  කියනවා එයා ඒක බිව්වාලු. මට නම් කරන්නේ මොකද්ද කියලාත් හිතාගන්න මොහොතක් ගියා."
ආච්චි අම්මාගෙයි, මගෙයි ප්‍රෙෂර් ඉහල ගියේ පුතාගේ ප්‍රෙෂර් අඩුවෙයිද කියලා බයෙන් වගේ,
"ඉක්මන් කරන්න පුතාව හොස්පිටල් අරන් යමු." මම කලබලයෙන් පුතාව අරන් පාරට දිව්වා. අපි ආවේ ලඟම තිබ්බ පෞද්ගලික රෝහලට.
"ඇයි බබාට අහුවෙන්න ඔය වගේ බෙහෙත් තියන්නේ. බලන්න මේක ගොඩාක් සැර බෙහෙතක්. "
ඩොක්ටර් තදින්ම අහද්දී මට කට උත්තර නැති වුනා. ඩොක්ටර් බබාගේ ප්‍රෙෂර් බැලුවා.
"දැනට නෝමල් , තව පැයකින් ආයේ ගේන්න." ඩොක්ටර් එහෙම කියද්දී මට සැනසුම් සුසුමක් හෙලුනා.
ආච්චි අම්මායි, මායි දෙන්නාම ගෙදර ගිය ගමන් මුළු කාමරයම පීරුවා. ඒ ප්‍රෙෂර් පෙත්ත හෙව්වා. අන්තිමට හම්බවුනා. හොද වේලාවට ඒක තිබ්බේ මෙට්ටේ අස්සට වීසිවෙලා.
කොයිකටත් පැයකට පස්සෙත් අපි ගිහින් බබාගේ ප්‍රෙෂර් ආය‌ෙමත් බැලුවා. ගැටළුවක් වුන‌ේ නැති නිසා යාන්තමින් බේරුනා. ද‌ෙවියන‌ේ ඒ බ‌ෙහ‌ෙත් ප‌ෙත්ත මගේ පුතා බිව්වා නම්?

මා උගත් පාඩමින් ඔබටත් පාඩමක් 

පුංචි දරුවන් බොහෝ වේලාවට අනුකරණය කරනවා. ඒ නිසා ඔවුන්ට පේන්න බෙහෙත් ගන්න එක සුදුසු නැහැ .
ඒ වගේම ඔවුන් අතට අසුවෙන දේ ගිල දමන්න දක්ෂයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඖෂධ දරුවා ගෙන් ඈත් කර තබන්න. ඒ වගේම භාවිතා කරන්න. මේ පිළිබඳ නිවසේ වැඩිහිටියන්ට අවබෝධ කරවන්න. ඔවුන් වගකීම‌ෙන් වැඩ කිරීම ග‌ොඩාක් වැදගත් ව‌ෙනවා.
දරුවන්ගේ ආරක්ෂාව අංක එක විය යුතුයි. ඒ සඳහා නිවසේ ළමා ආරක්ෂාව තර කරන්න.
දරුවන් ගැන නිතර  විමසිල්ලෙන් බලා සිටින්න. මගේ වාසනාවකට එදා මගේ දරුවාට කරදරයක් වුනේ නැහැ .
සමහර දේවල් අපිට පාලනය කරන්න බැරි වුනත් ඔබේ දරුවා රැක ගැනීම ඔබේ වගකීමයි. මට වැරදුන මේ පුංචි නිමේෂය ඔබටත් ඔබේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳ යමක් මතක් කරාවි කියලා මම හිතනවා.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය
බෙදාගන්න :
  • දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කරන්නට බල නොකළ යුතු කාරණා 6 ක්

    දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කරන්නට බල නොකළ යුතු කාරණා 6 ක්

  • ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

    ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

  • දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කරන්නට බල නොකළ යුතු කාරණා 6 ක්

    දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කරන්නට බල නොකළ යුතු කාරණා 6 ක්

  • ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

    ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it